IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ත‍්‍රිරෝද රියැදුරු ලක්ෂ පහ බේරාදෙයි

කොළඹ කොටහේනේදී කාන්තාවකගේ රුපියල් ලක්‍ෂ පහක් කොල්ල කා පැනගිය කොල්ලකරුවන් තිදෙනකු හඹා ගොස් එම මුදල් කොල්ලකරුවන්ගෙන් උදුරා අයිතිකාරියට දීමට ත‍්‍රිරෝද රියැදුරෙක් සමත්විය. ත‍්‍රිරෝද රියැදුරු කොල්ලකරුවකු සමග සල්ලි පොදියට පොර බදද්දී තවත් කොල්ලකරුවකු ත‍්‍රිරෝද රියැදුරුට වෙඩි තබා ඇතත්, එය කොල්ලකරුට වැදී ඇත. උගස් කළ රන් බඩුබේරා ගැනීම සඳහා බැංකුවෙන් මුදල් ගෙන උගස් කඬේට යද්දී මේ කොල්ලය සිදුවිය.



අදහස් (0)

ත‍්‍රිරෝද රියැදුරු ලක්ෂ පහ බේරාදෙයි

සදුනි Wednesday, 25 September 2013 08:49 PM

ත්‍රිරෝද රථ රියදුරන් ගැන සමාජයේ තියෙන්නේ ප්‍රසන්න අදහසක් නොවේ.ඒ අතරින් ඔබ නම් සැබෑ විරුවෙන් බුදුසරණයි.වාසනා වෙවා....!!!(නදී)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 25 September 2013 09:02 PM

ඉතාමත් ශ්‍රේෂ්ට ක්‍රියාවක්. (නදී)

:       0       0

ජගත් Wednesday, 25 September 2013 09:04 PM

එය සිදුවුනේ මෝදර.(නදී)

:       0       0

සිල්වා Wednesday, 25 September 2013 09:17 PM

ඔබ අපේම කෙනෙකි. ඔබගේ එඩිතරකම රටටම ආඩම්බරයකි. හොඳ සහ නරක පුද්ගලයන් මිස හොඳ සහ නරක රැකියාවන් නැත.(නදී)

:       0       0

පාලිත Thursday, 26 September 2013 11:29 AM

මල්ලි ඔබට කවදාවත් වරදින්නේ නෑ. (ස)

:       0       0

දම්මික පෙරේරා Wednesday, 25 September 2013 10:32 PM

මෙවැනි ත්‍රි විල් පදවන අය අද බොහෝ දුර්ලභය. මොහු අනික් ත්‍රිවිල් පදවන අයට දුන්නේ ලොකු ආදර්ශයකි. ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා! (නි)

:       0       0

චාන් Wednesday, 25 September 2013 10:57 PM

කොල්ලකරුවන්ගේ වෙඩි පහර වැදුනානම් කාට කියන්නද? තමන් ගැන නොසිතා අවස්ථානුකුලව අවංකව කටයුතු කළ වීරයෙක්, ඔබට ප්‍රණාමය, පොලිස්පතිතුමනි, පොලිසියට අවශ්‍ය මෙවන් අයය (නි)

:       0       0

චාන් Wednesday, 25 September 2013 11:05 PM

මොහු ජාතික වීරයෙකි. උපහාරයක් මෙන්ම උපකාරයක් වශයෙන් මොහුව පොලිසියට බදවා ගත හැකිනම් වටි. බලධාරීන්ගේ අවධානය යොමුවේවා! (නි)

:       0       0

නිහාල් බි Wednesday, 25 September 2013 11:34 PM

ඔබට ඉක්මනින් 4 වීලයක් ලැබේවා. (නි)

:       0       0

අමර Thursday, 26 September 2013 12:20 AM

ඔබ වීරයෙකි. තුණුරුවන් සරණයි (නි)

:       0       0

රුචිර Thursday, 26 September 2013 12:46 AM

ඔහුගේ සේවය අගයකර ඔහුව පොලිස් සේවයට බදවා ගත හැකිනම් ආදර්ශමත් නිලධාරියෙක් බිහිකළ හැකි වෙයි (නි)

