IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ත්‍රී රෝද රථ වලට මීටර - ලදු පත් අනිවාර්ය කෙරේ

මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය කරන කුලී ත්‍රීරෝද රථ අයිතිකරුවන් හා රියදුරන් විසින් අනිවාර්යෙන් පිළිපැදිය යුතු නීති රීති ගණනාවක් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය මගින් පනවනු ලැබ තිබේ.


සෑම ත්‍රී රෝද රථයකම ගමන් ගාස්තුව සටහන් කෙරෙන මීටරයක් හා වේගමානයක් සවිකර තිබිය යුතුය. මගීන්ගෙන් මුදල් අයකර ගැනීමේදී රිසිට් පත්‍රයක් නිකුත් කිරීමද, රිසිට් පතේ ගමන් කළ දුර, ත්‍රිරෝද රියේ ලියාපදිංචි අංකය, අයකළ ගාස්තුව හා දිනය සඳහන් කිරීමද අනිවාර්ය කර තිබේ. 



අදහස් (0)

ත්‍රී රෝද රථ වලට මීටර - ලදු පත් අනිවාර්ය කෙරේ

වින්සන්ට් Friday, 13 January 2017 10:46 PM

ජනහිත, මොනවා කියනවාද තේරෙන්නේ නැහැ. රටක පුරවැසියන් පොදු යහපත සඳහා නීතියට යටත්විය යුතුය. එය කෙනෙකුගේ ධනවත්කමටවත්, දුප්පත්කමටවත්, වීරත්වයටවත්, දේශප්‍රේමයටවත් වෙනස් නොවිය යුතුය. මංකොල්ලකරුවන් හැර මගීන් සඳහා රිසිට්පතක් ලබාදීම සුදුසු නැත කියන කෙනෙක් සිටිය නොහැකිය. කොපමණ නීතිරීති පැනවුවත් ඒවා ක්‍රියාත්මකවීමේ අංගවිකලභාවය කවදත් අපි දකින්නෙමු. සහන මිලකට මේ සඳහා අවශ්‍ය උපකරණ ලබාදීමද රජයේ වගකීමකි. (නි)

:       0       0

සෝමරත්න හේරත් Friday, 13 January 2017 11:54 PM

මොවුන් වෘත්තියක යෙදෙන බව ඇත්ත. නමුත් වැඩිදෙනා වෙත ධාවන ශික්ෂණයක් නැති බව ඉතා පැහැදිලියි (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 14 January 2017 02:24 AM

කරූ-කලුතර, ඒ විතරක් නොවෙයි ඕනෑම නිවටයෙක් ත්‍රීවීල් එකක් ගත්ත ගමන් චණ්ඩියෙක් වෙනවා. කිසිම කෙනෙකුට ආතතියෙන්, ටෙන්ෂන් එකෙන් තොරව තමන්ගේ වාහනයක් පාරේ ගෙනියන්න බැහැ. මොවුන් කොහෙන් දානවද කියා දන්නෙ නැති නිසා. (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 14 January 2017 02:28 AM

ජනහිත, ඔබට ත්‍රීරෝද රථවල යාමෙන් ගැටළුවක් වෙලා නැද්ද? අපට වෙලා තිබෙන්නේ ත්‍රීරෝද රථ නිසා අපේ වාහන වල අපට පාරේ යාමට බැරිවීමයි. (නි)

:       0       0

ලංකා Saturday, 14 January 2017 04:22 AM

පිටරට වල ටැක්සි වල ගියාම රිසිට් එකක් දෙනවා. මේ නීතිය අකුරටම කරන්න. මේ රියදුරන්ට යන අයගේ ඕපාදුප හොයන්නත් පුදුම උවමනාවක් තියෙන්නේ. ආචාර ධර්ම ගැන දන්නෙම නැති කොටසක්. (නි)

:       0       0

සුරාජ් Saturday, 14 January 2017 04:46 AM

රජයට මේ වෙලාවේ සල්ලි ඕනෑ. මිනිසුන්ගේ බෙල්ල මිරිකලා හරි සල්ලි ගන්නයි උත්සාහය (නි)

