IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


තෙලිතුඩග වසත්සර ගෙනෙන අජිත් පී. බණ්ඩාර

2016-10-22-ent-36

මම මුලින්ම චිත‍්‍ර කලාව ඉගෙන ගත්තේ් පහලවත්තේ ගුණසේකර සර්ගෙන්. ඔහු තමයි අපේ පාසලේ මුල් ගුරුතුමා. මම 4 වන ශ්‍රේණියේ ඉගෙන ගනිද්දී මම චිත‍්‍රයක් අඳිනවා දැකලා ඔහු මගේ ළඟට ඇවිල්ලා චිත‍්‍රයක් ඇඳලා පෙන්නුවා. එතනින් ඇති වුණ ආසාව නිසා තමයි මම චිත‍්‍ර කලාව හැදෑරීමට පටන් ගත්තේ. එතනින් පස්සේ මම සෙනරත් පෝල් කියලා සර් කෙනෙක් යටතේ චිත‍්‍ර කලාව ඉගෙන ගත්තා. එතනින් පස්සේ මම උපසේන ගුණවර්ධන ගුරුතුමා යටතේත් චිත‍්‍ර කලාව හැදෑරුවා. අපේ රටේ ජාතික කොඩිය නිර්මාණය කළ එස්.බී. චාල්ස් මහත්මයා යටතේ පාරම්පරික චිත‍්‍ර කලාව හදාරලා තිබෙනවා. ගිරාගම ගුරු විද්‍යාලයේ දී චාල්ස් දයානන්ද මහත්මයාගෙන් සහ නන්දලාල් උඩුකුඹුර යන ගුරුවරුන් යටතේත් චිත‍්‍ර කලාව හදාරලා තිබෙනවා.

2016-10-22-ent-34මම දැන් අවුරුදු 26ක ඉඳලා චිත‍්‍ර ගුරුවරයෙක් ලෙස නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කරනවා. ඒ අතරතුර මම ”ආර්ට් වේ” කියලා චිත‍්‍ර ඇකඩමියක් ආරම්භ කළා පන්නල ප‍්‍රදේශයේ. එහි 1 වන ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා විවිධ පාසල්වල සිසුන් චිත‍්‍ර කලාව හදාරනවා. ”ආර්ට් වේ” එක පටන් අරන් දැන් අවුරුදු 11ක් විතර වෙනවා. මගේ චිත‍්‍ර ඇකඩමියෙන් වසරක් පාසා චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පවත්වනවා. මෙවර චිත‍්‍ර ප‍්‍රදර්ශනය පවත්වන්නේ 5වන වතාවට. මෙවර චිත‍්‍ර ප‍්‍රදර්ශනයට පැස්ටල්, දිය සායම්, නිල් සායම්, ඇක්ටලීන් යන මාධ්‍යවලින් මගේ ඇකඩමියේ තෝරා ගත් ළමුන් 20ක් වැනි පිරිසකගේ චිත‍්‍ර 130ක් පමණ ඉදිරිපත් කරලා තිබෙනවා. මගේ චිත‍්‍ර මම මෙවර ප‍්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළේ නැහැ. ළමුන්ගේ චිත‍්‍ර පමණයි ඉදිරිපත් කරලා තිබෙන්නේ.

මගේ ඒක පුද්ගල චිත‍්‍ර ප‍්‍රදර්ශන 4ක් මම කරලා තිබෙනවා. ලබන වසරේ මම මගේ තවත් ඒක පුද්ගල චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. මම චිත‍්‍ර අඳින්නේ ස්වභාව සෞන්දර්ය, සමාජ විෂමතාවයන් වැනි තේමාවන් පාදක කරගෙනයි. ළමුන්ගේ චිත‍්‍ර ප‍්‍රදර්ශනයේදීත් එම තේමාවන් යටතේ ඇඳපු චිත‍්‍රම තමයි ඉදිරිපත් කරලා තිබෙන්නේ.

මෙම චිත‍්‍ර ප‍්‍රදර්ශනය මම අවුරුදු 5ක්ම කළේ කොළඹින් පිටත පන්නල, නාරම්මල යන ප‍්‍රදේශවල මාරුවෙන් මාරුවට. මෙවර මෙම ප‍්‍රදර්ශනය ඔක්තෝබර් 27, 28, 29 සහ 30 යන දිනයන් හිදී නාරම්මල ටවුන්හෝල් එකේ පැවැත්වෙනවා.

වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් 076 7191703 දුරකථනයට අජිත් පී. බණ්ඩාර වන මට කතා කරන්න පුළුවන්.

 

සඳුනි ඉමල්කා

 

2016-10-22-ent-35



අදහස් (0)

තෙලිතුඩග වසත්සර ගෙනෙන අජිත් පී. බණ්ඩාර

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 58 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 166 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 729 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


මහාපරිමාණ මුදල් වංචාකරුවෙක් පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 10 426 0

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ


විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 1485 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 331 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39725 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25833 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 48 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 378 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1243 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site