(අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තිරියාය අත්තික්කාඩු ප්‍රදේශයේ කුඹුරු යායකට යාබද කැලයේ තිබී අනුරාධපුර යුගයට අයත් ආරාම සංකීර්ණයක නටබුන් හමු වී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
යුද ගැටුම් හේතුවෙන් අතහැර දැමු කුඹුරු ඉඩම් එළි පෙහෙළි කරද්දි මෙම නටබුන් හමු වී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිදුකළ මූලික විමර්ශනයකින් අනාවරණය වී තිබේ.
බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් එළි පෙහෙළි කරද්දී එහි පුරාවිද්‍යා නටබුන්වලට හානි සිදුවී ඇති බව ස්ථානීය පරීක්ෂණයක් කළ දිස්ත්‍රික් පුරාවිද්‍යා නිලධාරි මොහාන් සමීර ආරියතිලක මහතා පැවසීය.
නටබුන් අතර ගල්කණු, කොරවක් ගල්, සඳකඩ පහණක් හමු වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය ත්‍රිකුණාමලය දිසාපති ජේ.එස්.ඩී.එම්.අසංක අබේවර්ධන මහතා අදාළ ස්ථානය වෙන් කර සලකුණු කිරීමට පුරාවිද්‍යා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
පෞද්ගලික හෝ රජයේ ඉඩමක් වුවද, ඔප්පු තිබුණද, පුරා විද්‍යා වස්තු ඇති තැනක් නම් ඒ ස්ථානයේ අයිතිය ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බවද, බලපත්‍ර සහිත ඉඩම්වල වගාකිරීමට මේ ස්ථානය වෙන්කර සලකුණු කිරීමෙන් පසුව අවසර ලබාදෙන බවද දිසාපතිවරයා කුඹුරු ඉඩම් හිමියන්ට ක්ෂේත්‍ර පරීක්ෂාවේදී පැවසීය.
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තිරියායේ කැලෑවකින් අ’පුර යුගයට අයත් නටබුන් හමුවෙයි
Champa Monday, 14 September 2020 09:29 AM
අන්තිම ඡේදය හරියටම හරි. පුරාවිද්‍යාත්මක වස්තු තියෙන ඕනෑම ඉඩමක් තමන් භාරයට ගන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට සම්පූර්ණ බලතල තියෙනවා. කෝ අර නැගෙනහිර පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන ගැන බලන්න දාපු, කොළඹ පදිංචි බලකාය? මේ හාමුදුරුවෝ කතා නොකරන්න මේ ටිකවත් නැති වෙනවා. උතුරු, නැගෙනහිර අඟලක් අඟලක් ගානේ තියෙන්නේ අපේ පුරා විද්‍යා භූමි. අතීතයේ අපිට තිබිලා තියෙන්නේ අක්කර ගණන් විශාල පුරාණ ආරම. මේ ඉඩම විතරක් නෙමෙයි අවට ඉඩම්වලත් මේ විදිහට පුරාවිද්‍යා වස්තු ඇති... යුද්ධය කාලේ කැලෑව වැවිලා ඒවා වල් වැදෙන්න ඇති. ඒ හින්දා මේ අවට සියලු ඉඩම්වල මේ වගේ පුරාවිද්‍යා වස්තු තියෙනවද කියලා හොයලා බලනකම් මේ ඉඩම්වල වගා කරන්න දෙන්න එපා...
Ferna Monday, 14 September 2020 03:06 PM
මේ පුවත් උණුසුම තිබෙනකම් පමණයි. සතියෙන් ඩෝසර් කරලා දමාවි. රැයක් එළිවන විට...
Bamunuarachchi Tuesday, 15 September 2020 02:38 AM
මේ සිංහල රටේ මුලුරටේම බුද්ධාගම තිබුනා.