(රොමේෂ් මධුෂංඛ)
මේ මස 26 වැනිදාට කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය හා 27 වැනිදාට උතුරේ ස්ථාන රැසක මහවිරු සැමරුම් සංවිධානය කර ඇති හෙයින් නීතියට විරුද්ධව තහනම් සංවිධානයක් හෝ ත්‍රස්ත නායකයෙක් සැමරීමට යමෙක් ක්‍රියාකරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද පොලිස් නිලධාරීන් යෙදවීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගැනීමට සූදානම් වෙයි.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ත්‍රස්ත නායකයන් සැමරීමට එරෙහිව නීතිමය පියවර
emerson Friday, 17 November 2017 03:58 AM
බලාගෙන සහජීවනයට බාදා කලා කියල ඔහෙලේවත් අත් අඩංගුවට ගන්න බැරි නෑ...............
Prase Friday, 17 November 2017 04:02 AM
අඩුවෙන් භාවිතා කරන්න......
Nandaka Friday, 17 November 2017 04:23 AM
සමරනවානම් අවස්ථාව දී එය අධ්‍යනය කිරීම බුද්ධි අංශ විසින්ද ඊට මතවාදීව පිළිතුරු දීම රජය විසින්ද කල යුතුයි !තස්ත්‍ර නායකයන් සම්රනවාට විරුද්ධ නම් කේ.පී කරුණා වැනි තස්ත්‍ර නායකයන්ට දුන් වරප්‍රසාද ? දැනටත් ලබාදී ඇති නිදහස ? එය විශේෂ ජනධිපති සමාවක්ද ? කරන ලද අපරාද මනුෂ්‍ය ඝාතන වලට නඩු දාන්නේ නැත්තේ ඇයි ? වගකිවයුතු රජයක්නම් මේවාට පිළිතුරු දිය යුතුය !
BamunuarachchiSaturday, 18 November 2017 05:50 PM
හලෝ මෝඩ විදිහට කතාකරන්න එපා. කරුණා අම්මාන් යුද්ධය අවසන් වුණාට පසුව සිංහලයාගේ පැත්ත ගත් කෙනෙක් නෙවෙයි. ප්‍රභාකරන් සිටිනවිට ඔහුට විරුද්ධව සිංහලයගේ පැත්ත ගෙන ප්‍රභාකරන්ට විරුද්ධව සටන් කළ කෙනෙක්. ප්‍රභාකරන්ට සහය දුන් දෙමළ අය පවා කරුණාට විරුද්ධව හිටියා. කරුන් විශාල අවදානමක් අරගෙන සිංහලයා සමග එකතු වුණේ. ඒ වගේම කරුණාගේ උදව්ව යුද්ධය දිනීමට බොහෝ උපකාර වුණා. එල්.ටී.ටී.ඊ එකට ආයුධ දීපු නායකයෝ ගැන මතක නැද්ද? මෙහෙමත් ගොබ්බයෝ මේ සිංහලයෝ අතරේ ඉන්නවනේ අම්මපා... !!!
දකුණේ බය සැක Friday, 17 November 2017 04:25 AM
ත්‍රස්ත නායකයන් සැමරීමට ජ.වි.පෙ ට පුළුවන් වන්නේ ජ.වි.පෙ තහනම ඉවත් කල නිසා.( මහා ඉල් සමරුව) දැන් ඔවුන් සහ පෙරටුගාමී අතර වෙනස සරසවි වලින් පාරේ කරන නීති විරෝධී වෙඩි වලින් පෙනේ. දැන් ජ.වි.පෙ හොදයි. රජය බය නැතිව උතුරට ඔවුන් සැමරීමට ඉඩ දෙන්න. නැතහොත් නැවතත් උතුරේ ප්‍රශ්න වනු ඇත.
kasun Friday, 17 November 2017 04:30 AM
නිතිය අකුරටම කියාත්මක කල යුතුය ........ශ්‍රී ලංකා ජාතික දජය ඔසවන්න බෑ..........මහා විරුසමරන්න යනවා .........
suran Friday, 17 November 2017 04:31 AM
පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩ අපි දැක්කා පහුගියකාලේ අහිංසක දරුවන්ගේ ඔලු පලනවා. ත්‍රස්තවාදී හොල්මන් ඉදිරියෙන් බියගුලුව හැංගෙනවා.
jayasekara Friday, 17 November 2017 04:33 AM
ඇති යාන්තම් කොන්ද පන තියෙන තීරණයක්...
ලුම්බිණි Friday, 17 November 2017 05:27 AM
මෙය ත්‍රස්ත නායකයන් සැමරීමට එරෙහිව නීතිමය පියවරක් නොව වේලුපිල්ලේ ප්‍රභාකරන් සැමරීමට විරුද්ධ වීමක් විය යුතුයි. නැත් නම් විජේවීර සමරන්න බැරි වෙනවා.