:       10       0

ලාල් Saturday, 14 January 2017 05:06 AM

යන්න කලින් ගණන කතාකරගෙන ගියා නම් ඉවරනේ (නි)

:       0       0

අහිංසා Saturday, 14 January 2017 05:51 AM

දැන් මේ නීති අදාල වෙන්නෙ හයර් යන ඒවට විතරද? (අ)

:       0       0

ජයත් Saturday, 14 January 2017 06:28 AM

මේක අතීසාරයට අමුඩ ගැසීමක් කරන්න ඕන දේ මේක නෙමේ. මෙයාලට මුලින්ම අනිත් මිනිස්සුන්ගේ අයිතියට ගරු කරන්න උගන්නන ඕන. නීති දමල හරි ඔලුව නිදහසේ තියන් මෙයාල එක්ක පාරේ යන එක පාපයක්. නොදැක්ක වගේ එක පාරට පාරට දමනවා තැන නොතැන බලල රිංගනවා. බනින්නන්ත් බැහැ උලමෝ වගේ වැරැද්ද කරලා අහක බලා ගන්නවා. සූමනරත්න ටයි බමුනුටයි විතරයි මේ ගැන තේරුමක් තියෙන්නේ. එයාලගේ අයිතිවාසිකම් වලට කලින් බහුතරයක් වන මගී ජන තාවගේ අයිතිවාසිකම් ගැන බලන්න ඕන(අ)

:       7       0

ජයත් Saturday, 14 January 2017 06:37 AM

මේකේ ත්‍රීවීල් කට්ටියට පක්ෂව අදහස් දමන අයට කවදාහරි තමන්ගේ වාහනයක් අරගෙන { එසේ හැකිවේවා ! ) පාරේ එලෙව්වොතින් තේරේවි එයාලගේ මේ සොඳුරු මිනිස්සු කොච්චර අඳුරුද කියල . (අ)

:       1       0

ටිස් Saturday, 14 January 2017 08:24 AM

ඒකටත් වැට් ගහන්නද යන්නෙ දන්නෑ. (අ)

:       10       0

මාලක Friday, 13 January 2017 01:19 PM

බොහොම හොඳයි. (හේ)

:       7       0

කුමාර Friday, 13 January 2017 01:21 PM

එ්ක හොදයි නැත්නම් මුණ බලලා ගණන් කියන්නේ (හේ)

:       0       8

බමුණු Friday, 13 January 2017 01:50 PM

මේ වසංගතය නැති කොරන්න දන්නා පුළුවන් හැම නීතියක්ම දාන්න (හේ)

:       8       0

සුදන් Saturday, 14 January 2017 09:29 AM

දැන් ඉතින් ත්‍රි විල් සංගමය වර්ජනයක් කරලා අන්තිමට ජනාධිපතිට කියල නීතිය වෙනස් කරගනී. . (අ)

:       0       0

පසිදු Friday, 13 January 2017 01:53 PM

ඉතා හොඳ නීතියක්.(හේ)

:       0       0

ගීගන Friday, 13 January 2017 02:00 PM

දැන් මෙයාලා වැඩ වර්ජනයක් කරයිද ??(හේ)

:       0       0

හිරා Saturday, 14 January 2017 10:01 AM

නියම දෙයක් .ගොඩක් දෙනෙක් මුදල් වැඩියෙන් ගන්නවා ..ජරා කතා අහගන්න ඕන නැහේ...බදු අයකළත් හොදයි ...මරු මරු ....කාටත් හොදයි (අ)

:       0       0

ටිරෝන් Friday, 13 January 2017 02:23 PM

ඔය තියෙන්නේ වැඩ ඉතා හොඳ වැඩක් (හේ)

:       0       0

ලුසිත Friday, 13 January 2017 02:36 PM

යම් රටක ත්‍රීරෝද රථ තිබේද, එම රට නොදියුණු, අයාලේ යන ජනසමාජයක් ඇති රටකි (හේ)

:       0       0

අක්ෂින් Friday, 13 January 2017 02:41 PM

නියමයි (හේ)

