IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


තිරුපති රියදුරා මෛත්‍රී මිනිත්තු 12ක් රස්තියාදු කරයි

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ඓතිහාසික තිරුමාලා කඳුවැටියේ පිහිටි තිරුපති කෝවිලේ පූජාවෙන් පසු ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔහුගේ රියදුරා එන තුරු මිනිත්තු 12ක් බලා සිටීමට සිදුවූ බව ඉන්දියාවේ හින්දු, ඉන්දියන් එක්ස්ප්‍රස්  සහ ටයිම්ස් ඔෆ් ඉන්දියා පත්‍ර කියයි. ආන්ද්‍රා ප්‍රදේශ් පොලිස් බලධරයෝ මේ සිද්ධියෙන් දැඩි අසීරුවට පත්වූහ. මිනිත්තු කිහිපයකට පසුව ඔහු කෝවිල ඇතුළේ සිටිය දී සොයා ගත් බව පොලිසිය පවසයි.

ශ්‍රී ලංකා ජනපතිගේ ආරක්ෂාවේ හිඩස ගැන ආන්ද්‍රා ප්‍රදේශ පොලිසිය පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකා ජනපති සෙනසුරාදා රාත්‍රියේ තිරුමාලා වෙත ළඟා විය. තිරුපති කෝවිලට අයත් ශ්‍රී පද්මාවතී ගෙස්ට්හවුසියේ රාත්‍රිය ගත කළ සිරිසේන මහතා ඇතුළු පවුලේ සාමාජිකයෝ කිහිප දෙනෙක් ඉරිදා අලුයම තුනට විශේෂ පූජාවකට සහභාගී වූහ.

පූජාවෙන් පසුව තම කාරයට පැමිණි නමුත් රියදුරා කාරයේ නොසිටි බව ඉන්දියන් එක්ස්ප්‍රස් පත්‍රය කියයි. සිරිසේන මහතාත් ඔහුගේ බිරිය හා පුතාත් මිනිත්තු 12ක් කාරය ඇතුළට වී සිටි අතර ආන්ද්‍රා ප්‍රදේශ් ආරක්ෂක නිලධරයෝ කාරය වටා මුර සේවයේ යෙදී සිටියහ.

තිරුපති කෝවිලේ පාලක මණ්ඩලය ද කළබළ වී රියදුරා සොයන්නට වූහ. රියදුරාද දේවාලයේ පූජාවකට ගොස් හිමින් සීරුවේ කාරයට පැමිණියේය. රියදුරා ශ්‍රී ලංකා ජනපති ඇතුළු පිරිස රැගෙන කාරය වේගයෙන් නවාතැන දෙසට ධාවනය කළේය. ඉරිදා උදේ 6.30ට පමණ ශ්‍රී ලංකා ජනපති හා පවුලේ සාමාජිකයෝ යලි දේවාලයට පැමිණ පූජාවකට සහභාගී වූහ.

ශ්‍රී ලංකා ජනපතිගේ පරිවාර ඇමැති ලෙස ක්‍රියා කළේ ආන්ද්‍රා ප්‍රදේශ් වන සම්පත් ඇමැති බොජ්ජාල ගෝපාල ක්‍රිෂ්ණා  රෙඩ්ඩිය.  ඔහු දේවස්ථානයේ අනුරුවක් ජනපතිට පරිත්‍යාග කළේය.

ශ්‍රී ලංකා ජනපති වෙනුවෙන් සැලසුම් කළ ආරක්ෂාව හිඩැසකට ලක්වූයේ කෙසේදැයි සොයා බැලීමට ආන්ද්‍රා පොලිසිය මේ පරීක්ෂණය පවත්වයි. ශ්‍රී ලංකා ජනපති රැගෙන දේවාල භූමියට ගිය රියදුරා සහ ජනපති කණ්ඩායමේ වෙනත් අය කෝවිල ඇතුළට යෑමට අවසර ලබාගෙන සිටි බව දැනගන්නට ඇත.  ප්‍රභූවරයකු දේවාලයේ සිටිය දී ඔවුන්ට ද එහි ඇතුළු වීමට ඉඩ ලැබුණු බව කියති. ප්‍රභූවරයකු දේවාලය ඇතුළේ සිටිය දී රියදුරා ඇතුළු වෙනත් පිරිසකට එහි ඇතුළුවීමට ඉඩ දුන්නේ ඇයිද යන්න ගැන තිරුපති නාගරික පොලිස් අධිකාරී ජයලක්ෂ්මී කෝවිල් බලධරයන්ගෙන් ප්‍රශ්න කර ඇතැයි දැනගන්නට තිබේ.

