IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ත්‍රස්ත පනත, සමාජ මාධ්‍ය නියාමන පනත 3වැනිදා පාර්ලිමේන්තුවට

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ සමාජ මාධ්‍ය නියාමනය සඳහා විධිවිධාන ඇතුළත් මාර්ගගත ක්‍රමවල  සුරක්ෂිතභාවය පිළිබඳ  පනත් කෙටුම්පත ලබන මස 3 වැනිදා අඟහරුවාදා පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ  අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කරනු ලැබීමට නියමිත අතර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ  පනත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලබන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසිනි.

ත්‍රස්ත විරෝධී  පනත් කෙටුම්පත මීට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවද එහි ඇතැම් වගන්ති වලට විපක්ෂයෙන් එල්ල කෙරුණු චෝදනා හේතුවෙන් පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා ඉවත් කරගනු ලැබීය.

ලබන 3 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ එසේ සංශෝධනය කෙරුණු පනත් කෙටුම්පතයි.

ත්‍රස්ත විරෝධී පනතේ 5(1) 3 වැනි වගන්තිය යටතේ වරදක් කරනු ලබන, අනුබල දෙනු ලබන වූ කුමන්ත්‍රණ කරනු ලබන හෝ පුද්ගලයකු මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ විට අවුරුදු පහළොවක් නොඉක්මන කාලසීමාවක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරිමකට සහ රුපියල් ලක්ෂ 10 ක දඩයකට යටත් විය යුතු බව ත්‍රස්ත විරෝධී පනතේ දැක්වේ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා  වෙනම කොමිෂන්  සභාවක් පිහිටුවිය යුතු බව  මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ සඳහන් වේ.

තොරතුරු තාක්ෂණය නීතිය පාලනය සමාජ සේවා සමාජසේවා පුවත්පත් කලාව විද්‍යාව සහ තාක්ෂණය හෝ කළමනාකරණය යනු ක්ෂේත්‍ර  එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධයෙන් සුදුසුකම් සහ පළපුරුද්ද සහිත ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයන් පස් දෙනකුගෙන් කොමිෂන් සභාව සමන්විත විය යුතු බවද  එහි  දැක්වේ.

රට තුළ එදිරිවාදී සහ වෛරය හැඟීම් ප්‍රවර්ධනය කරන   අයකු වරදකරු කරනු ලැබූ විට වසර පහක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමකට හෝ දඩයකට යටත් විය යුතු අතර දෙවැනි වරට වරදකරු කරනු ලැබූ විට ඒ බන්ධනාගාර ගත කිරීමේ  කාලය හෝ දඩය හෝ ඒ බන්ධනාගාර ගත කිරීම සහ දඩ යන දඬුවම් දෙකම හෝ දෙගුණයක් කරනු ලැබිය හැකි බව සඳහන් වේ.

අසත්‍ය ප්‍රකාශයක් මගින් කැරලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුණේ ප්‍රකෝප කරවීම සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයන්ට අවුරුදු පහක් නොඉක්මවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකට හෝ දඩයකට හෝ ඒ බන්ධනාගාර ගත කිරීම සහ දඩය යන දඬුවම් දෙකකටම යටත් විය යුතු බවද සඳහන් වේ.

මෙම පනත් කෙටුම්පත් දෙකට අදාල ගැසට් නිවේදන පසුගියදා නිකුත් කරනු ලැබීය.



අදහස් (0)

ත්‍රස්ත පනත, සමාජ මාධ්‍ය නියාමන පනත 3වැනිදා පාර්ලිමේන්තුවට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 142 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 140 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1858 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1570 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 464 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 587 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40027 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25953 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 236 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site