:       0       0

අනුර Friday, 13 January 2017 02:47 PM

එ්ක හොද වැඩක්..(හේ)

:       0       0

අජිත් Friday, 13 January 2017 03:18 PM

රජය කියන ඒවා කරනවා නම් කමක් නෑ. නොකරන එකයි ප්‍රශ්නේ.හොඳ වැඩක් කරනවා නම්. (හේ)

:       0       0

පුෂ්පකුමාර Friday, 13 January 2017 03:32 PM

ත්‍රී වීලර් එළවන අයත් කරන්නේ ජොබ් එකක්. අනිත් අයට වගේ එයාලටත් නඩත්තු කරන්න පවුලක් තියනවා. මෙතන අදහස් දාල තියන අයගේ කුහකකම හොදට පේනවා. (අ)

:       7       0

රෙක්ස් Sunday, 15 January 2017 07:59 AM

සම්බාහන මධ්‍යස්ථාන වලටත් රිසිට්පත් නිකුත්කිරීම අනිවාර්ය කරන්න ඕන කියල මම යෝජනා කරනවා. හැබැයි මීටර් සවිකිරීම කොහොම කරනවද කියල හිතල බලන්න ඕන. (බ)

:       4       0

පා Saturday, 14 January 2017 10:45 AM

මොන ඇමතිගේ කව්ද ඒවගේ රිසිට් සමග මීටර් සෙට් ගෙනාවේ. (අ)

:       0       0

ලක්මාල් Friday, 13 January 2017 04:23 PM

ලුසිත එතකොට තායිලන්ඩ් වල තියන ත්‍රීවීලර් ගැන මොනවද හිතන්නෙ? (අ)

:       0       0

ලක්විදු Saturday, 14 January 2017 10:48 AM

ත්‍රි විල් ප්‍රශ්නෙට ප්‍රදානම හේතුව එහි පළල අඩු වීම. ගොඩක් ප්‍රශ්න එන්නේ වාහන දෙකක් අතරින් දමන්න පුළුවන් වීමයි. අලුතින් ගෙන්වන ත්‍රි විල් වල පළල, කුඩා මෝටර් රථයක පළලට වඩා අඩු නොවිය යුතුයි කියල නීතියක් දැම්මනම් ගොදල් ප්‍රශ්න ඉවරයි. අනික වේග සිමාව 40 ඉක්මවන සහ මංතීරු නීති කඩන සියලුම ත්‍රි විල් වලටඅනිවාර්ය දඩ නියම කල යුතුයි. (අ)

:       0       0

රත්න Saturday, 14 January 2017 10:51 AM

ආණ්ඩුවට සල්ලි නැහැ, යට ඇදුමටත් බදු ගහන එකේ දැන් ත්‍රී විල් එකේ ට්කට් එකට බද්ද අපෙන්, අපි යයි 3 විල් වල (අ)

:       6       0

ජනහිත Friday, 13 January 2017 05:05 PM

මේවා කරන්නේ ජනතාවට ආදරේට නොවෙයි. මේ මීටර් වැඩෙන් ඒවා ගෙන්වීමට යන වියදමෙන් කොච්චර කොමිස් ගානක් යනවද මේ නීති හදන අයට . ත්‍රි රෝද රථ හිමියන් බොහෝ විට හොදයි. හැබැයි සමහරු ඉන්නවා නරක අය. ඒ අය ගැන පැමිණිලි කරන්න ක්‍රමවේදයක් හදනවා මිස විස්තර සහිත ලදුපත් දෙන්න ගියොත් ඒක ත්‍රි රෝද රථ හිමියන්ට විශාල කරදරයක්. තාම නිසි පරිදි පෞද්ගලික බසයකටවත් ලදුපතක් දීගන්න බැරි එකේ. ඕක කරන්න වෙන එකක් නැහැ. අනෙක මගී ජනතාව බොහෝ විට ඔය කුලී රථවල යන්නේ හදිසි වුවමනාවකට. එහෙවු එකේ ලදුපත් ගැන විමසිලිමත් වෙන්නේ නැහැ. මේක නම් ටැක්සි සමාගම්වල වුවමනාවක්. එතකොට ඒවායේත් ලදුපත් දෙනවද? මා දන්නා තරමින් මෙවැනි තුට්ටු දෙකේ වැඩ ලෝකේ කොහෙවත් කෙරෙන්නේ නැහැ. මේවා කිවුවට මම ටැක්සි හිමියෙක් නොවෙයි. මගියෙක් පමණයි. මටනම් මෙච්චර කාලයකට ඔය ත්‍රි රෝද රථවල යාමෙන් ගැටළුවක් වෙලා නැහැ. මම යන්නේ ගාස්තුව කියද කියල අහලයි. (අ)