(ඡායාරූප පීටීඅයි සහ ඉන්දියන් එක්ස්ප්‍රස්)

President-Maithripala-Sirisena-and-_First-Lady-Jayanthi-receive-prasadam-from-the-priests-of-the-Tirupathi--temple,-august-21,2016 Tirumala_2981443f



අදහස් (0)

තිරුපති රියදුරා මෛත්‍රී මිනිත්තු 12ක් රස්තියාදු කරයි

පරාක්‍රම විතානවංශ Monday, 22 August 2016 11:28 PM

මොකටද මෙහෙම බයෙන් ගෙවන ජීවිතයක් (අ)

:       0       0

සිසිල් Tuesday, 23 August 2016 01:01 AM

අයියෝ දුප්පත් අපෙන් ගන්න බදු සල්ලි වලට යන කලදසාව! (නි)

:       0       0

මහේෂ් Tuesday, 23 August 2016 09:32 AM

අපිට නම් මේ ආණ්ඩුව එපාවෙලා ඉවරයි (නි)

:       0       0

සඳරුවන් Tuesday, 23 August 2016 01:10 AM

ඉතුරු කාලේ හොඳින් රට කරවන්න බාරයක් වෙන්න ඇති (නි)

:       0       0

ජගත් Tuesday, 23 August 2016 09:50 AM

මේ දේවල් කවදාද අපේ රටවල මිනිසුන්ගේ හිත්වලින් තුරන් වෙන්නේ? (නි)

:       0       0

සුනන්ද Monday, 22 August 2016 06:28 AM

තාමත් වෙනසක් වෙලා නැහැ. ඇයි දළදා වහන්සේ වඳින්න බැරිද අපේ රටේ අයට? (නි)

:       0       0

මිලින්ද Tuesday, 23 August 2016 01:45 AM

අපි දවස් ගණන් රස්තියාදු වෙන්නේ (නි)

:       0       0

සිරි Tuesday, 23 August 2016 01:54 AM

ඔය කෝවිලේ අානිසංසයෙන්වත් රටේ අපල දුරුවේවා!!! (නි)

:       0       0

චාමර Monday, 22 August 2016 06:35 AM

රජකම් කළත් මොකටද මෙහෙම බයෙන් ගෙවන ජීවිතයක්? (නි)

:       0       0

පිට බද්දර ජය Monday, 22 August 2016 12:22 PM

ඔබ තුමා බොහොම බිය වෙලා තියෙන්නේ කර්මය පසු පස එලවනවා වගේ (රේ)

:       0       0

රත්නායක Tuesday, 23 August 2016 01:49 AM

මහින්ද කරන, කරපු දේවල් කරන්න නොවෙයි මිනිස්සු මේ ආණ්ඩුව පත්කළේ. මහින්ද නරක වැඩත් කළා. හොඳ වැඩත් කළා. මේ අය කරපු හොඳ වැඩ මොනවද (නි)

:       0       0

රෝහිණී Monday, 22 August 2016 06:43 AM

රියදුරා එෆ්සීඅයිඩී ගෙන්වයිද දන්නෙ නැහැ (නි)

:       0       0

සුපුන් Monday, 22 August 2016 06:37 AM

එතුමාට දේව ආරක්ෂාව ලැබේවා! (නි)

:       0       0

හේවා Monday, 22 August 2016 06:44 AM

මහින්ද රාජපක්ෂ මහතා තිරුපති දෙවොලට ගියා කියලා බැන බැන මේගොල්ලොත් ඒ දෙයම කරනවා (නි)

:       0       0

එරංග Monday, 22 August 2016 06:38 AM

මේවාට ගමන් වියදම් දරන්නේ කවුද? (නි)

:       0       0

සමරසේකර Tuesday, 23 August 2016 02:31 AM

රටම ගොඩයත්වා තිරුපති දෙවි පිහිටින්! (නි)

:       0       0

එරන්ද Monday, 22 August 2016 06:55 AM

ඔහොම දේවල් වෙනවා තමයි. කවුරුත් මිනිස්සුනේ (නි)

:       0       0

ජයවික්‍රම Monday, 22 August 2016 06:56 AM

බුදුසරණ මිස නැත කිසිවෙකුටත් අන් සරණක්! (නි)

:       0       0

රමණි Saturday, 27 August 2016 03:19 AM

කරන අකුසල් කරත්ත රෝදය වගේ පස්සෙන් එනවලු. කරන හොඳ දේවල්වල ප්‍රතිඵල හෙවණැල්ල වගේ තමන් ළඟින්ලු (නි)

