IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


තරු අම්මලාගේ තරු දියණියෝ

 

2016-06-24-ent-159

 

පසුගිය සති 3 තුළ අපේ අවධානය යොමු වූයේ තරු රංගන ශිල්පිනියන්ගේ තරු දියණියන් දෙසටය. මේ විශේෂාංග මාලාව නිමාකරලන්නට තෝරාගන්නේ ප්‍රවීණ ගායන ශිල්පිනියන්ගේ සහජ කුසලතාවන් වලින් සපිරි ප්‍රතිභාසම්පන්න දියණියන් කීපදෙනෙකුය.

 

2016-06-24-ent-165

ලතා වල්පොල - ධම්මිකා වල්පොල

අද සංගීත ක්ෂේත්‍රයේ තවමත් මුල්පෙළේ ගායිකාවක ලෙස වැජඹෙන කලාශූරී ලතා වල්පොලගේ දියණිය ධම්මිකා වල්පොල, තම මව මෙන්ම සිය ගායන හැකියාවන් ප්‍රකට කරයි.

ප්‍රවීණ සංගීත අධ්‍යක්‍ෂක මහින්ද බණ්ඩාර හා විවාහ වූ ධම්මිකා ගැයූ ජනප්‍රිය ගීත අතර "කවිකාරියේ සින්දු කියනා ළඳේ" (කීර්ති පැස්කුවල් සමඟ) තම මව සමඟ ගැයූ "රතු ගුරු පාරේ හැන්දෑවේ" හා "කුමරි සඳසර", හා තවත් ගීත වේ.


 

2016-06-24-ent-164නිර්මලා රණතුංග - සෙව්වන්දි රණතුංග

ප්‍රවීණ ගායිකා නිර්මලා රණතුංග ජනප්‍රිය කලා පවුලක සාමාජිකාවක් වන අතර ඇගේ සැමියාද අතිදක්‍ෂ සංගීතඥයකු වූ විජේරත්න රණතුංගය. ඔවුන්ගේ දියණිය සෙව්වන්දි රණතුංගට සංගීතය උරුම වූයේ මවුපිය උරුමයෙනි.

තම මව සමඟ ඇය ගැයූ"සිනා මල් ගොඩක්" අදටත් ජනප්‍රියව පවතී. "යන්න දෙන්න මට ඈතට","ඔබ පහන් තරුවක්", "සෙවණැල්ලක් වී" ඇතුළු ගීත රැසක් ගායනා කළාය.


 

2016-06-24-ent-163කුමාරි මුණසිංහ - මාධවී වත්සලා

රංගන ශිල්පිනියක හා ගායිකාවක ලෙස සිය දස්කම් දශක ගණනාවක් පුරා ප්‍රකට කර ඇති කුමාරි මුණසිංහ කලා ශිල්පිනිය, ඇගේ සැමියා සම්මානනීය රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී හා කලාළැදි දූදරුවන් රටට දායාද කර තිබෙනවා.

ඇගේ එකම දියණිය මාධවී වත්සලා ඇන්තනී කුඩා කාලයේදීම ස්වර්ණවාහිනියේ "හපන් පැදුර" හරහා සිය ගායන කුසලතාවන් රටටම පිළිබිඹු කළාය.

"ඇඩ්‍රස් නෑ" චිත්‍රපටය තුළින් හා ටෙලිනාට්‍ය කීපයක් තුළින් සිය රංගන හැකියාවන් ප්‍රකට කළ මාධවී ගායනය හා නිවේදන කටයුතුවලද නියැලෙමින් සිටී.


 

චන්ද්‍රලේඛා පෙරේරා - රයිනි චාරැකා2016-06-24-ent-161

ශ්‍රී ලාංකික සංගීත කෂේත්‍රයේ ‍නොමැකෙන නාමයක් සටහන් කර ඇති චන්ද්‍රලේඛා පෙරේරාගේ ගීත එදා මෙන්ම අදත්, අද මෙන්ම හෙටත් රසික හදවත් ආදරෙන් වැළඳ ගනු ඇත.

ඇගේ හා රෑකාන්තගේ දියණිය රයිනි චාරැකා වර්තමාන සංගීත ලොවේ ජනප්‍රිය තරැවකි. චංචල දෑසේ මා, මගේ ආදරේ, නීල කඳුගැටේ තුළින් සංගීත ලෝලීන්ගේ හදවත් පැහැර ගැනීමට රයිනි චාරැකාට හැකියාව ලැබී තිබේ.


