IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ත්‍රාසය අතරින් වින්දනය සොයා ගිය ගමනක් II

2017-01-03-ent-05

පසුගියවර අවසන් වූ තැනින් අපි නැවතත් ගමන් අරඹමු.

එනම්, වීරාජ් වීරසිංහ සහ ෆර්යා ආරියා සමග සිදුකළ ක්‍රියාන්විතය සහ ඉන්පසු සිදුකළ ත්‍රාසය කැටිවුණු ක්‍රියාකාරකම් ඔස්සේ මෙවර සටහන ගෙන එන්නෙමු. "White Water Rafting" තුළින් ඇරඹි ගමන "Jangle Trekking" ඔස්සේ "Aquatic Adventure' දක්වා අප පැමිණි ගමන්මග පිළිබඳ මිහිරි මතකය පසුගියවර සංචාරක සටහන ඔස්සේ පාඨක ඔබ වෙත අපි තිළිණ කළෙමු.

අපි "WLIDFEAT Adventure" ආයතනය සමග එක්ව ඔවුන් ලබාදෙන විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ පසුගිය වර විනෝදය සහ ත්‍රාසය කැටිවුණ ඉසව් රැසකට සහභාගි වී ඒ ඔස්සේ ජීවිතයට අමතක නොවන අත්දැකීම් ගොන්නක් ලබා ගත්තෙමු.

 

Jungle Cooking

බඩගින්න තිබ්බට ඉතින් කෑම හදන්න ගියහම තමයි තේරුණේ කැලේ ගිහින් උයනවා කියන එකේ අසීරුතාව. මුලින්ම කූඩාරම අටවලා අපි රැගෙන ගිය බඩු ටික කූඩාරම ඇතුළෙ තැම්පත් කර උයන්නට අපි සූදානම් වුණා.

උයනවා පිහිනවා කිව්වට අපිට ඒ සඳහා කිසිම භාජනයක්, හැන්දක් සහ ඉවුම්පිහුම් කටයුතුවලට භාවිත කරන කිසිම මෙවලමක් තිබුණෙ නැහැ. අපි ඒ සඳහා යොදා ගත්තේ ගස්වල කොළ සහ දඬු පමණයි. මුලින්ම අපි දඬු දෙකක් හිටුවා ඒ හරහා පොල්ලක් රඳවා, යටින් කොළ රොඩු සහ කැලෑවෙන් අහුලාගත් දර දමා ගිනිමැලයක් ගැසුවා.

 

2017-01-03-ent-15
2017-01-03-ent-13
2017-01-03-ent-12
2017-01-03-ent-11

මාළු පුච්චා ගැනීම

අප රැගෙන ආ වැව් මාළු කූරි සුද්දකර, එයට අවශ්‍ය රසකාරක යොදා ගින්නෙන් තවා ගත් කෙසෙල් කොළවල ඔතා ගත්තා. ඉන්පසුව එය ෆොයිල් කොළවල ඔතා අප සාදාගත් ගිනි මැලයට දමා පුච්ච ගත්තා.

 

2017-01-03-ent-14

රොටි සෑදීම

මුලින්ම අඩි 04ක පමණ දිග දණ්ඩක් ගෙන එය හොඳට රැහැගෙන සෝදා පිරිසිදු කර ගත්තා. පසුව ගින්නෙන් තවාගත් කෙසෙල් කොළයක රොටි වඩවාගෙන, එම වඩවාගත් රොටි අපි සාදාගත් දණ්ඩේ වෙලලා අවශ්‍ය ප්‍රමාණයට එය පුළුස්සා ගත්තා. එම රොටි හඳුන්වන්නේ "කැලෑ රොටි" කියලා.