:       0       0

මෙන්ඩිස් Tuesday, 23 August 2016 11:12 AM

රියදුරාට හොඳ දඬුවමක් දෙන්නයි තියෙන්නේ (නි)

:       0       0

ඇන්ටන් Monday, 22 August 2016 06:52 AM

මම නම් කියන්නේ පොඩි අතපසුවීමක් වෙන්න ඇති (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Monday, 22 August 2016 06:59 AM

මහින්ද තිරුපති යනකොට පොළොවේ පස්කාගෙන බෙරිහන් දුන් සමහර අය කෝ දැන්? (නි)

:       0       0

සනත් Tuesday, 23 August 2016 02:49 AM

මිනිස්සු මේ ආණ්ඩුව පත්කළේ මේකටද? මේගොල්ලෝ අපිව රවට්ටනවා (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 22 August 2016 06:54 AM

ඉස්සර නම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ. වුණා නම් මේ වෙනකොට රියැදුරා සම්බන්ධයෙන් අපිට මොනවා කියන්න වෙයිද දන්නේ නැහැ (නි)

:       0       0

‍දිලුම් Tuesday, 23 August 2016 02:45 AM

අපි හැමදාම ලංකාවේ බස්වලට වෙලා අපේ කාලේ කකා පැය බාගෙ ගමන පැයක් තිස්සේ යනවා. මෙතුමාට මේකෙන්වත් තේරුණානම් හොඳයි රස්තියාදුව සහ තමන්ගෙ කාගය නිකරුනේ නාස්තිවීමේදි දැනෙන අමාරුව‍ (නි)

:       0       0

විපුල Tuesday, 23 August 2016 02:55 AM

මෙතුමා පත්තරෙන් බලලාහරි අපිට මොනවාහරි කියනවානේ. කරදරයක් නැතුව ලංකාවට එන්න. ඔබතුමා නැති වුණොත් අපිට දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

ජයාත් Monday, 22 August 2016 07:10 AM

ඔව් සුනන්ද, ඕනෑම මනුෂ්‍යයෙකුට තමන් කැමති දෙය ඇදහීමේ නිදහස තියනවා. නමුත් සමහරු මිත්‍යාවන් පස්සේ යන්නේ ඇයි කියලා මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

රන්ජිත් Monday, 22 August 2016 07:10 AM

අපි බස්,කෝච්චි නැතුව මහපාරේ පැය කීයක් නම් රස්තියාදු වෙනවද? (නි)

:       0       0

ලීල් Monday, 22 August 2016 07:07 AM

මෙෙත්‍රී මහත්තයාට හොඳ ඉවසීමේ හැකියාවක් තිබෙන නිසාම හොඳයි (නි)

:       0       0

චමල් Monday, 22 August 2016 07:07 AM

බෞද්ධ ඉගැන්වීම් අනුව තමා කළ කී දේ අනුව ප්‍රතිඵල ලැබෙනු ඇත. එය දෙවියන්ටවත් වෙනස් කළ නොහැක. (නි)

:       0       0

දහම් Monday, 22 August 2016 07:15 AM

තිලක් නැවතත් පරණ පුරුද්දම අවදිකර තිබෙන බවයි පෙනෙන්නේ (නි)

:       0       0

ප්‍රදීප් Monday, 22 August 2016 07:09 AM

අපේ ජනාධිපතිතුමාට දෙවි පිහිටයි! (නි)

:       0       0

කිත්සිරි Tuesday, 23 August 2016 03:19 AM

මෙවැනි බලවේග ඇදහූ මහින්ද මහත්තයා විනාශ වුණා. දෙවියියන්ගේම පිහිට තමා ඉතින් කාට කාටත් (නි)

:       0       0

සුනන්ද Monday, 22 August 2016 07:19 AM

අනේද කියන්නේ? මහින්දට තමයි නරක. මේ ගමන් වලට සල්ලි කොහෙන්ද? (නි)

:       0       0

සරත් Monday, 22 August 2016 07:20 AM

බුදු ගුණ අනන්තයි! (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 23 August 2016 03:29 AM

දැන් පක්ෂය බල බලා හිටියොත් රට ප්‍රපාතයට වැටෙනවා. හැමෝම එකතුවෙලා රට ගොඩනඟමු. රටට වැඩ කරමු. එහෙම හොඳයි නේද. (නි)

:       0       0

කවිදු Monday, 22 August 2016 07:27 AM

බයවෙලා තියන තරම කොහොමද කියල පේනවා (ම)