:       0       0

උපාලි Thursday, 26 September 2013 12:48 AM

අපේ මිනිස්සු යම් න්‍යායක් ගොඩනගන්න හදන්නේ එක සිද්ධියකින් නැත්නම් දෙකකින්. කොච්චර වැරදිද? මේ වීරක්‍රියාව කළ රියදුරු මහතා මනුෂ්‍යයෙක් වශයෙන් ඔහු තුල තිබුන එඩිතරකම, නිර්භීතකම, අනුන්ට උදව් කිරීමේ කැමැත්ත ආදී ගතිගුණ නිසා මේ දේ කළා. මේ නිසා සකලවිධ ත්‍රී වීල් රියදුරුවරුන්ම වීරයෝ වෙනවද? නැහැ. ඒ වගේම තමයි අපරාධයක් කළ ත්‍රීවීල් රියදුරෙකු හිටි පමණින් සියලුම ත්‍රීවීල් රියදුරන් අපරාධකාරයෝ වෙන්නෙත් නැහැ. අපි මේ වීරයාව අගය කරමු. නමුත් න්‍යායන් ගොඩ නැගීම පැත්තකට දාමු. (නි)

:       0       0

රෝහණ Thursday, 26 September 2013 12:30 PM

මෙවෙනි උත්තම ගුණාංග තිබෙන මනුෂ්‍යන් අද අඩුවේගෙන යන්නේ. මේ මහතාව හොඳින් ආරක්ෂා කළ යුතුයි. (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 25 September 2013 04:22 PM

ත්‍රීවිල් මල්ලි, ඔබ ශ්‍රේෂ්ඨයි (නි)

:       0       0

ඉෂාන් Thursday, 26 September 2013 01:07 AM

මෙවන් ශ්‍රේෂ්ඨ මිනිසුන්ට ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතුයි (නි)

:       0       0

සුරන් Wednesday, 25 September 2013 04:29 PM

අපේ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නෙ ත්‍රී වීල් එකක් එලවන ඕන මිනිහෙක් දැක්ක ගමන් අපෝ ත්‍රී වීල් කාරයෙක් කියන්න නේ. ඒ වුනාට පාරක ඇක්සිඩන්ට් එකක් උනාම . මේවගේ කරදරයක් උනාම ඉස්සර වෙලාම තැන නොතැන බලලා පිහිටට එන්නෙ මේ වගේ මිනිස්සු. ත්‍රී වීල් කාරයෝ නරකයි කියන උත්තම පුරුෂයෝ ඔය වෙලාවට නැට්ටවල් අස්සෙ ගහගෙන දුවන්නේ. (ස)

:       0       0

නිලූ විදානගේ - සෞදි අරාබිය Wednesday, 25 September 2013 04:30 PM

ඔබ සැබෑ වීරයෙකි..... !!! විශිෂ්ටයි. (ස)

:       0       0

සෙන්තිල් Thursday, 26 September 2013 02:02 AM

බාට්චා වෙනි චිත්‍රපටි වල හිටියේ මේ වගේ වීරකම් කරන ත්‍රී වල්කාරයෝ තමා. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 26 September 2013 12:44 PM

ඔබ සැබෑ වීරයෙක්. මල්ලි, ඔබට සුභ අනාගතයක්! (නි)

:       0       0

තබුක් සිල්වා Wednesday, 25 September 2013 04:54 PM

මුදලට යට වෙලා ඉන්න මෙවන් සමාජයක, ඔබ ඇත්තටම නියම වීරයෙක්.... (ස)

:       0       0

ධම්ම Wednesday, 25 September 2013 04:59 PM

ත්‍රී වීල් මල්ලිලා ඉන්නේ දෙකොනේ. හොඳ එකා අන්තිම හොඳයි. නරක එකා අන්තිම නරකයි. (ස)

:       0       0

වගේගොඩ සීලානන්ද හිමි Wednesday, 25 September 2013 05:03 PM

ඔවැනි වීර ක්‍රියාවන් තවත් කිරීමට නිරෝගි සැප ලබත්වා! තෙරුවන් සරණයි. (නි)

:       0       0

ශ්‍රීලාල් Thursday, 26 September 2013 03:49 AM

මල්ලි ප්‍රවේශම් වෙන්න. ඔයාට ප්‍රහාරයක් එන වෙලාවට ඔයා බේරපු අයත් නැහැ උපහාර දක්වපු අයත් නැහැ. ඔයාගේ ආරක්ෂාව බලන්න. (නි)

:       0       0

විබුති Wednesday, 25 September 2013 05:04 PM

මේ පුවත පලකළාට ස්තුතියි (නි)

:       0       0

රජීව් Wednesday, 25 September 2013 05:07 PM

ඔබ සැබෑ වීරයෙක් (නි)

:       0       0

නදුනි Wednesday, 25 September 2013 05:11 PM

මෙවැනි පුවත් හැකිතරම් පළ කරන්න. එයයි සමාජ මෙහෙවර. ලංකාදීපයට මල් මිටක් (නි)

