ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම අතර ශාන්ත කිට්ස්හි වෝනර් උද්‍යානයේදී පැවැත්වෙන සිව්දින ටෙස්ට් තරගාවලියේ තෙවැනි දිනය වූ ඊයේ (7 වැනිදා) අවසන් වන විට බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 494 ක් ලබා සිටියේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 472 ක් රැස්කළේය.
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් වෙහෙසකර පන්දු යැවීමක යෙදුනු තරිඳු කෞෂාල් ඕවර 46 ක් යවමින් කඩුලූ 3 ක් දවාගත් නමුත් ඔහුගෙන් ලකුණු 186 ක් ලබාගැනීමට කොදෙව් පිතිකරුවෝ සමත් වූහ. ශී‍්‍ර ලංකා නායකයා, තමන්ද ඇතුළුව පන්දු යවන්නන් 8 දෙනකු සේවයේ යොදවාගත් නමුත් ඔහුට දවාගත හැකිවූයේ කඩුලූ 5 ක් පමණි.
බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායමේ කර්ක් එඞ්වර්ඞ්ස් හතරේ පහර 26 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 190 ක්ද, අසාද් ෆුදදින් හතරේ පහර 16 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 145 ක්ද ලබාගත්හ.
ශ්‍රී ලංකා ‘ඒ’ මුල් ඉනිමේදී නායක දිමුත් කරුණාරත්න (101) සහ චතුරංග ද සිල්වා ශතක ලබාගත්හ. උදාර ජයසුන්දර ශතකයක් ලබාගත් බව මීට පෙර වාර්තා වූයේ ප‍්‍රමාද දෝශයකිනි.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සියලූ දෙනා දැවී ලකුණු 472
(දිමුත් කරුණාරත්න 101, උදාර ජයසුන්දර 57, කිත්රුවන් විතානගේ 62, චතුරංග සිල්වා 109, නිකිතා මිලර් 141/6)
බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම කඩුලූ 5 ක් දැවී ලකුණු 494
(කර්ක් එඞ්වර්ඞ්ස් 190, අසාද් ෆදුදින් 145, ලියොන් ජොන්සන් නොදැවී 80, තරිඳු කෞෂාල් 186/3)
සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තරිඳු කෞෂාල් වෙහෙසකර පන්දු යැවීමක
සුරේෂ් Saturday, 08 June 2013 03:56 PM
තරිදු ඉතාමත් හොද අනාගතයක් තියන කෙනෙක්.(නදී)
කුමාර් Saturday, 08 June 2013 01:55 PM
උදාර ජයසුන්දර 101 ඒක වැරදි නැහැ.(නදී)