:       0       0

චන්ද්‍රා Tuesday, 23 August 2016 03:23 AM

බලයට එන හැමකෙනාටම ටික දිනකින් පසු හැදෙන ලෙඩේ මේක තමා. එනිසා සුදුසු තැනක් බලා තිරුපති දෙවොලකුත් ඉදිකළොත් වැයවන මුදලත් කාලයත් දෙකම ඉතුරුයි නේද? (නි)

:       0       0

සමන් Monday, 22 August 2016 12:29 PM

මෙහෙමත් නායකයෝ ඉන්නවනේ බුද්ධිමත් ඡන්ද දායකයෝ අපේ රටේ නැති බව පේනවා (බ)

:       0       0

අමල් Monday, 22 August 2016 07:42 AM

තිලක්-ඩුබායි, මම ඔයාට කලිනුත් කිව්වා. වහාම දොස්තර කෙනෙක් හමුවුණොත් හොඳයි වගේ (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 22 August 2016 12:25 PM

මෛත්‍රිත් තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ ආශීර්වාද ලබන්න ගිහින්. (බ)

:       0       0

බමුණු Monday, 22 August 2016 12:33 PM

මේගොල්ලෝ අපිව රවට්ටනවද ඒගොල්ල රැවටෙනවද? (බ)

:       0       0

ජනහිත Tuesday, 23 August 2016 03:33 AM

මේ කියන සිද්ධියෙන්ම පේනවා නේද හැමදෙයක්ම දෙවියන්ට බැරි හෝ පුළුවන් වුණත් සමහරවිට නොකරන බව. (නි)

:       0       0

කුසල් Monday, 22 August 2016 07:44 AM

බුදු දහම හැර අපට නම් වෙන පිළිසරණක් නැත (නි)

:       0       0

මහේෂ් Monday, 22 August 2016 07:52 AM

මේගොල්ලෝ නිසා අපි පාරේ කොච්චර රස්තියාදු වෙනවද? අනික මහින්ද මහත්තයා යනකොට ගිරිය පුප්පගෙන කෑගහපු රතු මල්ලිලා තාම මේක දන්නේ නැහැ වගේ. (නි)

:       0       0

කුමාර Monday, 22 August 2016 07:52 AM

ආසියාවේ බොහෝ දේශ‍පාලඥයෝ යන්නේ මෙතනට තමා ආශිර්වාද ලබාගන්න. (නි)

:       0       0

දිලිප් Monday, 22 August 2016 07:53 AM

එක එක අය දකින්නේ එක එක විදිහට. රියදුරුට වන්දනාමාන කරන්නත් ඉඩදුන්නද කියන්න බැහැනේ. එහෙමනම් එ්කත් හොඳ මානුෂිය සාධකයක්! (නි)

:       0       0

සාලිත Tuesday, 23 August 2016 03:52 AM

ඔය කොහේ ගියත් බුදුන් සිටින බිම රකින්නේ බුදුන්ට අනුගාමීවන්නන්. දහමින් රට පාලනය කරන්න. ඒ ඇති (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 22 August 2016 07:48 AM

රාජපක්ෂ මහත්තයාත් ඡන්දෙට පෙර මෙතනට ගිහිල්ල හැදුවා ඡන්දය දිනන්න. නමුත් ලංකාවේ ජනතාව ඔප්පුකළා ලංකාවේ ජනතාවගේ බලවත්කම. (නි)

:       0       0

කාන්ති Monday, 22 August 2016 07:57 AM

රියදුරාත් යන්න ඇති වන්දනාමාන කරන්න (නි)

:       0       0

සූරියකුමාර Monday, 22 August 2016 07:57 AM

එක් එක් පුද්ගලයාගේ විශ්වාස විවිධයි. ඒක එයාලගේ කැමැත්ත (නි)

:       0       0

ටී. සිල්වා Monday, 22 August 2016 08:04 AM

පාපයට හැර වෙන කිසිම දෙයකට අප බියවිය යුතු නොවේ (නි)

:       0       0

රූපසිංහ Monday, 22 August 2016 08:02 AM

බුදුසරණ මිස නැත කිසිවෙකුටත් අන් සරණක්! මහින්ද තිරුපති යනකොට පොළොවේ පස්කාගෙන බෙරිහන් දුන් සමහර අය කෝ දැන්? මහින්ද රාජපක්ෂ මහතා තිරුපති දෙවොලට ගියා කියලා බැන බැන මේගොල්ලොත් ඒ දෙයම කරනවා. අනේද කියන්නේ? මහින්දට තමයි නරක. මේ ගමන් වලට සල්ලි කොහෙන්ද? (නි)