 

චරිතා ප්‍රියදර්ශනී - ශාරන්‍යා ජයකොඩි

2016-06-24-ent-162විශිෂ්ට ගායිකාවක ලෙස හෙළ කලාකෙත පෝෂණයෙහිලා නොමසුරැ දායකත්වයක් ලබාදී තිබෙන විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් හා විශාරද එඩ්වඩ් ජයකොඩිගේ එකම දියණිය ශාරන්‍යා ජයකොඩිය.

මව්පියන්ගෙන් ලද උරැමය හා ආභාෂය හේතුවෙන් ශාරනයා කුඩා කල පටන්ම කලාවට ළෙන්ගතු වූවාය. ගායනයට මෙන්ම රංගනයටද යොමු වූ ශාරන්‍යා පසුගිය නත්තල් සමයේ ගීතය කා අතරත් කතාබහට ලක්වූවකි.

"සාදුකාර ගම පුරා" හා තම පියා සමඟ "සුළඟක් වී" ගීතය වර්තමානයේදී ගායනා කරන ශාරන්‍යා අනාගතයේදී ප්‍රතිභාපූර්ණ ගායන තරැවක් බවට පත්වීමේ ඉඟි පළකරමින් සිටී.


 

2016-06-24-ent-166සමිතා මුදුන්කොටුව - කාවින්ද්‍යා අධිකාරි

ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කොටුවගේ දියණිය කාවින්ද්‍යා අධිකාරි, තම මවගේ මෙන්ම පියා අතුල අධිකාරිගේ උරැමයෙන් සංගීත ලෝකයේ විශාල මෙහෙවරක් කිරීමේ පෙරනිමිති මේ වනවිට පළකරමින් සිටී.

පෙම් හීන මල් පිපෙන, අද හවසට, හංගාගෙන හිටියා වැහි ගීත ගයමින් ඇගේ ගායන කුසලතාවන් ප්‍රකට කළ ඇය මේ දිනවල විකාශය වන "සල්සපු නා" ජනප්‍රිය ටෙලිනාට්‍යයේ "ඉගිල්ලී යයි කුරැල්ලෝ" තේමා ගීත හරහා ප්‍රේක්‍ෂක හදවත් දසදහස් ගණනාවකගේ හදවත් ආදරය දිනාගෙන සිටින්නීය.


 

2016-06-24-ent-160චන්ද්‍රා වීරසිංහ - සංජීවනී වීරසිංහ

දශක ගණනාවකට පෙර සරල ගීත මෙන් චිත්‍රපට පසුබිම් ගීත රුසක් ගායනා කරමින් සංගීත රසකාමීන් මුසපත් කළ චන්ද්‍රා වීරසිංහගේ දියණිය සංජීවනී වීරසිංහ, ගායනයට මෙන්ම රංගනයටද දස්කම් පළකර තිබෙනවා.

ලස්සන මගෙ සිත, ආදරේ සොයලා, දිවා රූ මෙන්ම පිළිතුරැ ගීත රුසක් ගායනා කරමින් සිය ප්‍රතිභාවන් පිළිබිඹු කළාය. ජනප්‍රිය ටෙලිනාට්‍ය රුසක රංගනයෙන් දායක වූ සංජීවනී අතිදක්‍ෂ චරිතාංග නිළියක ලෙස නමක් දිනා සිටින්නීය. 

 

රමේෂ් උවයිස්

 

DESHAYA

 

 

2016-06-19-ent-200

පද්මිණි දහනායක - රංගනා ආරියදාස

2016-06-19-ent-203මෙරට සිනමාවේ ප්‍රථම කාන්තා නර්තන අධ්‍යක්‍ෂකවරිය ලෙස නමක් දිනා සිටින ප්‍රවීණ නර්තන ශිල්පිනී හා නර්තනාචාර්ය පද්මිණී දහනායක තවමත් තම වෘත්තියෙහි නියැලී සිටින්නීය. කලක් මෙරට අග්‍රමාත්‍රවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය ඩබ්. දහනායක මහතාගේ මිණිපිරියක වූ පද්මිණී, මුල් වරට "සැඩ සුළං" චිත්‍රපටයේ ළමා නර්තන දර්ශනයකට සහභාගි වූයේ "ජීවන මේ ගමන සංසාරේ" ගීතය සඳහාය.

එදා මෙදා තුර චිත්‍රපට කිහිපයක නර්තනයෙන් හා රංගනයන් දායක වූ ඇය චිත්‍රපට නර්තන අධ්‍යක්‍ෂකවරියක් ලෙස කැපී පෙනෙන කාර්ය භාර්යක් ඉටු කළාය. ඇගේ දියණිය රංගනා ආරියදාස තම මවගේ අඩි පාරේ යමින් නර්තනය තම ජීවිතය කරගෙන ඇත. වයස අවුරුදු 3දී පමණ ඇය සිය මවගේ නැටුම් පන්තියට ඇවිත් සිදුවන දෑ ගැන විමසිලිවන්නට වූවාය. රංගනා සිය මුල්ම නර්තන අංගය ඉදිරිපත් කළේ "අනෝතජ්ත විල" ගීතයටය.

