IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


ත්‍රස්තයා මර්දනය කරන්න

පැරිස් ත්‍රස්ත ප්‍රහාර තමාව පුදුමයටත්,කම්පනයටත් පත්කළ සිදුවීමක් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රංශ ජනපති ෆ්‍රන්සුවා ඔලොන්ද් වෙත ශෝක පණිවුඩයක් යවමින් ප්‍රකාශ කර තිබේ.

ත්‍රස්තවාදයේ කුරිරුකම් දන්නේ එය අත්විඳි පුද්ගලයින් පමණක් බවත් අද ප්‍රංශයේ ජනතාව මුහුණදී සිටින තත්ත්වය ශ්‍රීලංකා ජනතාවට හොඳින්ම තේරුම්ගත හැකි බවත් ඔහු එහි සඳහන් කර ඇත.

දශක තුනක් තිස්සේ ශ්‍රීලංකාවට බැටදුන් ත්‍රස්ත උවදුර දැඩිව මර්දනය කිරීමට තමන් ඇතුළු රජය කටයුතු කළේ ත්‍රස්තවාදයට හිස ඉසවීමට කිසිඳු ඉඩක් නොතැබිය යුතු නිසාවෙන් බවත් එනිසාම අද දිනයේ ශ්‍රීලංකාව සාමය අත්විඳින බවත් ඔහු කියා තිබේ.

දුකට පත් ප්‍රංශ ජනතාවට තම ශෝකය ප්‍රකාශ කරන අතරම ප්‍රංශයේ ත්‍රස්ත ප්‍රහාරය, ත්‍රස්තවාදයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග වලට එළැඹිය යුතුව ඇතැයි ලෝක ප්‍රජාවට පෙන්වා දෙන්නක් බව හිටපු ජනපතිවරයා තම ලිපියේ සඳහන් කර ඇත.



අදහස් (0)

ත්‍රස්තයා මර්දනය කරන්න

නිහාල් Sunday, 15 November 2015 03:01 PM

ප්‍රංශ ජනාධිපති ජාතිය ඇමතුවෙත් වෙව්ල වෙව්ල.මෙහම වෙලාවක මිනිසුන්ගේ චිත්ත දහිරිය නැසීම ජනතාව මනාපයක් නැත.මහින්ද මහත්තයට තිබුනේ අපේ ත්‍රස්තයන් කළ ඝාතන වල ඩීවීඩී එකක් යවන්න (බ)

:       0       0

උපාලි Sunday, 15 November 2015 03:06 PM

කවුරුන් කෙසේ කීවත් , පසු පාලනයේ වැරදි සිදුවුවත් , අවුරුදු 30 ක් පූරා නායකයින් පස් දෙනෙකුටත් විසඳ ගත නොහැකිවූ ත්‍රස්ත්ත වාදයේ බිහිසුණුව නිමකළ මේ අභීත නායකයාට තරම් මේ ගැන කතා කිරීමට සුදුසු කිසිවෙක් අපේ රටේ ඇද්ද. (බ)

:       0       0

කරුණාපාල Sunday, 15 November 2015 03:16 PM

පිවිතුරු හදවතින්ම මෙතන අදහස් පලකරන පවිත්‍ර මහත්තයෝ, ලේ නොහෙලා කරන විප්ලවයකට තමයි අපි "චින්තන විප්ලවය" කියන්නේ. ශ්‍රී ලංකාව කියන භුමියේ පයගසා සිටින ජනතාවගේ ප්‍රඥාවන්ත කමට හෝ පිනට ඒ විප්ලවය සාර්ථකව නිමකළා. හොඳට හෝ නරකට විවිධ සංස්කෘතීන්ගෙන් පෝෂණය ලැබූ ශ්‍රී ලාංකික ජනතාවක් මියන්මාර් හා ලිබියා ජනතාව වැනි ලෝකය පිළිබද අල්ප දැනුමැති ජනතාවක් හා සැසඳීමේදී සංසන්දනාත්මකව සම මට්ටමේ ලා සැලකීම තමයි අපේ හිටපු නායකයාට වැරදුන තැන. යුද්ධය නිමා කිරීමෙන් පසුව,සුදුසුකම් පසෙකලා ඥාතිකම් පෙරදැරිව කටයුතු කිරීමෙන් හා බුද්ධ ධර්මය පසෙල්කලා පලිගැනීම ඉස්මතු කිරීමෙන්, අපට පමණක් නොවේ, එතුමාව, එතුමාටද නැතිකර ගත් බව තමයි අපිට නම් හැඟෙන්නේ.. ඔය කාරනාව තේරුම් ගත්තදාට ඔය ලෙඩේ කොයි කාට කාටත් සුව වෙයි.

