IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


තෙල්දෙණිය ගිනිතැබූ 24 ක් අත්අඩංගුවට

(වාර්තා සැපයීම :   චමල් රූපසිංහ, ඉන්දිකා රාමනායක, ජේ.ඒ.එල්. ජයසිංහ සහ   ඒ.ජී. වික‍්‍රමසිංහ )

තෙල්දෙණිය මැද මහනුවර අම්බාලේ පදිංචිව සිටි 41 හැවිරිදි දෙදරු පියකු මැර ප‍්‍රහාරයකට ලක්වී මියයෑමේ සිද්ධිය මුල්කරගෙන තෙල්දෙණිය සහ අවට ප‍්‍රදේශ කීපයක ඇතිවූ නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කයට බලපැවැත්වෙන පරිදි අද දහවල් සිට හෙට (6) පෙරවරු 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.

මැරප‍්‍රහාරයට ලක්වූ පුද්ගලයා මිය යෑමේ සිද්ධියට විරෝධය දක්වමින් සංවිධානාත්මක පිරිසක් තෙල්දෙණිය මැද මහනුවර සහ දිගන ප‍්‍රදේශවල වෙළෙඳසැල්වලට පහර දෙමින් රථවාහන  ධාවනයට බාධා වන අයුරින් ගල්මුල් ප‍්‍රහාර එල්ලකරමින් සාමය කඩවන අයුරින් නොසන්සුන්කාරි ලෙස හැසිරුනු අතර ඔහුන් පාලනය කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ලකර ඇඳිරි නීතිය පැනවූ බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ ද කීය.

‘ඉකුත් පෙබරවාරි මස 22 වැනිදා තෙල්දෙණිය නරගයේ දී ලොරි රථයක් ත‍්‍රිරෝද රථයක ගැටී ත‍්‍රිරොද රථයේ පැති කන්නාඩියක් බිඳීමේ සිද්ධියක් මුල්කරගෙන සිවු දෙනකුගෙන් සමන්විත පිරිසක් ලොරි රථයේ රියැදුරු වන අම්බාලේ පුවක්ගස් හන්දියේ පදිංචි 41 හැවිරිදි දෙදරු පියකු වන එච්.ජී. කුමාරසිංහ නමැත්තාට පහර දී තිබෙනවා. බරපතළ තුවාල ලැබූ කුමාරසිංහ නමැත්තා මහනුවර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිය දී ඉකුත් 3 වැනිදා අලූයම මියගොස් තිබෙනවා.’

මේ පුද්ගලයාට පහර දුන් බව කියන සැකකරුවන් සිවුදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනු ලැබ තෙල්දෙණිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 7 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයට පත් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

එම සැකකරුවන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කර තිබිය දී සංවිධානාත්මක පිරිසක් ඊයේ (4) රාත‍්‍රී 9.30ට පමණ තෙල්දෙණිය මොරගහමුල හන්දියේ වෙළෙඳසල් කීපයකට පහර දී එවාට ගිනි තබා තිබූ බැවින් අතිරේක පොලිස් කණ්ඩායම් එම ස්ථානයට ගොස් පිරිස විසුරුවා හැර වෙළෙඳසල්වලට පහර දුන් පුද්ගලයන් 24 දෙනකු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගත් බව ඔහු පැවසීය.

පොලිස් සහ විශේෂ කාර්ය බළකා කණ්ඩායම් කැඳවා තෙල්දෙණිය නගරයේ ආරක්ෂාව තර කළ බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.

