IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ත්‍රිමලේ වරායේ කොටසක් ගොඩ කරයි

ත්‍රිකුණාමලයේ ප්‍රීමා පිටි කම්හල සහ ඇතුළු වරාය අතර ඇති  කන්ද කපා වරායේ කොටසක් මේ දිනවල  ගොඩ කැරෙති.

බර යන්ත්‍ර යොදාගනිමින් මෙය සිදුකෙරන අයුරු එහි ගිය අපට දැක ගත හැකි විය.

පොලිතීන් මලු සහ නුඩ්ල්ස්  නිෂ්පාදනය කිරීමේ  නව කර්මාන්ත ශාලා  දෙකක් ඉඳි කිරීමට  ආර්ථික සංවර්ධන  අමාත්‍යවරයා ලබා දී ඇති අවසරයකින් ඒ සඳහා අවශ්‍ය භූමියේ ඉඩකඩ  සකසා ගැනීමට මෙසේ  කන්ද කපා වරායේ  කොටසක්ද ගොඩකරන බව අනාවරණය විය.

මේ හේතුව නිසා ඒ ආශ්‍රිත ජීවත් වන  වඳුරන් ,රිළවුන්  ආදී සතුන්ගේ වාසස්ථාන අහිමි වීමෙන්  එහි  සතුන් ගම් වැදී ඇතැයි ද තවද එහි ජීවත් වන හාවුන් , ඉත්තෑවන්,මී මින්නන්,වලි කුකුලන්  වැනි සතුන්ගේ ජිවීතවලට හානියක් සිදු වෙතියිද  ප්‍රදේශවාසීහු කියති.

 මේ බව දැනගැනීමට ත්‍රිකුණාමලය දිසාපති මේජර් ජනරාල් ටී ටී ආර් ද සිල්වා  මහතා පැවසුයේ දුරකතන ඇමැතුම පැහැදිළි නැති නාත් මේ වේලාවේ තමන්ට  විශේෂ රැස්වීමකට යාමට ඇති නිසාත් මේ පිළිබඳව පිළිතුරු දීමේ හැකියාවක් නැති බවයි.

ත්‍රිකුණාමල ප්‍රීමා කම්හලේ  මානව සම්පත් කළමණාකරුගෙන් සහ  සහකාර කළමණාකරුගෙන් මේ පිළිබඳව දැන ගැනීමට කළ උත්සාහයද අසාර්ථක විය.

 

 

 

 

 



අදහස් (0)

ත්‍රිමලේ වරායේ කොටසක් ගොඩ කරයි

ඉසුරු කන්තලේ Tuesday, 25 February 2014 09:43 AM

තරුණයන් කි දෙනෙකුට රැකියා ලැබේද.......... සුබ අනාගතයක්.....! (අ)

:       0       0

දිල්ෂාන් Tuesday, 25 February 2014 09:50 PM

හරිම අපරාදයක් මේක. ස්වාභාවික ක වාරයක් අහිමි වේද ? (අ)

:       0       0

අසල Monday, 24 February 2014 03:44 PM

වඳුරන්, රිළවුන්, හාවුන්, ඉත්තෑවන්, මී මින්නන්, වලි කුකුලන් රකින එකද කර්මාන්තශාලා හදල රැකියා දීල රට සංවර්දනය කරන එකද හරි. (නදී)

:       0       0

ජගත් සෞදි Monday, 24 February 2014 04:00 PM

සොබා දහම නිසි පිළිතුරක් දේවි ලගදිම.(නධී)

:       0       0

ක්‍රිස්ටි ප්‍රනාන්දු Tuesday, 25 February 2014 12:05 PM

තව ටික දුරක් ඔහොම යන් මුළු ලංකාවම අපිට නැති වෙයි (දිල්)

:       0       0

රජින්ද Monday, 24 February 2014 04:29 PM

ශ්‍රී ලංකාව දැවැන්ත පාරිසරික ව්‍යසනයක් අභියසය. ආර්ථික සංවර්ධන අමාත්‍යංශය හුදෙක් සංවර්ධනය මතම පිහිටා ලංකාවේ බොහෝ ප්‍රදේශ කිසිදු පාරිසරික තත්ත්ව පරීක්ෂාවකින් තොරව මේ වනවිට විනාශ කරමින් සිටී. රටේ පිහිටීමවත් නොදන්නාකම නිසා ඉදිරියේදී ලංකාවට දෙයියන්ගේම පිහිටමයි.(නදී)

