IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


තරු තාත්තලාගේ තරු දියණියෝ

 

2016-07-24-ent-30

 

සනෝජා බිබිලේ

2016-07-24-ent-311952 දී බී.ඒ.ඩබ්. ජයමාන්නගේ "උමතු විශ්වාසය" චිත්‍රපටයේ රංගන ශිල්පියකු ලෙස සිනමාවට අවතීර්ණ වූ මහනුවර උපන් සුමිත් බිබිලේ, සිරිසේන විමලවීරගේ "අසෝකා" හා සෙනෙහස චිත්‍රපට තුළින් ද ජනප්‍රියත්වයට පත් විය.

ඔහුගේ දියණිය සනේජා බිබිලේ සිනමා ශිල්පිනියක ලෙස මංගල පියවර තබන්නේ "ජය ශ්‍රී මංගලම්" චිත්‍රපටය හරහාය. එහෙත් එම චිත්‍රපටය ප්‍රදර්ශනය වූයේ නැත. ඉන් අනතුරැව ඇය රඟපෑවේ "මංගල තෑග්ග" චිත්‍රපටයේය. එතැන් පටන් සනෝජා චිත්‍රපට රුසකට රංගනයෙන් දායක වූවාය.

1985 දී MISS WORKING GIRL තරගයෙන් දෙවැනි ස්ථානය හිමිකරගත් සනෝජා MISS SRI LANKA තරගයේදී මුල් තැන දිනා ගත්තාය.

සනෝජා රඟපෑ චිත්‍රපට අතර සහරාවේ සිහිනය, අවරගිර, ජය කොතැනද, ඡායා මායා, පාර්ලිමන්ට් ජෝක්ස්, කිණිහිරියා මල්, දෙමෝදර පාලම, අලුයට ගිනි, සුපිරි අන්දරේ සුවිශේෂී වේ. නෝනාවරැනි මහත්වරැනි ටෙලිනාට්‍ය මාලාව හරහා සනෝජා සුවිශාල ජනප්‍රියත්වයක් හිමි කරගත්තාය.


 

 

අමා විජේසේකර

2016-07-24-ent-32ජනප්‍රිය ගායකයකු, සංගීතඥයකු හා රංගන ශිල්පියකු ලෙස ඉමහත් ජනප්‍රියත්වයට පත් ලක්ෂ්මන් විජේසේකර එදා ගැයූ ගීතවලට අදත් රසික ප්‍රතිචාර නොඅඩුවම ලැබෙමින් පවතී.

"සිනා පිපෙනා මේ වසන්තය, ඔබ මට තරැවකි, දෑත දෙපාලන ගිගිරි සරින්, මේ ප්‍රේමා සීමා මාලකේ, සමාව ඉල්ලා වැනි" ගීත රුසක් ගැයූ ලක්ෂ්මන් විජේසේකර ප්‍රියංගා චිත්‍රපටය හරහා රංගනයට පිවිස, ඉන් අනතුරැව අතුරැ මිතුරැ, යුවතිපති චිත්‍රපටවලද, රේඛා, ගංගා සහ නිශ්ශංක ටෙලිනාට්‍යවලද රංගනයෙන් දායක විය.

ටෙලිනාට්‍ය හා වේදිකා නාට්‍ය සඳහා සංගීත අධ්‍යක්ෂණය කළ ඔහු ප්‍රවීණ රංගන ශිල්පිනී චන්ද්‍රා කළුආරච්චි සමඟ විවාහ විය.

පිය උරැමයෙන් කලාව දායාද කොටගත් ඔහුගේ දියණිය අමා විජේසේකර "මනෝ පුබ්බංගමා ධම්මා" ටෙලිනාට්‍ය හරහා රංගන ලොවට පිවිසියාය.

ගැහැනු ළමයි, විලම්භීත, පස්සෙ ගෙනා මනමාලි, සාරා, නිසල විල, චෙස් වැනි ටෙලිනාට්‍ය නිර්මාණවලට රංගනයෙන් දායක වූ අමා සමිත්‍රා පීරිස්ගේ ලොකු දුව, දුවට මවක මිස, ඉරුස්මා, පත්තිනි වැනි සිනමාපටවලද සිය රංගන ප්‍රතිභාවය ප්‍රකට කළාය.