:       0       0

දහම් Sunday, 15 November 2015 03:16 PM

මේකේ අදහස් දාන සමහරුන්ට වසර 30 තිස්සේ තිබුණු ත්‍රස්තවාදය පරදන්නට කොන්දක් තිබුණු මේ රටේ එකම එඩිතර නායකයා මහින්ද බව පිළිගන්න හිත දෙන්නේ නැහැ. ඒ දේශපාලන කුහකකම නිසා.(අ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Monday, 16 November 2015 08:06 AM

වසර 30 පල් වුණ යුද්ධය අවසානයක් දැකීමට අපේ ත්‍රිවිධ හමුදාවේ හමුදාපතිවරුන් සහ ත්‍රිවිධ හමුදා සෙබළුන් අසීමිත කැපවීම් කරා.නමුත් අපට නොහිටියේ කොන්ද කෙලින් තියාගෙන බටහිර රටවල් වලට සහ ඉන්දියාවට නොබියව තීරණ ගන්න පුළුවන් නායකයෙක් නොමැති වීමය. (ම)

:       0       0

ටෙනිසන් Sunday, 15 November 2015 03:58 PM

ෆීල්ඩ් මාර්ෂල් තුමාට පෙර ,රටම ආදරය කළ කොබ්බැකඩුව නමැති අබීත සෙන්පතියෙක් අපිට හිටිය.හිටපු ජනාධිපති තුමියගේ මාම සෙන්පති රත්වත්තේ හිටිය. යුද්දය අවසන් කරන අවදියේ සිටිය වගේම එඩිතර රණවිරුවෝ අපිට හිටිය.නමුත් යුද්දය අවසන් වුනේ නැහැ. කවුරුහිටියත් අතට ආයුද නැතිනම් පොල්පිතිවලින් ත්‍රස්තයෝ මර්දනය කරන්නද.ලෝකයේ මෑත ඉතිහාසය දිහා බලල හිටපු නායකයෝ හමුදාවලට ආයුද දෙන්න බියවුණා. නමුත් 'අයියන්ඩිය බිය නොවන්න" මලයගේ වදන හිස්මුදුනින් පිළිගත් අයිය,සහෝදර විස්වාසය මත හමුදාව ඉල්ලු සියලු ආයුද සැපයුවා.එසේ නොවන්න ෆීල්ඩ් මර්ශල්ටත් වෙන්නේ පොල්පිතිවලට මුවාවෙන්න.යුද්දය අවසන්වූ පසු ෆීල්ඩ් මාර්ෂල් ලෝක ඉතිහාසය සත්‍ය කරන්න පිටපොට ගැහුවා.මලයත් ඒ කල්දරමේ බත් කාල තිබුන නිසා අයිය බේරුනා.එයයි සත්‍යය. (බ)

:       0       0

සිල්වි Sunday, 15 November 2015 04:05 PM

මේකේ අදහස් දාන සමහර මිනිස්සු හරිම කුහකයි . සමහවිට මෙයාලද දන්නේ නැහැ යුද්දේ කාලේ කොටින්ට ඔත්තු සපයල ජිවත් වුන සිංහල මිනිස්සු .නැත්නම් මොකද යුද්දය ඉවර කරපු මෙතුමා එක්ක ඔච්චර තරහ ? (බ)

:       0       0

චතුරි Sunday, 15 November 2015 04:50 PM

අපේ ලංකාවේ මෙන් ප්‍රංශයටත් ඉක්මණින් සාමය උදාවේවා! (නි)

