IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


තිරිසන් මිනිසෙක් අල්ලයි

පස් හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් දින 4 ක් පුරා දුෂණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට දිල්ලි පොලිසිය සමත්ව ඇත.

මේ පුද්ගලයාගේ නිවස ළගින් ගිය කිහිප දෙනෙකුට කුඩා දරුවකුගේ කෑගැසීමක් ඇසී විමසා බැලීමේදී දැරිය සොයාගැනීමට හැකිව තිබේ.ඔවුහු වහාම දැරිය රෝහල කරා ගෙන ගියහ.

දිල්ලිහි ස්වාමි දයානාන්ද් රෝහලේ වෛද්‍යවරුන් පවසන පරිදි දැරිය සිටින්නේ ඉතා අවදානම් තත්ත්වයකය.ඇය ජීවත් වනු ඇත්ද යන්න ගැන නිගමනයකට පැමිණිය හැක්කේ තවත් ප්‍රතිකාර කිරීමෙන් පසුව බව  ඔවුහු කියති.දැරියගේ ජනනේන්ද්‍රිය ප්‍රදේශයෙන් බෝතලයක්,ඉටිපන්දම් කිහිපයක්

ශරීරයට ඇතුල් කර තිබී ඇති අතර ඒවා පිටතට ගැනීමට වෛද්‍යවරුන් වෙහෙසෙති.වෛද්‍ය කණ්ඩායම සදහන් කරන ආකාරයට දැරිය අධික වේදනාවෙන් සිටීම නිසා ඇයට ප්‍රතිකාර ලබා දීමද ගැටලූවක් වූ බව පවසයි.‘‘ඇය සිටියේ හොද සිහියෙන් නොවේ‘‘වෛද්‍ය ආර්.කේ බෙන්සාල් කියයි.

දැරියගේ සිරුර පුරා තැලූම් හා තුවාල  ඇත.පැහැරගත් දිනයේ පටන් ඇය පහරකෑම් වලටද ලක්ව ඇති බව පෙනෙන්ට ඇතැයි වෛද්‍යවරුන් පවසයි.

පසුගිය සතිය පුරාම දිල්ලි නගරයෙන් කුඩා දැරියන් දුෂණය කිරීමේ සිද්ධී වාර්තා විය.දිල්ලි වැසියන් අතර මේ වන විට ඇත්තේ නොසන්සුන්තාවයකි.රජය දරුවන්ගේ හා කාන්තාවන්ගේ ආරක්ෂාව තකා පියවර ගත යුතුයැයි ඔවුන්ගේ අදහසයි.පොලිස් නිළධාරීන්ගේ අකාර්යක්ෂමතාව හමුවේ ජනතාව නීතිය තමන් අතට ගැනීමේ දිනය වැඩි ඈතක නොවන බව පෙනෙන්නට තිබේ.

දැරියගේ දෙමව්පියන් දැරිය අතුරුදන් වූ දිනයේම පොලිසියට පැමිණිලි කළ බව කියයි.වෙනත් පිරිසක් විසින් තම දරුවා සොයාගෙන පැමිණිලි කරන තෙක් ඔවුන් නිකම් සිටි බවට දෙමව්පියන් චෝදනා කරයි.දැරිය සොයාගත් තැන පොලිස් නිළධාරියෙක් සිය නිවසට පැමිණ රුපියල් 2000 කොළයක් දිගු කර මේ සිද්ධිය අමතක කර දමන ලෙසත්,දුෂණයක් ලෙස නොසළකන ලෙසත් පැවසූ බව දැරියගේ පියා පවසයි.

මේ චෝදනා දිල්ලි පොලිසිය බැහැර කරයි.ඔත්තුවක් මත සැකකරු අත්අඩංගුවට ගත් බවත් ප්‍රශ්න කිරීමේ කටයුතු සිදුකරගෙන යන බවත් පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.