:       0       0

රුවන් Wednesday, 25 September 2013 05:12 PM

සුරන්, ඔයා කියන කතාව සහතික ඇත්ත.ත්‍රීවිල් මහත්වරු වගේම ත්‍රීවිල්කාරයොත් ඉන්නවා.මෙම මූලධර්මය සෑම වෘත්තියකම තිබෙනවා.හදිසි අනතුරකදී කාර්,වෑන් රියදුරන් උදව් කරන්නේ නැහැ.ත්‍රීවිල් රියදුරා පමණි රෝගියාව රෝහලකට ඇතුළු කරන්නේ. (නි)

:       0       0

කහවිට සම්පත් Thursday, 26 September 2013 06:13 AM

ඔබ එඩිතර ලක් දරුවෙක්. හොද ආත්ම ශක්තියක් තියෙන මහත්මයෙක්. උතුම් රස්සාවටත් ආඩම්බරයක්. ඔබත් පවුලේ සැමටත් ජයෙන් ජයම වේවා ! (නි)

:       0       0

කුමාරි Wednesday, 25 September 2013 05:23 PM

මට මතක් වෙනවා අපි පොඩි කාලේ කතාවක්.දිනක් රාළහාමි කෙනෙක් උසාවි ගියාලු එයාට පොලිස්කාරයා කිව්වා කියලා. ඊට පස්සේ නඩුකාරතුමා පැහැදිලි කරලා දුන්නලු,ත්‍රීවිල් කාරයා,ලියුම්කාරයා,මාලු කාරයා,පොලිස්කාරයා සහ මිනිසුන් මට කියන්නෙත් නඩුකාරයා කියලලු,ඕක ගණන් ගන්න එපා කියලා යන්න කිව්වලු (නි)

:       0       0

රුවන් Wednesday, 25 September 2013 05:23 PM

මෙවැනි වීරවරයන් ඇගයිමට ලක්කළ යුතුයි.කෝ දැන් හැමදාම ත්‍රීවිල් වලට‍ බනින පණ්ඩිතයෝ ටික. (නි)

:       0       0

සසු Wednesday, 25 September 2013 05:35 PM

මේ ඔක්කොම ත්‍රීවීල්කාරයෝ ඔය වගේ නම් නියමම තමයි.හොඳ අය ටිකයි ඉන්නේ.ඒ අයට මගේ මල් මිටක් (නි)

:       0       0

රෝහිත Wednesday, 25 September 2013 05:37 PM

හොද ත්‍රිවිල් මල්ලිලාත් ඉන්නවා කියන එක මේකෙන් තේරෙනවා (නි)

:       0       0

ඉෂාර Thursday, 26 September 2013 08:15 AM

නියම කොල්ලෙක්නෙ (නි)

:       0       0

චතුර Wednesday, 25 September 2013 05:48 PM

ත්‍රීවීල් මහත්මයෙක්. ඔබට තෙරුවන් සරණයි!!! (නි)

:       0       0

දුරන්ග් Thursday, 26 September 2013 08:17 AM

මෙම නිර්භීත ක්‍රියාව කළ ඔබටත් ,ඔබ වැනි සමාජයට යහපත්, අවංක,නිර්භීත පුත්‍ර රත්නයක් මෙලොවට බිහිකළ ඔබගේ ආදරණීය දෙමවුපියන්ටත් ගෞරවනීය ප්‍රණාමය පුද කරමි. (නි)

:       0       0

මධු Wednesday, 25 September 2013 05:48 PM

වීරයන්ගෙත් නියම වීරයෙක් (නි)

:       0       0

කිත්සිරි Wednesday, 25 September 2013 05:50 PM

ඔබගේ එඩිතරකම රටටම ආඩම්බරයකි. හොඳ සහ නරක පුද්ගලයන් මිස හොඳ සහ නරක රැකියාවන් නැත. (නි)

:       0       0

ගුරා Wednesday, 25 September 2013 05:51 PM

මේ මනුස්සයා නියම වීරයෙක් . එහෙම කියලා හැම ත්‍රීවීල් රියදුරෙක්ම මේ වගේ නැහැ.අහිංසක ළමයි අරගෙන ගිහිල්ලා වැරදි වැඩ කරන අයත් ඉන්නවා.එහෙම අය අතරේ මොහු සැබෑ වීරයෙක්. තෙරුවන් සරණයි! (නි)

:       0       0

දිල්රුක්ෂි Thursday, 26 September 2013 08:31 AM

නියම වීරයෙක් (නි)