:       0       0

මහරැෆ් Monday, 16 November 2015 04:32 AM

කරුණාපාල මහතා කිව්වේ සහතික ඇත්ත (ම)

:       0       0

හේරත් Monday, 16 November 2015 04:57 AM

අපි ඔබට සදා ණයගැතියි (ම)

:       0       0

රසික Sunday, 15 November 2015 05:23 PM

කොන්දක් තිබුණු මේ රටේ එකම එඩිතර නායකයා මහින්ද. (ර)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 15 November 2015 05:22 PM

තවත් ඔය ගැන කතා කරන්න එපා. (ර)

:       0       0

කපිල Sunday, 15 November 2015 05:27 PM

හොඳ කතාවක්. (ර)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 15 November 2015 05:30 PM

සිල්වි, මිනිස්සු තරහ මොලේ තියෙන මිනිස්සු නිසයි. (ර)

:       0       0

තිලාන් Sunday, 15 November 2015 05:54 PM

මහින්ද මහතාගේ කතාව විශිෂ්ටයි (නි)

:       0       0

විකුම් රංගන Sunday, 15 November 2015 06:24 PM

සිල්වි, ඔයාට තිබෙන ප්‍රශ්නෙට හේතුව තමයි, ඔයාගේ ඔය මහා පරිමාණ මොළෙයි අනිත් අයගේ බුද්ධිමත් මොළයෙයි අතර වෙනස. යුද්ධය අවසන්වෙලා එතුමා කළ හරිය ඔබට නොතේරුනාට, බුද්ධිමත් ජනතාවට තේරෙන්න ඇති. (නි)

:       0       0

තිළිණ Sunday, 15 November 2015 06:35 PM

හොඳ කතාවක් (නි)

:       0       0

කොතලාවල Sunday, 15 November 2015 07:25 PM

ඒගොල්ලන්ගේ රටවල් පාලනය කරගන්න එයාලා හොඳට දන්නවා (නි)

:       0       0

සිරි Sunday, 15 November 2015 07:36 PM

ඔබතුමා වැනි එඩිතර නායකයන් රටට අත්‍යවශ්‍යයි.ඔබතුමාට තෙරුවන් සරණයි!! (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 15 November 2015 08:07 PM

හොඳ ප්‍රකාශයක්. ඔබ වැනි නායකයෙකුගේ සේවය ඉදිරියේදී ශ්‍රී ලංකාව නැවත ඉල්ලා සිටිනවා ඇත. (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 15 November 2015 11:30 AM

ඔව් ඔව් ඕනේ නම් යුද්ධය අවසානයක් කරා මෙහයවමින් ඊළඟ හමුදාපතිට යුද්ධේ ඉතුරු නොකරම වැඩේ ඉවරයක්ම කරලා දාපු යුධ සෙන්පතියකුත් අපි සතුයි. (ර)

:       0       0

කුමාර් Sunday, 15 November 2015 11:33 AM

මහින්ද මැතිතුමා අප රටේ ජනතාවගේ සදාකාලික වීරයෙක්. (ර)

:       0       0

තෙහාන් Sunday, 15 November 2015 11:38 AM

ඔබ තුමා වැනි කිසිවෙකුට බිය නැති කෙනෙක් දැන් මුලු ලොවටම අවශ්‍ය වී ඇත. (ර)

:       0       0

නිශාන්ත Sunday, 15 November 2015 09:04 PM

රටට ආදරය තිබෙන්නේ රටේ මිනිසුන්ට මිස දේශපාලකයන්ට නොවේ (නි)

:       0       0

සුනේෂ් Sunday, 15 November 2015 09:30 PM

ඔබගේ කතාව අගය කරනවා (නි)

