IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ත්‍රී රෝද රියට පොලිසියෙන් වෙඩි

පොලිස් අණ නොතකා පලා යන්නට තැත් කළ  ත්‍රී රෝද රියකට පොලසිය අද අලුයම වාද්දුව  පොතුපිටියේදී වෙඩි තැබීය.

රියේ  සිටි දෙදෙනෙකු වෙඩි වැදි රෝහල් ගත කල අතර  තිදෙනෙකු පැන ගිය  බවත් ඉන් එක් අයෙකු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.


 



අදහස් (0)

ත්‍රී රෝද රියට පොලිසියෙන් වෙඩි

බමුණු Thursday, 15 May 2014 04:21 PM

"ලංකාව වටේම යන ඔක්කොම සැප රියවල් පරික්ෂා කරන්න ඕනෑ". සැප රියවල් පරික්ෂා කරලා මොනවා කරන්නද? කාර් එක අහවලාගේ කීවම රියදුරාටත් සැලියුට් ගහල යන්න කියනවා. (ස)

:       0       0

අජිත් Thursday, 15 May 2014 04:42 PM

මේක මේ ත්‍රීවීල් එකක් නිසානේ පොලිසියෙන් වෙඩි තියල තියෙන්නේ. සැප වාහනයක් නම් අණක් දෙනවා තියා පැත්ත බලන්නේ නැහැ.(නදී)

:       0       0

පද්මිණී Thursday, 15 May 2014 04:45 PM

පොලිසිය පැහැරගෙන ගිහින් නිරුවත් කර වද දීල මැරුවා. ගිහාන් කියන්නේ මොනවද? (නදී)

:       0       0

රාජා Thursday, 15 May 2014 06:30 AM

මට නම් මේ කියන දේ ටිකක් පැහැදිලි මදි (නි)

:       0       0

අශාන් Thursday, 15 May 2014 06:30 AM

අණ නොතකා පළායන්න තැත් කළේ මොකද දන්නෙ නැහැ (නි)

:       0       0

සමීර Thursday, 15 May 2014 06:46 AM

මොකක්ද මේ කියන කතාව? (නි)

:       0       0

අරුණ Thursday, 15 May 2014 06:46 AM

විද්දෙ පඳුරට වැදුනෙ හාවට (නි)

:       0       0

පවන් Thursday, 15 May 2014 07:19 AM

මදෑ ඔයින් ගියා... (නි)

:       0       0

චන්දිම Thursday, 15 May 2014 08:33 AM

ඊයෙ වෙසක් උත්සවය නිසා සමහර ත්‍රීරෝද රථවල 5-6 දෙනා ගියා මමත් දැක්කා. (ස)

:       0       0

මංජුල බණ්ඩාර Thursday, 15 May 2014 08:57 AM

අහල පහළ අයට වැදිලා නැත්තම් ලොකු දෙයක්. මොකද පොලිසියනේ වෙඩි තියලා තියෙන්නේ (නි)

:       0       0

ප්‍රසංග Thursday, 15 May 2014 09:00 AM

පොලිසිය හිතල තියන්නේ මිනීමරුවෝ කියලද කොහෙද. ගිහින් අල්ලගන්නේ නැතිව ඔහොමත් වෙඩි තියනවද. කව්රු උනත් මිනිස්සුනේ. (නදී)

:       0       0

ගාමිණී Thursday, 15 May 2014 09:26 AM

පොලිසියේ අන නොතකා ගියා නම් හොරු හරි කුඩුකාරයෝ විය හැකියි. එම නිසා පොලිසිය වෙඩි තියපු එක සාදාරණයි.(නදී)

:       0       0

චමින්ද Thursday, 15 May 2014 05:34 PM

ත්‍රීවිල් එකක් නවත්තන්න බැරි වාහනයක් පොලීසියේ නැද්ද? ඊට වඩා වෙඩි තියන එක පහසුයිනේ. (ස)

:       0       0

චමල්කා අල්විස් Thursday, 15 May 2014 09:31 AM

මා දන්නා පමණින් කිසිම ශිෂ්ට රටක අනිත් පාර්ශවයෙන් වෙඩි තැබුවේ නැත්නම් හෝ ප්‍රාණ ඇපකරුවන් කිසිවෙක් නැත්නම් පොලිසියෙන් හිතු මතේ වෙඩි තබන්නේ නැත. මේසේ වෙඩි තැබීමට පොලිසියට අන දුන්නේ කව්ද? කුලියට මිනී මැරීමට කැමති අයට මෙය හොඳ අවස්ථාවකි. ඔබ කල යුත්තේ පොලිසියේ කෙනෙක්ට හෝ කිහිපදෙනෙක්ට කුලිය දී තමන්ට මැරීමට අවශ්‍ය කෙනාට ඔවුන් ලවා වෙඩිතබා පොලිස් අණ නොතකා දාවනය කල බවට වාර්තා කරවීම පමණයි. රටේ පුරවැසියන්ගේ ජීවිත වර්තමානයේ කොතරම් අනාරක්ෂිතදැයි සිතාගැනීමට මෙම සිදුවීමම ප්‍රමාණවත්ය.(නදී)

