IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


තරුෂිට - නදීෂාට ඔලිම්පික් වරම්

(නාමල් පතිරගේ  සහ යොහාන් භාසුර)

පැරිස් ඔලිම්පික් උළෙල (2024) මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවෙන් නිර්දේශ තහවුරු කර ගැනීමට මීටර් 800 ක්‍රීඩිකා තරුෂි දිල්සරා කරුණාරත්න හා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීෂා දිල්හානි ලේකම්ගේ අද ( 2) සමත් වූහ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය  එය තහවුරු කර සිටියේය.ඔවුන් ඒ සදහා ශ්‍රේණිගත ලකුණු ක්‍රමයෙන් අවස්ථාව උදා කර ගැනීමට එහිදී සමත්වීම කැපී පෙණුනි.

ඒ අනුව එම ශ්‍රේණිගත ලකුණු ක්‍රමයට අනුව පැරිස් ඔලිම්පික් උළෙල සදහා හෙල්ල විසි කිරීමේ කාන්තා ඉසව්වෙන් නිර්දේශ කර ගන්නා ක්‍රීඩිකාවන් 32 දෙනා අතරින් නදීෂා දිල්හානි ලේකම්ගේ 26 වැනි ස්ථානයටද මීටර් 800 (කාන්තා) ඉසව්වෙන් තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාවන් 45 දෙනා අතරින් 45 ( අවසන්) ස්ථානයටද පත්වෙමින් එම අවස්ථාව හීමි කර ගත්හ.

ජූලි 26 වැනිදා පැරිස් නුවරදී ආරම්භ වන 33 ,වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල සදහා ශ්‍රී ලංකාවට තවදුරටත් පිරිමි ඉසව් වෙතින් ක්‍රීඩකයෙකු නිර්දේශ කර ගැනීමේ අවස්ථාව සැළසී තිබේ.එම අවස්ථාව මීටර් 400 ක්‍රීඩක අරුණ දර්ශනට හෝ මීටර් 100 ක්‍රීඩක යුපුන් ප්‍රියදර්ශන දර්ශන අබේකෝන්ට හිමිව තිබේ.

එම අවස්ථාව ශ්‍රේණිගත ලකුණු ක්‍රමයෙන් අරුණ දර්ශන හිමි කර ගැනීමට අපොහොසත් වුවහොත් පමණක් මිටර් 100 (පිරිමි) ඉසව්වෙන් සුදුසුකම් නොළත් පංගු ක්‍රමය (වයිල්ඩ් කාඩ්) යටතේ යුපුන් අබේකෝන්ට හිමි වීමට නියමිතය.

කෙසේවුවත් මේ වන විට ඉතාලියේ සිට දිවයිනට පැමිණ සිටින යුපුන් පාදයක මස් පිඩු ආබාධයකින් පසු වන බැවින් ඔහුට පැරිස් ඔලිම්පික් සහභාගිත්වය තහවුරු කර ගැනීම සදහා ශාරීරික යෝග්‍යතා පරික්ෂණයකට පෙනී සිටීමට සිදුව තිබේ.

මේ වනවිට මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා හැරෙන්නට පැරිස් ඔලිම්පික් උළෙල සදහා ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලබා සිටින්නේ බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ පමණි.

-------------------------------------

 

 

(යොහාන් භාසුර)

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකාවන් වන තරුෂි කරුණාරත්න සහ නදීෂා දිල්හානි ලේකම්ගේ සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ.

තරුෂි කරුණාරත්න මීටර 800 කාන්තා ඉසව්වට ද, නදීෂා ලේකම්ගේ හෙල්ල විසිකිරීම කාන්තායි ඉසව්වට ද, ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී සහභාගී වෙති.

 



අදහස් (5)

තරුෂිට - නදීෂාට ඔලිම්පික් වරම්

Billabong Wednesday, 03 July 2024 12:26 AM

තරූශි දුවට ඔලිම්පික් සටන ලේසියි මෙහෙ ඉන්න වලකපන්න හදපු මල පෙරේතයන් එක්ක සටන් කරල යන්න තැන හදාගන්න වින්ද දුක් වලට වඩා.

:       0       31

නෙලුම් Wednesday, 03 July 2024 05:56 AM

ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අඩු උනාට නිළධාර නිළධාරිණියෝ නම් හැටහුටාමාරක්ම තේරිලා ඇති

:       0       1

fairoos Wednesday, 03 July 2024 11:00 AM

සුබපැතුම්..!

:       0       3

DM Wednesday, 03 July 2024 04:27 PM

ක්‍රීඩිකාවෝ දෙන්නට නිලධාරීන් කීදෙනෙක් ප්‍රංශයට යනවද කියල හොඳට අවදියෙන් ඉන්න.

:       0       2

ජුනයිඩ් නානා Wednesday, 03 July 2024 07:13 PM

තරුෂි දුවට කැපිල්ල දාලා නොදුවන යුපුන්ව යවන්න වෙන්න ඇති ක්‍රීඩා බලධාරීන් දත කෑවේ. ටෝකියෝ ඔලිම්පික් වලට ගිහිල්ලත් යුපුන් දිව්වෙ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 202 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 275 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 99 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 288 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 536 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 234 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 501 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site