"අංගාරා ගඟ ගලා බසී"වේදිකා නාට්‍යයේ අමාගේ රංගනය රාජ්‍ය සම්මානය සඳහා ද නිර්දේශ විය.


 

 

දිනක්ෂි ප්‍රියසාද්, ශේෂාද්‍රි ප්‍රියසාද්, ශනුද්‍රි ප්‍රියසාද්

2016-07-24-ent-331986 දී පෙරළිකාරයෝ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවේ හරඹ පෙන්වීම ආරම්භ කළ දිනේෂ් ප්‍රියසාද් නොම්මර එකයි, වරදට දඬුවම්, හොඳ හොඳ සෙල්ලම්, පාරාදීසයේ, හිතට දුකක් නැති මිනිසා, කම් ඕ ගෝ චිකාගෝ, දෙමෝදර පාලම, නරලොව හොල්මන්, අපායේ තත්පර අසූ හාරදාහක්, කොලොම්පූර්, ඔන්න බබෝ, ඩබල් ට්‍රබල් වැනි චිත්‍රපට තුළින් ඔහුගේ ප්‍රතිභාව පිළිබිඹු කළේය.

ඔහුගේ දියණියන් තිදෙනා වන දිනක්ෂි, ශේෂාද්‍රි හා ශනුද්‍රි රංගන ශිල්පීන් ලෙස ජනතා ආකර්ෂණයට පත්ව සිටී. ළමා කාලයේදීම කැමරාවට මුහුණ දුන් මේ දියණියන් තිදෙනා රංගනයට මෙන්ම ගායනයට හා නර්තනයට දස්කම් දක්වති.

මෑතක තිරගත වූ චන්ද්‍රන් රත්නම්ගේ "මේ වගෙ ආදරයක්" චිත්‍රපටයේ ප්‍රධාන නිළි භූමිකාව නිරෑපණය කළ දිනක්ෂි පියවි, චංචල රේඛා, රූන ඇතුළු ටෙලි නිර්මාණ රුසක සිය රංග කුසලතාවන් පිළිබිඹු කළාය.

සිටි ඔෆ් චාන්ස් තුළින් ද ඇගේ දස්කම් රටටම පිළිබිඹු කළාය. ඇඩ්‍රස් නෑ චිත්‍රපටයේ මතකයේ රුඳෙන චරිතයකට ජීවය දුන් ශේෂාද්‍රි, චැලෙන්ජස්, සෙනසුරැ මාරැව මෙන්ම ඉදිරියේදී තිරගත වීමට නියමිත සුනිල් අරැණ විරසිංහගේ "හිතුවක්කාරී" චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරෑපණය කරනු ඇත. රංගනයට වඩා ගායනය කෙරෙහි උනන්දුවක් දක්වන ශනුද්‍රි පසුගිය වසරේ තිරගත වූ "ලැන්ටින් සිංඤ්ඤෝ"චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ අතර තම පියා අධ්‍යක්ෂණය කළ "රහයි ජීවිතේ"හි කැපී පෙනෙන චරිතයක් නිරෑපණය කරයි.

ඇගේ ස්වතන්ත්‍ර ගීත කීපයක් පසුගිය කාලයේදී මාධ්‍යයට මුදාහල ශනුද්‍රි, රෝස කැලේ, සුවඳ දැනුණා ජීවිතේ, අඟර දඟර ඇතුළු චිත්‍රපටවල රංගනයෙන් දායක වූ අතර 2012 දී හොඳම ළමා නිළිය ලෙසද සම්මානයෙන් පිදුම් ලැබුවාය.