:       0       0

අංගොඩ ලාල් Sunday, 15 November 2015 12:06 PM

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රශ්නය සහ අද ප්‍රංශය මුහුණ දෙන ත්‍රස්තවාදී ගැටලුව එක සමාන නැහැ. ප්‍රංශය මුහුණ දෙන්නේ ජාත්‍යන්තරව ස්ථාපිත වුන මේ වෙනකොටත් රටවල් කිහිපයක්ම දරුණු විදියට මුහුණ දෙමින් තියෙන අන්තවාදී ත්‍රස්ත සංවිධානයක් මගින් කරපු ඝාතන රැල්ලකට. (ර)

:       0       0

ඉසුරන්දි Sunday, 15 November 2015 12:08 PM

ඔබ තුමාගේ ප්‍රකාශයෙන් නොකියපු ගොඩක් දේ සැගවී ඇතිබව ප්‍රංශයට ඒත්තු ගැන්නුවා. නියමයි... (ර)

:       0       0

සොපි Sunday, 15 November 2015 12:20 PM

මේ ගැන කතා කරන්න ඔබතුමාට සුදුසුකම් තිබේ. (ර)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 15 November 2015 12:20 PM

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු එකල හිටපු අභීත රණ විරුවන් වැනි පිරිසක් අද ලොවටම අවශ්‍ය වී ඇත. ඔවුන්ගේ විනයත් කැප කිරීමත් හමුවේ ත්‍රස්තයන්ට ගම රට දාලා දුවන්න සිදුවිය. (ර)

:       0       0

සනත් ගුණවර්ධන - ස්විස් Sunday, 15 November 2015 12:28 PM

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකව ප්‍රංශයට අරින්න , ගෝඨාබය රාජපක්ෂව ප්‍රංශයට අරින්න , ත්‍රස්තයන්ට බිය නැතුව සටන් කිරීමට උපදෙස් දෙන්නට හෙළ උරුමයෙන් රතන හිමි යවන්න ,(බ)

:       0       0

හේමන්ත Sunday, 15 November 2015 12:30 PM

ඔබතුමා වගේ එඩිතර වීර නායකෙයෙක් ආසියාකරයේ රටක සිටීම ඉවසන්න බැරී කොන්ද පණ නැති බටහිර ඇතැම් පඹ නායකයින්ට ඔබේ වීරත්වය ඉවසාගන්න, කුඨ පිඹුරුපත් තනා අපේ රට අඳ බාල ජනයින් ද, සතුරු බලවේගද එක්ව බොරු චෝදනා නගා අපේ වීරයා අපට නැති කළා. මිනිසුන් කළ අමන කම් තව නොබෝ දිනකින්ම අත් විදින්නට ලැබෙනවා ඇත. (බ)

:       0       0

රොකි Sunday, 15 November 2015 12:41 PM

අනේ මේ කුමාර්, ඔන්න ඕවට අපි නම් නැහැ. (ර)

:       0       0

සම්පත් Sunday, 15 November 2015 12:41 PM

මිලානෝගේ මිල කල නොහැකි මොලේ. (ර)

:       0       0

ප්‍රදීප් Monday, 16 November 2015 01:08 AM

මහින්ද මහතා නොසිටින්න අද ලංකාව කොතැනද? (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 16 November 2015 01:15 AM

ඔය පැරිස් කට්ටිය අපට ත්‍රස්තවාදීන් පහරදෙනවිට ත්‍රස්තවාදීන්ට විරුද්ධව වචනයක් කතාකළාද? (නි)

:       0       0

අජන්ත Sunday, 15 November 2015 01:04 PM

අපේ උතුම් දැයේ යමෙකුට නායකත්වය ගැන ආඩම්බරව කතා කල හැක්කේ ඔබ ගැන පමණි. (ර)

:       0       0

තරංග Monday, 16 November 2015 01:31 AM

මහින්ද මහතාට ජයවේවා! (නි)

:       0       0

විජේසුන්දර Monday, 16 November 2015 01:37 AM

ප්‍රංශ ජනතාව පත්ව ඇති ශෝචනීය තත්ත්වයෙන් ඉක්මණින් මිදිමට හැකිවේවා! (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 16 November 2015 01:39 AM

සමහර අය තවම හරියට ඇත්ත දන්නේ නැහැ. (නි)