ඒ වන විට ඇගේ වයස අවුරුදු 4 ½ කි. දැනට නර්තනය පිළිබඳව විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක ලෙස කටයුතු කරන රංගනාද, කුඩා කල චිත්‍රපටවල රංගනයෙන් හා නර්තනයෙන් දායක වී තිබේ. ඇය ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියා පාකිස්ථාන හා බංගලාදේශ් චිත්‍රපට කිහිපයකටද රංගනයෙන් දායකවී ඇත.


 

මායා දමයන්ති - කුෂාණි සඳරේඛා

2016-06-19-ent-204පුරහඳ ලෙස ඔබ සමකළ, දෑස වසා සිටියා, කුරැල්ලෝ ඔබේ තාලෙන්... ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ගායනා කරමින් සංගීත රසකාමීන් මුසපත් කළ ප්‍රවීණ ගායන ශිල්පිනී මායා දමයන්ති පෙරේරා, මුලින්ම අධ්‍යපනය ලැබුවේ බදුල්ල බාලිකා විදුහලෙන් හා මොණරාගල මහානාම විදුහලෙන්ය. ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සරසවියේ සංගීත විශාරදවරියක ලෙස සමත්වූ මායා, ගුවන් විදුලි සංස්ථාවේ A ශ්‍රේණියේ ගායිකාවකි.

වික්ටර් විජයන්ත ගායනාවේදියා හා විවාහ වූ මායා, සිංහල චිත්‍රපටය 166 කට පසුබිම් ගායනයෙන් දායක වී තිබීම සුවිශේෂී සාධනයකි. මායා, සම්මානනීය රංගන ශිල්පිනී අනෝජා වීරසිංහගේ සොයුරියකි. ඇගේ දියණිය කුෂාණි සඳරේඛා නර්තනයෙන්, ගායනයෙන් මෙන්ම රංගනයෙන්ද දස්කම් පානා දක්‍ෂ කලා ශිල්පිනියකි. සිරස ඩාන්සිං ස්ටාර් රියැලිටි වැඩ සටහන තුළින් තම රංගන ප්‍රතිභාවන් ප්‍රකට කළ කුෂාණි, ස්වතන්ත්‍ර ගීත රැසක් තුළින්ද රසික හදවත් පැහැරගෙන ඇත.

"ඇයි මා තනි කෙරුවේ, "මටම මම", මලකැයි කියා, "දිවුරා කියන්නලු" වැනි ගීත රැසක් ගායනා කළ කුෂාණි, මෑතකදී පැවැති "BLACK, RED WHITE" නමැති ඇගේ ඒක පුද්ගල ප්‍රසංගෙය්දී සිය සුවිශේෂී ගායන හා නර්තන හැකියාවන් පිළිබිඹු කළාය.


 

මල්කාන්ති නන්දසිරි - අනුරාධා නන්දසිරි

2016-06-19-ent-205කලා ශිල්පීන් රුසක් බිහිකළ පවුලක වැඩිමලා ලෙස දොරට වැඩි මල්කාන්ති නන්දසිරි ප්‍රවීණ ගායන ශිල්පිනියගේ ගීත අදටත් අසන්නන් ප්‍රිය කරති. බඹරැ නොදුටු මලක්, හිච්චි නඟේ, නෙත ගිය හැම තැන, බුදු හාමුදුරැවො වැනි ජනප්‍රිය ගීත රුසක් ගායනා කළ මල්කාන්ති ගුවන්විදුලියේ A ශ්‍රේණියේ ගායිකාවකි.

ඇගේ එකම දියණිය අනුරාධා නන්දසිරි සිය මව්පියන්ගේ අඩි පාරේ යමින් ගායනය මෙන් සංගීතය ඉගැන්වීමේ කටයුතුවලද නිරත වන්නීය. "දූ අනුරාධා" ගීතය එදා සනත් නන්දසිරියන් ගායනා කළේ විශාරද අනුරාධා නන්දසිරි වෙනුවෙන්ය.

"ආදරය වැහිරෙන", "දුක හිතෙන වෙලාවක්", "ඔබෙන් උගත් දේ", "සාගරය රල පවා", "සිතා සිටියෙමි දකින තුරැ ඔබ".... වැනි ගීත රුසක් ගායනා කළ අනුරාධා සිය සංගීත අධ්‍යාපන නිකේතනය තුළින් සිසු සිසුවියන් බොහෝ දෙනකුට සංගීත ඥානය ලබා දෙන්නීය.


