IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ත්‍රීරෝද රියේ ඇතුළේ කණ්ණාඩි භයානකයි

ත්‍රීරෝද රියක ඇතුළේ කණ්ණාඩි සවි කර ඇත්නම් කාන්තාවන් එවැනි ත්‍රීරෝද රථවලින් ගමන් නොකරන ලෙස මතුගම පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක පී ලුඩොවයික් මහතා උපදෙස් දෙයි.

ත්‍රීරෝද රියක් ඇතුළේ කණ්ණාඩි සවි කරනුයේ රියදුරාට කාන්තාවන්ගේ අඟ පසඟ බලා ගැනීමට බව ඔහු කියයි.

මෙවැනි ත්‍රීරෝද රථ 19ක් මතුගමින් සොයා ගත් බවත්, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කියයි.

ත්‍රීරෝද රථයේ දෙපැත්තේ කණ්ණාඩි දෙකක් හා මැදින් කණ්නාඩියක් තිබීම ප්‍රමාණවත් බවත් පොලිසිය පවසයි.

 



අදහස් (0)

ත්‍රීරෝද රියේ ඇතුළේ කණ්ණාඩි භයානකයි

විජිත් Thursday, 27 June 2013 11:15 AM

බස් රථවල කැමරා හයි කරන්න හැදුවේ මොනවා බලා ගන්නද දන්නේ නැහැ (නි)

:       0       0

කල්ප Thursday, 27 June 2013 11:14 AM

මතුගම ප්‍රධාන පොලිස් පරික්ෂකතුමාට අපගේ ස්තුතිය! (නි)

:       0       0

අසංග Thursday, 27 June 2013 11:20 AM

තවත් සෙල්ලමක් වගේ........ (නි)

:       0       0

හමිටි Thursday, 27 June 2013 11:25 AM

අගපසග වහගෙන ඉන්න.... අරාබියේ වගේ. ඒවා බැහැ. ඒ මොකද? ජාත්‍යන්තර ප්‍රමිතියට ලිංගිකත්වය හා අයිතිවාසිකම් උරගාන ගමන්ම සාරි සමාජය මුවාවෙලා කාන්තා අහිමානය පෙන්න පෙන්නා දෙපැත්ත කනවා (නි)

:       0       0

මාලා Thursday, 27 June 2013 11:29 AM

කාන්තාවන්ට අදින හැටි උගන්වන්න දැන් ඊනියා සුචරිතවාදියෝ පොරකයි.ඒක අපට උගන්වන්න ඉස්සරලා පිරිමි හැසිරෙන්ට ඉගන ගන්ට.මොකෝ පිරිමි අදින ඇඳුම ගැන උගන්වන්ට කවුරුත් නැහැනේ. ගැහැණුන්ගේඇඳුම ගැන පිරිමින්ගේ අදහස පුරුෂ වාදී නොවිය යුතුයි(අ).

:       0       0

රනවීර Thursday, 27 June 2013 11:34 AM

සේනක හරි. විනීතව ඇඳුම් හරියට අඳින්න ඕනේ. එතකොට කාටවත් බලන්න බෑනේ. (අ)

:       0       0

ඉසුරන්දි Thursday, 27 June 2013 11:36 AM

සේනක හා චාමරගේ අදහස් වලට මමත් එකඟ වෙනවා (අ)

:       0       0

හේමන්ත Thursday, 27 June 2013 11:41 AM

මේ පොලිස් ප‍රික්ශක තුමා නියම මිනිසෙකි.ඔහු මතුගමින් මාරු නොකිරීමට පොලිස්පති තුමා වග බලා ගත යුතුය.සමාජ විරෝදින්ට මොහු හිසරදයකි. (අ)

:       0       0

රනවීර Thursday, 27 June 2013 11:45 AM

වරුණ ලසන්ත ඔයාගේ ත්‍රී වීල් එකේ කොහොමද?(අ)

:       0       0

රන්දි Thursday, 27 June 2013 03:14 PM

අපේ සරත් මල්ලිත් කැඩිච්චි මෝටර් බය්සිකල් කටුව විකුණලා කන්නාඩි අල්ලපු ත්‍රීවිල් එකක් ගෙනෙයිද දන්නේ නැහැ. කොහිල ගාලේ වැටි වැටි දුවනවට වඩා මේ ක්‍රමය හොදයි කියලා.(නදී)

:       0       0

නිස්සංක. Thursday, 27 June 2013 11:59 AM

පිටුපස නොබැලුවොත් වන හානිය දන්නවද? මුදල් නොදී යන වහනයෙන් බැස යාම.රියදුරාට බෙල්ලට පිහිය තැබීම.මගියා කරන වැරදි වලට රියැදුරන්ට වන්දි ගෙවීමට සිදුවීම වගේ දහසක් දේ කිව හැක.අවම වශයෙන් පිටුපස අවධානයෙන් සිටීම නිසාම අපරාධ වැලක්වීමට පොලිසියට සහයවුන අවස්ථා මෙන්ම පිටුපස අවධානය නොමැති කමින් හිරෙවිලන්ගුවේ වැටුන, ජීවිතයෙන් වන්දි ගෙවපු රියදුරන් ගැනත්සිතන්න(අ).