අදහස් (0)

තිරිසන් මිනිසෙක් අල්ලයි

මුතූ Sunday, 21 April 2013 07:30 PM

අනේ දෙවියනේ! හෙනම වැදියන් මේ මිනිහට. (නි)

:       0       0

අශෝක Sunday, 21 April 2013 07:43 PM

බුදුන් ඉපදිච්ච රට. දැන් ඉන්දියාවත් ලංකාව වගේ වෙලා. දරුවෙකුටවත් පාරේ යන්න බැහැ. (නි)

:       0       0

අමිළ Sunday, 21 April 2013 08:44 PM

මට මෙයාව හම්බවුනොත් මගේ ආගම පොඩ්ඩකට අමතක කරනවා.(නදී)

:       0       0

ශිරෝමි Sunday, 21 April 2013 08:58 PM

සෙන්තිල්, ඔයාට හොඳට සිංහල පුළුවන් නේ? (නි)

:       0       0

චින්තක Saturday, 27 April 2013 12:28 PM

සෙන්තිල් කියන කෙනාට ජයලලිතලා ගැන කැක්කුමක් තියෙන බව අපි දන්නවා (නි)

:       0       0

සරත්' Sunday, 21 April 2013 09:53 PM

සෙන්තිල්, අපි දන්නවා ලලිතා තමිල්නාඩු කියලා. එතකොට එයා ලංකාවේ ඒවාට කෑගහන්නේ ඇයි?(නදී)

:       0       0

සුජීව Sunday, 21 April 2013 12:28 PM

මූව තියන්න වටිනවද? (නි)

:       0       0

ප්‍රියංකා Sunday, 21 April 2013 12:33 PM

මේ දේවල් අහන්නට සිදුවීම පවා මිනිසත්කමට ලැජ්ජාවක්. ප්‍රසිද්ධියේ දඩුවම් කළයුතුයි. එවිටවත් අමන තිරුසනුන්ගෙන් දරුවන්ට කරදරයක් නැතුව ඉන්න පුළුවන් වේවි (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 21 April 2013 12:37 PM

ඇයි මේ තිරිසන්නු රකින්න පොලිසිය උත්සාහ කරන්නේ? (නි)

:       0       0

හේවාවිතාරණ Sunday, 21 April 2013 12:38 PM

ඒ වුණාට මහා ලොකුවට ආසියාවේ සුපිරි බලවතාලු. (නි)

:       0       0

කොස්වත්ත Sunday, 21 April 2013 12:55 PM

දැන් දැන් ඉන්දියාවේ ඉන්නේ වනචර මිනුස්සු. මෙයාලම නේද අපිට උපදෙස් දෙන්න එන්නේ ? (නි)

:       0       0

සිසිර Sunday, 21 April 2013 12:56 PM

ජයලලිතලා මේවට කෑගහන්නෙ නැද්ද? (නි)

:       0       0

ලංකාපුත්‍ර Sunday, 21 April 2013 01:01 PM

තමන්ගේ රටේ කුඩා දරුවන්ගේ සහ කාන්තාවන්ගේ මානව හිමිකම් නොව දුෂණයකට ලක්නොවී පාරේ බැහැලා යාමේ අයිතියවත් රැකදෙන්න බැරි ඉන්දියාව අපේ රටේ මානව හිමිකම් රැකදෙන්න කියලා අමෙරිකාවත් එක්ක එකතුවෙලා අපට විරුද්ධව යෝජනා සම්මත කරනවා. හරිම අපුරුයි ආසියාවේ බලවතාගේ වැඩ! (නි)

:       0       0

අසේල Sunday, 21 April 2013 01:15 PM

සැකකරුව අපට බාරදෙන්න. (නි)

:       0       0

සදුනි Sunday, 21 April 2013 01:17 PM

අතීතය පිරික්සීමේදී පෙනෙන්නේ ඉන්දියානු සමාජය වෙනස් වී නොමැති බවයි. එසේ වුවද ඔව්හු නිතරම උත්සාහ කරන්නේ අපව නිවැරදි කිරීමටයි (නි)

:       0       0

ප්‍රියන්ත Sunday, 21 April 2013 01:30 PM

තියන්න වටින්නෙ නැහැනේ කරපු දේට. (නි)

:       0       0

සිරි Sunday, 21 April 2013 01:31 PM

මහා එපා කරපු රටක්... හැබැයි මහා ලොකුකමක් නම් තියෙනවා!!! (නි)