 

චාන්දනී හෙට්ටිආරච්චි - ජැකලීන් හෙට්ටිආරච්චි

2016-06-19-ent-206වසර 20කට අධික කාලයක් මුළුල්ලේ කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ මෙන්ම වේග රිද්ම ගායනයට උපන් හපන්කම් දක්වන ජනප්‍රිය ගායන ශිල්පිනී චාන්දනී හෙට්ටිආරච්චි මේ වන විට ගීත ඇල්බම් කීපයක් හා ගීත රුසක් ගායනා කර ඇත.

ලස්සන සමනළයෝ, විලාසිතා මන බඳිනා, ලස්සන ශ්‍රී ලංකා, මේ සැන්දෑ යාමයේ, මා ඔබේ නමින් පිදුව ආදරේ, පාවෙන්න ආනන්දයේ, රන් කිරිල්ලිය සේ, මල් පිබිදෙන යාමේ, ලස්සන සොඳුරැ මිහිරි ඇතුළු ගීත රුසක් ගායනා කළ චාන්දනී, ඇගේ "C+C" සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායිකාව ලෙස කටයුතු කරයි. 1994දී බ්‍රිතාන්‍යයේ සුප්‍රකට ඇල්බට් ශාලාවේ ගී ගැයූ ප්‍රථම ශ්‍රී ලාංකික ගායිකාව ලෙස චාන්දනී හෙට්ටිආරච්චිගේ නාමය ඉතිහාස ගත වී ඇත.

තරැ පහේ හෝටල් රුසක ප්‍රසංග පවත්වන ඇය, සිය දියණිය වන ජැක්ලීන් හෙට්ටිආරච්චි සමඟ ගී රුසක් ගායනා කරයි. තම මව මෙන් බටහිර ගීත ගායනයේද දස්කම් දක්වන ජැක්ලීන්, සිංහල ගීත කීපයක්ද මේ වන විට මුදාහැර ඇත.

වැල්ලවත්ත සාන්ත ලෝරන්ස් විදුහලේ අධ්‍යාපනය ලැබූ ජැක්ලීන් "අම්මා", "සිහිනෙන් වගේ", "වැහිබර අහසට" වැනි ගීත තුළින් සිංහල ගීත ශ්‍රාවකයින් අතර ජනප්‍රිය වී තිබෙනවා.

 

රමේෂ් උවයිස්

DESHAYA

 

 

2016-06-19-ent-201

සුසන්තා චන්ද්‍රමාලී - තිසුරි යුවනිකා

2016-06-10-ent-143

වලස්මුල්ල ඉපිද, මාතලේ යොවුන්පුර උළෙලේ  "යොවුන් කුමරිය" ලෙස අභිෂේක ලද සුසන්තා චන්ද්‍රමාලී රංගන ශිල්පිනියක ලෙස දොරට වැඩියේ "රන්මසු උයන" ටෙලි නිර්මාණය හරහාය.

එදා මෙදා තුර ටෙලි නාට්‍ය රුසක විවිධ භූමිකාවන් නිරූපණය කළ සුසන්තා, සරෝජා සහ සුදු සෙවණැලි චිත්‍රපටවලද රඟපෑවාය. චාරුලතා, ඉරබටු තරුවක්, මවකගේ ගීතය, බිඳෙන බැඳුම, කන්දෙගෙදර, ගංඟා සහ නිශ්ශංක, සුජාතා වැනි ජනප්‍රිය ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වූ සුසන්තා කෙටි කලක් දේශපාලනයට සම්බන්ධව සිටියාය. ඇගේ දියණිය, නව පරපුරේ යොවුන් නිළියක වන තිසුරි යුවනිකාය.

රංගනය සඳහා සම්මානයට පවා පාත්‍රවූ තිසුරි මුලින්ම රඟපෑවේ &ඊශ්වර සතී* ටෙලි නාට්‍යයේ ඇගේ සැබෑ මවගේම දරුවෙකුගේ චරිතයයි. ඉන් අනතුරුව ඇහිපිල්ලමක් යට, දේවි, සවීණා, ගුවන් පලස, දියණියෝ ටෙලි නාට්‍යවල රඟපෑ තිසුරි ඉදිරියේදී "ධර්ම යුද්ධය" චිත්‍රපටය හරහා ඔබ හමුවට එනු ඇත.