:       0       0

රාහුල Thursday, 27 June 2013 11:59 AM

ටිකක් ලස්සන්ට අදින එක්ක හොදයි. එතකොට කාගේත් හිත සැන සෙනව. ඕනවට වැඩිය ඕව ගණන්ගන්න එපා.(අ)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 27 June 2013 03:23 PM

එතකොට කුලී ත්‍රිරෝද රථ එලවන වැඩි හරියක් පහත් පෙලේ කාමුක අපචාරකයෝද? ඉතින් ඇයි මේ අයගේ කුලී බලපත්‍රය තහනම් කරන්නේ නැත්තේ? කුඩා ළමුන් කී දාහක් මේවගේ නග්ගලා පාසල් යවනවද, ආපසු රෑ බෝ වී නිවසට පැමිනෙනවද? ඒ අය‍ට රාලහාමි කියනවා වගේ කන්නාඩි ගණන් කර කර ඉන්න පුලුවන්ද? (නි)

:       0       0

සුනිල් Thursday, 27 June 2013 12:16 PM

මාලා, පෙන්නන්න ඕනෑම නම් ගෙට අරන් පෙන්නන්න. පාර දිගේ නැතුව. (නි)

:       0       0

වසන්ත නුවර Thursday, 27 June 2013 09:30 PM

කාන්තාව එහෙම අඳින නිසා පිරිමි බලනවා. පිරිමින්ට පෙන්න කතාවෝ එහෙම අදිනවා (අ)

:       0       0

මෙතුජ Thursday, 27 June 2013 12:30 PM

පිස්සු වැඩක්නෙ..ටිකක් බැලුවම මොකද වෙන්නෙ? (නි)

:       0       0

රත්නායක Thursday, 27 June 2013 12:44 PM

සමාජයම පරිස්සම් වෙන්න ඕන කාරණයක් (දී)

:       0       0

තිස්ස Thursday, 27 June 2013 12:45 PM

මිනිස්සු මේ තරම් අසහානයෙන්ද ඉන්නේ (දී)

:       0       0

චමී Thursday, 27 June 2013 04:15 PM

නිස්සංක හරි. අනෙක් කාරණය නම් ත්‍රිවීල් එකේ දෙපැත්ත වහන්න වෙයි.මොකද වියතක් විතර ඇඳුම් නේ දැන් ඇඳගෙන යන්නේ.නේද? (නි)

:       0       0

ශීලා Thursday, 27 June 2013 12:45 PM

යුරෝපේදී ගැහැණු ලංකාවට වඩා ඇග පෙනෙන්න ඇදලත් සිදුවන හිරිහැර ඉතා අවමයි.යුරෝපෙට සාපේක්ෂව ලංකාවේ ඇග ගොඩක් වහලා ඇදලත් හිරිහැර ඉතා ඉහලයි.මෙයින් කියවෙන්නේ අපේ කුහක පිරිමින්ගේ හිත මිස අපි අදින විදිහ නොවේ.අනික් දේ තමා ලංකාවේ සංස්කෘතිය විහින් නිර්මානය කළ ලිංගික තහංචි වලින් පිරිලා. (නි)

:       0       0

සරා Thursday, 27 June 2013 04:18 PM

පොලිසියට වෙන හොයන්න දේවල් ඇත්තෙම නැද්ද මන්දා. කන්නාඩි හයි කරන එක තමා දැන් ලංකාවේ වෙන ලොකුම වැරැද්ද මම හිතන්නේ. පොඩි මිනිස්සුන්ගෙම වැරදි හොයා හොයා හිටියහම ඇති පොලිසියටත්. (නි)

:       0       0

ශ්‍රියා Thursday, 27 June 2013 12:52 PM

කාන්තාවන් පරිස්සම් වෙන්න (දී)