:       0       0

රිස්වාන් ඩුබාඊ Sunday, 21 April 2013 01:51 PM

මේ මිනිහට බනින්න මට වචන නැහැ. මේ වගේ අයට හරි අරාබි නීති තමා. (නි)

:       0       0

දිනේෂ් Sunday, 21 April 2013 02:02 PM

අනිත් රටවලට චෝදනා නොකර තමන්ගේ රට ගැන බැලුවොත් හොදයි කියලා දැන අරයට තේරිලා ඇති. (නි)

:       0       0

දයා Sunday, 21 April 2013 02:03 PM

දැන් දැන් වෙන දේවල් දෙස බලපුවහම අපේ රටත් මීට දෙවැනි නැහැ නේද? (නි)

:       0       0

මංගල Sunday, 21 April 2013 02:03 PM

කවුද කියන්නෙ ඉන්දියාව ආසියාවෙ බලවතා කියලා? ඉන්දියාව ආසියාවෙ බවලතා. අනික ලංකාවෙ සාමාන්‍ය මිනිස්‍සු ඉන්දියාවට කැමැත්‍තක්‍ නැහැ. දේශපාලුවො තමා ඉන්දියාවට පන්දම්‍ අල්ලන්නෙ ලැජ්ජා නැතුව. (නි)

:       0       0

සමන්ති Sunday, 21 April 2013 11:41 PM

ලංකාවෙ දෙමළ ජනතාව ගැන බොහොම කැක්කුමක් තියෙන අය මේවා ගැන හොයලා බලන්නෙ නැද්ද?(නු)

:       0       0

අමල් Saturday, 27 April 2013 10:20 AM

ඔන්න එළකිරි ඉන්දියාව ...මුන් අපේ මානව කැඩිලා හිමිකම් කැඩිලා කිව්වා නේද කෝ අහිංසක කෙල්ලෙක්ට පාරේ යන්න බෑනේ...(ස)

:       0       0

මාගලී Sunday, 21 April 2013 02:45 PM

ලංකාවේ කුඩා දරුවන් සහ කාන්තාවන්ට දුෂණයකට ලක්නොවී පාරේ බැහැලා යාමේ අයිතිය රැකලද? නිදා ඉන්න දරුවන් සහ කාන්තාවන් දුෂණය කරන රට ලංකාව. ඉන්දියාව ලංකාව දෙකම එකයි. දුෂකයෝ එලිපිට කරදරයක් නැතුව ඉන්න පුළුවන් රටවල් (නි)

:       0       0

පාල Sunday, 21 April 2013 02:47 PM

මෙතන කට්ටිය අදහස් දාන්නේ ලංකාවේ මෙහෙම දේවල් වෙන්නේ නැහැ වගේනේ. එකම වෙනස එයාලා පාරට බැහැලා.... අපි තාමත් ඔහේ ඉන්නවා. (නි)

:       0       0

රංගල Sunday, 21 April 2013 02:48 PM

තමන්ගේ රටේ වෙන දේවල් නවතා ගන්න බැරිව එනවා මෙතන අපට ලොකුකම් පෙන්නන්න. මොනවා වුවත් අප ඒ දැරිවිට ඉක්මනින් සුවය පතනවා. (නි)

:       0       0

සමන් Sunday, 21 April 2013 02:48 PM

සැකකරුට නිසි දඩුවම් ලබා දෙන්න.. දැරිය ඉක්මන් සුවය ලැබේවා..!(නු)

:       0       0

සුදීර Sunday, 21 April 2013 02:49 PM

ඇයි අනේ මෙහෙ ගැබිනියොත් දුෂණය කරන්නේ... ? කවුද ඕවට මෙහෙ පාරට බහින්නේ..? කට්ටිය අද මේවා ඇහුවා වගේනේ කතාව. (නි)

:       0       0

අභිජිත් Monday, 22 April 2013 01:29 AM

ඉන්දියාවේ රුපියල් 2000 කොළ නොමැත. සැකකරුවා අත් අඩංගුවට ගැනුනේ ඔහුගේ ජංගම දුරකථනය ක්‍රියාත්මක වන ප්‍ර දේශය හදුනා ගැනීමෙනි..දැරියගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව ඇයට දැනට ප්‍රතිකාර කෙරෙමින් පවතින රෝහල් ප්‍රකාශකයා පැවසීය. ඇයව ශල්යකර්මයකට භාජනය කොට මේ වන විටත් ඇතුලු කොට තිබූ තෙල් බෝතලය සහ ඉටි පන්දම් දෙක ඉවත් කොට ඇත.(නු)