මේ අතර අද පස්වරුවේ මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබිය දී පස්වරු 2.00ට පමණ සංවිධානාත්මක පිරිසක් දිගන ප‍්‍රදේශයේ වෙළෙඳසල් කීපයකට පහර දී නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් සිටිය දී පොලිසිය ජල හා කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ලකර පිරිස විසුරුවා හැරිය බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

සංවිධානාත්මක පිරිස දිගන නගරයේ තැනින් තැන එක් රොක්වී නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් සිටින බවත් ප‍්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කයට ඇදිරිනීතිය පැනවීමට සිදුවූ බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ඊයේ රාත‍්‍රියේ දිගන ප‍්‍රදේශයේ වෙළෙඳසල් කීපයකට පහර දෙමින් කලහකාරී ලෙස හැසිරෙමින් සිටිය දී අත්අඩංගුවට ගත් පුද්ගලයන් 24 දෙනා නිදහස් කරන ලෙස ඉල්ලා පිරිසක් අද දහවල් තෙල්දෙණිය පොලිසිය ඉදිරිපිටට රැුස්වී විරෝධතාවක යෙදී සිටි අතර, ඔවුන් මාර්ගයේ ටයර් පුළුස්සමින් පොලිසියට විරෝධය දක්වා නොසන්සුන්කාරී ලෙස හැසිරෙද්දී ජල ප‍්‍රහාර සහ කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කර විසුරුවා හැරිය බව පොලිසිය කියයි.

ලොරියේ රියැදුරුගේ මරණය පිළිබඳ විරෝධය පළ කරමින් දිගන, මැණික්හින්න, තෙල්දෙණිය, උඩිස්පත්තුව, මැදමහනුවර සහ කෙන්ගල්ල යන ප‍්‍රදේශවල කඩසාප්පු වසා සුදු කොඩි ඔසවා තිබිණි.

මහනුවර දිගන හරහා මහියංගනය මාර්ගයේ බස් ඇතුළු වාහන ගමනාගමනය ද අද දිනයේ ඇනහිට තිබිණි.

මියගිය පුද්ගලයාගේ සිරුර රැගෙන දිගන නගරයේ විරෝධතාවක නිරතවීමට පිරිසක් උත්සාහ ගෙන තිබූ අතර, ඒ බව සැලවීමත් සමග පොලිසිය ඒ පිළිබඳව තෙල්දෙණිය අධිකරණයට කරුණු වාර්තා කොට එම විරෝධතාව වළක්වමින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබිණි. මේ අතර මියගිය තැනැත්තාගේ දේහය භූමදාන කිරීම ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ සහ ප‍්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ අද පස්වරු 3.00 ට පමණ අම්බාලේ සුසාන භූමියේ දී සිදු කෙරිණි.

කලහකාරී පිරිස එල්ල කළ ප‍්‍රහාරවලින් තෙල්දෙණිය දිගන, උඩිස්පත්තුව, මොරගහමුල ආදී ප‍්‍රදේශවල කඩසාප්පු කීපයකට අලාභහානි සිදුවී තිබූ අතර, තුවාල ලැබූ පුද්ගලයන් කීපදෙනකු රෝහල් ගත කර ඇති බවත් පොලිසිය කියයි.

නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් දේපළවලට පහරදුන් පුද්ගලයන් සියලූ දෙනා අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන බව පොලිසිය කියයි. තෙල්දෙණිය සහ දිගන ඇතුළු ප‍්‍රදේශයේ ආරක්ෂාවට අද සවස් වනවිට පොලිසියේ විශේෂකාර්ය බළකායේ සහ යුද හමුදාවේ 500කට අධික පිරිසක් යොදවා තිබිණි.

 

 

 



අදහස් (43)

තෙල්දෙණිය ගිනිතැබූ 24 ක් අත්අඩංගුවට

nisar Monday, 05 March 2018 03:11 PM

තිබෙන දෙයින් සෑහීමකට පත්වෙන්න පුළුවන් නම්, ඉවසන්න පුළුවන් නම් අවිනිශ්චිත සම්පත් සේරටම ගිනි තිබ්බත් ප්‍රශ්නයක් නැහැ.

:       173       568

nishanMonday, 05 March 2018 08:39 PM

ආවේගශීලි වෙලා ගිනි තියනවා. පසුව ඔවුන්ගේම සල්ලි වලින් ආණ්ඩුව වන්දි ගෙවනවා. වන්දි අරන් තිබුනටත් වඩා හොඳට ගොඩනගා ගන්නවා. කවුද අවසානෙදි පරදින්නේ? ගිනි තියපු අයම තමයි ඉතින්.