:       0       0

ධම්ම Thursday, 15 May 2014 09:37 AM

එයාලට වෙඩි තියන්න ඉස්සෙල්ලා එයාලා වෙඩි තියලා. දැන් ඉතින් පොලිසිය එක්ක සෙල්ලම් දාන්න යන්න එපා. (ස)

:       0       0

සමරනායක Thursday, 15 May 2014 09:42 AM

පොලිසිය හිතන් ඉන්නෙ එයාල ඇර අනිත් ඔක්කොම අපරාධකාරයෝ කියලා. (ස)

:       0       0

ප්‍රනාන්දු Thursday, 15 May 2014 09:48 AM

තිදෙනෙක් පොලිසියට යටත් වෙන්නේ නැතුව පැන ගිහින් තියෙන්නේ ඒ අයගෙත් වරදක් තිබුන නිසාද, නැතිනම් පොලිසියෙන් වෙඩි තියල මරාවි කියල බයටද. මේ සිද්දිය සම්බන්දයෙන් වැඩි විස්තර දාන්න කියා ලංකාදීපයෙන් ඉල්ලමි.(නදී)

:       0       0

නලින් Thursday, 15 May 2014 09:51 AM

සී අල්විස්ගේ කියමන මම ස්ථිර කරමි.(නදී)

:       0       0

රිචඩ් නෝරිස් Thursday, 15 May 2014 09:52 AM

අම්මේ හෙට දිහාට ඕක අස්සෙ තිබිලා ගංජා කිලෝ 5ක් විතරයි, කුඩු ග්‍රෑම් 100ක් විතරයි හොයා ගනියි. (නදී)

:       0       0

මංජුල බංඩාර Thursday, 15 May 2014 10:18 AM

අන නොතකා යද්දී වෙඩි තිබ්බ එක හරිද වැරදිද මම දන්නේ නැහැ. ඒත් එක දෙයක් දැනගන්න ඕනේ. ඕක ත්‍රී වීලර් එකක් නැතුව ප්‍රාඩෝ එකක් උනානම් ඔය විදිහටම වෙඩි තියයිද? (නදී)

:       0       0

කමල් Thursday, 15 May 2014 10:21 AM

මේ අය පැනලා ගියා නම් කියයි පොලීසියට ආයුධ දීලා වැඩක් නැහැ කියලා.(නදී)

:       0       0

වෙරංග Thursday, 15 May 2014 10:32 AM

කන්ටේනර් පිටින් කුඩු ගේන රටේ, මහා දවාලේ මිනි මරල පිටරට ගිහින් එන රටේ, ලයිෂන් නැති පිස්තෝල අරන් පාරේ දුවන රටේ,තව මොනවා වෙනකම්ද අපි බලාගෙන ඉන්න ඕනා. අපේ ළමයි ,ගැනු ගෙදරට් ඇවිත් අරගෙන ගියත් ඔච්චරයි නේද ? (නදී)

:       0       0

මිලානො ජයන්ත Thursday, 15 May 2014 10:54 AM

මංජුල බණ්ඩාර, ඇත්තමයි. ඒ ගැන නම් හිතනකොට හරිම කණගාටුවක් ඇතිවෙනවා නීතිය සමබරද කියලා (නි)

:       0       0

චමල් Thursday, 15 May 2014 10:58 AM

මංජුල, ඔය හරි. ප්‍රාඩෝ වුණා නම් දැක්කේ නැහැ වගේ ඉන්නවා. ලංකාවේ තමයි මෙහෙම වෙඩි තියන්නේ. අණ නොතකා පළා ගියා නම් පොලිසිය ලුහුබැඳලා අල්ලාගන්න ඕනෑ. (නි)

:       0       0

නසාර් Thursday, 15 May 2014 11:02 AM

වැරැද්ද ඉදිරියේදී බලාපොරොත්තු වන්න... (නි)

:       0       0

වසන්ති Thursday, 15 May 2014 11:11 AM

අපිට නම් මුකුත් මතක නැහැ. රටේ නීතියක් නැති බව නම් ඇත්ත. (නි)