:       13       0

තුෂාන් Friday, 13 January 2017 05:44 PM

ජනහිතගේ නම වගේ නෙමෙයි අදහස්. ඔතන තියෙන්නේ දේශපාලනය. ත්‍රීවීල් වල යනකොට අහිංසක මනුස්සයෙක් නැග්ගොත් ගාන වැඩියෙන් ගන්න බලනවා. (නි)

:       0       5

ජයසේන Friday, 13 January 2017 05:43 PM

කවුරු මොනවා කිවුවත් ජනතාව පැත්තෙන් මේක ඉතා හොඳ වැඩක්. (නි)

:       0       0

ලක්විදු Friday, 13 January 2017 05:49 PM

කාටවත් තේරුනේ නැද්ද, එතකොට තමයි ඒකටත් වැට් ගහන්න පුළුවන්. (නි)

:       6       0

ඉන්ද්‍රජිත් Friday, 13 January 2017 05:55 PM

අනේ මන්දා මේවා හරියන වැඩද කියලා (නි)

:       0       0

රම්සි Sunday, 15 January 2017 08:57 AM

නරකද හිගන්නන්ටත් රිසිට් පොත් බෙදුවොත්? (බ)

:       0       0

සරත් Friday, 13 January 2017 06:02 PM

පුෂ්පකුමාර, මිනිසුන්ගේ අදහස් වැරදි නැහැ. බොහොමයක් ත්‍රීවීල් වල ගාස්තු ඇත්තටම වැඩියි. මිනිස්සු ගසාකන එක පාලනය කරන්නම ඕනෑ (නි)

:       0       0

වීරා Saturday, 14 January 2017 12:48 PM

මම 100%ක් එකඟයි මීටර් ටැක්සි ක්‍රමයට. ඕන කෙනෙක්ට ගාන අහන්නේ නැතුව නැගල යන්න පුළුවන්. නමුත් රිසිට්පත් ක්‍රමය කොච්චර ප්‍රයොගිකද කියන එක බලන්න ඕන. මම දකින විදියට ත්‍රීවිලර් මීටර් නිවැරදි ලෙස වැඩකරන ඒවාද කියලා හොයල ඒ වෙලාවෙම ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් ක්‍රමයක් සකස්වෙන්න ඕන. මොකද මට හම්බවෙලා තියෙනවා සමහර මීටර් ටැක්සි හොරට හදපුවා. මගේ ප්‍රයෝගික අතිදැකීම වෙනද හැමදාම මීටර් ටැක්සියක කි.මී. 2.4ක් යන පාරේ එක දවසක් ඒ පාරේම යද්දී කි.මි. 3.2ක් වුනා. මේ වංචාවන් නැතිකරන්න ඕන. (අ)

:       0       0

තිස්ස Friday, 13 January 2017 06:18 PM

මීටරේ වැඩ කරනවද කියලා චෙක් කරන්නේ කවුද? පොලිසියෙන් නම් හොඳයි. එතකොට කරනදේ මම දන්නවා. (නි)

:       0       0

අනුර ඉලංගකෝන් Friday, 13 January 2017 06:36 PM

ජනහිත, මට ඔබට කියන්න තියෙන්නේ එක දෙයයි. ඔබ ළිං මැඩියෙක් (නි)

:       0       0

අරවින්ද Friday, 13 January 2017 07:20 PM

මේක සාර්ථක වෙයිද? (නි)