:       1       79

sarathTuesday, 06 March 2018 02:02 AM

ඔය ඉන්න අයට කියන්න ඇවිලෙන ගින්නට පිදුරු දාන්නේ නැතිව ඉන්න කියලා. මේ සති කීපයේම ගම්පොල ,දිගන කිහිප දෙනෙකුගේ හැසිරීමත් මේකට හොඳ පිටුවහලක් වුනා. අන්තිමේට කොහෙවත් ඉන්න මිනිස්සු ටිකකගේ දේපොළ විනාශ වෙලා. සිංහල වීරයොත් ඉතින් ඔය හැසිරිලා තියෙන්නේ. පෙළපාලියක් ගිහින් විරෝදය පානවා වෙනුවට චන්ඩි කම් පෙන්නන්න යන්නේ මෝඩ කමට

:       70       216

ගුණවර්ධනTuesday, 06 March 2018 08:17 AM

පෙළපාලියක්.......... උද්ඝෝෂණයක් කරන්නවත් නිදහස තියෙන රටක්ද දැන් මේක.......හැම එකම අධිකරණයෙන් නියෝග අරන් වළක්වනවා..

:       328       209

samTuesday, 06 March 2018 02:38 AM

අවුල් වගේ, මොකක්ද කියන්ඩ හදන්නේ කියල තේරුම් ගන්ඩ අමාරුයි. කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කරපු කෙනෙක්වත් විස්තර කලානම්.

:       1       38

vipula Monday, 05 March 2018 04:28 PM

දැන්වත් කැකිල්ලේ තීන්දු නොදී , හේතු එල දහමින් විසදුම් සෙවීමට පාලකයන්ට නුවන ලැබේවා.........

:       0       38

Sanath Kandy Monday, 05 March 2018 04:48 PM

අපේ මව්බිමේ සියලුම ජාතිකත්වයන් ශ්‍රීලාංකිකයන් ලෙස සමගියෙන් ජිවත් වන දිනයක් ගැන සිහින මවන්නෙකු වන මම යථාර්ථවාදීව බුද්ධිමත්ව සිතාබලා කටයුතු කරනමෙන් සියලුම මුස්ලිම් ජනතාවගෙන් සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමි. විදේශීය අරමුදල් යොදාගෙන අන්තවාදීන් විසින් අවුලවන මතවාදයන්ට රැවටෙන්න එපා. නැතිනම් රට පුරා විසිරී අනිකුත් ජාතිකත්වයන් සමග මිශ්‍රව ජිවත්වන ඔබට ඔබේ ව්‍යාපාරයන් කරගෙන යාමට නොහැකි තත්වයක් උදා වනු ඇත. එයින් පිඩාවට පත්වනු ඇත්තේ ඔබමය.

:       2       127

NRKTuesday, 06 March 2018 06:09 AM

ඔබගේ අදහස් අගය කරමි නමුත් මේ සිදුවිමය් කියන දෙයය් අතර සම්බන්දයක් නොදකිමි. කවුරු කලත් වැරැද්ද වැරද්දමය එයට ජාතියක් ජන්මයක් අවශ්‍ය නැත. මෙතැනදී මිනීමැරුම සිදුකල අයට විරුද්දව නිතිය ක්‍රියාත්මක කර ඇත එය හොදින් මෙන්ම තදින්ම ක්‍රියාත්මක කලයුතුය . එසේම අනිත් අය නිතිය අතට ගැනීම වැරදිය ඔවුන්ට විරුද්දවත් නිතිය හරිහැටි ක්‍රියාත්මක කල යුතුය. ගිනිතබා ඇති දේපල අහිංසක මිනිසුන්ගේය ඔවුන් මෙම මිනීමැරුම හා කිසිදු සම්බන්දයක් නැත ඔවුන් කල එකම වරද ඔවුන් හා එම මිනීමරුවන් එකම ජාතියක් වීමය . එසේන්නම් මෙය කෙසේනම් සාධාරණය කල හැකිද . මෙවැනිම මිනීමැරුම් කොතරම් රටේ වෙනවාද . එය සුලුජාතියකින් සිදුවුයේනම් එය මෙලෙසය. මහජාතියෙන් මෙය සිදුවුයේනම් ? මෙතරම් ප්‍රස්නයක් වේවිද? එසේ කොතරම් සිදුවේද?

