IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


තලංගම ස්ථානාධිපති මහේස්ත්‍රාත් නිල මැදිරියට

හිටපු පොලිස් පරීක්ෂක රොහාන් තුසිත කුමාරසිංහගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ යටපත් කිරීමට කෝටිපති කාන්තාවකගෙන් රුපියල් 20 ලක්ෂයකට අධික මුදලක් ගත්තැයි කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් තලංගම පොලිස් ස්ථානාධිපති සහ අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් සාමාජිකයන් සිව් දෙනා මීට ටික වේලාවකට පෙර කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතාගේ නිල මැදිරියට ඉදිරිපත් කරනු ලැබීය.



අදහස් (0)

තලංගම ස්ථානාධිපති මහේස්ත්‍රාත් නිල මැදිරියට

මිස්ටර් බී Friday, 22 November 2013 09:11 AM

අද අද එයි මරු පින් කර ගන්නේ - කුමටද කුසලට අකමැති වන්නේ ... (නි)

:       0       0

ගුණතිලක Thursday, 21 November 2013 11:38 PM

කාගේ ගොලයෝද! දන්නේ නැ නේද ? එහෙම උනොත් දුක් සීන් එකක් වෙයි (අ)

:       0       0

පද්මිණී Friday, 22 November 2013 10:15 AM

තලංගම කියද්දීත් ඇග හිරිවැටෙනවා. අර ඇස් ඇරපු නැති බළල් පැටියාගේ කතාව කට කහනවටද? (නදී)

:       0       0

බමුණු Friday, 22 November 2013 10:22 AM

"තලංගම පොලිසිය ගැන මගේ නම් කිසිම පැහැදීමක් නැහැ." මොන පොලීසිය ගැනද ඔබේ පැහැදීම? (ස)

:       0       0

සමන් Thursday, 21 November 2013 05:34 PM

අත් හරින්න එපා මොවුන්ව.සමාජයට තවත් විපතක් කරන්න පෙර නීතියෙන් දෙන්න ඕනෑ දඩුවම දෙන්න ඕනෑ (නි)

:       0       0

ඉන්දික බහරේන් සිට Thursday, 21 November 2013 05:39 PM

නීතිය රකින්න එවන අය මෙහෙම කරනවා නම් ,රටේ මොන වගේ නීතියක් ද තිබෙන්නේ? සියල්ලන්ටම ආදර්ශමත් විදියට දැඩි දඩුවම් ලබා දිය යුතුයි. (නි)

:       0       0

සත්‍යයා Friday, 22 November 2013 01:37 AM

මධු වගේ අය ඉන්නකම් අපරාධ වලට පරීක්ෂණ ඕනෑ නැහැ. (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 21 November 2013 05:50 PM

දේශපාලන බලපෑම් නොතකා නියම රාජකාරිය ඉටුවේවා! (නි)

:       0       0

පසිදු Friday, 22 November 2013 02:00 AM

මොනවා වෙයිද දන්නෙ නැහැ? (නි)

:       0       0

නීරෝ Thursday, 21 November 2013 05:50 PM

මේ හැම කෙනාම නීතියෙන් අවසානයේදී ගැලවිලා නැවතත් ඔයවගේ දේවල් බොහොම සැලසුම් සහගත ලෙස කරනවා.පොලිසියට ලැජ්ජාවක් මේ වගේ නිලධාරීන්. (නි)

:       0       0

සරවනමුත්තු Thursday, 21 November 2013 05:52 PM

අරාබි ශරියා නීතිය ඕනෑ නැහැ. නවීන නීතියම හොඳයි. (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 21 November 2013 05:52 PM

පාතාලය හොදයි බලනකොට.එවන්න එපා මේ පැත්තට.එහෙම වුණොත් මිනිස්සු පාරට බහින්න පුළුවන් (නි)

:       0       0

දොඩන්ගොඩ Thursday, 21 November 2013 05:52 PM

දේශපාලන හස්ත හෝ බලගතු නෑදෑයින් නොමැති නම් නඩුව හරියට විභාග වෙයි සාක්කිත් තිබේ නම් (නි)