:       0       0

සමිත Sunday, 21 April 2013 02:56 PM

ලංකාව ගැන මහත් සේ වද උන අයට මේවා පේන්නේ නැද්ද?(නු)

:       0       0

සෙන්තිල් Sunday, 21 April 2013 02:57 PM

සිසිර,ජයලලිතා මේවට කැගහන්න ඕනෑ ඇයි? එයාගේ පාලන ප්‍රදේශය තමිල්නාඩුව. (නි)

:       0       0

රවී - Sunday, 21 April 2013 03:01 PM

ඉන්දියාවේ 2000 කොළ තියෙනවද? (නි)

:       0       0

තරංග Monday, 22 April 2013 03:25 AM

අනේ මෙහෙමත් මිනිස්සු..!(නු)

:       0       0

නදිත Sunday, 21 April 2013 03:05 PM

ඉන්දියාව අවට රටවල් වලත් ඔය වගේ සිද්ධි නිතරම වෙනවා. (නි)

:       0       0

කැලුම් Sunday, 28 April 2013 09:58 PM

ඉන්දියාවේ මිනිස්සු දැන් පාරට බැහැලා. අපේ කට්ටිය නිදි... (නි)

:       0       0

සමන් Sunday, 21 April 2013 03:29 PM

ඇයි අපේ රටේ සිද්ධ වෙන්නේ නැද්ද මේ වගේ දේවල්? (නි)

:       0       0

යාස් Sunday, 28 April 2013 10:01 PM

ඔය වගේ අය මට බාර දෙන්න. මම දන්නවා කරන්න ඕනෑ දේ. ප්‍රසිද්ධියේ කියන්න අපහසුයි කරන දේවල් නම්. (නි)

:       0       0

මොහොමඩ් Saturday, 27 April 2013 01:18 PM

තිරිසනුන්ට ජාති බේද, ආගම් බේද, රටවල් බේද මුකුත් නැහැ (නි)

:       0       0

සමන් Sunday, 21 April 2013 04:04 PM

අපිට ඕනෑ ෂරීයා නීතීය. එතකොට තමයි මේ වගේ දේවල් අඩු කරන්න පුළුවන්. (නි)

:       0       0

සදරුවන් Sunday, 21 April 2013 04:08 PM

මේ මනුස්සයව අර වියට්නාම් කාන්තාවට බාර දෙන්න. (නි)

:       0       0

රාණි Sunday, 21 April 2013 04:12 PM

ලංකාපුත්‍රලා වගේ පුත්‍රයෝ මෙතනත් බලන්නේ අපි උතුම් කියලා පුරාජේරු කියන්න. දෙයියනේ පොලිසියේ වාර්තා කියවලා බලන්න අපේ පාසල් වැන් රියදුරන්ගේ,ඇතැම් ගුරුවරුන්ගේ,ඇතැම් නෑදෑයින්ගේ හපන්කම්. නීතියක් නම් ඉෂ්ටවෙලා නැහැ. (නි)

:       0       0

සේන Sunday, 21 April 2013 04:15 PM

ආසියාවේ බලවතා චීනේ. කවුරුත් ඉන්දියාවට විරුද්ධ නම් පුරාජේරු කියවන්නේ නැතුව ඉන්දියන් බඩු වර්ජනය කරන්න. ලංකාවේ මුස්ලිම් කඩවල් නෙමෙයි. ඉන්දියාවෙන් තමයි අපට කෑම,ඇදුම්,වාහන,සියල්ල දෙන්නේ. අපි ඡන්දේ නොදෙන එක විතරයි වෙනස. (නි)

:       0       0

නීලා Sunday, 21 April 2013 04:19 PM

ඉතින් ඔහොම කරන මිනිස්සුන්ගේ අවයවයක් කපන එක හොඳද ?නැද්ද? (නි)