 

2017-01-03-ent-10
2017-01-03-ent-09
2017-01-03-ent-08

බිත්තර තැම්බීම

කැලෑවෙන් සොයාගත් පස් රැගෙනවිත් එයට ජලය තරමක් මිශ්‍රකර මැටි ලෙස සාදාගත්තා. එම සාදාගත් මැටි බිත්තරය වටා හොඳින් තවරාගෙන වේළෙන්නට හැර ගිනිගොඩ තුළ සැඟෙව්වා. විනාඩි 15කින් පමණ බිත්තර දෙකක් පුපුරන ශබ්දය අපට ඇසුණා. එය එසේ වූයේ මැටි මිශ්‍රණය බිත්තරය වටේ හොඳින් දවටා නොතිබුණු නිසා බව විරාජ් අප සමග පැවසුවා. නමුත් ඉතිරි බිත්තරය නිවසේදී මුට්ටියක තම්බන ආකාරයටම හොඳින් තැම්බී තිබුණා.

මේ ආකාරයට භාජන නොමැතිව කැලය තුළදී සාදාගත හැකි ආහාර රාශියක් තිබෙන බව ඔවුන් අපට පැවසුවා.

අප කැලයක අතරමන් වූ මොහොතක හෝ රැයක් ගත කරන්නේ නම් වැඩි පරිශ්‍රමයක් නොගෙන ආහාර පිසගන්නා අාකාරය එම ක්‍රියාකාරම් ඔස්සේ අපට පැහැදිලි වුණා. ආහාර ගෙන අවසන් වූ පසු අප පැමිණියේ Ground Game Activities සිදු කරන්න.

 

Ground Game Activities

එතුළින් සිදුවන්නේ කණ්ඩායම් වශයෙන් බෙදී ඔවුන් දෙනු ලබන ඉලක්කවලට අනුව කටයුතු කිරීමයි. එහිදී කණ්ඩායම් නායකයෙකු පත්වන අතර ඔහුගේ අණට කීකරු වී එම ඉලක්ක සපුරා ගැනීමට කණ්ඩායම් හැඟීමෙන් යුතුව ක්‍රියා කළ යුතුයි. ඊට අමතරව ජීවිතය ජයගැනීමටත්, රැකියාවේ ඉදිරියට යාමටත් අවශ්‍ය උපදෙස් ඔවුන් දේශන පවත්වමින් විවිධ ක්‍රියාකරකම් ඔස්සේ ලබාදෙනවා.

 

Waterfall Abseiling Activities

2017-01-03-ent-02මේ සඳහා අපට ආදි මානවයා වාසය කළ කිතුල්ගල බෙලිලෙනට යන මාර්ග දිගේ වාහනයකින් ගමන් කිරීමට සිදුවුණා. ඉන්පසුව වාහනයෙන් බැසගත් අපි කිලෝමීටර් 02ක් පමණ දුර ගෙවාගෙන නැවත වරක කන්දක් තරණය කළා. කඳු තරණයෙන් පසුව අප පැමිණියේ නිහඬව ගලා හැලෙන සඳුන් ඇල්ලේ ඉහළ කොටස වෙතටයි. අපගේ මීළඟ ක්‍රියාකාරකම වූයේ අඩි 100ක් පමණ උසින් යුත් එම ඇල්ල දිගේ පහළට බැසීමය.

ඇල්ල ආරම්භක ස්ථානයේ සිට පහළ බැලූ විට එහි ඉමක් කොනක් පෙනෙන්නෙ නැහැ. නමුත් සියලු ක්‍රියාකාරකම් සහ බාධක බිඳගෙන ආ ගමන් මගේ අවසානය අත්හැර දැමීමට නොසිතූ නිසා අපි කඹය දිගේ පහළට ගමන් කළා. එය ආරම්භ කරන විට අධික බියක් දැනුණත්, තරමක් පහළට ගමන් කළ පසු පෙන පිඬු නංවා ගලා හැලෙන දිය දහරාවෙන් ඉසින පිණි බිඳු මෙන් ජල බිංඳු නිසා සහ හිස් අවකාශය තිබෙන සුළඟ අපව සිහින ලොවකට ගෙන ගියා. මෙතෙක් විඳි සියලුම ක්‍රියාකාරකම්වලට වඩා මෙය අපට ආස්වාදයක් ගෙන දුන්නා. දෙඅත් අතහැර වුවද සිටින්නට තරම් ආත්මශක්තියක අපට එහි භාග දුරක් ගමන් කරන විට ඇති වුණා.

