IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


“තිරුපති කෝවිලක් හදන්න යනවා“

රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩී.පී කුමාරගේ මහතා කතරගම දේවාල භූමියට ආසන්නයේ  තිබු බෙහෙත් වත්ත නමින් හඳුන්වන භූමියක් ඉන්දියාවේ තිරුපති දේවාලයට ලබා දීමට එලි පෙහෙළි කළැයි කතරගම (15) විරෝධයක් පැවැත්විණි.

 කතරගම නාගහ වීදිය ආසන්නයේ ඇති මෙම ඉඩම බස්නායක නිළමේ වරයා මිට සතියකට පෙර ඩෝසර් කළේය.

මෙම ඉඩම  භෞතික සැලසුම් දෙපාර්තෙමින්තුවට අයත් ඉඩමකි.

ඉන්දියාවේ තිරුපති දේවාලයට අනුබද්ධ දේවාලයක් ඉදිකිරීමේ අරමුණින් අක්කර 30 ක් පමණ වන මෙම බිම යොදා ගන්නට යතියි කියති.

කතරගම නගරයේ ජනතාවද නාගහවීදිය, ගමිණීපුර, ගෝතමීගම ජනතාව විරෝධතා පූවරු රැගෙන පූජා භූමියට පැමිණ දේවාලයටද ගොස් පොල්ගසා බස්නායක නිළමේ කාර්යාලයට ගොස් එහි බළධාරියෙකු මුණගැසී මෙම වන විනාශය නතර කරන ලෙස ඉල්ලා සිටියහ. ඔවූහු කතරගම නගරයේ බස්නැවතුම්පොළට ද ගොස් ගොස් සිය විරෝධතා පූවරුද රැුගෙන මාර්ගයේ වාඩිවී විරෝධතාවයක නිරත වූහ.

කතරගම කිරිවෙහෙර විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප‍්‍රධාන සංඝනායක කොබවක ධමිමින්ද හිමි, කපුගම සරණතිස්ස හිමි, දෙටගමුව ජයසුමනාරාමධිධිපති නවිමණ නාලක හිමි, කතරගම මල්ලිකාරාමාධිපති මාඳුගොඩ ඤාණමෝලි, වල්ලිමාතාගම වල්ලිකන්දාරාමවිහාරධිපති ලත්පඳුරේ විපුල භද්‍ර හිමි  හා කතරගම  පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයෝ ද එක්ව සිටියහ.

කතරගම බස්නායක නිළමේ ඩී.පී. කුමාරගේ මහතා පැවසූයේ මෙම කාරණයට සම්බන්ධ ඉඩම් කොටසේ ලඳු කොටස පොල් පැළ සහ සඳුන් පැළ සිටුවීම පිණිස එළි පෙහෙළි කළ බවයි. මෙම ස්ථානයේ කිසිඳු දේවාලයකට, පුද්ගලයෙකුට හෝ ආයතනයකට බාර දීමට ක්‍රියා කර නොමැති බවත් යම් හෙයකින් මෙම ස්ථානය දේවාලයක් සෑදීම සඳහා ලබා දීමට සැළසුමක් අනුමත කර ඇත්නම් හෝ ලියවිල්ලක් වෙත්නම් ඔප්පුකර පෙන්වන ලෙසත් එසේ ඔප්පු  කළහොත් බස්නායක නිළමේ තනතුරෙන් ඉවත් වන බවත් ඔහු කීවේය.

(ඡායාරූප - කේ.ඩී. දේවප්‍රිය)

_S5A6349 _S5A6350 _S5A6357 WS5A6413 WS5A6462



අදහස් (0)

“තිරුපති කෝවිලක් හදන්න යනවා“

දිනේෂ් Monday, 15 August 2016 04:33 PM

මේ අය කරොත් කරන්නේ ඔය වගේ වැඩ තමයි.(හේ)

:       0       0

පරාක්‍රම Monday, 15 August 2016 04:47 PM

හැම සතියකම උද්ඝෝෂණ හෝ විරෝධතා එකක් දෙකක් තියෙනවාමයි. මේවා නිතරම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුලින් ප්‍රදර්ශනයවේ. මේවා තුලින් එම සංවිධායකයින් ලොකු හපන්කමක් කළා , ජයග්‍රහණයක් ලැබුවා කියා චිත්තප්‍රීතියට පත්වනවා වියහැක. මේවා කියවන, නරඹන , දකින , විදේශිකයින් අපේ රටේ අය ගැන කුමන අකාරයේ තක්සේරුවකින් ආපසු යනවාද , ජාත්‍යන්තරයේ අප ගැන තක්සේරුව කෙබඳුවේද යන්න කවුරුත් සිතන්නේ නැති බවයි පෙනෙන්නේ. අපේ රටේ අනාගත දියුණුවට මේවා කොතෙක් බලපානවා ඇත්ද ? කෝවිල් ගැන කියනවා නොවෙයි , රටේ ආර්ථික වර්ධනය සඳහා අපේක්ෂිත විදේශ ආයෝජකයින්ගේ අවධානය කොයි පැත්තට යොමුවෙනු ඇත්ද ?(හේ)

