(හේමන්ත ද සිල්වා සහ නිමල කොඩිතුවක්කු)
ත්‍රස්තවාදයට අප රටේ ඉඩක් නොමැති සේම අන්තවාදයට ද අප රටේ ඉඩක් නොමැති බවත් සියලු ජාතීන් හා ආගම් එකට එකතු වී හැම ජාතියකටම ආගමකටම අහිතකර ලෙස බලපෑම් සිදු කරන අන්තවාදය පරාජය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
පසුගිය කාලයේ දේශපාලන අරමුණු වෙනුවෙන් අන්තවාදය ඇතැම් පක්ෂ භාවිත කළ බවත් විපක්ෂ නායක වරයා පැවසීය.
ජනාධිපති පුටුවට යන්න තිබූ ආසාව මත ඔවුන් මුළු රටම කෑලි කෑලිවලට කඩා ජාතික සමගිය හා එකමුතු භාවය විනාශ කළ බවත් ගාල්ල සහිරා විදුහලට වසර 100 සැපිරීම නිමිත්තෙන් පැවති උත්සවයකට එක්වෙමින් ඔහු පැවසීය.
යුද ජයග්‍රහණයෙන් පසු සියලු ජාතීන් එකට එකතු වී රටක් ලෙස දියුණු වෙනවා වෙනුවට ජනපති සිහිනය වෙනුවෙන් ඔවුන් ජාතිවාදය ඇවිස්සූ බවත් විපක්ෂ නායකවරයා එහිදී කීවේය.
වඳ කොත්තු, වඳ සැත්කම් කිය චෝදනා කරමින් වෛද්‍ය සාෆිගේ වැඩතහනම් කළ බවත් කොවිඩ් සමයේ දී ආදාහනය භූමදානය යන ගැටලුවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්නායක පවා අමතක කොට කටයුතු කළ බවත් එයට විරුද්ධව මහපාරට බැස හඬක් නැගුවේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේ ය.
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ත්‍රස්තවාදයට සේම අන්තවාදයටත් අපේ රටේ ඉඩක් නැහැ
පියනන්ද Tuesday, 12 September 2023 04:08 PM
ඇයි ප්‍රජාතන්ත්‍රවාදයට? ඒකත් ඔය ලිස්ට් එකටම දාමු.
කිරිපුතා Tuesday, 12 September 2023 05:24 PM
දැන් මෙයාලාගේ ඡන්ද ටික ඔයාට ලැබෙයි මහත්තයෝ... ඔය කරන්නේ අන්තවාදයට උඩගෙඩි දී තම දිවා ස්වප්නය සැබෑ කරගැනීමේ ළඳ බොළඳ ව්‍යාපාරයක්...
mangala Tuesday, 12 September 2023 05:42 PM
පිටිපස්ස හැරිලා බැලුවොත් තමන්ටම පෙනෙයි... මං ගාවම නේද අන්තවාදී සෙට් එක ඉඳගෙන ඉන්නේ කියලා...
මැක්ස් Tuesday, 12 September 2023 05:44 PM
නමුත් කුහකවාදයට ඕනෑවටත් වඩා ඉඩ තියෙන බව ඔබතුමා සහ ජවිපෙ නායකතුමා ඕනෑවටත් වඩා පෙන්වා තිබෙනවා...!
Bamunuarachchi Wednesday, 13 September 2023 01:03 AM
ලොක්කා එහෙනම් දෙවියන් විශ්වාස නොකරන මිනිස්සු මරන්න කියන දේශනාව හා කුරානයෙන් මකා දමන්න කියලා කියන්න. අන්න එතැනයි මේ ආරවුලේ මුල..!