:       0       0

ආර්නෝල්ඩ් Monday, 22 August 2016 08:12 AM

අපේ ලංකාවේ බොහෝ මැති ඇමතිවරුන්ට ලංකාවේ පන්සල් කෝවිල් හිතට මදි. ඉස්පිරිතාල හිතට මදි. සිංගප්පුරුවේ යනවා හෙම්බිරිස්සාවටත්. මේ රටේ දේවල් අගය කරන අය කවආ බිහිවේද. (නි)

:       0       0

සඳරුවන් Monday, 22 August 2016 08:15 AM

මේවා කියවන අපිට අපි ගැනම කළකිරීමත් ඇතිවෙනවා (නි)

:       0       0

සමරේ මාතර Tuesday, 23 August 2016 01:25 PM

ඔබට දෙවිපිහිට ආරක්ෂාව නියතයි (අ)

:       0       0

ඔලිවර් Monday, 22 August 2016 08:19 AM

බුදු ගුණ අනන්තයි. අපි විශ්වාස කරන්නේ එපමණයි (නි)

:       0       0

තිලකරත්න Tuesday, 23 August 2016 04:21 AM

මේ රටට හොඳ අනාතගයක් එයි කියා අපි කෙසේ සිතමුද? (නි)

:       0       0

කැප්පෙටිපොළ Monday, 22 August 2016 12:51 PM

බොරු කිය කිය මහින්දට බැනල දැං බයවෙලා වගේ බලං ඉන්නව (බ)

:       0       0

සරත් Monday, 22 August 2016 12:57 PM

විලිලජ්ජා නැති වැඩක්. රනිල් උපදෙස් දෙන්න ඇති. (බ)

:       0       0

පාල Monday, 22 August 2016 08:23 AM

බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩියෙන්ම වැඩසිටින රට අපේ රට. එසේනම් මෙහෙම ඉන්දියාවේ යන්නේ අැයි? (නි)

:       0       0

විජය Monday, 22 August 2016 12:57 PM

කුමටද කුසලට කම්මැලි වන්නේ (බ)

:       0       0

රත්න Monday, 22 August 2016 01:12 PM

මට හිතෙන්නේ අපිකටත් අසුබ කාලයක් ළගදී උදා වෙනවකියල දැනිලදෝ . මොනවකරන්නද දෙවි පිහිට තමා. අපිටත් අාශිර්වාද කරන්න (බ)

:       0       0

තිස්ස Monday, 22 August 2016 08:37 AM

රටටම ලොකු අපල කාලයක් ලබලා කියලා නම් අපිට දැනෙනවා (නි)

:       0       0

නොයෙල් Monday, 22 August 2016 08:33 AM

අනේ අපි කොහේ කියලා යන්නද? මොනවා කරන්නද? කාගේ පිහිටක්ද? (නි)

:       0       0

හිරාන් Monday, 22 August 2016 08:42 AM

මේවා දැක්කහම අපිට හිනා. තමන්ට වෙන්න තියෙන දෙයක් මොන ජගතෙකුටවත් වෙනස් කරන්න බැහැ. (නි)

:       0       0

සතරසිංහ Monday, 22 August 2016 08:50 AM

අද කතරගමට වෙලා තියෙන දේ හිතාගන්න පුළුවන් මේවා දැක්කහම. ඔය දේවාලේ ශාඛාවක් හදන්න නේද අර වටිනා ඖෂධ වනයක් විනාශ කරන්න යන්නේ? මේ දේවල් කරලා තියෙන්නේ කොහොමද කියලා මේවා දැක්කහම අපිට තේරෙනවා (නි)

:       0       0

රොෂාන් Tuesday, 23 August 2016 02:57 PM

අනේ කුහුබුවනෙ තොපටත් රජෙක් ඇත්තේ . නිදහස ලබා අවුරුදු 70 ගත උනත් අපිට තාමත් රජෙක් නැත්තේ.(රේ)

:       0       0

චාමර සිල්වා Monday, 22 August 2016 09:11 AM

අපි අසරණ වෙලා වාගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනී (ම)

:       0       0

සුමිත්‍ර බස්නායක Monday, 22 August 2016 01:44 PM

ඒ දවස් වල රැස්වීමක් ගානේ ගිහින් දොස් කිව්වා හිටපු අයට. දැන් මොනාද මේ වෙන්නේ.දෙවියෝ හැබැහින් දැක්කා වගේනේ මෙතුමා ඉන්නේ.(රේ)