 

2016-06-10-ent-144චන්ද්‍රා කළුආරච්චි - අමා විජේසේකර

වේදිකා නිළියක ලෙස ප්‍රකටව සිටි සම්මානනීය රංගන ශිල්පිනි චන්ද්‍රා කළුආරච්චි බක්මහ දීගේ, වහලක් නැති ගෙයක්, අම්මයි අප්පයි, ඉබිකට්ට, රට බාරයි නුඹට පුතේ, හුණුවටයේ කතාව, මායාදේවී වැනි නාට්‍ය රැසක කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කළාය.

ජී.ඩී.එල්. පෙරේරාගේ දහසක් සිතුවිලි චිත්‍රපටය හරහා සිනමා ලොවට අවතීර්ණවු චන්ද්‍රා බක්මහා දීගේ, ලක්සෙට කොඩිය, සිදාදියෙන් හයක්, තුංමං හන්දිය, වැලිකතර, නිධානය, පවුරු වළලු, හත්දින්නත් තරු, මාතර ආච්චි, තරංගා, සිහසුන, සෙලීනාගේ වලව්ව, පාරදිගේ වැනි චිත්‍රපට රැසක ඇය චරිතාංග නිළියක ලෙස තව ප්‍රතිභාවන් ප්‍රකට කළාය. මෙරට නිර්මාණය වූ මුල්ම ටෙලි නාට්‍ය වූ "දිමුතු මුතු"හි පටන් ටෙලි නිර්මාණ රැසකද රංගනයෙන් දායක් වූ චන්ද්‍රා විවාහවූයේ ප්‍රවීණ සංගීතඥ ලක්ෂ්මන් විජේසේකර සමඟින්ය.

ඇගේ දියණිය අමා විජේසේකර මිලාගිරිය ශාන්ත පාවුළු විදුහලේ අධ්‍යාපනය ලබන කාලයේදීම කලා හැකියාවන් ප්‍රකට කළාය. ගැහැනු ළමයි, විලම්භීත, පස්සෙ ගෙනා මනමාලි, නිසල විල වැනි ටෙලි නාට්‍යවල රඟපෑ අමා, ලොකු දුව, දුවට මවක මිස, ඉරුස්මා සහ මේ දිනවල සාර්ථකව තිරගතවන "පත්තිනි" චිත්‍රපටයටද රංගනයෙන් දායක වී තිබේ. වේදිකා නාට්‍ය කිහිපයකද අමා සිය හැකියාවන් පිළිබිඹු කර ඇත.


 

2016-06-10-ent-145අනෝජා වීරසිංහ - දිල්කි වීරසිංහ

ජාත්‍යන්තර සම්මානයට පවා පාත්‍ර වී සිටින ප්‍රවීණ රංගන ශිල්පී අනෝජා වීරසිංහ මුලින්ම සිනමාවට එක්වන්නේ "ටක් ටික් ටුක්" චිත්‍රපටයේ ගීතමය ජවනිකාවක් තුළින්ය.

එතැන් පටන් මොණරතැන්න, සාරංගා, කැලෑමල්, මැණික් මාලිගා, හිතවතිය, බට්ටි, අරලිය මල්, ඔබට දිව්රා කියන්නම්, පෙරළිකාරයෝ, මල්දෙනියේ සිමියොන්, ජනේලය, ඔබට රහසක් කියන්නම්, සිරි මැදුර, කෙළි මඬල, පුර සක්මන, සෙයිලම ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වූ අනෝජා අද වන විටත් වේදිකාව හා සම්බන්ධව කටයුතු කරයි. රංගන පුහුණුව කෙරෙහිද අවධානය යොමු කරන ඇය සම්මාන රැසකට හිමිකම් කියයි.

ඇගේ දියණිය දිල්කී වීරසිංහ රංගන ශිල්පිනියක ලෙස "ජුලියය්ගේ භූමිකාව" තුළින් තම ප්‍රතිභාවන් ප්‍රකට කළ අතර ඇය වඩාත් නැඹුරු වූයේ මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයටය. විවාහයෙන් පසු ඇය කලා ලෝකයෙන් තරමක් ඈත්ව සිටී.


 

2016-06-10-ent-146ඩිලානි අබේවර්ධන - කවීෂා කාවින්දි

90 දශකයේ සිංහල සිනමාවේ ජනප්‍රිය තරුවක් ලෙස කිරුළු පලන් ඩිලානි අබේවර්ධන නුගේගොඩ අනුලා විදුහලේ අධ්‍යාපනය ලැබුවාය. 1988 දී සටන චිත්‍රපටයෙන් ඇරඹුණු ඇගේ රංගන දිවිය විචිත්‍රවත් එකක් විය.