:       0       0

චාමී Sunday, 15 November 2015 01:15 PM

පිටබැද්දර ජය මට මේ මතක් වුනා අැයි යුද්දේ ඉවරකරපු ඒ අභීත හමුදාපතිවත් හිරේ දැම්මෙත් මෙතුමම නේද ? (බ)

:       0       0

කවින්ද Monday, 16 November 2015 01:38 AM

මහින්ද මහතා ‍නොසිටින්න අද ලංකාවත් තවත් ප්‍රංශයක් තමයි (නි)

:       0       0

තිලකරත්න Monday, 16 November 2015 01:55 AM

ලෝකෙම දැක්කා ඔබතුමාගේ වීරත්වය (නි)

:       0       0

සේකර Monday, 16 November 2015 06:44 AM

හෙට දින ර ටේ නායකයා ඹබයි. (ස)

:       0       0

ඩග්ලස් Monday, 16 November 2015 01:54 AM

ඔබතුමා නැත්නම් අපි අද කොහේද දන්නෙ නැහැ (නි)

:       0       0

ක්‍රිිස් Sunday, 15 November 2015 01:29 PM

හොඳ ප්‍රකාශයක් (රේ)

:       0       0

සොයිසා Sunday, 15 November 2015 01:32 PM

ලාල් ගම විතරක් දැම්මට මදි ඉන්න වාට්ටුවත් දාන්න. (රේ)

:       0       0

කරුණාපාල Sunday, 15 November 2015 01:30 PM

ත්‍රස්තවාදය නැති කිරීමේ ඒ සුවිශේෂී ගෞරවය මෙන්ම. අන්තවාදය හා ගෝත්‍රික කල්ලි වාදය මෙන්ම ඒකාධිපතිවාදය රට තුල බිහිකිරීමේ හා ව්‍යාප්ත කිරීමේ කාර්ය පිළිබඳවත් එතුමා අති දක්ෂයෙක්. මුල් කාරනාව හැරුනුකොට අනිත් කාරනා නොකරන්න එතුමා අදත් අපේ නායකයා මෙන්ම ලෝක පුජිත නායකයෙක්. (රේ)

:       0       0

කනිෂ්ක Monday, 16 November 2015 02:28 AM

ලාල් මහතා ජීවත් වන නගරය හා ඔහුගේ අදහස් මනාව ගැලපේ.. (ස)

:       0       0

පවිත්‍ර Sunday, 15 November 2015 01:57 PM

ඉතින් කරුණාපාල මහත්තයෝ..එහෙම ඇති දක්ෂව ඒකාධිපතිවාදයක් ගෝත්‍රවාදයක් ව්‍යාප්ත කළානම් එතුමාව මේ විධියට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් පරද්දල ගෙදර අරින්න පුලුවන්ද ලේ හලන විප්ලවයකින් නැතුව..මේ ලෝකේ හිටපු කොයි එ්කාධිපතියද ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණෙකින් එලෙව්වේ..ඔය ලෙඩේට බේත් නැහැ මහත්තයෝ..සමහර විට තව බොහොම කෙටිකාලෙකින් ඔය මැතිවරණ පොරොන්දු ඉටු කරන්න ජාතික ආරක්ෂාව අනතුරේ දාල අන්තවාදී ජාතිවාදී දේශපාලන කල්ලි වලට කප්පන් ගෙවීමේ ප්‍රතිපලයෙන් ඔය ලෙඩේට බේත් ලැබේවි හොදට ඉන්න අපිටත් එක්කම..(බ)

:       0       0

සරත් Monday, 16 November 2015 02:49 AM

යුද්දය අවසන් කල එඩිතර නායකයාණෙනි, කුමන අඩුපාඩුකම් තිබුණත් ඔබ මේ රටට කළ සේවය අපට සදා අමතක නොවේ...(ම)

:       0       0

මාර්කෝස් Monday, 16 November 2015 02:53 AM

ඔබතුමාට වැරදිලා, අපේ රටේ ත්‍රස්තවාදයක් තිබ්බේ නැහැනේ!. එකනේ දේශපාලන හිරකරුවන් කියල ඒ අයව නිදහස් කරන්නේ. මට කවුර්ත් කියල නැහැනේ හිටං යුද්දයක් තිබ්බ කියල. (ම)