 

2016-07-24-ent-34

 

 

රමේෂ් උවයිස්

 

DESHAYA

 

 

2016-07-15-ent-63

 

ශෝධා විමලධර්ම

2016-07-15-ent-64මෙරට පහළ වූ විශිෂ්ටතම හින්දි භාෂා විද්වතකු මෙන්ම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙස ප්‍රකටව සිටි රවිලාල් විමලධර්ම ගුවන් විදුලි ක්ෂේත්‍රය තුළින්ද හින්දි භාෂාව ජනතාව අතරට රුගෙන යාම සඳහා පුරෝගාමී මෙහෙයක් ඉටු කළේය. 1930 මැයි මස 13 වැනිදා උපන් රවිලාල් විමලධර්ම කලක් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද සේවය කළේය.

ඔහු ජනප්‍රිය සිංහල හා හින්දි ගීතද රචනා කළේය. වසර 2000 දෙසැම්බර් මස 23 වැනිදා ඔහු මෙලොවින් සමුගත්තේය. ඔහුගේ දියණිය යශෝධා විමලධර්ම මෙරට බිහිවූ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක මෙන්ම හින්දි භාෂාව පිළිබඳ විශාරදවරියකි. තම පියාගේ අඩිපාරේ යමින් හින්දි භාෂාව, හින්දි සංගීතය ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා සුවිශාල මෙහෙයක් ඉටුකරන යශෝධා, රංගනයට යොමුවූයේ ළමා නිළියක ලෙසිනි.

1985 දී "අත්ත බිඳෙයි" ටෙලි නිර්මාණය හරහා රංගන දිවියට අවතීර්ණ වූ යශෝධා, පසුකලෙක ගුරැ ගෙදර, සූරිය දරැවෝ, සෙනෙහෙවන්තයෝ, සත්පුරවැසියෝ ඇතුළු ටෙලිනාට්‍ය රුසකද සිහින දේශයෙන්, දුවට මවක මිස, තීර්ථයාත්‍රා, අනන්ත රාත්‍රිය, අග්නි දාහය, ගරිල්ලා මාකටිං, සමනල සංධ්වනිය, මහරජ ගැමුණු වැනි චිත්‍රපට හරහාද තම රංගන ප්‍රතිභාවන් ප්‍රකට කරමින් සම්මානයට පවා පාත්‍ර වූවාය.


 

 

මානෙල් වානගුරැ

2016-07-15-ent-65"එදා රූ" චිත්‍රපටය හරහා සිනමා නළුවෙකු ලෙස දොරට වැඩි ඩඩ්ලි වානගුරැ කොළඹ ශාන්ත ජෝශප් විදුහලෙන් අධ්‍යාපනය ලැබීය. 1922 දෙසැම්බර් මස 16 දින කොළඹදී උපත ලැබූ ඩඩ්ලි දෛව විපාකය, හදිසි විවාහය, නළඟන, ගැහැනු ගැට, පටාචාරා, දාහකින් එකෙක්, උන්නත් දාහයි මළත් දාහයි, හිතුවොත් හිතුවාමයි, චණ්ඩි ශ්‍යාමා වැනි චිත්‍රපට රුසක රංගනයෙන් දායක විය.

"සැඟවුණ මැණික" චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ඩඩ්ලි වානගුරැ 2003 ජූලි මස 29 වැනි දින ලන්ඩනයේදී අවසන් සුසුම් හෙළීය. ඔහුගේ දියණිය මානෙල් වානගුරැ මෙරට කලා ලොවට බිහිවූ තවත් දක්ෂ රංගන ශිල්පිනියකි. බී.ඒ.ඩබ්. ජයමාන්නගේ "වනලිය" චිත්‍රපටයේ ළමා නිළියක ලෙස මුල්වරට කැමරාවට මුහුණ දුන් ඇය පසුකලෙක සදහටම ඔබ මගේ, තරංගා, නිල්ල සොයා, ටිකිරා, කස්තුරි සුවඳ, පෙම් කුරැල්ලෝ, ආශා දෑසින් වැනි චිත්‍රපට හරහා තම රංගන කුසලතාවන් පිළිබිඹු කළාය.

ටෙලිනාට්‍ය හා වේදිකා නාට්‍ය රුසකද රංගනයෙන් දායක වූ මානෙල් විවාහ වූයේ ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ ආනන්ද වික්‍රමගේ සමඟය.