:       72       253

පුෂ්පකුමාර Monday, 05 March 2018 05:07 PM

මිනීමරුවන් හා, මේ ගිනිතියපු මැරයින් සමාජයෙන් තුරන් කල යුතු සමාජ විෂබීජයි. එය සමාජය වෙනුවෙන් කරන විශාල මෙහෙවරක්.

:       12       605

thusitha Monday, 05 March 2018 05:10 PM

මුස්ලිම් අමානුෂිකත්වයට නිසි පිළිතුරු ලැබී ඇත

:       522       332

ජගත් ලියනගේ Monday, 05 March 2018 05:13 PM

ඉවසීමෙන් කටයුතු කළ යුතුයි .

:       0       104

පිටිගල මිලානෝ Monday, 05 March 2018 05:20 PM

කූඹියෝ එකේ ජෙහාන් ද මේක කරේ කියලා හොයලා බලන්න.

:       18       21

emerson Monday, 05 March 2018 05:39 PM

අනතුරක් සිදුවුණාම එතෙන්ට පැනලා පහර දෙන එක වැරදි .කවුරුත් හිතල අනතුරු කරන්නේ නැ. මිනිස්සුන්ගේ අවබෝධය මිට වඩා ඉහල වෙන්න ඕන . නිතිය ගැන මිනිස්සුන්ට විස්වාසය නෑ . පොලිසියට පගාව දීල සිද්දි යට ගහනවා කියල මින්ස්සු අවබෝධයෙන් දන්නවා. රටේ පාලනයේ ඉන්නේ හොරු කියලත් මිනිස්සු දන්නවා. නිතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා දන්නා නිසා මිනිස්සු නිතිය අතට ගන්නවා.

:       4       201

සඳුන් Monday, 05 March 2018 05:42 PM

සංහිදියාවේ නාමයෙන් ඉවසීමේ සීමාවක් තියනවා.

:       69       55

ජගත් ලියනගේ Monday, 05 March 2018 05:45 PM

ඕව දුර දිග ගෙනියන්න හොඳ නැහැ , මොකද ඔය ප්‍රශ්න කොහෙන් කෙළවර වෙයිද කියන්න අමාරුයි අවසානයේදී .

:       0       36

nuwan Monday, 05 March 2018 05:50 PM

අද රටේ සුළු ජාතිය බවට පත් වෙලා ඉන්නේ සිංහල මේක සින්හල රටක් කියල ගොඩක් දෙනෙකුට අමතක වෙලා. නැති උන සහෝදරයට නිවන් දක්නා තුරා මේ වගේ අකල් මරණයක් නොවේවා!!

:       208       177

sam Monday, 05 March 2018 07:30 PM

මේ වගේ දේවල් ඉස්සර අපි දැක්කම හෝ ගල ඇවිත් කාටහරි බනිනන්ව. එත් දැන් අපි දන්නවා මේවා කාගේ හරි ලොකු ප්ලැන් 1ක කොටසක් බව (කූම්බියන්ට පින් සිද්ද වෙන්න) මුස්ලිම් උබලත් සිංහල අපිත් මේ වගේ උගුල් වල පැටලෙන්නේ නැතිව ඉන්න එක හැමෝටම හොදා

:       0       134

Perakum Monday, 05 March 2018 09:18 PM

මෙය කිසි සේත්ම අන්තවාදී අරගලයක් වීම වැලක් වියයුතුය. සිවුරු ඇඳගත් අය අරගලයට ආවේ මන්ද? පළමුකොට ඔවුන් අත් අඩංගුවට ගත්තේ නම් බොහෝ තොරතුරු දැනගත හැක.