:       0       0

සුපුන් Thursday, 15 May 2014 11:23 AM

අණ නොතකා පළා ගියානම්, හත්දෙයියනේ ඕක පස්සෙන් ලුහුබැඳලා අල්ලගන්න තිබුණනේ වෙඩි තියන්නේ නැතුව.100සීසී යතුරුපැදියකින් ගියත් ත්‍රීරෝද රිය අල්ලාගන්න පුලුවන්.දැන් බලාගෙන ගියාම රෑට පාරේ යන්නත් බයයි.හැංගිලා ඉඳලා නවත්වන්න කියලා,අපි ඒක දකින්නේ නැතුව නොනවත්වාම ගියොත්, බුදු අම්මෝ වෙඩිකාලා මැරෙන්න වෙන්නේ. (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 15 May 2014 11:25 AM

චමල්කා සොහොයුරියගේ සහ මංජුලගේ, වේරංගගේ අදහස් වලට මමත් එකඟ වෙනවා. (නි)

:       0       0

රෝෂණ Thursday, 15 May 2014 11:46 AM

වෙඩි නොතියාම බැරිවෙන්න ඇති. ඒකයි තියන්න ඇත්තේ (නි)

:       0       0

මාටින් Thursday, 15 May 2014 07:09 PM

මම නම් පොලිසියට හරි බයයි (නි)

:       0       0

සේකර Thursday, 15 May 2014 11:46 AM

අයියෝ! අපේ පොලිසිය .(නදි)

:       0       0

කුසුම් ප්‍රියන්ත Thursday, 15 May 2014 11:52 AM

ඔය කියන ශිෂ්ඨ රටවල අණ නොතකා වාහන ධාවනය වෙනවද? මංකොල්ල කෑම් සිදුවෙනවද ,පොලිසියේ අයව මරනවද , බොරු චෝදනාවලට පොලිසියෙන් ගහනවද ,නිකන් දුන්නත් කුඩු උරණ අය නැතිද , ළමා අපචාර ස්ත්‍රී දුෂණ නැතිද , ඕක මේ ලෝකයේ තියෙන රටක්ද? (ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 15 May 2014 11:58 AM

හරියටම දෙයක් නොදැන මොකුත් කියන්න බෑ. ඒත් මේ අයට වෙඩි නොතියා අල්ලා ගැනීම බැරි උනේ මොකද? පොලිස් නිලදාරින්ට. ත්‍රීරෝද රථයක්නේ උවමනාවක් කලානම් පහසුවෙන් අත්අඩංගුවට ගන්න තිබුනා සියලු දෙනාම. අන්තිමේට සරා ගොයියා කතාව වගේ වෙයිද? (නදී)

:       0       0

බමුණුසිංහ Thursday, 15 May 2014 12:01 PM

"මා දන්නා පමණින් කිසිම ශිෂ්ට රටක අනිත් පාර්ශවයෙන් වෙඩි තැබුවේ නැත්නම් හෝ ප්‍රාණ ඇපකරුවන් කිසිවෙක් නැත්නම් පොලිසියෙන් හිතුමතේ වෙඩි තබන්නේ නැත. " හැබැයි ඔය ත්‍රීරෝද රථයේ හිටියේ මිනීමරා පැනයන කට්ටියක් නම් ඔය කටවල් වලින්ම හොඳට කියාවි වෙඩිතිබ්බ එක හොඳයි කියලා (නි)

:       0       0

බමුණු Thursday, 15 May 2014 12:04 PM

ත්‍රීවීලර් කාරයෝ තරම් පාදඩයෝ ලෝකේ කොහෙවත් නැහැ එ් නිසා වෙඩි තිබ්බ එක තමයි හොඳ. (නදී)

:       0       0

කමල් Thursday, 15 May 2014 12:24 PM

අපි මේවට කියන්නේ අඟහරු ලෝකයේ ඉඳලා අදහස් දානවා වගේ කියලයි. ඔය සමහර අය කියන ශිෂ්ට රටවල් තියෙන්නේ එහෙ නේද? (නි)

:       0       0

සුරේන් Thursday, 15 May 2014 12:35 PM

මට නම් වැඩ තියෙනවා. අදහස් දක්වන්න වෙලාවක් නැහැ. (නි)

:       0       0

චතුර Thursday, 15 May 2014 12:42 PM

චමල්කගේ කතාවට මමත් එකඟයි (නි)