හිත හොඳ පුතෙක්, රජ සෙල්ලම්, සිංහයන්ගෙන් සිංහයා, හලෝමයි ඩාලිං, පිස්සු පූසෝ, කෙළිමඬල, සයනයේ සිහිනය, සුජාතා, සෙයිලම, තුන්වෙනි ඇහැ, ඉන්ද්‍රකීලය වැනි චිත්‍රපට තුළින් ඇගේ විවිධ රංගන ප්‍රතිභාවන් ඉස්මතු විය.

ඇය සම්මානයටද පාත්‍ර වූවාය. සකිසඳ එළියස්, සකිසඳ පබිලිස්, සෙනුරි වැනි ටෙලි නාට්‍යවලද රඟපෑ ඩිලානි, ගායක සමන් පුෂ්පවර්ණ (මල්කා) සමඟ විවාහ වූවාය. ඩිලානි, මල්කා ඇතුළු පවුලේ සාමාජිකයින් වසර 12කට පමණ පෙර අමෙරිකාවේ පදිංචිය සඳහා ගියහ.

ඇගේ දියණි කවීෂා කාවින්දි පසුගිය වසරේ "මන්දාරම් අඳුරේ"නම් ආනන්ද පද්මසිරි විසින් රචිත ගීතය ගායනා කරමින් කලා ක්ෂේත්‍රයට පා තැබුවාය. ඉන් අනතුරුව ඇය ලාල් වීරසිංහ අධ්‍යක්ෂණය කළ "සිංගා මචං චාලී" චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව නිරූපණය කරමින් සිනමා ලොවටද අවතීර්ණ වූවාය.


 

චිත්‍රා වරකාගොඩ - වින්ධ්‍යා වරකාගොඩ2016-06-10-ent-147

1963 වසරේදී හෙන්රී ජයසේනගේ "කුවේණි" වේදිකා නාට්‍ය තුළින් කලා ලොවට පිවිසි චිත්‍රා වරකාගොඩ, මන රංජන වැඩ වර්ජන, හුණුවටයේ කථාව, තවත් උදෑසනක්, අපට පුතේ මඟක් නැතේ, රන් කඳ ඇතුළු වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූවාය. යුවතිපති, තීර්ථ යාත්‍රා, වෑකන්දේ වලව්ව, පත්තිනී ඇතුළු චිත්‍රපට රැසක හා ටෙලි නාට්‍යවලද සිය රංගන ප්‍රතිභාවන් ප්‍රකට කළ ඇය ප්‍රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ සමඟ විවාහ වූවාය. ඇගේ එකම දියණිය වින්ධ්‍යා වරකාගොඩ කුඩා කල සුළු චරිත රඟපෑවද, ඇය අද ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රියත්වයට පත්ව සිටින්නේ දක්ෂ නර්තන ශිල්පිනියක් ලෙසය. කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සිප් සතර හැදෑරු, වින්ද්‍යා කුඩා කාලයේදීම චන්න-උපුලි නර්තනයට කණ්ඩායම බැඳුනාය. එම කණ්ඩායමේ ජනප්‍රියතම නර්තන තරුවක් වූ ඇය කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් නර්තන ශ්‍රාස්ත්‍රපති උපාධියක්ද ලබා ඇත.

 

රමේෂ් උවයිස් 

DESHAYA

 

 

2016-06-19-ent-202

 

ලෝකයේ සෑම රටකම වගේ මාපියන්ගේ උරුමයෙන් විවිධ ක්‍ෂේත්‍රවලට අවතීර්ණ වන දරුවො, කාලයාගේ ඇවෑමෙන් ඒ ඒ ක්‍ෂේත්‍රවල තම සහජ කුසලතාවන් පිළිබිඹු කරමින් ජනප්‍රියත්වයට පත් වෙනවා. අද අප විමසා බලන්නේ අපේම රටේ කලා ක්‍ෂේත්‍රයේ ප්‍රවීණ තරු අම්මලාගේ ජනප්‍රිය තරු දෝණිවරුන් ගැනය.

 

2016-06-03-ent-233

රෝහිණී ජයකොඩි - වීණා ජයකොඩි

රෝහිණී ජයකොඩි 50 දශකයේ ජනප්‍රිය රංගන ශිල්පිණියකි. අහංකාර ස්ත්‍රී, සුරතලී, සූරයා, සූරසේන, දෙයියන්ගෙ රටේ, වණ්මෝහිණී, සූර චෞරයා ඇතුළු චිත්‍රපට රුසක රංගනයෙන් දායක වූ රෝහිණී, හැංගි හොරා සහ චණ්ඩි සිරියා චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළාය. ඇගේ දියණිය වීණා ජයකොඩි රංගනයට පිවිසියේ ඉතාම ලාබාල ළදරු අවදියේදීය. අහංකාර ස්ත්‍රී චිත්‍රපටයේ රවීන්ද්‍ර රූපසේනගේ ළදරු අවදිය නිරූපණය කළ වීණා පසුකලෙක සිංහල සිනමාවේ ජනප්‍රියතම තරුවක් හා සම්මානනීය චරිතාංග නිළියක් ලෙස ප්‍රේක්‍ෂක ජනාදරයට පත්වූවාය.