 

 

උරේෂා රවිහාරි

2016-07-15-ent-66ජනප්‍රිය ගුවන් විදුලි නිවේදකයෙක්, ගීත රචකයෙක් හා චිත්‍රපට නිෂ්පාදකවරයෙකු ලෙස කැපී පෙනෙන දායකත්වයක් ලබාදී තිබෙන ධර්ම ශ්‍රී වික්‍රමසිංහ, නිවේදන ක්ෂේත්‍රයට නවකයින් රුසක්ද බිහිකර තිබේ.

ඔහුගේ දියණිය උරේෂා රවිහාරි මෙරට සංගීත ක්ෂේත්‍රයට බිහිවූ අපූරැ දායාදයකි. තම මුල්ම කැසට් පටය වූ "සුරතල් නංගී" එළිදක්වන විට ඇය නව වැනි වියේ පසුවූවාය. එතනින් නොනැවතුණු ඇය කැසට් පට, සීඩී පට රුසක් එළිදැක්වූ අතර චිත්‍රපට රුසක පසුබිම් ගායිකාවක ලෙස තම දායකත්වය ලබාදුනි.

ශක්තිය ඔබයි අම්මේ, සළඹක් හඬයි, මල්සර දෝණි, සොමි බෝයිස්, ලෙෆ්ට් රයිට් සර්, ආදරණීය වස්සානය, සිකුරැ හතේ, අංජලිකා, ජූලියා, ආසයි මං පියාඹන්න, සොඳුරැ වසන්තය, ආදරණීය කතාවක්, පත්තිනි ඇතුළු චිත්‍රපට රුසක පසුබිම් ගායිකාවක ලෙස තම ප්‍රතිභාවන් ප්‍රකට කළ උරේෂා සම්මාන රුසකට පාත්‍ර වී සිටින්නීය.

මෙරට සිනමා ප්‍රධාන රංගන ශිල්පීන් 30කට අධික ප්‍රමාණයකට ඇය පසුබිම් ගීත ගායනා කර තිබේ. ඒ වාගේම ටෙලිනාට්‍ය විශාල ප්‍රමාණයකටද ඇය ගීත ගායනා කර තිබේ.


 

 

මල් කුමාරි ගීතරාණි

2016-07-15-ent-67නැව ගිලුණත් බෑන් චූන්, හොඳ හොඳ සෙල්ලං, කම් ඕ ගෝ චිකාගෝ ඇතුළු චිත්‍රපටද හිරැට මුවාවෙන් වැනි ජනප්‍රිය ටෙලිනාට්‍ය නිෂ්පාදනය කළ එච්.එස්. පෙරේරා රංගන ශිල්පියෙකු ලෙසද නොම්මර 17, චණ්ඩිත්ගෙන් චණ්ඩියා, උතුර දකුණ, පාරාදීසේ, සක්කර සූත්තර, දෙමෝදර පාලම හා කොලොම්පූර් චිත්‍රපටවල දස්කම් ප්‍රකට කළේය.

ඔහුගේ දියණිය මල්කුමාරි ගීතරාණි රංගන ශිල්පිනියක හා ගායිකාවක ලෙස ජනප්‍රියත්වයට පත්වූවාය. නැව ගිලුනත් බෑන් චූන් චිත්‍රපටයේ ළමා නිළියක ලෙස රංගනයට පිවිසි මල්කුමාරි ගීතරාණි හොඳ හොඳ සෙල්ලම්, පාර දිගේ, දෙමෝදර පාලම, ලොකු දුව, සුදු කළුවර, කම් ඕ ගෝ චිකාගෝ වැනි චිත්‍රපටවලද හිරැට මුවාවෙන් හා හොල්මන් පාය ඇතුළු ටෙලි නිර්මාණ රුසකද රංගනයෙන් දායක වූවාය.