:       0       0

කුමාර් Monday, 24 February 2014 04:40 PM

ලෝකේ ලස්සනම හා ආරක්ෂිතම වරායවල් අතරින් හොඳම වරායක් තම ත්‍රිමලේ වරාය.(නදී)

:       0       0

රජිත Monday, 24 February 2014 04:45 PM

මේක පුදුම රටක්නේ ස්වබාවික වරායවල් ගොඩකරනවා වැඩකට නැති වරායවල් වලට රට හාරනවා.(නදී)

:       0       0

බණ්ඩා Monday, 24 February 2014 05:28 PM

අපේ රට විතරක් නෙමේ රටේ හැඩයත් විනාස කරනවා.(නදී)

:       0       0

ද සිල්වා බර්ලින් Monday, 24 February 2014 05:58 PM

රටේ ආර්ථිකය කෙසේ වෙතත් ඇමතිවරුන්ගේ සහ ගෝලබාලයින්ගේ ආර්ථිකය නම් සරු වෙනවා.(නදී)

:       0       0

සෙන්තිල්නාතන් Monday, 24 February 2014 06:02 PM

ලංකාවේ ඉන්න අය කරන්නෙම ඔහොම වැඩක් තමයි. එක හොඳ දෙයක් හදනකොට,තව හොඳ දේවල් දහයක් නැතිවෙන එක. මේ රටවල නම් එක ගහක් අත්‍ය අවශ්‍යතාවයක් සඳහා කැපුවොත්, තවත් ගස් පේළි දහයකටත් වැඩිය ගණනක් පැලකරනවා.(නදී)

:       0       0

දහම් Monday, 24 February 2014 06:20 PM

පින්තූර වලින් නම් පෙනෙන්නේ පාරක් හදනවා වගේ.(නදී)

:       0       0

ගුණේ Monday, 24 February 2014 06:47 PM

මුළු ලෝකයේම බලවතුන් කෙල හලමින් ඉතා උනන්දුවෙන් බලාගෙන ඉන්න, ලෝකයේ තියෙන ස්වභාවික සම්පත් වලින් වටිනාම සම්පතක් වන ත්‍රිකුණාමල වරාය හා පරිසරය විනාස නොකර, පරිසරයට හා වරායට හානියක් නොවන ලෙස කරන සංවර්දනයක් කලාට කමක් නැහැ. මේ ගැන නාරා ආයතනය හා පරිසර අමත්‍ය අංශයට අදාල සියලුම ස්ථාන වලින් කරුණාකර සොයා බලනවා නම් එය රටටත් අනාගත පරපුරත් වෙනුවෙන් කරන යහපත් ක්‍රියාවක්. යමෙකුගේ පුද්ගලික වාසියක් තකා රටටත් අනාගත පරපුරටත් කිසිවකු විසින් නොකළ යුතු මුග්ද ක්‍රියාවක් කරන්නේ නම් වහාම මෙය නතර කර මේ වැරදි කරුවන් හට දැඩි ලෙස නීතියෙන් ක්‍රියාත්මක විය යුතුමයි. මෙවන් වියපෘති ක්‍රියාත්මක වන්නට ප්‍රථම ඇයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන්නේ. කිසිම වාර්තාවක් නැහැ. හොර රහසේ මෙවන් දේවල් කරනවානම් කුමකටද පාලකයන්. ඇයි අප මොවුන්ව තෝරා පාලකයන් කර පාර්ලිමේන්තුවට යවන්නේ. ලංකාදීපයට ස්තුති කරනවා මෙවන් සොයා බැලීමක් කර පුරවැසියන්ව දැනුවත් කිරීම පිලිබදව. මෙය වැරදි විදියට සිදුවන දෙයක් නම්, ජනතාව බුද්දිමත් වෙයල්ලා. ඉදිරියේදී නැවතත් මෙවන් පාලකයන්ව පත් නොකර ගන්නට පෙළ ගැසියල්ලා.!(නදී)

