(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සොරකම් කරන ලද ත්‍රිරෝද රථවල චැසි හා එන්ජින් අංක වෙනස් කර මෙන්ම පාට හා හැඩතල වෙනස් කර විකිණීමේ ජාවාරමක නිරත වූ තිදෙනෙකු යුත් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.
සැකකරුවන් සමග රුපියල් ලක්ෂ 80 පමණ වටිනා තීරෝද රථ 8 ක් චැසි හා එන්ජින් අංක කෙටීමට භාවිතා කරන උපකරණ කට්ටල ද පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරුවන් අතර ගරාජ් හිමියෙක්, වාහන අලෙවි කරන ව්‍යාපාරිකයෙක් සහ 19 හැවිරිදි තරුණයෙක් වන බව පොලිසිය කියයි.
කැස්බෑව පොලිස් බල ප්‍රදේශයේ නැති වූ ත්‍රිරෝද රථයක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී පොලිස් සැරයන් 75769 ජයතුංග නිලධාරියාට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් ඒ ඔස්සේ සිදුකළ සිදුකළ විමර්ශනයේදී සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින 19 හැවිරිදි තරුණයෙකු ලිසින් ගෙවීමට අපහසු පුද්ගලයන් මුහුණු පොත හරහා හඳුනාගෙන ඔවුන් හමුවට ගොස් ලීසිං වාරික නියමිත පරිදි ගෙවා ගෙන යන බවට පොරොන්දු වී අඩු මුදලක් ඔවුන් වෙත ලබා දී ත්‍රීරෝද රථ ලබාගෙන ගරාජ් හිමියා වෙත ලබා දී මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
සැකකාර දහනව හැවිරිදි තරුණයා ත්‍රීරෝද රථ ලබා දෙන පුද්ගලයන් හමුවට ගොස් තමන් කාලයක් පැවිදිව සිටි බවත් එම අවස්ථාවේදී සකසාගත් බැංකු පොත පමණක් තමන් සන්තකයේ තිබෙන බව පවසා හිමිනමකගේ බැංකු පාස්පොතේ ඡායා පිටපතක් ඉදිරිපත් කර හා තවත් වරෙක වෙනත් පුද්ගලයෙකුගේ උප්පැන්න සහතිකයක පිටපතක් එම තීරෝද රථ හිමිකරුවන් වෙත ලබා දී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
සැකකරු මොරගහහේන ගරාජ් හිමියා වෙත ලබාදෙන තිරෝද රථ වල එන්ජින් හා චැසි අංක මෙන්ම පාට සහ අනෙකුත් හැඩතල වෙනස් කර ව්‍යාජ ලිපි ලේඛන සාදා පිළියන්දල ප්‍රදේශයේ වාහන අලෙවි ව්‍යාපාරිකයා වෙත ලබා දී අලෙවි කිරීමේ කටයුතු සිදු කර ඇතැයි පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් මොරගහහේන ගෝනපොල හංදිය ඇටබ හේන පාරේ ගරාජයක සඟවා තිබූ තිරෝද රථ 4 ක් සහ පිළියන්දල ප්‍රදේශයේ වාහන අලෙවිසැලක තිබූ ත්‍රීරෝද රථ හතරක් පොලිස් භාරයට ගෙන ඇත.
මේ ආකාරයට කූට ලෙස සකසන ලද තීරෝද රථ නවයක් මෙම සංවිධානාත්මක කණ්ඩායම විසින් විවිධ පුද්ගලයන් වෙත විකුණා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් නිලධාරියකු පැවැසීය
ලිසිං ආයතන වල ධාවනයෙන් ඉවත් කරන ලද තීරෝද රථ මිලදී ගෙන ඒවායේ ලිපි ලේඛන ජාවාරම සඳහා යොදා ගන්නා තීරෝද රථ වලට ගැනුම් කරුවන් වෙත ලබාදී ඇතැයි පොලිසිය කියයි
පොලිස් භාරයට ගත් සියලුම තීරෝද රථ රජයේ රස පරීක්ෂක වෙත සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සැකකරුවන් අද (06)කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ත්‍රිවීලර් ජාවාරමුන්ට වැඩ වරදී