 

රමේෂ් උවයිස්

 

DESHAYA

 

 

2016-07-15-ent-62

 

චරිතා ප්‍රියදර්ශනී පීරිස්

2016-07-10-ent-45ජ්‍යෙෂ්ඨ ගුවන්විදුලි මාධ්‍යවේදී, සිනමා නිෂ්පාදක, අධ්‍යක්ෂක හා රංගවේදී ආරියදාස පීරිස් කලා ලොවට දායාද කළ අගනාම තිළිණය ලෙස විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් හැඳින්විය හැක.

එදා ගුවන්විදුලිය හරහා නවකයින්ගේ ගායන හැකියාවන් උරගා බැලූ "ආධුනික පැය" ඉදිරිපත් කළ ආරියදාස පීරිස් ශූරීන් නිෂ්පාදනය කළ වැඩසටහන් අතර "තරැ තැනුම", "පැන පොඩි", "ඔව් නෑ බෑ", "පුළුවන් නම් දිනාගන්න","අම්බිගා ගීතයෙන් ගීතය" සුවිශේෂී වේ.

"කුරැලු බැද්ද* චිත්‍රපට රංගනයට පිවිසි ඔහු, චිත්‍රපට අධ්‍යක්ෂණයට පා තැබුවේ එම්.එච්. මොහමඩ් නිෂ්පාදනය කළ "සෝබන සිත" තුළින්ය.

පිය උරැමයෙන් නිවේදන කුසලතාවන් වාගේම මධුර ගායන හැකියාවද දායාද කොටගත් චරිතා ප්‍රියදර්ශනී පීරිස් නුගේගොඩ අනුලා බාලිකාවෙන් සිප් සතර හදාරා ඉන්දියාවේ භාත්කණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් සංගීත විශාරද උපාධිය ලබාගත්තාය. ගුවන්විදුලියේ "A" ශ්‍රේණියේ ගායිකාවක වන චරිතා ගුවන්විදුලි හා රෑපවාහිනී නිවේදන කටයුතුවලද නියැලෙමින් සිය සහජ ප්‍රතිභාවන් ප්‍රකට කරන්නීය.


 

 

සංගීතා වීරරත්න

2016-07-10-ent-46ඉන්දියාවේ මුම්බායි නුවරින් සිනමාකරණය හදාරා ලංකාවට පැමිණි ප්‍රවීණ සිනමාවේදී තිමති වීරරත්න මුලින්ම කැමරාව හැසිරවූයේ රොබින් තම්පෝගේ "සුදෝ සුදු" චිත්‍රපටය සඳහාය.

ඉන් අනතුරැව "ඉඳුනිල්, හතර මහ නිධානය, හතර වටේ* චිත්‍රපටවල කැමරා අධ්‍යක්ෂණය කළ තිමති, අධ්‍යක්ෂකවරයකු ලෙස දොරට වැඩියේ "දැවෙන පිපාසය" ච?ිතුපටය හරහාය.

එතැන් පටන් ඔහු නිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණය කළ මේ දෑස කුමටද, වන බඹරා, වීරා, සංගීතා, නැංගුරම් චිත??්‍රපට ප්‍රේක්ෂක පැසසුමට ලක්විය.

තිමති වීරරත්නගේ දියණිය සංගීතා වීරරත්න සිංහල සිනමාවට පෑයූ ප්‍රතිභාසම්පන්න රංගන ශිල්පිනියකි.

කොළඹ මෙනෝදිස්ත විදුහලෙන් අධ්‍යාපනය ලද සංගීතා අනූව දශකයේ සිට ශ්‍රී ලාංකික සිනමාවේ ජනප්‍රිය තරැවක් ලෙස වැජඹේ.

තම පියාගේ "රේල්පීලි" ටෙලි නාට්‍යයේ ළමා චරිතයක් රඟපාමින් මුල්වරට කැමරාවට මුහුණ දුන් සංගීතා, ලෙස්ටර් - සුමිත්‍රාගේ "ගොලු හදවත්" ටෙලිනාට්‍යයෙන් මුල්වරට රංගන ශිල්පිනියක ලෙස සිය ප්‍රතිභාවන් ප්‍රකට කළාය.