ඉන් අපට කියා දෙන්නේ යම් දෙයකට හොඳින් ඇහුම්කන් දී ක්‍රියා කළ යුතු ආකාරය ගැනය. එමෙන්ම අපට ඇතිවන බිය පාලනය කරගැනීමටද මෙම ක්‍රියාකාරකම් වඩාත් උපයෝගි වෙනවා.

අපගේ ගමන එතැනින් නිමා කිරීමට සිදුවූයේ ඒ වනවිට රෑ බෝ වීමට ආසන්නව තිබූ නිසයි. නමුත් එහි යන සංචාරකයන්ට Camplire Night එකක් ගත කිරීමටද එහිදී අවස්ථාව උදාවෙනවා. එහිදී අත්දැකීම් රාශියක් ලබාගැනීමට සහ ගීත ගායනා කරමින් සතුටු වන්නට හැකියාව තිබෙන බව ඔවුන් අප සමග පැවසුවා.

මෙම ඉසව්වේ තිබෙන පරිසරය සහ ක්‍රියාකාරකම් තුළින් ලබාගත් අත්දැකීම් සහ වින්දනය වචනයෙන් හෝ ඡායාරූප මගින් එලෙසින්ම පාඨක ඔබවෙත ගෙන ඒමට නොහැකියි. එහිදී ඔබටත් එකී හැකි අත්දැකීම් සහ වින්දනය ලබාගැනීමට නම් ඔබද එහි යා යුතුමය. අවුරුදු 14 සිට ඉහළ වයස් කාණ්ඩවල (මහලු වයසේ පසුවන අය නොමැතිව) පසුවන අයට ගැහැනු පිරිමි භේදයකින් තොරව මෙම ක්‍රියාකාරකම්වල නියැළීමට හැකියාව තිබෙනවා.

ඔවුන් මෙම ක්‍රියාකාරකම් පැකේජ් 04කට වෙන්කර විවිධ ගාස්තු ක්‍රම යටතේ සංචාරකයන් සඳහා ලබාදෙනවා. මෙම පැකේජයන් ආරම්භ වන්නේ ආහාරපානද ඇතුළත්ව රු.2950 (එක් අයෙකුට) මුදලකටය.

කණ්ඩායමක් වශයෙන් එහි සංචාරයක නිරත වන්නේ නම් ඔබට අවශ්‍ය පරිදි ක්‍රියාකාරකම් ඇතුළත් කරගෙන පහසු මිල ගණන් යටතේ පැකේජයන් සදාගැනීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා 072-293 3086 / 072-293 3087 දුරකථන අංක ඇමතීමෙන් ඔබට ඔවුන්ව සම්බන්ධ කරගැනීමට පුළුවන්.

ඒ වගේම www.facebook.com/WILDFEAT යන ලිපිනයෙන් Facebook ඔස්සේ ඔවුන් පිළිබඳ වැඩිපුර තොරතුරු ලබාගැනීමට සහ දැනගැනීමට හැකියාව තිබෙනවා. මෙම ජල ක්‍රීඩා කරන ඉසව් පිහිටි ස්ථානයට ඉහළින් ඉදිකෙරෙන ජලවිදුලි බලාගාරයක් නිසා තවත් අවුරුදු තුනකින් පමණ එම ඉසව්වේ ජල ක්‍රීඩා කිරීමට නොහැකි තත්ත්වයක් උදාවීමට ඉඩ ඇති බැවින් ඊට පෙර ඔබත් එහි ගොස් ජීවිතය ජය ගැනීමට යම් පිටුවහලක් ලබාගන්න.

සටහන/ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර/රචින්ත ජයවර්ධන

 

2017-01-03-ent-01
2017-01-03-ent-03
2017-01-03-ent-04
2017-01-03-ent-06
2017-01-03-ent-07
2017-01-03-ent-12
2017-01-03-ent-18
2017-01-03-ent-17
2017-01-03-ent-16

1

 

related-ARTICAL

ත්‍රාසය අතරින් වින්දනය සොයා ගිය ගමනක්

 



අදහස් (0)

ත්‍රාසය අතරින් වින්දනය සොයා ගිය ගමනක් II

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1192 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2136 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 294 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 941 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9204 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3358 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 348 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site