 


2016-06-03-ent-235තලතා ගුණසේකර - නදීකා ගුණසේකර

1963 වසරේදී "අදට වැඩිය හෙට හොඳයි" චිත්‍රපටය තුළින් සිනමා රංගනයට පිවිසි තලතා ගුණසේකර, සැමියා බිරිඳගෙ දෙවියාය, පටාචාරා, සැපත සොයා, රූන ගිරව්, ඔක්කොම හරි, සූර චෞරයා, ගොළු හදවත, පාරාවළලු, ආත්ම පූජා, කස්තුරි සුවඳ, මේ දෑස් කුමටද, නිධානය, අහසින් පොළොවට, අපේක්‍ෂා, සක්විති සුවය, මල්දෙණියෙ සිමියොන්, කෙළි මඩල වැනි චිත්‍රපටවල තම රංගන කුසලතාවන් ප්‍රකට කළේ, ගුරු වෘත්තියේද නියැලෙමින්ය. ඇගේ දියණිය නදීකා ගුණසේකර 80 දශකයේ සිනමාවට පාතබන්නේ කාන්චනා චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවට පණ පොවමින්ය.

ඉන් අනතුරුව නදීකා, බැද්දෙගම, වජිරා, චංචල රේඛා, අහිංසා, යහළු යෙහෙළි, බට්ටි, වත්සලා අක්කා, චායා, යසස, යසෝමා, වැනි චිත්‍රපට තුළින්ද නිරූපමාලා, හිමි අහිමි වැනි ටෙලි නාට්‍ය තුළින්ද ප්‍රේක්‍ෂකයන්ගේ අසීමිත ආදරයට පාත්‍ර වූවාය.

 


ශ්‍රීයානි අමරසේන - ඉනෝකා අමරසේන

2016-06-03-ent-236ළමා ගීත නාටක හරහා කලා ලොවට පිවිසි ශ්‍රියානි අමරසේන 1961දී දයානන්ද ගුණවර්ධනයන්ගේ "නරිබෑනා" වේදිකා නාට්‍යයේ ගමදුව ලෙස රංගන දිවිය ඇරඹුවාය. කුස පබාවතී. වෙස් මුහුණු වැනි වේදිකා නාට්‍ය තුළින්ද තම ප්‍රතිභාවන් ප්‍රකට කළ ශ්‍රීයානි 1968දී ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස්ගේ "ගොලු හදවත" චිත්‍රපටය තුළින් සිනමා. ලොවට අවතීරණ වූවාය.

එතැන් පටන් ඇය සිංහල සිනමාවට නැතුව බැරි තරුවක් ලෙස බැබළුණාය. පේනවනේද, හතරදෙනාම සූරයෝ, සිහසුන, දෑස නිසා, කල්‍යාණි ගංගා, හිතුවොත් හිතුවාමයි, හිත මිතුරා, රත්තරන් අම්මා, රන් තිලකා, ආශා දෑසින්, අහසින් පොළොවට, රිදී තැල්ල, විරාගය, කුලගෙය, දුවට මවක මිස වැනි චිත්‍රපට රැසක් හරහා ප්‍රේක්‍ෂක හමුවට පැමිණි ඇය සම්මාන රැසකින්ද පිදුම් ලැබූවාය.

ඉනෝකා ගැහැනු ළමයි, විරාගය, ක්‍රිස්තු චරිතය, වත්සලා අක්කා වැනි චිත්‍රපටවල රඟපෑවද, පසු කලෙක රංගන දිවියට ආයුබෝවන් කීවාය.

 


සෝමලතා සුබසිංහ - කෞෂල්‍යා ප්‍රනාන්දු 

2016-06-03-ent-234ලාංකේය නාට්‍ය ක්‍ෂේත්‍රයට සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ සෝමලතා සුබසිංහ ප්‍රවීණ කලා ශිල්පිණිය 60 දශකයේ මූදුපුත්තු, ලියතඹරා, චෙරි උයන වැනි වේදිකා නාට්‍යවල සංකීර්ණ භූමිකාවන් හරහා තම ප්‍රතිභාවන් ප්‍රකට කළාය.