රෝයි ද සිල්වාගේ "IT'S A MATTER OF TIME" තුළින් ආරම්භ වුණු සංගීතාගේ සිනමා ගමන් මගේ සුවිශේෂී මං සළකුණු බොහෝය.

ඒ අතරින් නොමියෙන මිනිසුන්, සජන කන්‍යා, මාරැතය, දුවට මවක මිස, දොරකඩ මාරාව, අස්වැසුම, බහුබාර්යා, කිණි හිරියා මල්, සළෙලු වරම, සෙව්වන්දි කැපී පෙනේ.

සම්මාන රුසකින් පිදුම් ලබා ඇති සංගීතා, සිය පියා මෙන්ම නිශ්චල ඡායාරෑප ශිල්පියද හදාරා තිබේ.


 

 

සබීතා පෙරේරා

2016-07-10-ent-47"කැලෑ හඳ" චිත්‍රපටයේ ජෝන් ජයපාල නම් ප්‍රධාන චරිතය හරහා සිනමාවට පිවිස 1950 හා 60 දශකවල සුපිරි සිනමාවේදියෙක් ලෙස කිරැලු පලන් ස්ටැන්ලි පෙරේරා නම් වූ රංගන ශිල්පියා හා සිනමා අධ්‍යක්‍ෂවරයාගේ දියණිය සබීතා පෙරේරා සිංහල සිනමාවට පෑයූ තවත් සුපිරි තරැවකි.

අයිරාංගනී, දුප්පතාගේ දුක, චණ්ඩාලි, සුදු දුව, සසරක හැටි, ලාදළු ඇතුළු චිත්‍රපට රුසක රංගනයෙන් දායක වූ ස්ටැන්ලි "ටොම් පචයා" හා "සඳා" චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළේය. ටෙලිනාට්‍ය කීපයක්ද නිර්මාණය කළ ඔහු ජනප්‍රිය චිත්‍රපට නිළි ගර්ලි ගුණවර්ධන සමඟ විවාහ වූයේය.

ඔහුගේ දියණිය සබීතා නව යොවුන් නිළියක ලෙස ප්‍රධාන චරිතයක් රඟපෑවේ ඇගේ නමින්ම නිර්මාණය වූ ජේ.සෙල්වරත්නම්ගේ "සබීතා" චිත්‍රපටයේය. ඉන් අනතුරැව ජනප්‍රිය චිත්‍රපට රුසක රංගනයෙන් දායක වූ සබීතා, ශ්‍රී ලංකාවේදී මෙන්ම පාකිස්තානයේද ජනප්‍රිය නිළිය හා හොඳම නිළියට හිමි සම්මානයට පාත්‍ර වූවාය.

මෑතකදි ඇය රඟපෑ "ඇඩ්‍රස් නෑ" චිත්‍රපටය සඳහාද ඇය සම්මානයෙන් පිදුම් ලැබුවාය. නැවත හමුවෙමි, දෙවෙනි ගමන, සිසිල ගිනි ගනී, සුජාතා, විරාගය, නොම්මර 17 ඇතුළු චිත්‍රපට රුසක ඇගේ රංග ප්‍රතිභාවන් ඉමහත් ප්‍රේක්ෂක පැසසුමට බඳුන් විය.


 

 

බුද්ධිනී ජයවර්ධන

2016-07-10-ent-48රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු ලෙස තම දක්ෂතා ප්‍රකට කළ නිහාල් ජයවර්ධන, පනහ සහ හැට දශකවල සිනමාවේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ඩොමී ජයවර්ධනගේ පුත්‍රයාය. මරදානේ සහිරා විදුහලෙන් අධ්‍යාපනය ලැබූ නිහාල් ජයවර්ධන මෙරට පුරෝගාමී හඬකැවීම් ශිල්පියෙකු ලෙසද ප්‍රකටය.

ටාසන් ටෙලිනාට්‍යයේ ටාසන්ට හඬකවමින් සුවහසක් ප්‍රේක්ෂක ජනාදරයට පත් නිහාල් ප්‍රනාන්දු, ගායකයකු ලෙසද කැපී පෙනුණි. "රොනට ඇඳෙන සමනළියක"ඔහු ගැසූ ජනප්‍රිය ගීතයකි.