:       0       0

එම් එස් Thursday, 26 September 2013 08:47 AM

ඇත්තටම ඔයාට මට කියන්න තියන්නේ අර සිංදුවේ ඉන්න "ටැක්සිකරයා මම ඇරලායන්න හරිම සුරයා" කියන චරිතේ. ඉස්සර සමාජයේ ටැක්සිය කියනෙත් හොද වෘත්තියක්. නමුත් මේ ත්‍රීවිල් වසංගතෙත් එක්ක ඒක නැතිවෙලා ගියා. නමුත් වාහනේ වෙනස් වුනත් අදටත් රත්‍රන් වගේ වෘ්තතිය මට්ටමේ ටැක්සිකාරයෝ ඉන්නවා. ඔබට ජය ! (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 26 September 2013 09:11 AM

මෙන්න නියම ටාසන් කෙනෙක් , හැබෙයි පුතෝ අර වෙඩිල්ල වෙදුනනම් උඹේ දරු පවුලම අනාතයි නේද ? එඅ හින්දා පරෙසමින් (අ)

:       0       0

වසන්ත කුමාර Thursday, 26 September 2013 09:16 AM

සැබෑම ත්‍රීවීල් මහත්මයෙක් (අ)

:       0       0

සිසිල් Wednesday, 25 September 2013 06:48 PM

මෙතන වැදගත් දේ හොරුන් ගාව කොහොමද පිස්තෝල තිබුණේ කියන එක. මේ වගේ හැම හොරා ගාවම පිස්තෝල තිබුනම අහිංසක මිනිස්සුන්ට වෙන්නේ සල්ලි ටික දීල පණ බේරා ගන්න. ත්‍රිවීල් කොල්ලා නියම කොල්ලෙක්. ඒ ගැන කතා දෙකක් නැහැ. නමුත් මිනිස්සු මෙහෙම උදවු කරන එක නවතිනවා හැම හොරා ගාවම තුවක්කු තියෙනකොට. (නි)

:       0       0

සංජීව Wednesday, 25 September 2013 07:10 PM

රියදුරු මහතාගේ ක්‍රියාව අගය කරමි. නමුත් ඕක පොඩ්ඩක් වැරදිලා වෙඩි වැදුනා නම් අපේ අදහස් දාන කට්ටිය කියයි මෝඩ එක්කෙනෙක්, පොලිසියට කියන්නේ නැතුව පොර වෙන්න හැදුවා කියලා. ඕක මට අනන්තවත් වෙලා තිබෙනවා. (නි)

:       0       0

සරත් ආතාවුද Thursday, 26 September 2013 02:11 PM

ඔබ නියම මානව හිතවාදියෙකි... (ස)

:       0       0

ජයමහා Thursday, 26 September 2013 09:51 AM

හොඳ වැඩක්.නමුත් ප්‍රවේසම් වීම වැදගත්.ඔබට ජය. (අ)

:       0       0

මිලානෝ එකමුතුව Wednesday, 25 September 2013 07:18 PM

මේ රියදුරු මහතා අවංක එඩිතර අයෙක් නිසා නගරසභාවට හෝ ප්‍රාදේශීය සභාවලට ඡන්දය ඉල්ලීමට සුදුස්සෙක් නොවේ (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 25 September 2013 07:27 PM

මෙච්චරකල් අපි මෙහෙම වීරයෝ දැක්කේ චිත්‍රපටි වල විතරයි. දැන් හැබැහින් දකින්න ලැබීම ගැන සතුටුයි (නි)

:       0       0

තාරක Thursday, 26 September 2013 09:58 AM

ත්‍රී විල් මල්ලීට, ත්‍රිවිධ රත්නයේම පිහිටයි !!!! (ස)

:       0       0

දුලන අමරසිංහ Wednesday, 25 September 2013 07:56 PM

ඇත්තටම ඔබ ශ්‍රේෂ්ඨයි. (නි)

:       0       0

පද්මිණී Thursday, 26 September 2013 10:49 AM

ඔබට සුබ අනාගතයක් තියෙනවා. ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන් රකී. (ස)

:       0       0

චන්දි Wednesday, 25 September 2013 08:22 PM

අගය කළයුතු දෙයක්. ඒත් චිත්‍රපටියක වගේ කෙල්ලගේ හිත ගන්න කළ රගපෑමක් නොවේනේ. හා එහෙනම් තුණුරුවන්ගේම සරණයි (නි)

:       0       0

තාරක Thursday, 26 September 2013 10:50 AM

හරි නම් අදාල පොලිස් ස්ථානයෙන් මෙතුමාට උපහාරයක් දක්වන්න වටිනවා !!!! බැරි වෙලාවත් එහෙම කලොත් ඡායාරූපත් එක්කම දාන්න. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 489 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 591 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1986 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1520 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1475 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1682 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24642 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23335 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 381 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site