:       215       456

චන්දා Monday, 05 March 2018 11:00 PM

"මේ පුද්ගලයාට පහර දුන් බව කියන සැකකරුවන් සිවුදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනු ලැබ තෙල්දෙණිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 7 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයට පත් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය." නම් සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ කවදාද ?

:       0       44

somasiri Monday, 05 March 2018 11:44 PM

මිනිස්සු මෙහෙම කෝප වෙන්නේ ඇයි කියල හොයල බැලුවහම තේරුණා පොලිසියේ සහ දැන් ඉන්න රාජ්‍ය පාලකයන් ගේ නොමනා ක්‍රියා කාරකම් සහ සහජීවනය නොදන්නා මිනිස්සුන්ගේ නොමනා ක්‍රියා නිසා තමයි මෙහෙම වෙන්නේ කියල.

:       94       113

ලුම්බිණි Monday, 05 March 2018 11:58 PM

අපේ ස්වාමින්වහන්සේලා කීප දෙනෙකුත් කලබල කාරීන් සමග ගමන් කරන්නේ මොකද කියල හිතන්න අමාරුයි.

:       134       155

GihanTuesday, 06 March 2018 06:52 AM

හාමුදුරුවෝ හිටියේ නැත්තන් ජිවිත ගානක් මේ වෙනකොට නැති වෙලා. කොහොමත් ලුම්බිණි කියන කෙනා සිංහල ජාතිය හා බෞද්ධ ජනතාව එක්ක බද්ධ වයිරයකින් පසු වන බව කලින් කොමෙන්ට් වලින් ඔප්පු කරලා තියෙනවා.

:       47       138

Dhanushka Tuesday, 06 March 2018 01:21 AM

ජාතියක් විදිහට අපිට ආය නැගිටින්න බෑ. මොකද අපි එහෙම කලොත් ජාතිවාදී වෙනවා. පොලිසියට කොන්දක් නෑ.

:       2       83

Asanka Tuesday, 06 March 2018 01:35 AM

අපේ රටේ බුද්ධි ගලනයක් සිදුවන්නේ මෙවන් හේතු නිසා නොවේද? අනාගත දරුවන්ට අප උරුම කරන්නේ ජාතිවාදය මිසක් සාමකාමී පරිසරයක් නොව

:       0       31

maalaka Tuesday, 06 March 2018 01:58 AM

බොර දියේ මාළු බාන්න කී දෙනෙක් බලාගෙන ඉන්නවද? මේ හැම සිද්දියක් පිටුපසම තියෙන දේශපාලන හස්ත කාගේද? දකින ඇහෙන දේට වඩා දෙයක් තියෙන බව තේරුම් ගන්නේ කවදාද?

:       0       160

Athula Tuesday, 06 March 2018 02:13 AM

වල් බූරු නිදහස බුක්තිවිඳිති.

:       50       168

chandana Tuesday, 06 March 2018 02:20 AM

මේ විදියටම කල්ලෝ සෙට් එකක් ඇමෙරිකාවේ ෆ්ලොරීඩාවේ සුදුජාතිකයෙක්ට ගහපු වෙලාවේ කල්ලොන්ට විරුද්ධව නොබියව නැගී සිටියේ ඇමෙරිකානු පොලිසිය. එත් ඉතින් අපිට ඒක හීනයක් විතරයි, මොකද ලාංකිකයෝ කියන්නේ තමුන්ගේ රජුරුවන්වත් අල්ලලා වැල් පොටකින් බැදලා, තාන්න-මාන්න වෙනුවෙන් සුද්දට පාවා දුන්නු ජාතියක්නේ.