1973 දී දහකින් එකක් තුළින් සිනමා රංගනයට පිවිසි සෝමලතා සුබසිංහ, මඩොල්දූව, සිරිබෝ අයියා, මහගෙදර, අරුණට පෙර, විරාගය, ගුරු ගෙදර වැනි චිත්‍රපටවල සුවිශේෂී භූමිකාවන් නිරූපණය කළාය. ගම්පෙරළිය, ඇල්ල ළඟ ඇය රංගනයෙන් දායකවූවාය.

ඇගේ දියණිය කෞෂල්‍යා ප්‍රනාන්දු කුසලතා පූර්ණ රංගන ශිල්පිණියකි, නාට්‍යවේදිනියකි. විකෘති, කතන්දර දෙකක්, පුන්තිලා, මරාසාද්, ධවල භීෂණ, මානස විල, වැනි නිර්මාණවල රජගනයෙන් දායක වූ කෞෂල්‍යා මේ මගේ සඳයි, සුළඟ එදා පිණිස, බොරදිය පොකුණ, ආකාස කුසුම්, ඉර හඳයට වැනි චිත්‍රපටවලද දුන්හිඳ අද්දර, ඉසුරු ගිර, සෙදෝනා වැනි ටෙලි නාට්‍යවලදී ඇය රංගන කුසලතාවන් ප්‍රකට කළාය.

 



2016-06-03-ent-237ගර්ලි ගුණවර්ධන - සබීතා පෙරේරා

ගල්කිස්සේ උපන් ගර්ලි ගුණවර්ධන මුලින්ම චිත්‍රපට රංගනයට යොමුවන්නේ ප්‍රේම තරගය සිනමා පටයේ නැටුම් දර්ශනයකට සහභාගී වීමෙන්ය. ඉන් අනතුරුව සරදියෙල්, දුප්පතාගේ දුක, පුදුම ලේලි, චණ්ඩාලි, ගංතෙර, සසරක හැටි, හතර පෙරළිය, දෙවෙනි ගමන වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වූවාය.

ඇය විවාහ වූයේ ජනප්‍රිය නළුවකු වූ ස්ටැන්ලි පෙරේරා සමඟය. ජේ. සෙල්වරත්නම්ගේ "සබීතා" චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි සබීතා, දෙවැනි ගමන, අරලිය මල්, සිසිල ගිනි ගනී, සුජාත, විරාගය, මමයි රජා, අබා, නොම්මර 17, ඇඩ්‍රස් නෑ වැනි නිර්මාණ හරහා සිය දක්‍ෂතා පිළිඹිබු කළාය. ශ්‍රී ලංකාවේදී මෙන්ම පාකිස්තානයේද ජනප්‍රිය නිළියට හිමි සම්මානයට බඳුන් වූ සබීතා ඇසළ කළුවර, අකාල සන්ධ්‍යා, පිටගම්කාරයෝ වැනි ටෙලි නාට්‍ය වලද රංගනයෙන් දායක වූවාය.

 


ගීතා කාන්ති ජයකොඩි - පබෝධා සංදීපනී 

2016-06-03-ent-238ගුවන්විදුලි ළමාපටයෙන් කලා ක්‍ෂේත්‍රයට පා තැබූ  ගීතා කාන්ති ජයකොඩි, 1978 දී ආර්.ආර්. සමරකෝන්ගේ "කැලණි පාලම"තුළින් අතිශය ජනප්‍රියත්වයට පත්වූවාය.

මායාදේවී, අහසින් වැටුණු මිනිස්සු වැනි වේදිකා නාට්‍ය හරහා තම රංගන කුසලතාවන් ප්‍රකට කළ ගීතා, වජිරා, එක මවකගෙ දරුවෝ, යශෝරාවය, ස්නේහා, කළු හංසයෝ ඇතුළු ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසක රංගනයෙන් දායක වූවාය. රිදී නිම්නය, පූජා, පෙම් රජ දහන, දොරකඩ මාරාව, පරාවර්තන වැනි චිත්‍රපට වලද ඇය සුවිශේෂී චරිත නිරූපණය කළාය.

ඇගේ දියණිය පබෝධා සංදීපනී, ටයිටස් තොටවත්තයන්ගේ ආරාධනයෙන් "ඔෂින්"ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය සඳහා හඬකැවූ අතර ඇය යශෝරාවය, සිහින තොටුපළ, තරු පබා, දියණියෝ ඇතුළු ටෙලිනාට්‍ය රැසක රංගනයෙන් දායක වූවාය.

 

රමේෂ් උවයිස් 

 

DESHAYA

 
 



අදහස් (0)

තරු අම්මලාගේ තරු දියණියෝ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 0 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 369 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 858 2

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 787 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 136 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 821 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38854 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25497 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site