:       0       0

රූපවතී Thursday, 15 May 2014 12:49 PM

මම නම් හිතන්නේ දැන් ලංකා පොලිසිය හොඳටම බය වෙලා. නවත්වන්න කියන විට අණ නොතකා ගිය නිසා , එක පාරටම හිතුවේ පාතාලයෙන් කියල ..? අපිට වෙඩි තියන්න පෙර අපි උන්ට තියමු කියල තමයි ඔය වැඩේ කරලා තියෙන්නේ ..? කෙසේ වෙතත් ..ඇතුලේ ඉන්නේ කවුද ,මොනවා කරලද මේ රෑ පාන්දර යන්නේ කියල නොසොයා වෙඩි තියන්න නිළ ඇඳුම අැඟේ තිබුණු පලියට විනය ගරුක ආරක්ෂක අංශයකට ඇති අයිතියක් නැහැ ..? (ස)

:       0       0

රඹුක්වැල්ල Thursday, 15 May 2014 12:50 PM

දැන් ඔය වාහනේ තිබී හමු වූ දේවල් වලින් මේ අය අපරාධයකට සැළසුම් සකස්කරගෙන පැමිණි අය කියලා ඔප්පු වෙනවාද? (නි)

:       0       0

ආරියපාල හේවගේ Thursday, 15 May 2014 12:51 PM

ත්‍රීරෝද රථ රියදුරෝ තරම් මට පෙන්නන්න බැරි තවත් කොටසක් ලෝකයේ තවත් නැහැ. ඔවුන්ට මාර්ග නීතියකුත් සදාචාරයකුත් නැහැ. (නි)

:       0       0

සුපුන් Thursday, 15 May 2014 12:52 PM

දිගින් දිගටම සිදුවන මේ අපරාධ රැල්ලට මොකක් හෝ විසඳුමක් දිය යුතුයි. ලංකාවේ දැනට ක්‍රියාත්මක ලොකුම දඩුවම ජීවිතාන්තය දක්වා වූ සිර දඩුවමයි. මිනිසුන් 1000ක් මැරූ අපරාධකාරයෙකුටවත් වෙඩි තැබීම කියා දඩුවමක් මම නම් අසා නැහැ.වාහනය නොනවත්වා ධාවනයට මොකක්ද පොලිසියෙන් මේ දෙන දඩුවම? (නි)

:       0       0

ගිරිගෝරිස් Thursday, 15 May 2014 12:59 PM

පහුගිය දවස්වල උන දේවල් වල හැටියට බය හිතෙන්න ඇති.(නදී)

:       0       0

කුසුම් Thursday, 15 May 2014 01:02 PM

පොලිසියේ අණ නොතකා පළායාමට තැත් කළේ මිනීමරුවොද, කුඩුකාරයෝද කියන පුර්ව නිගමන වලට අපට එන්න බැහැ. සමහර අවස්ථාවල යතුරුපැදිකරුවන් ලයිසන්, හෙල්මට් නැතුව ගිහින් පොලිසිසෙන් බේරී පළායාමට උත්සාහ කරන අවස්ථා අප ඕනෑතරම් දැක තිබෙනවා. එහෙම කෙනෙකුට වෙඩි තැබුවොත් ඇතිවන තත්ත්වය? බොහෝ දෙනා තුළ නීතිගරුකකම යුක්තිගරුකකම නොමැතිකම තමයි ගැටලුව. මෙය ජනතාවට මෙන්ම පොලිසියටත් පොදුයි. රටක කිසිවෙකුට සිමාව ඉක්මවා යන්න බැහැ. අනික ලෝකයේ මෙවැනි දේවල් සිදුවෙන්නේ නැද්ද කියන පුහු තර්ක ගෙනඑන්න අවශ්‍ය නැහැ. මොනවා හෝ ලියන්න කියන්න කලින් මනස පිරිසිදු කර ගන්න.ලොව ඕනෑම රටක නීතියෙන් බේරී පළායාමට උත්සාහ කරන මිනිසුන් සිටිනවා. ලොව ඕනෑම අයෙකු වරදක් කළොත් ගැළවී යාමට තමයි උත්සාහ දරන්නේ. එය තමයි මනුෂ්‍ය ස්වභාවය. පොලිස් නිලධාරියෙකුගේ ආරක්ෂාවට මිස වැරදිකරුවන්ට වෙඩි තැබීම අපි අනුමත කරනවා නම් ඉතින්, අද ලොවෙන් තුනෙන් දෙකක් ඉන්නේ පරලොව තමයි. අවශ්‍ය වන්නේ නීතිය ක්‍රියාත්මක කරන්නන්, බුද්ධිමත් ලෙස සැමට එකසේ නීතිය ක්‍රියාත්මක කරවීමයි. (නි)