:       0       0

නෙතලී Thursday, 27 June 2013 04:42 PM

ලක්ෂ්මන්, අපේ ඇදුම් දැක්කම බලන්නවත් හිතෙන්නේ නැහැ කියන්නේ ඔයා හාමුදුරු කෙනෙක්ද, නැත්නම් රහත් වෙලාද? අපි ගෑනු කවුරුත් කිව්වද ඔයාට අපි දිහා බලන්න කියලා? අපි ඉල්ලන්නේ අපට නිදහසේ ඉන්න දෙන්න කියලා විතරයි. (නි)

:       0       0

කිරි මාටින් Thursday, 27 June 2013 04:49 PM

පිස්සුනේ...අපේ මාමගේ ත්‍රීවිල් එකත් මෙහෙමයි.එහෙම කරලා තියෙන්නේ එයාගේ ආරක්ෂාවට.විශේෂයෙන් රෑ ගමන් කරනකොට. අනිත් එක අග පසග පේනවා නම් බැලුවම ඇති වැරැද්ද මොකක්ද කියලා මේ අදහස් දාලා තියෙන කවුරු හරි පැහැදිලි කරනවද? (නි)

:       0       0

සංජය Thursday, 27 June 2013 04:52 PM

අපිටත් අම්මලා නංගිලා ඉන්නවනේ. (නි)

:       0       0

සදරේඛා Thursday, 27 June 2013 04:59 PM

මේ පොලිසියේ අය හිතාගෙන ඉන්නේ අනිත් හැමෝම එයාලා වගේමයි කියලා (නි)

:       0       0

සිතුම් Thursday, 27 June 2013 10:13 AM

එම අදහස ගොඩක්ම වටිනවා.(නදී)

:       0       0

චතුල වෙරෝනා Thursday, 27 June 2013 10:14 AM

පුදුමයි ත්‍රී විල් වෑඩි හරියක් ඔහොම තමයි.(නදී)

:       0       0

ලක්ෂ්මන් Thursday, 27 June 2013 01:23 PM

කාන්තාවන්ගේ ඇඳුම් දැක්කාම බලන්නවත් හිතෙන්නේ නැහැ (දී)

:       0       0

නෙතුමි Thursday, 27 June 2013 01:27 PM

කන්නාඩි තියා ත්‍රී රෝද රථයකට නගින්න හිතෙන නැහැ සමහර රියදුරන් දැක්කාම, ඔවුනුත් කන්නාඩි වගේ තමා,, මෙලෝ සිහියක් නැහැ ධාවනයේදී, (දී)

:       0       0

ගාමිණී-සිරි Thursday, 27 June 2013 10:24 AM

වර්ෂා වෙලාවක, හදිසියකදී , කන්නාඩි පරීක්ෂා කරන්න පිරිමියෙකුට වත් අවස්තාවක් නැහැ. උසාවි වල නඩු ගොඩ ගැසෙන නිසා, අසල්වැසියා, ගමේ එකා, යාලුවා, නොබලා,ගණනින් සැර දඩ කොලයක් දීමට ,නීතියෙන් අවසර ගැනීම රථ වාහන පොලීසියේ වගකීමක්.(නදී)

:       0       0

දිල්හාණි Thursday, 27 June 2013 10:25 AM

සියලුම ත්‍රී රෝද රථ පරික්ෂා කරන්ඩ.(නදී)

:       0       0

තිලක් Thursday, 27 June 2013 01:37 PM

මාලා ඔය හරි. පිරිමි සනුහරේම අහක බලාගන යනවා නම් ඔයා වගේ අය‍ට ඇදුම් නැතුව ඉන්න පුළුවන්නේ. (නි)

:       0       0

සංජිව Thursday, 27 June 2013 01:38 PM

ටිකක් ලස්සන්ට අදින එක්ක හොදයි. එතකොට කාගේත් හිත සැනසෙනවා.නමුත් ඩ්‍රයිවර්ට ඕවා බලන්න පුළුවන් කියලා මම නම් හිතන්නේ නැහැ (නි)

:       0       0

අනුර Thursday, 27 June 2013 01:42 PM

නිස්සංක ත්‍රීවිල් රියදුරෙක් වගෙයි (නි)

:       0       0

සේනක සිඩිනි Thursday, 27 June 2013 10:29 AM

එතකොට ත්‍රීරෝද රථවල හතර පැත්තම ඇරලා තියෙන්නේ පාරේ යන අයට කාන්තාවන්ගේ අඟපසඟ බලාගන්න වෙන්න ඇති. හරි හමන් ඇඳුමක් ඇඳගෙන යනවනම් අංජනම් වලින්වත් වැහිච්චි ඒවා බලන්න බැහැ. ඒවා ඉතින් කාන්තාවන් දැනගන්න එපයි. (නදී)