:       0       0

ශෂික Monday, 22 August 2016 09:15 AM

තමන්ගේ වටිනා කාලේ දවස් ගානක් ගෙවාගෙන නොපෙනෙන දෙයියෝ පස්සෙන් යන්න පුළුවන්නම් මිනිත්තු 12 ත් කාලයක්ද. (බ)

:       0       0

මකේෂ් ලක්මාල් Monday, 22 August 2016 01:42 PM

බය වෙන්න දෙයක් නීනේ මෙයාගේ මහා ගෙදර නේ (රේ)

:       0       0

සාමා Monday, 22 August 2016 09:34 AM

මෙහෙම වගකීමක් නැති විදිහට හැසිරිලා හරියනවද? රියදුරාට දඬුවම් දියයුතුයි (නි)

:       0       0

චතුරි Monday, 22 August 2016 01:57 PM

මේ අදහස් කියවන කොට අපේ කට්ටිය ගැන. ආඩම්බරයි ජනපතිට වැසිකිලි යන්නත් මේ කට්ටියගේ කැමැත්ත ගන්න. වෙයි. වගේ. මහින්ද බලය තියාගන්න මොනවද නොකෙරුවේ , කොහෙද නොගියේ , (රේ)

:       0       0

මොහොමඩ් Monday, 22 August 2016 09:33 AM

මිනිත්තු 12 මොකක්ද අපි පාරවල් වල රස්තියාදු වෙන හැටියට (නි)

:       0       0

වින්සන්ට් Monday, 22 August 2016 09:40 AM

" බුදුබණ කිව්වාත් නිරන්තරේ, බුදුබණ ඇසුවාත් නිරන්තරේ ගති ගුණ අතින් තවමාත් අපි වනන්තරේ." (අ)

:       0       0

දර්ශන Tuesday, 23 August 2016 05:06 AM

බය වී ඇති තරමක්? වෙනස මෙයයි (නි)

:       0       0

සනත් ගුණවර්ධන ස්විස් Monday, 22 August 2016 09:41 AM

උපතින් බෞද්ධයකු වුනත් යන්නේ හින්දු කෝවිල් වලට , බෞද්ධාගමේ කියනවා , දෙවියන් වුනත් පින් ලබන්නේ අපෙන් කියා , මෙහෙව් නායකයන් තමා අපේ රටේ ඉන්නේ (බ)

:       0       0

තිස්ස Wednesday, 24 August 2016 08:03 AM

රියදුරාත් ‍මොනවාහරි වැඩකට යන්න ඇති (නි)

:       0       0

ලංකාපුත්‍ර Monday, 22 August 2016 09:50 AM

ඔව්ව මොනවද අපි බස් එනකන් පැය ගණන් බලන් ඉන්නේ (බ)

:       0       0

ඇඩම් Monday, 22 August 2016 09:50 AM

බුදු ගුණ අනන්තයි කිව්වට බෞද්ධයෝ ඔක්කොම දෙවිවරු ගාවටනේ යන්නේ. (බ)

:       0       0

දිලුම් Tuesday, 23 August 2016 05:34 AM

දර්ශන, ඒක නම් ඇත්ත. මුහුණෙනුත් ඒ බය පේනවා. දෙවියන්ටවත් කියනවා ඇති අලුතෙන් පක්ෂයක් හැදෙන එක නවතන්න කියලා (නි)

:       0       0

විිද්‍යා Tuesday, 23 August 2016 04:54 PM

මට මතකයි1980 දශකයේදී මට හමුවුණා මිකී මොස්ට් කියල ලෝක බැංකුවේ වියපෘති වලට ආපු ඇමරිකන් මහත්තයෙක් අනුරාධපුර වන්දනාවට ගිය වෙලාවේ. එතුමා බුද්ධ ධර්මයත් ඉගෙන ගන්න කෙනෙක්. එතුමා කීවා නුඹලාට නිදහස ලැබිල ගොඩක් කල්. පක්ෂ හදාගෙන කුළල් කන ගමන් තවම සුද්දට බනිනවා. උඹලගේ රටේ උගතුන් 96%ක් ඉන්නවා. උගතුන් රට හැර යනවා.දේශපාලයට එන අය සොරකම් කරනවා. මෙම දෙය කීවේ මීට අවුරුදු 30 කට ඉස්සරලා. තවමත් ලංකිකයන්ට මේක තේරෙන්නේ නැත්තේ. රොෂාන් මල්ලියේ නුඹ කියන එකේ විශාල තේරුමක් තියනවා. ඔය අවබෝධය තියෙන්නේ මට දැනෙන විධිහට \nඅනුර දිසානායකට පමනයි. සමහර විට මම වැරදි වෙන්න පුළුවන්. (රේ)