1962 දී සංසාරේ චිත්‍රපටයෙන් ඇරඹි ඔහුගේ සිනමා ගමනද වර්ණවත් එකක් විය. රෝමියෝ ජුලියට් කතාවක්, තෙවන, සිංගප්පූර් වාලි, හතර වටේ, හදවතක වසන්තය, රිදී නිම්නය ඇතුළු චිත්‍රපට රුසක ඔහු රංගනයෙන් දායක විය. නිහාල් ජයවර්ධනගේ දියණිය බුද්ධිනී ජයවර්ධනද හඬකැවීම් ශිල්පිනියක ලෙස කැපී පෙනෙන දායකත්වයක් ලබාදී ඇත. ටෙලිනාට්‍ය රුසකට මෙන්ම චිත්‍රපට 50කට වැඩි ප්‍රමාණයකට ඇය ප්‍රධාන චරිත සඳහා හඬකවා ඇත.


 

 

චාන්දනී සිල්වා

ප්‍රධාන පෙළේ විකට නළුවෙක්, ගායකයෙක් හා චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වූ ෆ්‍රෙඩී සිල්වා මුල් වරට රඟපෑවේ ආචාර්ය ඩී.බී. නිහාල් සිංහයන්ගේ "තරැණ විය" විත්ති කතා චිත්‍රපටයේය.

"බාර් බාර් බාර්" ගීතය ගයමින් ඔහු ගායන ලොවට අවතීරණ විය. සිංහල සිනමාවට මෙන්ම ගායන ක්ෂේත්‍රයට ඔහුගෙන් ලැබුණු දායකත්වය අතිමහත්ය.

අලුත් කලාවක් හොය ගත්තා මං, පාන් කිරිත්තා, හඳ මාමා, උඩින් යතේ, පරණ කෝට්, රාජ මාලිගේ, කුණ්ඩුනී, ආරොන් මාමා, ජරමර අස්සේම, බල්ලා ඇතුළු ජනප්‍රිය ගීත සිය ගණනක් ගැයූ ෆ්‍රෙඩී, ඔහොම හොඳද, සුජීවා, ලොකුම හිනාව, සුනේත්‍රා, දුලීකා, හොඳට හොඳයි, කස්තුරි සුවඳ, දිනුම් කණුව, ශීලා, වාසනා, චිං චිං නෝනා, ශාන්ති, ළසඳා, සධානා, උන්නත්දාහයි මලත් දාහයි, සිල්වා, මුවන් පැලැස්ස, අංජනා, මිස් මල්ලිකා, නොම්මර 17 ඇතුලු චිත්‍රපට 200කට අධික සංඛ්‍යාවක රංගනයෙන් දායක විය. චලිත රංගාලි හා ඔක්කොම හොඳටයි චිත්‍රපට නිෂ්පාදනය කළ ඔහු "මන්ත්‍රී" වේදිකා නාට්‍යයද නිෂ්පාදනය කළේය. ෆ්‍රෙඩී සිල්වාගේ අඩි පාරේ යමින් ඔහුගේ දියණිය චාන්දනී සිල්වා රංගනයට මෙන්ම ගායනයටද දස්කම් පාන්නීය.

කොළඹ මෙතෝදිස්ත විදුහලෙන් සිප් සතර හැදෑරෑ චාන්දනී ඇගේම සංගීත කණ්ඩායමක් පිහිටුවා, ගායිකාවක් ලෙස බොහෝ දුර ගොස් ඇත. විදෙස් සංචාර රුසකටද සහභාගී වී ඇත. රංගන ශිල්පිනියක ලෙසද චාන්දනී සිය කුසලතාවන් පිළිබිඹු කොට ඇත.

 

රමේෂ් උවයිස්

 

DESHAYA



අදහස් (0)

තරු තාත්තලාගේ තරු දියණියෝ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 309 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 724 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 252 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 122 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 421 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1244 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39085 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site