IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


තිරිහන් සායනය උසාවි අණින් පිරික්සයි

කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියෙන් ලබා ගත් නියෝගයක් අනුව මාලබේ කේ ඒ පෙරේරා මාවතේ තිරිහන් කිරීමේ සායනය අද (07) කොළඹ අධිකරණ වෛද්‍යවරයා ඇතුළු කණ්ඩායමක් විසින් දැඩි සෝදිසියකට ලක් කැරිණි.

හෝටල නලඟනක වන කැලණියේ කතක (42) පියයුරු කුඩා කැර ගැනීමට ගියේ මෙම සායනයටය.සායනයේ වෛද්‍යවරයාගෙන් දෙපැයක් පුරා තොරතුරු විමසා ප්‍රකාශයක් ලබා ගත් බවත් ඔහු කියා ඇත්තේ ඉතිරි සැත්කම් ගාස්තුව වන ලක්ෂ එකහමාර මගහැරීමට තමාට එරෙහිව මෙම පැමිණිල්ල කැර ඇති බවයි.

හිරි වැටීමෙන් පසු කරන මෙවැනි  සැත්කමි මීට පෙර කැර ඇති බවත් කැලණීයේ කත තම උපදෙස් අනුව ක්‍රියා කැර නැති බවත් වෛද්‍යවරයා පවසා ඇත.

ඔහුගේ ශල්‍යාගාරය  ලියාපදිංචි කළ බව දැක්වෙන ලියැවිලි ඉදිරිපත් නොවු බව එහි ගිය පොලීසිය කියයි.

2009 දක්වා රජයේ රෝහලක සේවය කැර ඇති මේ දොස්තරගේ සායනයේ තිබි රජයේ මුද්‍රා සහිත බෙහෙත් වර්ග දෙකක් සමඟ බෙහෙත් වර්ග දහයක් වැඩි දුර පරීක්ෂණ සදහා පොලිස් බාරයට ගෙන ඇත

පැය දෙකහමාරක් පමණ ඔහුගේ සායනය පිරික්සීමට වෛද්‍ය තාක්ෂණ සැපයුම් අංශයේ වෛද්‍ය සී එස් හතුරුසිංහද එක් විය.

pizap.com14153621601003 pizap.com14153621837394 pizap.com14153622449396 pizap.com14153622688967 pizap.com14153622912898 pizap.com14153623232169 pizap.com141536234769710

 

 



අදහස් (0)

තිරිහන් සායනය උසාවි අණින් පිරික්සයි

ඉසුරන්දි Saturday, 08 November 2014 08:46 AM

අඩුම තරමේ එහෙම දැන්වීමක් පලවෙද්දීවත් බලධාරින් ඒ ගැන හොයල බලනවානම් මේ වෙන දුෂණ භීෂන අවම කරගන්න පුළුවන් කියලයි මගෙනම් හැගීම.(අ)

:       0       0

විද්‍යා Friday, 07 November 2014 03:31 PM

තිරිහන් වෙන්න ගිහින් තිරිසන් වෙලා වගේ. (හේ)

:       0       0

සේනක Friday, 07 November 2014 03:37 PM

නියමයි.(හේ)

:       0       0

ජොහාන් Saturday, 08 November 2014 09:45 AM

කාන්තාවෝ ලස්සනට ඉන්න කැමතියි ඉතින් එකට බැනලා වැඩක් නැහැ, කළ යුත්තේ මෙවැනි සේවා සපයන ස්ථාන නියාමනය කළ යුතුයි. (හේ)

:       0       0

රෂාන් Saturday, 08 November 2014 02:32 AM

ඔයාලා කවුරුවත් මේක්අප් කරන්නේ නැද්ද? ලිප්ස්ටික් ගාන්නේ නැද්ද? ඔය ලියන කවුරුවත් කවමදාවත් කොණ්ඩය පාට කරන්නේ නැද්ද? අනේ මගේ කට! (නි)

:       0       0

කිංස්ලි Friday, 07 November 2014 04:00 PM

මෙවැනි තවත් හොර තියෙනවා. එ්වත් වටළා දැඩි දඩුවම් පැමිණවිය යුතුයි.මේවට විධිමත් නීති නැහැ (නි)

:       0       0

සැම්සන් Friday, 07 November 2014 04:02 PM

කොච්චර කිවුවත් වැඩක් නැති හැටි? (නි)

:       0       0

ලක්මාල් Saturday, 08 November 2014 10:01 AM

මේක කුඩු කරලා දාන්න ඕනේ.(හේ)

:       0       0

සොබනිකා Saturday, 08 November 2014 03:19 AM

ගානවා ගානවා රෂාන්. ඒ වුණාට තාම ඇඟේ අවයව සමඟ සෙල්ලම් කරලා නම් නැහැ. (නි)

:       0       0

උපාලි Friday, 07 November 2014 04:38 PM

මාලි, පහුගිය කාලේ පරීක්ෂණයක් කර තහවුරු කරගෙන තිබුණා ජෙලිෆිෂ්ලට පුළුවන්ලු නැවත තමන්ගේ ජීවිතය කුඩාකාලයට ගෙනයන්න.මෙයාලට ඒ ක්‍රමය කියලා දුන්නා නම් හරි.මෝඩකමට තවම බෙහෙත් හොයාගෙන නැහැ. (නි)

:       0       0

රිචි බාලසුරිය Friday, 07 November 2014 05:04 PM

අනේ මේ ලංකාවේ ආච්චිලා ,නැන්දලා ,අම්මලා ‍මොන එ්‍කටද තිරිහන් වෙන්න යන්නේ? ඕවා නිසා තමයි ජීවිත පවා අහිමිවෙන්නේ (නි)