:       0       0

කුමාර Monday, 15 August 2016 04:57 PM

රටම ඉන්දියවටයි අමෙරිකවටය දෙන්නද හදන්නේ.(හේ)

:       0       0

යෝනක Monday, 15 August 2016 05:22 PM

ඉන්දියාවම මෙහේ ගෙනඑන්න වගෙයි හදන්නේ (නි)

:       0       0

ලංකා Monday, 15 August 2016 05:22 PM

ඉතින් කතරගම ඉන්න විෂ්ණු දෙවියොත් ඉන්දියාවේ වැඩියෙන් අදහන දෙවි කෙනෙක්නේ. ඒ හින්දා තිරුපති දේවාලයක් හදන එක ගැළපෙනවා කියලයි මම නම් හිතන්නේ (නි)

:       0       0

යසන්ත Monday, 15 August 2016 06:04 PM

ධම්ම මහතා කියනදේත් ඇත්තක් තියෙනවා බලාගෙන යනකොට (නි)

:       0       0

හේවා Monday, 15 August 2016 06:02 PM

ධම්ම වගේ පුද්ගලයන් නිසා තමා ලංකාවට පරදේශක්කාරයන්ට යටත් වෙන්න සිදුවුණේ (නි)

:       0       0

මිනිපෙ Monday, 15 August 2016 06:11 PM

ඔන්න දෙවියන්ටත් ඒ ගමන දුෂ්කර මාරුවක් දෙන්නයි යන්නේ (නි)

:       0       0

බන්දු Monday, 15 August 2016 06:17 PM

අනේ මන්දා මෙහෙම ගියොත් ඉදිරියට මොනවා වෙයිද කියලා (නි)

:       0       0

රන්ජිත් Monday, 15 August 2016 06:47 PM

ඔය බෙහෙත්වත්ත හදන්න වෙච්ච මහන්සිය දන්නේ අපි. දැන් කතරගම ආවහම ලොකුවෙලා තියෙන බෙහෙත් පැළෑටි දැක්කහම දැනෙන්නේ පුදුම සතුටක්. අනේ ඒක නම් විනාශ කරන්න එපා. බස්නායක නිළමේ බාරකරු මිස අයිතිකරු නොවෙයි. (නි)

:       0       0

විද්‍යා Monday, 15 August 2016 07:12 PM

ඉන්දියාවේ කෝවිල් කොච්චර තියනවද? මිනිසුන් ඉන්දියාවේ කොච්චර දුක්විඳිනවද? ඔය දේවල් දෙවිවරු මොකටද මෙහෙ ගෙන්වන්නේ? දෙවියන් ඉන්නේ මිනිසුන්ගේ හිතේ. (නි)

:       0       0

අජිත් Monday, 15 August 2016 08:18 PM

හදන්නකො එ්ක මැදමූලනේ. (නි)

:       0       0

සිරි Monday, 15 August 2016 08:36 PM

මේ යන විදියට නම් දෙවියො බුදුනුත් විකුණාගෙන කන කාලය වැඩි ඈතක නොවනු ඇත (නි)

:       0       0

වසන්ජය Monday, 15 August 2016 09:33 PM

මේ අය විතරද ඉන්දියාවට ඉල්ලන ඉල්ලන දේ දෙන්නේ? ඉස්සරත් පැට්‍රල් ෂෙඩ් දුන්නා. රාවණා දේවාලයක් හදාගන්න ඉන්දියාවට ඉඩ දුන්නා. දැන් ඉන්න අය පාලම හදාගන්න ඉඩ දෙනවා. (නි)

:       0       0

අබය Monday, 15 August 2016 10:30 PM

ඔය කෝවිල් සහ දේවාල හදන්න තියෙන්නේ යුරෝපයේ, ඕස්ට්‍රේලියාවේ සහ ඇමෙරිකාවේ. එතකොට ඒ රටවල් දියුණුවෙලා ලෝකයට යහපතක් කරයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 15 August 2016 11:06 PM

මේවට රැවටෙන අයත් ලංකාවේ ඉන්නවනේ. දිනපතාම බලන්නේ කාවහරි උසි ගන්නවලා රට අස්ථාවරබාවයට පත්කරලා බලය ලබාගැනීම කියන එක සමහරුන්ට නොතේරෙන එකනේ පුදුමේ (නි)

:       0       0

බමුණුසිංහ Monday, 15 August 2016 11:18 PM

ඉන්දියාව කියන නම ගෑවෙන කිසිම දෙයක් කරන්න ඉඩදෙන්න එපා. ඉන්දියාව මට නම් අරහං (නි)

:       0       0

චන්ද්‍රා Monday, 15 August 2016 11:28 PM

මේවා කතරගම දෙවියෝම බලාගනිත්වා! (නි)

:       0       0

රොහාන් Tuesday, 16 August 2016 12:34 AM

අනේ මන්දා, මේ කතා අහලා අපිටත් පිස්සු වගෙයි (නි)