:       11       237

Nuwan Tuesday, 06 March 2018 02:52 AM

අවාසනාවට අද අපට කුමාරතුංග මුනිදාසලා නොමැත; ආචාර්ය ඊ ඩබ්ලිව් අධිකාරම්ලා නොමැත; හේන්පිටගෙදර ඥාණසීහලා නොමැත. අද වැඩි වැඩියෙන් බිහි ව ඇත්තේ ජාතියට මඟ පෙන්වන්නෝ නොව ජාතිය කනත්තට දක්කාගෙන යන්නෝ ය. මෙය තේරුම් ගැනීමට හැකි එක් අයකු හෝ සිංහල සමාජයේ සිටී නම් ජාතිය ඇද වැටෙමින් පවතින අඳුරු අගාධය ගැන කණගාටු විය යුතු නැත

:       0       30

බන්ඩා Tuesday, 06 March 2018 02:52 AM

රටේ නීතිය හැම ජාතියකට එක හා සමානව ඉෂ්ඨ වෙනවා යන හැඟිම සුලු ජාතීන්ට පමනත් නෙවෙයි මහ ජාතියටත් තිබිය යුතුයි. සංහිඟියාවත් කියල එකක් කරගහ ගත්ත 'යහපාලකයො' අද රටේ නීතිය සුලු ජාතීන්ට පක්ෂව සහ මහ ජාතියට විරැද්ධව අසාධාරනව ක්‍රියාත්මක කරනවා කියන හැගීම අද මහ ජාතියේ අති බහුතරයේ මනස තුල අැති වෙලා තියනවා. ඔන්න ඔය ප්‍රශ්ණය විසදුවහම ජාතික සංහිඳියාව ඉබේම විසදේවි.

:       347       321

suran Tuesday, 06 March 2018 03:31 AM

නීතීය සෑම ජාතියකටම සමානව ක්‍රියාත්මක නොවීමේ ප්‍රතිවිපාක අද අප බුක්ති විදිනවා. මෙම සිදුවීමේදී පහර දුන් පුද්ගලයන්ට විරුද්දව නීතීය ක්‍රියාත්මක වීමක් සිදු වී නම් මෙවැනි විනාශයක් සිදු නොවනු ඇත.

:       52       79

sas Tuesday, 06 March 2018 03:32 AM

නීතිය ක්‍රියාත්මක කර තිබියදී මිනුස්සූ මෙලෙස හැසිරීම සැකයි.

:       30       123

CHANDA Tuesday, 06 March 2018 09:49 AM

මේ සිදුවීම තුල ඔබට තියෙන තොරතුරු මුලාශ්‍රවල දින වකවානු කරුණාකර කියන්න.

:       30       5

ගයාන් සංජීව Tuesday, 06 March 2018 03:36 AM

මෙවැනි සිදුවීමි රාශියක් සිදුවි ඇතත්, ඒ සැබැදිව ගෙන ඇති ක්‍රියා මාර්ගයන් කෙසේ ලබාදුන්නේද යන්න සිතාගත නොහැක. මෙවැනි තීරණ ගැනීමෙන් තවත් සිදුවිමි සිදුවීම අහඹුවක් නොවෙි. මෙි සිද්ධියට අදාල ගන්නා තීරණය.....

:       21       31

KANDEPOLA Tuesday, 06 March 2018 04:19 AM

බලධාරීන් 'සංහිඳියාව' යන්න වැරදි ලෙස වටහාගෙන සිටීම මේ තත්වයන්ට ප්‍රධාන හේතුවක්.

:       85       102

sena Tuesday, 06 March 2018 04:45 AM

මේ පුද්ගලයා මිය යාම පිටුපස සරල ක්‍රියාවකට එහා ගිය යමක් තියෙනවා ඒ ගැන බලධාරින් උනන්දු විය යුතුයි

:       44       173

Chulantha Tuesday, 06 March 2018 05:46 AM

නීතිය හා සාමය සරත් ෆොන්සේකා මහතාට ලැබේවා.! ඔක්කොම සෙල්ලම් ඉවරයි.

:       514       463

GihanTuesday, 06 March 2018 06:48 AM

ඔන්න් ඕක මිනිස්සුන්ගේ කටින්ම කියව ගන්න තමයි මේ ගේම ආණ්ඩුවෙන් සැලසුම් කරේ.