:       0       0

ප්‍රනාන්දු Monday, 16 November 2015 05:28 PM

තිලක් ඩුබායි ,ඔබ දන්නා ඇත්ත අපිට දැන ගැනීමට සලස්වන්න !!!!!!!!!.(රේ)

:       0       0

ක්‍රිිස් Monday, 16 November 2015 03:30 AM

ඔබතුමා අප රටට කල සේවය ඉතා අනර්ගයි තිලක් නොදන්නවා උනාට අපේ රටේ අතිතයේ සිදුවූ දෑ අපහට මතකයි (රේ)

:       0       0

අජිත් Sunday, 15 November 2015 02:19 PM

හොද කතාවක් මැතිදුනි. ඔබට ජය ශ්‍රී. (ර)

:       0       0

සුරන් Monday, 16 November 2015 03:37 AM

මෙහි අදහස් දක්වල තියෙන ගොඩ අය සරත් ෆොන්සේකා මහතා නිසාම යුද්දේ දින්න බව හගවන්න යනවා. එ්ක වැරදි මතයක්. සරත් ෆොන්සේකා මහතා නියෝජනය කලේ එක් හමුදාවක් පමනයි. යුද්දය දිනුවේ සේනාදී නායක ලෙස ජනාධිපති , ආරක්ෂක ලේකම් , ත්‍රිවිද හමුදාවන්, පොලිසිය , බුද්දි අංශ , සැපයුම් අංශ ආදී සියලු අංශයන් රෝදයක දැතිමෙන් ක්‍රියා කරමින් කටයුතු කල නිසා. එලෙසම දේශපාලනික වශයෙන් සහයෝගය ලබාදුන් රතන හාමුදුරුවෝ, ජනතා විමුක්ති පෙරමුණ ආදී බලවේගයන් විශාල සහයෝගයක් ලබාදුන්නා. එනිසා අපි කුහක නොවී සබැ යථාර්තය පිළිගන්න ඕනේ(රේ).

:       0       0

ඩී.උපුල් Sunday, 15 November 2015 02:38 PM

ආයෙමත් වැළපෙන්න පටන් ගත්ත වගේ. (අ)

:       0       0

දර්ශන Sunday, 15 November 2015 02:39 PM

පිටබැද්දර ජයා - ඔව් ඔව් , සුදු කොඩි කතා නොකිය පවා නොදී ඉන්න හමුදා පති කෙනෙක් වුණා නම්,(අ)

:       0       0

සෙනරත් Sunday, 15 November 2015 02:48 PM

ඔබතුමා ලාංකික අප හට ලබා දුන් ජය දැන් දැන් එක එක්කෙනා බෙදා ගන්න උත්සාහ කරන බව නම් පෙනේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා
2024 ඔක්තෝබර් මස 15 151 0

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි


රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු සමුගනී
2024 ඔක්තෝබර් මස 15 290 0

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත


ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට
2024 ඔක්තෝබර් මස 15 419 0

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර


කැඩුණු ලොරිය ගෙන්න කන්දට ගිය ඩෝසරයත් පෙරළෙයි
2024 ඔක්තෝබර් මස 15 200 0

බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩලිගම බුලත්වතුකන්ද මුදුනේ කාර්මික දෝෂයට ලක්වූ කුඩා ලොරි රථයක් ගේන්න ගිය ජේ,සී,බී යන්ත්‍රයත් ලොරියත් සමග කන


මාළුන්ට දැල්දාන්න ගිය එක්දරු පියා දියේ ගිලී මරුට
2024 ඔක්තෝබර් මස 15 137 0

කලපුගම , කජුවත්ත ඇලේ මාළු ඇල්ලීමට ගිය එක් දරු පියෙකු දියේ ගිලී මියගොස් ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .


සුදු සැරයටි පළමු කොඩිය ජනපති ලේකම්ට
2024 ඔක්තෝබර් මස 15 172 0

ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 488 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1463 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site