:       0       0

රෝස Thursday, 21 November 2013 06:01 PM

ඔය පොලිස් නිලදාරියා රටේ බලවත් දේශපාලුවෙක්ගේ කෙනෙක් හින්දා මොනවත් හිතාගන්න අමරුයි. නීති ගරුක පොලිස් නිලදාරිනි. මුන්ට ගැලවෙන්න නොදී නියම දඩුවම් ලබාදී පොලිසියේ ගරුත්වය රකින්න. (නදී)

:       0       0

සෙනී Friday, 22 November 2013 11:42 AM

හැම ජඩ වැඩක්ම කරලා මුදල් දීල ඒවා යට ගහන එක අද පුරුද්දක් වෙලා. මේවට නියම ආකාරයට කටයුතු නොකලොත් අපේ රටට දෙවියන්ගෙම පිහිටයි.(නදී)

:       0       0

ගංගොඩවිල බත්තරමුල්ල Thursday, 21 November 2013 06:05 PM

තංගල්ල පොලිසියේ දුෂණ අපරාධ නිසා අපමණ දුක් ගැහැට විදි සියලු දෙනාට සාධාරණය ඉටුවේවා! (නි)

:       0       0

රාජපක්ෂ Friday, 22 November 2013 03:49 AM

ලංකාවේ පොලිසිය කියන්නනේ මුදලට මිනි මරණ , මුදලට මිනී මෙරුම් යට ගහන හොරු දුසිතයෝ මංකොල්ල කාරයෝ මිනිමරුවෝ ආරක්ෂා කරන ආයතනයක් (අ)

:       0       0

උපාලි Friday, 22 November 2013 04:41 AM

ආරියසේන, පලමුවතාවට කණගාටුවෙන වුනත් ඔබට විරුද්ධ වෙන්න සිදුවෙනවා. මෙවැනි පගාකරුවන් ආර්ථික අපහසුකම් නිසා පගාවට පෙළඹෙනවා නම් ඒ තර්කය උඩ සමස්ත රාජ්‍ය සේවයම පගාකරුවන්ගෙන් පිරී ඉතිරිලා යාවි. ආර්ථික අපහසුකම් නැති කෙනෙක් අද නැති නිසා. අද කාලේ සෑම දෙයක්ම වාගේ මුදලෙන් කල හැකි නිසා නීතියට පිටින් හරි සල්ලි හොයන්න පුළුවන් නම් ඕනෑම කෙනෙක් ඒකට පෙළඹෙනවා. ජපානයේ අගමැතිවරු දෙන්නෙක් පගා චෝදනා උඩ ඉල්ලා අස්වුණා. අහේනිය නිසාද ඔවුන් පගාගත්තේ? නැහැ, ලුණු බිකත් බඩට යන එක හොඳ නිසා. (අ)

:       0       0

අංජුල Thursday, 21 November 2013 06:18 PM

මොකක්ද හේතුව මේ කට්ටිය ඇතුළට අරගෙන ප්‍රශ්න කරන්න තරම්. කාටවත් තේරුනේ නැද්ද? මම හිතන්නේ අනිවාර්යෙන්ම මේකට ලොකු පොලිසියේ නිළධාරි කෙනෙක් සම්බන්ධයි. අන්තිමට ලොකු මොළකාරයා එළියේ ඉදිද්දී ඔය අල්ල ගත් අය විතරක් හිරේ යන එක විතරක් වෙයිද දන්නෙත් නැහැ. (නි)

:       0       0

තලංගම ප්‍රදේශවාසියෙක් Thursday, 21 November 2013 06:20 PM

මහත්තයෝ, මේ කෙනා ගැන අපි දන්නවා .අපිට කතා කරන්න බැහැ, ගිහිල්ලා කියන්න තැනක් නැහැ. මොකද නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. ගම වටේ රවුමක් ගියොත් සියලු දේ දැනගන්න පුළුවන් (නි)

:       0       0

දයා අලහාකෝන් Thursday, 21 November 2013 06:23 PM

මෙවැනි නඩුවලට පොලිසියට බලපෑම් කරන දේශපාලුවන් අධිකරණයට ඉදිරිපත් කරන්න බැරිද? මම කියන්නේ පුලුවන්. මුළු රටටම පෙන්නත් එක්ක එක්කෙනෙක් ඉදිරිපත් කරමු.(නදී)