Saman Friday, 17 November 2017 05:34 AM
ඡන්දයක් ලඟ නිසා මෙයාලා අපිට කොකා පෙන්නන්න ලෑස්ති වෙනවා. මීට කලිනුත් එයාලගෙ නිති විරෝධී උත්සව උතුරේ පැවැත්වූවා ඇයි එතකොට නීතිය ක්‍රියාත්මක වුණේ නැත්තේ ඡන්දය ලංවෙන කොට තමා නිතිය මතක් වෙලා තියෙන්නෙ.
Lasantha Friday, 17 November 2017 05:42 AM
ඔය අපිව සනසන්න කියන බොරු කතා. ඇත්තට වෙනදේ හිතාගන්න පුළුවන් අපිට. රට්ටු මෝඩයෝ කියල හිතාගෙන ඉන්නේ.
lal Friday, 17 November 2017 06:03 AM
මෙය නීති විරෝධීයි....... එමනිසා අත් අඩංගුවට ගැනීම, වතුර ප්‍රහාර , බටන් ප්‍රහාර භාවිතා කල සියලු දේ යුක්ති සහගතද?
lusena Friday, 17 November 2017 07:06 AM
පුලුවන්නම් පොලිසියට අභියෝග කරනවා නීති විරෝධිව හැසිරෙන පුද්ගලයකුට කනට පාරක් ගහලා පෙන්නන්න අර හම්බන්තොටදී ...............
vipula Friday, 17 November 2017 07:26 AM
දැන් අපේ මිනිස්සු විජේවීරයි ප්‍රභාකරන් එක සමාන විදිහට දකින තරමට මුල අමතක වෙලා. එසේම කොටින්ගේ පක්ෂයයි ජේ වී පි එකයි එක සමාන විදිහට පෙන්නේනේ.
ශ්‍රීමන්ත කටුකුරුන්ද Friday, 17 November 2017 07:35 AM
රජය නොබියව එයට ඉඩදිය යුතුයි . ජවිපෙට පෙරටුගමින්ට පුළුවන් නම් උතුරට බැරි ඇයි ? මන්ද ඔවුන් දෙපාර්ශ්වයම කලේ එකම දෙයක් (රට බෙදීමේ ඉල්ලීම හැර) නිසාය . සන්නද්ධව කළ පරාජය මහින්ද මහතා කළා දැන් කළ යුත්තේ මතවාදය පරාජය කිරීමයි. එය රජයක වගකීමයි. මහින්ද මහතා එය කලේ නැහැ .
BamunuarachchiSunday, 19 November 2017 12:16 AM
මේ ඉන්නේ මිනිස්සු? ඔන්න අපි පරිස්සම් වෙන්න ඕනේ දෙමළාගෙන් නොව මේවගේ සිංහලයින්ගෙන්. දෙමල ත්‍රස්තයෝ සිංහල මිනිසුන් ක්ලේමෝ බෝම්බතියල මරනකොට, ඩොලර්, කෙන්ට් ෆාම් වල පොඩිලමයි කපා මරනවිට හිතන්න ඇති ඔහොම උනාට කමක් නැහැ JVP එකත් කලානේ කියලා. මෙයාගේ අදහස් නමටත් කැතයි.
පිටිගල මිලානෝ Friday, 17 November 2017 07:41 AM
මේ සැමරුම් පිටුපස සිටින හිටපු ලේකම්ගේ හෙංචයියන්ව අල්ලන්න. දෙදහස්විස්සේ සිහිනය සැබෑ කරගන්න රටම වුනත් මේ හොරු පවා දෙයි.
siri Friday, 17 November 2017 07:43 AM
මේ පිම්පි ආණ්ඩුව එකටත් ඉඩ දෙයි'
Susantha Friday, 17 November 2017 08:27 AM
දවසට රුපියල් 1500 පඩියට යහපාලනයට රෙදි නැතිව කඩේ යන බලකාය ඡන්දය ළංවෙද්දීම ආපහු එළි බැහැලා වගේ... දැන් කොටින්ව සමරන්නත් ඉඩදෙන්නැතිලු.. ලෝකේ මොන රටේද ත්‍රස්තයෝ සමරන්නේ එහෙම?
prakaash Friday, 17 November 2017 12:08 PM
මේ ගොබ්බ පාලකයින් ගෙන යන බොරුවලට නොරැවටෙනු. කොහොමත් කොටින්ට උදව් කරන පිංගුත්තර ආණ්ඩුවක්...
Bamunuarachchi Sunday, 19 November 2017 08:17 AM
"මෙය නීති විරෝධීයි... එමනිසා අත්අඩංගුවට ගැනීම, වතුර ප්‍රහාර, බැටන් ප්‍රහාර භාවිතා කල සියලු දේ යුක්ති සහගතද?" මොන බම්බු කතාවක්ද ලාල් කියන්නේ? ලාල් කියනවා "මෙය නීති විරෝධීයි...." එහෙනම් අවස්ථාවේ හැටියට අත් අඩංගුවට ගැනීම, වතුර ප්‍රහාර , බැටන් ප්‍රහාර භාවිතා කල සියලු දේ කලාට කම්නැත. අනික් නීති විරෝධී දේවලට යොදන ප්‍රහාර මේකටත් යොදන්න. නීති විරෝධීනම් බලය යෙදීමේ වැරැද්ද මොකක්ද?