:       0       0

මුදියන්සේ Tuesday, 16 August 2016 12:56 AM

මිනිස්සුත් ඉතින් පොඩ්ඩ ඇත්නම් කලබල වෙනවනේ (නි)

:       0       0

හේමන්ත Tuesday, 16 August 2016 01:14 AM

කතරගම දේවාලයට අපේ භක්තිය මොනතරම්ද? අනේ මන්දා මොනවද මේ වෙන්නේ කියලා (නි)

:       0       0

උපුල් Tuesday, 16 August 2016 02:50 AM

එහෙම තනි මතයට කටයුතු කරන්නේ කොහොමද? (නි)

:       0       0

තරංග Tuesday, 16 August 2016 02:49 AM

මම නම් කියන්නේ සැම දෙයකටම හේතුවෙන්නේ තමන්ගේ කර්මයයි. දෙවියන්ටවත් එ්ක වෙනස් කරන්න බැහැ (නි)

:       0       0

ආනන්ද Tuesday, 16 August 2016 03:03 AM

අනේ මන්දා , මොන දෙවියා හිටියත් කෝවිල් දේවාල වැඩිවෙන්න වැඩිවෙන්න ඒවට වැඩියෙන් යන්නේ එදාවේල හොයාගන්න බැරි අහිංසකයෝ තමයි. (නි)

:       0       0

දිපාල් නිරෝෂ් Monday, 15 August 2016 02:11 PM

ජාතික සන්හින්දියාවේ තවත් එක පියවරක්! ? (හේ)

:       0       0

හතුරුසිංහ Tuesday, 16 August 2016 04:06 AM

ඇයි නරකද සහජීවනයට හොඳයි නේ (බ)

:       0       0

රන්දික Monday, 15 August 2016 02:29 PM

රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේගේ වැරදි සෙවීමට පෙර මේ පිරිස තමා නිවැරදි දැයි සිතා බලන්න .(හේ)

:       0       0

ධම්ම Monday, 15 August 2016 03:03 PM

තිරුපති කෝවිලක් මෙහෙ හැදුවොත් ලොකු විදේශ විනිමයක් ඉතිරි කරගන්නට පුළුවන්. අර දෙසිය විසිපස් දෙනා කී පාරක් නම් ඉන්දියාවේ යනවද තිරුපති වඳින්න.(හේ)

:       0       0

රත්නායක Monday, 15 August 2016 02:57 PM

හැම කෝවිලම මුලාවක් ... (හේ)

:       0       0

බණ්ඩාර Monday, 15 August 2016 03:30 PM

රට හැමතැනම අරගල ,උද්ඝෝෂණ ,අහෝ අපේ රටට ගියකලක් .හෙට දවස ගැන බොහෝම කණගාටුයි,අපිටත් වෙන්නේ පිටරට යන්න තමයි.(හේ)

:       0       0

ආදිත්‍ය Tuesday, 16 August 2016 05:45 AM

මේ දෙවිවරු බෞද්ධ ආගමට කොහොමද ආවේ? බුද්ධ ධර්මයේ දේව සංකල්පයක් නැනේ එහෙනම් මොකටද දෙවිවරු. (බ)

:       0       0

නිහාල් Tuesday, 16 August 2016 06:02 AM

ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නෑ නේද. (බ)

:       0       0

සුදේශ් Tuesday, 16 August 2016 06:28 AM

කොයි දේවාලෙත් ඉන්නේ හොරු. උන් තමයි දෙවිවරු විදියට රඟඟපාන්නේ. මේ වගේ මෝඩ හැතිකරයක් ඉන්නවනේ. මේ මිත්‍යා අවිශ්වාස පිළිගන්න. (බ)

:       0       0

හරිත Monday, 15 August 2016 04:08 PM

වෙනසකට මුල පුරමුද?(හේ)

:       0       0

දයානි Tuesday, 16 August 2016 06:51 AM

කොහොමත් මේක ශ්‍රී ලංකාව නෙවෙයි දැන් ඉන්දියාව කරලා අවසානයි (බ)

:       0       0

පසිදු Monday, 15 August 2016 04:14 PM

තිරුපති මෙහේ හදපුවාම එහේ අයත් මෙහේ එයි.(හේ)

:       0       0

අසේල Monday, 15 August 2016 04:08 PM

වෙනසකටත් එක්ක හොදයිනේ.(හේ)

:       0       0

ඩයස් Monday, 15 August 2016 04:08 PM

දිවිය ලෝකය කරා යන ගමනක්.(හේ)

:       0       0

දුමින්ද Monday, 15 August 2016 04:14 PM

යහපාලනය දිව්‍ය ලෝක කරා යන ගමනක්ද?(හේ)

:       0       0

සමන්ත Monday, 15 August 2016 04:14 PM

තව මොනා මොනා හදන්න යයිද දන්නේ නෑ.(හේ)

:       0       0

ඉසංක Monday, 15 August 2016 04:14 PM

මේ තියෙන කෝවිල් මදි වෙලාද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 906 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 795 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 436 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 298 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1191 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 994 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site