:       0       0

මධු Thursday, 21 November 2013 06:41 PM

සමහරවිට මේ පොලිස් ස්ථානාධිපතිට විරුද්ධව කරගෙන යන මඩ ගැසීමක් වෙන්නත් පුළුවන් (නි)

:       0       0

පෙඩ්රික් Friday, 22 November 2013 06:21 AM

මහරගම පිළිකා රෝහලේ රෝගීන්ගෙන් 25% අනවසර ගරාජ අවට පදිංචි වී සිටි නිවැසියන්. වහාම අනවසර ගරාජ වසා දමන්න. අවට නිවැසියන්ගේ ලියුම් මුදලට හෝ බය කර ලබා ගෙන මේවා කරන්න බැහැ. මෙවැනි අනවසර ගරාජ වලට ලියුම් දෙන්න තහනම්. (නි)

:       0       0

මිස්ටර් බී. Friday, 22 November 2013 06:42 AM

හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා ..... "මී වදයකි ජිවිතේ ... පොලිසියේ පිරීලා ඇතේ.. ගුම්..ගුම්..හඩ දීලා වැනසෙමු අපි හිතුමතේ..." (නි)

:       0       0

හේවා Friday, 22 November 2013 06:52 AM

බලමුකෝ ‍මොකද වෙන්නෙ කියලා (නි)

:       0       0

බමුණු Friday, 22 November 2013 08:04 AM

"සමහරවිට මේ පොලිස් ස්ථානාධිපතිට විරුද්ධව කරගෙන යන මඩ ගැසීමක් වෙන්නත් පුළුවන්' ඔය කිවුවේ කතාවක්! (නි)

:       0       0

බණ්ඩා Friday, 22 November 2013 08:06 AM

තලංගම පොලිසිය ගැන මගේ නම් කිසිම පැහැදීමක් නැහැ. මේක මගේ පුද්ගලික මතයයි. මට හිතෙන හැටි. හැබැයි මේක ගොඩක් ඇත්ත වෙන්න පුළුවන්. (නි)

:       0       0

බමුණු Friday, 22 November 2013 08:07 AM

මිස්ටර් බී. මොකද උදේම? හිතේ අමරුවක්ද? (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 21 November 2013 08:21 PM

මේ මධු කියලා අදහස් දාන්නේ කවුද කියලා මට සැකයි (නි)

:       0       0

නිලන්ත තලංගම Thursday, 21 November 2013 08:31 PM

මතක තියාගන්න, මේ අය වෙනුවෙන් සාක්කි දෙන්න මුළු ගමම වුණත් සුදානම් වේවි (නි)

:       0       0

ආරියසේන Thursday, 21 November 2013 08:31 PM

හුගාක් වෙලාවට පහළ නිලයෙන් පටන් ගන්නවා. පස්සේ උසස් නිලධාරිනුත් ඒකට ඉබේම ඇදෙනවා,ආර්ථික අපහසුකම් නිසා.දැන් ඉතින් පරීක්ෂණ අවසාන වෙනතුරු කූඩුවේ තමා ඉන්න වෙන්නේ. (නි)

:       0       0

රංජිත් Thursday, 21 November 2013 09:01 PM

අයුබෝවන්ට මම මේ දන්නේ නැති හින්දා අහන්නේ ඔය මැරැණ පොලිස් පරික්ෂකවරයා ගේ චරිතය කොයි වගේ එකක්ද ඔහු හොදින් රාජකාරි කරපු හොද චරිතවත් කෙනෙක්ද හොදින් ඉදපු කෙනෙකුට ද මේ අපරාධය වෙලා තියෙන්නේ අනේ මේ දන්නැතිකමට ඇහුවේ.ඒ කාන්තාවගේ අනියම් ස්වාමි පුරැෂයා කියන්නේ ඇත්තද (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 373 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 338 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 452 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 944 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 415 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 16 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14563 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 152 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 98 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site