:       0       0

නිශාර්ඩ් Monday, 22 August 2016 09:46 AM

රියදුරාගේ පමාව ගැන ජනාධිපති තුමාට නැති කැක්කුමක් සමහරුන්ට තියෙන බවක් පෙනෙනවා.(බ)

:       0       0

අනුරාධ Tuesday, 23 August 2016 05:34 AM

දේශපාලඥයෝ හරි ලොකු භක්තියක් විශ්වාසයක් තියෙනවා නේද දෙවිවරු, දේවාල, කෝවිල් වලට (නි)

:       0       0

රාමා Monday, 22 August 2016 09:47 AM

මිනිත්තු 12 මොකක්ද අපි පාරවල් වල රස්තියාදු වෙන හැටියට ඕව මොනවද (බ)

:       0       0

අනුුර Monday, 22 August 2016 03:17 PM

බුදු දහමට අනුව ආත්ම භය තියෙන ආත්මාර්ථකාමී අය දෙවියන් යදිනවා. තුනුරුවන් කෙරෙහි සිත පහදවාගෙන දෙවියන්ට පින් අනුමෝදන් කළාම දෙවියන් සතුටුවෙනවා. (බ)

:       0       0

රොමේෂ් Monday, 22 August 2016 03:18 PM

මහින්දද මෛත්‍රීද නෙමෙයි වැදගත්. කරන්නේ හරිදේද වැරදි දේද කියන එකයි. මහින්ද ජනතාවගේ සල්ලි කාබාසිනියා කර කර මේවගේ දෙවිවරු පස්සේ ගියා, නමුත් ජනතාවගේ හදවතින් නැගෙන සුසුමින් ඒ දෙවිවරුත් පරාජය වුනා. මෙයාටත් කියල වෙනසක් නැහැ.ඒ ටිකම තමයි. (බ)

:       0       0

ගුණවර්ධන Monday, 22 August 2016 09:57 AM

ඉතින් මොනවා කරන්නද ? කතරගම යෑම අඩුවෙනවා තීරු පති යෑම වැඩිවෙනවා ,කාලය ගතවෙනවා, මිනිසුන්ට පරක්කු වෙනවා තවකෙනෙකුට බනිනවා ඒක තමයි සිද්ධ වෙන්නේ (ම).

:       0       0

ජනහිත Monday, 22 August 2016 03:19 PM

අපි මේ ගැන කලබල වෙන්න ඕන නැහැ. අපි මොනවා කිව්වුවත් සියල්ල නිසි පරිදිම වෙනවා. ඊළගට අනෙත් කෙනත් ඔතෙන්ට යන්ට ඉඩ තියනව. සමහර විට ඔතෙන්ට යන්න ඇත්තේ ජන හදවත වෙනස් කරලා දෙන්න කියල ඉල්ලන්න වෙන්න ඇති. (බ)

:       0       0

විද්‍යා Tuesday, 23 August 2016 05:51 AM

මෙහෙම ගමන් යනකොට රස්තියාදු වෙන්න වෙනවා. (නි)

:       0       0

මහාදේව Monday, 22 August 2016 03:26 PM

අපිට වැරදිලා.මෙතුමා අපේ ජනාධිපති නොවෙයිනේ, අපේ රටේ නායකයා, දින සියය තුල ජනාධිපති පදවිය අත්හල එතුමා බලේට කෑදරකමට ගිය ගමනක් වෙන්නේ කොහොමද මේක. (බ)

:       0       0

අබේරත්න - ටෝකියෝ Monday, 22 August 2016 03:48 PM

බුදුන් වහන්සේ ධර්මය පිළිපදිමු . එවිට දෙවියන් අපිව රකී. අන්ධ විස්වාස කරමත තබාගෙන විදින දුකක් (බ)

:       0       0

දසුන් Friday, 26 August 2016 12:45 PM

අනේ ඒ ගිහිල්ලත් මේ ඕස්ට්‍රේලියන් හුටපටේ ඇදුනනේ. (නි)

:       0       0

උපාලි Monday, 22 August 2016 04:00 PM

මහාදේව, ඔබ තමයි නියම ඇත්ත කියුවේ. (බ)

:       0       0

එරික් Tuesday, 23 August 2016 06:28 AM

රස්තියාදු වෙද්දී දැනෙන අපහසුව එදා එතුමාට දැනෙන්න ඇති (නි)