:       0       0

සමන්-මාලදිවයින Thursday, 27 June 2013 10:37 AM

අනේ අපොයි.(නදී)

:       0       0

චාමර Thursday, 27 June 2013 10:36 AM

රියදුරාගේ අවධානය නැතිවීම නිසා අනතුරු සිදුවීමට මේවත් බලපානවා ඇති.(නදී)

:       0       0

රාජපක්ෂ Thursday, 27 June 2013 05:41 PM

පොලිසිය මේක දැනගන්නකොට අවුරුදු දහයකට වඩා රියදුරන් බලන්න ඕනෑ දේ බලලා ඇති. (නි)

:       0       0

චන්දා Thursday, 27 June 2013 05:50 PM

ගැනු ඇදුම් ඇදගෙන යනවා නම් කමක් නැහැ. නොඇද යන එකනේ අවුල (නි)

:       0       0

වාස් Thursday, 27 June 2013 10:48 AM

මේ කතාව සහතික ඇත්ත. නිතරම කුළී ත්‍රීවීල් වලින් ගමන් යන මගේ බිරිඳ ,නෑනා සහ පවුලේ ගැහැනු පාසැල් දරුවන් නිතරම මේ අද්දැකීමට ලක්වෙනවා. අපි යන්නේ හොඳට දැන ඇදුනුම්කම් ඇති කෙනෙකුගේ ත්‍රීවීල් එකක ඒත් ඒ මිනිහා හොරාට අපේ ගෑනු දිහා බලනවා. කරන්න දෙයක් නැතිකමට අපි යනවා.ද වසක් මගේ නෑනගේ දුව ගෙදර ඇවිල්ලා කෑගහන්න ගත්තා තවත් ඒ ත්‍රීවීල් එකේ යන්න බෑ. ඒ මිනිහා හොරාට ඇය දිහා බලනවා කියලා. පොලීසියට පිං දෙනවා මම මේක හෙලිකරාට. මේ වගේ කල්පනාවෙන් ක්‍රියාකරන නිළධාරීන් ඉහලට යන පොලීසියක් අපිට කවදාහරි ලැබේවි.(නදී)

:       0       0

බතා Thursday, 27 June 2013 01:51 PM

අනිවාර්යයෙන්ම බලන්න ඕනෑ පිටිපස්ස. මොකද අද කාලේ ඉන්න ගෑනු ෂුවර් නැහැ. ඉන්න ගෑනු දැනගන්න ඕනෑ ගැලපෙන ඇදුම් අදින්න. (නි)

:       0       0

අනුර Thursday, 27 June 2013 01:52 PM

ඉතින් දැන් අගපසග බලලද? (නි)

:       0       0

ශාෆික් Thursday, 27 June 2013 10:55 AM

සේනක සිඩිනි, කතාව ඇත්ත. (නි)

:       0       0

කුමාරි Thursday, 27 June 2013 10:56 AM

අපචාර කියන එක දැන් අහලම එපාවෙලා. දැන් එක ත්‍රිවිල් එකටත් ආවද? අනේ අපොයි මගේ රටට ගිය කලක්. (දී)

:       0       0

සංජිව Thursday, 27 June 2013 01:56 PM

දෙපැත්තේ සිටි තියෙන කොච්චි පෙට්ටි වලත් හරි මැදින් බැම්මක් ගහන්න පුඑවන් නම් හොදයි. මොකද කාන්තාවන් සීට් වල වාඩි වුනහම ඉදිරි සීට් එකේ ඉදන් ඉන්න බැහැ බයානක හීන පෙනෙනවා. (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 27 June 2013 02:11 PM

දැන් කාන්තාවන් අඳින ඇඳුම් හොර කන්නාඩියෙන් බලන්න වුවමනා නැහැ. හැමෝටම පෙන්නන්න තමා එහෙන් මෙහෙන් පලා ගෙන ඇඳුම් අඳින්නේ. අනික බැලුආ කියලා කිසිම පාඩුවක් වෙන්නේ නැහැ කාටත්. වීරයෝ වගේ අහිංසකයෝ අල්ලලා නඩු දාන රාළහාමිලා ලොකු ලොක්කන්ට මේ වගේ කරාවිද? (නි)

:       0       0

සමන්ත Thursday, 27 June 2013 11:09 AM

ලංකාවේ පොලිසියට ඇත්තටම හොයන්න දේවල් නැද්ද? ඕකට කණ්ණාඩිම ඕනෑද? පාරට බැස්සම සමහර කාන්තාවන්ගේ නුල් පොටවල් දෙකතුනක් විතරයි තියෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 164 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 180 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 78 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1254 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1514 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 128 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site