:       0       0

අසෝක Friday, 13 January 2017 07:17 PM

මොනවා වුණත් මෙන්න මේ වගේ වැඩ නිසා රට ඉදිරියට යනවා කියලා කියන්න පුළුවන්. විදේශිකයන් ඔවුන්ගේ භාෂා වලින් අපේ ත්‍රීවීල් අපරාධ ගැන ලියලා තියෙන ඒවා දැක්කම ඔවුන්ට ලංකාව උඩින්වත් යන්න එපාවෙනවා. ඉතාම හොඳ නීතියක්. (නි)

:       0       0

මෙන්ඩිස් Sunday, 15 January 2017 09:42 AM

ලංකාවට හොඳ පොදු ගමන් සේවයක් තිබුනා නම් හොඳයි. මෙච්චර ත්‍රිවිල් ඕනෑ නැහැ. හැමදේකටම කලබලේ දුවන මානසිකත්වය කවදා නැතිවෙයිද? ඔය කෙසේවෙතත් ලංකාවේ හැමදේකටම කලබලේ දුවන කට්ටිය පිටරකට ගියාම ඒ ඒ රටවල නීතියට අනුව හැමදේම පිළිවෙලකට වැඩ. ලංකාවේදී එන එන විදියට ගහපිය උළුවස්ස කිව්වා වගේ වැඩ. ලංකාවේ මිනිසුන්ටම හරියන ප්‍රවාහන සේවයක් තමා ත්‍රීවීල් ප්‍රවාහනය. ලංකවේ අධ්‍යාපන ක්‍රමයේ මොකක්හරි වරදක් ඇති. (නි)

:       0       0

ජයන්ත Friday, 13 January 2017 08:20 PM

පුෂ්පකුමාර, බස් වලට ටිකට් දෙන්න ඕනෑ නම් ත්‍රීවිල් වලට මොකද වෙන්නේ රිසිට් එකක් දුන්නම. මිටර් එකක් දැම්මම එයාලගේ පවුල් අනාත වෙනවද? ඔයත් මුහුණ බලලා හිතුන හිතුන අසාධාරණ ගණන් කියන ත්‍රීවිල් මල්ලි කෙනෙක්ද? පොදු ප්‍රවාහන සේවයට විධිමත් සාධාරන නියාමනයක් අත්‍යවශ්‍යයි. ඒවාට එකඟවෙන්න බැරි අය වෙන රස්සාවක් හොයාගන්න වෙයි (නි)

:       0       5

බන්දුල Friday, 13 January 2017 09:12 PM

හොඳ යහපත් ත්‍රී රෝද රථ රියදුරන්ද නැතුවා නොවේ (නි)

:       0       0

රන්ජන් Saturday, 14 January 2017 03:44 PM

වින්සන්ට්, රටේ නීතිය දැන් හැමෝටම එක විදිහද? ප්‍රාඩෝ ගෙන්වන අයට ඕවා අදාල නැද්ද? (නි)

:       0       0

කරූ-කලුතර Friday, 13 January 2017 10:27 PM

බමුණු, ලුසිත, අපිත් එකඟයි. රස්සාව රස්සාව විදිහට කරන්න ඕනෑ. විභාග ෆේල් වුණාට කමක් නැහැ කියලා දැන් ළමයි දන්නවා. යන්තම් අවුරුදු 18 වෙනකොට ණයට ත්‍රී වීල් එකක් ගන්නවා. හන්දියට දාගෙන එතන ඉඳගෙන හ‍ැම ජරා වැඩේම කරනවා. මිනිස්සු ඉස්සර ටිකක් හරි පයින් ගියා. මේ වසංගතේ ආවට පස්සේ මිනිස්සු ලෙඩ්ඩු වුණා. මංකොල්ලකාරයෝ, හොරු, ගංජාකාරයෝ වැඩිවුණා. මේක නම් පුදුම අපරාධයක්. අපේ සල්ලි ඔක්කොම ඉන්දියාවට. (නි)

:       9       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 834 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 126 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 308 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 455 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 2147 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 4180 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1381 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site