:       0       0

අරෝෂ් Thursday, 15 May 2014 01:08 PM

ඔය ත්‍රීරෝද රථය අයිති කෙනා අල්ලලා පොලිසියෙන් සොයා බැලුවොත්, ඔක්කොම දේවල් සොයාගන්න පුළුවන් (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Thursday, 15 May 2014 01:32 PM

මේකේ රෝද වලට හෝ එන්ජිමට වෙඩි තබන්න බැරිද? (නි)

:       0       0

චමී Thursday, 15 May 2014 08:18 PM

වෙරංග මම ඔබේ අදහසට ගොඩක් ගරු කරනවා.ඔබ කී දේ සහතික ඇත්ත (අ)

:       0       0

ජයලලිතා Thursday, 15 May 2014 01:50 PM

පොලිසිය බයයි හොරුන්ට. හොරු බයයි ෙපාලිසියට. (ස)

:       0       0

භානු Thursday, 15 May 2014 01:52 PM

අණ නොතකා පළායන්නට තැත් කළා නම්, ඉන්පසු පැන ගියා නම් ඉතින් නීතිවිරෝධී වැඩකට තමා යන්න ඇත්තේ. නැත්නම් නවත්වා පරීක්ෂාවට ඉඩ දෙනවානේ (නි)

:       0       0

සිරිසේන Thursday, 15 May 2014 01:54 PM

එයා මට ගහනවා, මට එයා ගහනවා... ඒ වගේ වැඩක්නේ මේක (නි)

:       0       0

විල්සන් වාස් Thursday, 15 May 2014 02:05 PM

ත්‍රීරෝද රථයේ ගිය අයට කතා කරන්නවත් වෙලා නැතුව ඇති මගෙ හිතේ. පොලිසිය තියන්න ඇති වෙඩි. (නි)

:       0       0

පෙරුමාල් Thursday, 15 May 2014 02:06 PM

පැනගිය තිදෙනා ගැනත් ළඟදිම දැනගන්න ලැබෙයි. අපේ පොලිසියනේ! (නි)

:       0       0

ෆොන්සේකා Thursday, 15 May 2014 02:06 PM

ඔය වගේ නතර කරන්නෙ නැතුව ගිහිල්ලා තමයි අර අහවල් මහත්තයාගෙත් තට්ටෙට වෙඩි වැදුණේ. මතකද? (නි)

:       0       0

චන්දන Thursday, 15 May 2014 02:08 PM

ත්‍රිරෝද රථ විතරක් නෙමෙයි , ලංකාව වටේම යන ඔක්කොම සැප රියවල් පරික්ෂා කරන්න ඕනෑ. ඔය කුඩා පරිමාණ අපරාධකාරයෝ තමා ත්‍රීවීල් වල යන්නේ. මහත්හොරු යන්නේ ලිමොසින්, ප්‍රාඩෝ ආදී "වැදගත්" වාහන වල. හැබැයි ඒවාට කිසිම පරීක්ෂාවක් නැහැ. (නි)

:       0       0

ගිහාන් Thursday, 15 May 2014 02:18 PM

මෙහෙම වෙඩි තියන්න නීතියෙන් අවසරද? (නි)

:       0       0

ලුම්බිණි Thursday, 15 May 2014 02:26 PM

මම හැමදාම කියන්නේ එකම දෙයයි.පොලිසියේ තියෙන්නේ එක එක්කෙනාට වෙන වෙනම සළකන නීතියක්ද? සමහර අය ප්‍රසිද්ධියේ නීතිය කඩද්දි නිකම් බලාගෙන ඉන්නවා, සමහර වෙලාවට කිසිම දෙයක් නැතුව එක පාරටම වෙඩි තියනවා. මෙතන කළ දෙය වැරදියි. (නි)

:       0       0

රාජිත Thursday, 15 May 2014 02:26 PM

ගිහාන්,මේ ළඟදි ඉඳලා අවසර දුන්නා (නි)

:       0       0

ෂෙරිෆ් Thursday, 15 May 2014 02:37 PM

මට නම් පෙනෙන්නේ, දැන් පොලිසිය හොඳටම කුපිතවෙලා ඉන්නේ. (නි)

:       0       0

තිලක් ඩුබායි. Thursday, 15 May 2014 10:26 PM

වෙරංගගේ අදහස 100% සත්‍යයි. (ස)

:       0       0

බමුණුසිංහ Thursday, 15 May 2014 03:05 PM

වැරදිකරුවෝ නොවෙන්න වෙන කිසිවෙක් නොනවත්වා යන්නේ නැහැ නේද? එම නිසා වෙඩි තැබුවාට මම නම් කිසිම වරදක් දකින්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2795 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2020 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2888 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2896 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 657 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1305 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36035 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 516 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site