:       0       0

උපුල් Sunday, 21 April 2013 04:22 PM

දේශපාලකයා තම පුටුව රැකගැනීමට යාමේදී නීතිය වල් වදින එක නවත්වන්න බැහැ. මෙවැනි අපරාධ වෙනුවෙන් දැඩි නීති නොගෙනෙන්නේ ඒ නිසයි. ඒවගේම තමයි අපේ රටෙත් ස්ත්‍රී දුෂකයින්ව රට පාලනය කරන්න යැව්වේ කතිරේ ගහපු ජනතාවම තමයි. (නි)

:       0       0

උදාර Monday, 22 April 2013 08:28 AM

මිනිස්සු සුනඛයින්ටත් අන්තනේ... (නි)

:       0       0

මධු Sunday, 21 April 2013 04:36 PM

වනචාරයෝ දැන් හැමතැනම ?? (නි)

:       0       0

රකිත් Monday, 22 April 2013 08:36 AM

මට මූව බාර දුන්නා නම්, තෙල් බෝතලයයි, ඉටි පන්දම් ටිකයි එක්ක, මම දන්නවා කරන්න ඕනෑ දේ. කියන්න අපහසුයි. (නි)

:       0       0

හේරත් Sunday, 21 April 2013 05:22 PM

මෙයාව වහාම ලලිතක්කට බාර දෙන්න.(නදී)

:       0       0

ප්‍රදීප් Sunday, 28 April 2013 04:48 AM

කව්ද මේ සෙන්තිල්? කැලේ මාරු වුණාට තාම පිටේ පුල්ලි නේද? (නි)

:       0       0

කුරුවිට Monday, 22 April 2013 09:28 AM

ලංකාවේ ඉපදුණත් ඉන්දියාවට ආවඩන අයත් ඉන්නවා මෙතන. (නි)

:       0       0

හේරත් Sunday, 21 April 2013 05:47 PM

කොහේ වුවත් මෙවන් වැඩ සුනඛයින්ට බාරයි. ශිෂ්ට සම්පන්න බහු ජනයා ඒවා පිළිකුල් කරනවා. මේ කෙනාට ප්‍රසිද්ධියේ අරාබි දඬුවම් දෙන්න ඕනෑ. (නි)

:       0       0

මේනකා සෞදි අරාබිය Sunday, 21 April 2013 05:56 PM

කෙතරම් දියුණු වුවත් ලොව බලවතා... මේ වැනි විපත් සිදු කරයි නම් පලක් නැතා... තිරිසන් උන්ගේ කුමටද තව කරුණු ගොතා... නඩු හබ වැඩක් නැහැ එල්ලිය යුතුය සතා... (නි)

:       0       0

අතපත්තු Sunday, 21 April 2013 06:19 PM

මෙයාට නම් ෂරියා නීතියත් හොඳ වැඩියි. කුඩා දියණියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (නි)

:       0       0

රංජනී Sunday, 21 April 2013 06:20 PM

ඔය එකක්, ලංකාවේ ඕනෑ තරම් සිදු වෙනවනේ. ජිවිත කාලයටම බරපතල වැඩ සහිතව හිර කරන්න ඕනෑ. මාස 2-3 නෙන් ඇවිත් ආපහු එකම කරනවා.පව් අසරණ දරුවෝ... (නි)

:       0       0

අසංක Sunday, 21 April 2013 06:21 PM

මෙහෙමත් දේවල් සිදුවෙනවානේ..?(නු)

:       0       0

ප්‍රියන්ත - ඔස්ට්‍රේලියා Sunday, 21 April 2013 07:15 PM

ඉන්දියාව ඉතාමත් නොදියුණු සහ මම අකමැතිම රටයි. චීනය ලෝකයේ ආර්ථික බලවතාය. ඔවුන් ලෝක ආර්ථිකය හසුරුවයි. ඇමෙරිකාව යුද බලවතා වේ. නමුත් ලංකාවේ ආර්ථික,සමාජීය සහ සංස්කෘතික දියුණුවක් ලැබීමට නම් තිබෙන දේශපාලන ක්‍රමය තුරන් විය යුතුය. මෙය නිවැරදි කල හැකි වරදකි එතකන් බලා සිටිමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 709 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 522 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 750 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 566 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 484 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 306 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site