:       0       0

සරත් බණ්ඩාර Saturday, 08 November 2014 12:26 PM

ජොහාන් කවුරුත් ආසයි ලස්සනට ඉන්න , පළමු දෙය පිරිසිදුව සිටීම , ලස්සන වන්නට කෘතීම දේවල් කරන්න ඕනේ නෑ , අපේ රටේ ඉස්සර සිගිරි ලලනාවියන් ලස්සනට සිටියේ , රජවරුන් කුල්මත් කරමින් , ඔවුන් ඔය සැත්කම් හෝ කෘතීම දේවල් නොකර , (අ)

:       0       0

මොහාන් වර්ණකුලසුරිය ප්‍රනාන්දු Sunday, 09 November 2014 01:59 PM

තායිලන්තය වගේ රටවල මේ වගේ ශල්‍ය කර්ම රටේ ආර්තිකය හා සංචාරක කර්මාන්තය නගාසිටුවන්න යොදා ගන්නවා (නදී)

:       0       0

සේන Saturday, 08 November 2014 05:24 AM

ඇගේ වෘතිය අනුව මේ අත්‍යවශ්‍ය දෙයක් විය හැකිය. එහෙම නැතත්, යම් කෙනෙකුට තම රුපලාවන්ය සකස්කර ගැනීමට අවශ්‍ය නම් ඊට පහසුකම් සලස්වන්නන්ගේ සුදුසුකම් සහ ප්‍රමිතිය සොයා බැලීමට කාර්යක්ෂම කර්මවේදයක් තිබිය යුතුයි. (අ)

:       0       0

කරෝලිස් Friday, 07 November 2014 06:36 PM

පුදුම වැඩ තමයි අද ලංකාවෙත් වෙන්නේ! (නි)

:       0       0

ජයනි Friday, 07 November 2014 08:14 PM

තව අවුරුදු 2500 ක් ගියත් ලංකාවේ සමහර කාන්තාවන් පාඩම් ඉගෙනගන්නෙවත් හොර රූපලාවන්‍ය වෙද්දු නැතිවෙන්නෙවත් නැහැ. (නි)

:       0       0

සමන් Friday, 07 November 2014 01:38 PM

ලංකාවේ මෝඩ ගෑනු තවම හරියට මට්ටු වෙලා නෑනේ (නදී)

:       0       0

සරසි Friday, 07 November 2014 08:27 PM

මේ ලියන්නේ අපහාසයකින් නෙමෙයි. මේ කාන්තාවගේ රැකියාව අනුව පොත්පත් කියවා එදිනෙදා රුපවාහිනි ප්‍රවෘත්ති බලා හෝ පුවත්පත් වල තොරතුරු කියවා දැනුවත්වෙන පසුබිමක් ඇයට තිබේය කියලා හිතන්න අමාරුයි. එවැන්නකට ඇයට අවස්ථාවක් සැළසෙන්න නැතුව ඇති. මම හිතන්නේ නැහැ පසුගිය දවසක මෙවැනි අවදානම් ප්‍රතිකාරයකින් පසු මියගියකෙනා ගැනවත් දන්නවා ඇති කියලා. ඇගේ රැකියාව අනුව ඇයට තිබෙන එකම ලතැවිල්ල වයසට යාම නිසා අහිමිවන රූප සම්පත්තිය. එය රැකියාවටත් බලපාන බව දන්නවා. ඉතින් මෙවැනි තත්ත්වයක පසුවෙන කෙනෙක් මේ වගේ අමාරුවක වැටෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. (නි)

:       0       0

නිර්මල Friday, 07 November 2014 09:19 PM

මොනතරම් දැනුවත් කළත් ඇයි මිනිස්සු තේරුම්ගන්නේ නැත්තේ? (නි)

:       0       0

ටිරාන් Friday, 07 November 2014 09:19 PM

අනේ ඇත්තට! මෙහෙමත් සායන තියෙනවද? (නි)

:       0       0

උත්තරා බණ්ඩාර Saturday, 08 November 2014 03:30 PM

එ් ඉස්සර කවි පොත් වල අහල නැද්ද ? ඉස්සර සිටි අපගේ ගැහැනුන් වර්ණනා කරපු දේවල්, පුළුල් උකුල , සිසිවන උවන , සිහින් බඳ පෙදෙස , දිගු වරලස , නෙත් පිලිබඳ , අද ඒවා මුකුත් නෙහැ , ඒ ලදුන් කොහේ ගිහින්ද ? (අ)

:       0       0

මාලි Friday, 07 November 2014 02:30 PM

මේ දොස්තර දන්නෙ නැද්ද "ඒජ් එක" , "රිවර්ස්" කරන්න බැරි දෙයක් බව? (නි)

:       0       0

චන්ද්‍ර Friday, 07 November 2014 02:47 PM

මේ බොදු රටේ , බුද්ධාගමත් බොරුකරන්නද? හදන්නේ,.(හේ)

:       0       0

මහින්ද Friday, 07 November 2014 02:54 PM

මෙවැනි තවත් හොර තියෙනවා. එ්වත් වටලා දැඩි දඩුවම් පැමිණිය යුතුයි.(හේ)

:       0       0

නිලූක Saturday, 08 November 2014 12:03 AM

ඒ කියන්නේ මේක සායන මට්ටමින් පවත්වාගෙන ගිය එකක්? (නි)

:       0       0

නිමල් Saturday, 08 November 2014 12:30 AM

මේ කාන්තාවන්ට මොනතරම් කිවුවත් ලැජ්ජාවක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 202 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 95 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 658 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1488 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 202 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 97 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38404 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 883 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site