:       0       0

නිල්හාන් Wednesday, 24 August 2016 12:29 AM

තමන් පසුපස එන කර්ම විපාකයෙන් කිසිවෙකුට ගැළවීමක් නැත (නි)

:       0       0

ප්‍රබෝද Monday, 22 August 2016 04:11 PM

බුද්ධං සරණන් ගච්චාමි, ධම්මං සරණන් ගච්චාමි, සංඝං සරණන් ගච්චාමි කියල හැමදාම කියන අපි මොකොද මේ දේවාල ගානේ යන්නේ. එතනින් මුසාවාද ශික්ෂා පදේ කැඩෙන්නේ නැද්ද? (බ)

:       0       0

චන්න Monday, 22 August 2016 04:11 PM

ශ්‍රී ලංකා ජනපතිගේ පරිවාර ඇමැති ලෙස ක්‍රියා කළේ ආන්ද්‍රා ප්‍රදේශයේ වන සම්පත් ඇමැති බොජ්ජාල ගෝපාල ක්‍රිෂ්ණා රෙඩ්ඩිය. (අ)

:       0       0

අසංග Tuesday, 23 August 2016 06:56 AM

එක අතකට මෙහෙම වෙන එක හොඳයි අපි රස්තියාදුවේදී විඳින දුක දැනගන්න (නි)

:       0       0

නලින් යහම්පත් Monday, 22 August 2016 04:52 PM

ඕනෙම උගත් බෞද්ධයෙකු නිතරම කියනා දෙයක් තමා , නත්තිමේ සරණන් අඥ්ඥං , බුද්ධෝ මේ සරණන් වරන් කියා ( මට බුදුන් වහන්සේගේ පිහිට මිස වෙන කිසිවකු නොමැත , ) එහෙත් මේ බෞධයකු කියා ඉපදුන රටක නායකයෙක් (රේ)

:       0       0

හිරාන් Tuesday, 23 August 2016 07:17 AM

නිසැකවම තව තවත් සැප-බලය ඉල්ලීම මේ යන ගමනේ අරමුණ නොවේද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 22 August 2016 05:02 PM

රොමේෂ් .අනිවාර්යෙන්ම ඒ ටික සිද්ද වෙනවා.(රේ)

:       0       0

ප්‍රියාන් Monday, 22 August 2016 10:58 AM

මගේ රටට දළඳා හිමි සරණයි..(ම)

:       0       0

දයාරත්න Wednesday, 24 August 2016 02:27 AM

දේශපාලඥයින් මෙතනට ගියත් පරදින එක නම් නවත්වන්න බැහැ (නි)

:       0       0

මහාදේව Monday, 22 August 2016 11:07 AM

බුදු ගුණ අනන්තයි. ඒක තමයි සැබෑ සත්ත්‍ය. බෞද්ධයෝ ඔක්කොම දෙවිවරු ගාවට යාම සහ බුදු ගුණ අතර කිසිම සහසම්බන්ධතාවක් නැත. (ම)

:       0       0

ගුණසිරි Monday, 22 August 2016 06:51 PM

සාදු සාදු සාදු ! ඔලිවර් . (අ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 22 August 2016 11:16 AM

සතරසිංහ ඔබ හරි. (ර)

:       0       0

හේවා Monday, 22 August 2016 08:07 PM

මුහුණ නම් එච්චර හොඳ නෑ (අ)

:       0       0

විජේරත්න Monday, 22 August 2016 11:22 AM

බුදුන් සරණ යන්න බැරි නායකයෝ... (ර)

:       0       0

ඔෂාන් Thursday, 25 August 2016 06:57 PM

ඔය වගේ දුර ගමන් වලදි ඔහොම අතපසුවීම් වෙනවා තමයි (නි)

:       0       0

ලක්ෂිත Thursday, 25 August 2016 06:58 PM

අම්මපා කොහොමද යහපාලනය? සැපයිද? (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 23 August 2016 08:50 AM

අපේ රට ගොඩයාමක් ගැන නම් හිතෙන්නේ නැහැ අපිට (නි)

:       0       0

බුද්ධික Tuesday, 23 August 2016 08:52 AM

බලනකොට කිසිම වෙනසක් වෙලා නැහැනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 1 0

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 431 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 330 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


අලියාගේ පහර කෑ තරුණයා මරුට
2024 ඔක්තෝබර් මස 07 632 0

පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින


ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න
2024 ඔක්තෝබර් මස 07 1256 0

ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.


පක්ෂ ලකුණු ප්‍රකාශයට පත් කර අති විශේෂ ගැසට්ටුවක්
2024 ඔක්තෝබර් මස 07 561 1

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39253 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25622 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1104 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site