:       0       0

බණ්ඩාර Wednesday, 26 February 2014 07:41 AM

ලොකේ හොදම ස්වාභාවික ක වාරයක් ගොඩකරන්නේ හෝටල් ඉදි කරලා දරැවන්ටනමි ඒ සල්ලිවලින් කන්න දෙන්න එපා මෙවා ජාතික වස්තු

:       0       0

සත්‍යයා Monday, 24 February 2014 08:03 PM

භුග ර්භය හා කටයුතු කිරීම ඉහාමත් පරිස්සමින් කලයුතු දෙයක්. මන්ද දැනට පිහිටි ලක්ෂණ භුගර්භය ආරම්බයේ සිටම පැවතියා පමණක් නොව භුමියෙහි සමතුලිත තාවයද රැක ගැනීම ට එය ඉවහල් වූ නිසා. මේ ස්වභාව ධර්ම න්‍යාය අනික් සියලු සමාජ හා ආර්ථික න්‍යායන්ට වඩා ඉහළින් පවතින දෙයක්. ඒ නිසා මේ විෂය ගැන මනා දැනුමක් ඇති විශේෂඥයින් ගේ උපදෙස් මත මෙවැනි දෙයක් කරන්නේ නම් යහපති.(නදී)

:       0       0

ගංගොඩවිල- පැරිස් Monday, 24 February 2014 08:13 PM

හොද ගානකට කොමිස් පාරක් කඩාගෙන ඇති. අනික ෂුවර් එකටම ඔය කර්මාන්ත ශාලා දෙකම හොර චින්නුන්ගේ.(නධී)

:       0       0

කෝලිත Monday, 24 February 2014 08:31 PM

අනේ අපෝයි මේ මොකද වෙන්නේ (අ)

:       0       0

චන්ද්‍රා Monday, 24 February 2014 11:06 PM

මේ තමා, සංවර්ධනය (අ)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Tuesday, 25 February 2014 01:14 AM

අන්තිමට ලංකාවේ වනාන්තරත් ඉවරයි ,අහිංසක සත්තුත් ඉවරයි.සැලසුමක් නැති සංවර්දනය. (අ)

:       0       0

ද.ජ.සෙනවි Tuesday, 25 February 2014 05:33 AM

වහාම නැවැත්විය යුතු අධම නීච ක්‍රියාවක්! (අ)

:       0       0

ජයන්ත Tuesday, 25 February 2014 06:27 PM

වෙන ඕන තරම් අවස්ථා තියනවා නමුත් ඒවා කරලා බැනේ පරිසරය විනාස කරලා මුදල් ගසා කන්න උවමනාව. (අ)

:       0       0

ටෙනිසන් Tuesday, 25 February 2014 08:28 AM

සතා සිවුපාවන්ගෙන් තොරව මෙලොව අපට තනිව ජීවත්විය හැකිද ? අපේ රටේ විතරක් නොවෙයි ලොව හැම තැනම සංවර්දනය කියමින් කරන්නේ ඔයටික. ඒ අතර පරිසර සුරකින්නෝ කියල කොටසකුත්, ඒ අයම ගොඩනගල අපිව රවට්ටනවා. (අ)

:       0       0

කල්ප Tuesday, 25 February 2014 08:31 AM

වහාම නැවත්විය යුතුයි (අ)

:       0       0

සුමුදු පතිරණ Tuesday, 25 February 2014 09:01 AM

හොඳ වැඩක් , නව රැකියා නේ (දී)

:       0       0

උදා Tuesday, 25 February 2014 09:01 AM

මුහුද එහෙම්පිටින්ම ගොඩ කරලා මොන මොනවා හරි හදමු (දී)

:       0       0

කැළණි සමුද්‍රා Tuesday, 25 February 2014 09:01 AM

මේවගේ වැඩවල හොද සහ නරක දෙපැත්තක් තියෙනවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 312 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5364 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 906 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4330 2

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3886 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2506 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16913 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 267 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site