:       5       157

asad Tuesday, 06 March 2018 07:33 AM

ගිහාන් මහත්තය බය වෙලාද කොහෙද??

:       72       13

Karthini Tuesday, 06 March 2018 06:05 AM

ත්‍රී රෝද වහාම නතරකල යුතු නොවේද? ත්‍රී රෝද කරුවන් රට පාලනය කරන යුගය වැඩි ඈතක නොවේ!

:       0       21

Don perera Tuesday, 06 March 2018 07:28 AM

මම නම් මේ ආණ්ඩු දකින්නේ සංක්‍රාන්ති මිනිහෙක් විදිහටත.....

:       0       0

CHANDA Tuesday, 06 March 2018 09:45 AM

ඒ අයට ඡන්දෙ දුන්න අය ...?

:       0       3

asad Tuesday, 06 March 2018 07:43 AM

බීමතින් තිරිසන් ලෙස හැසුරුණු සිව්දෙනාට නිතිය තදින් ක්‍රියාත්මක විය යුතුය. මෙය ජාතිවාදී ප්‍රස්නයක් ලෙස නිර්වචනය කරනු ලබන සියලු දෙනාටම කියන්නේ වීරයන් විය යුත්තේ මුහුණු පොතෙවත් මෙතනවත් නොව. ජාතිය යුද්ධයක් කරා ඇදගෙන යාමෙන් ජාතිය ආරක්ෂා නොවන බව සෑම දෙනාම දැනගත යුතුය. ඒ අසරණ උණු පවුල වෙනුවෙන් රැකවරණයක් පිහිටක් විම විනා කාටවත් ප්‍රයෝජනයක් නොවන හැසිරීම පිළිකුලෙන් හෙළ දකිමි.

:       14       107

sira Tuesday, 06 March 2018 09:42 AM

ජාතීන් දෙක අතර සහජීවනය දිගු ඉතිහාසයක් ඇති බව සියලුදෙනාම පිළිගන්නවා ඇත. නමුත් මේ දිවයිනේ ප්‍රමුඛ ජාතිය සිංහලයින් බව සියලු දෙනා පිළිගත යුතුයි. මේ ලෝකයේ අනෙකුත් රටවල් අතරද පොදු සාධකයක් බවට නොපිළිගන්නේ කුහකයින් හා ස්වාධිපත්‍යයක් නොමැති අය පමණි. දිගු ඉතිහාසයක් ඇති ජාතීන් අතර මෙවන් අනවබෝධයක් ඇතිවීමට හේතුව වන්නේ වර්තමානයේ කළු ලෝගු අඳිමින් තම අධිකාරී බලය පෙන්වීමට ගෙනයන උත්සාහය නොවන්නේද යන්න තම හෘද සාක්ෂියෙන් ඇසිය යුතු නොවේද? මෙය ලෝකය පුරාම ප්‍රතික්ෂේපවන හා අර්බුද ඇතිකරන න්‍යායක් වන අතර අන්‍ය ජාතීන් කුපිත නොවන ලෙස ජීවත්වීම තම තමන්ගේද වගකීමක් නොවන්නේද යන්න විමසා බැලිය යුතුයි. සැබෑ සහජීවනය එය නොවන්නේද? තමාට අහිමි තැන අධිකාරී බලයකින් හෝ කූට ක්‍රමවේදයකින් හෝ අනෙකත් ජාතීන් මෝඩයන් සේ සලකා කටයුතු කිරීම මෙවන් ප්‍රතිඵල තවදුරටත් වර්ධනය කරනු ඇත. නිවට පාලකයින් රජ කරන යුගයක නිවටයින් ලෙස ජීවත්වීමට වඩා මෙරට හැරයාමට සිංහල දරුවන් නැඹුරුවන්නේ මෙවන් හේතු නොවේද?

:       16       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 555 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 2151 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 4830 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1221 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1880 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1270 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 512 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site