IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට

(ෂේන් සෙනෙවිරත්න)
 
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු ලබන දේවාලයක කපුවෙකු සහ ඔහුගේ බෑනා විසින් භාවිතා කළ බවට අනාවරණය වීමෙන් පසු එම දේවාලයේ කපුවා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි  .

එම සුඛෝපභෝගී ජීප් රථය තෙල්දෙණිය පොලිස් වසමේ දිගන අයි.සී.සී. නිවාස සංකීර්ණයේ පාළු නිවසක ව්‍යාජ අංක තහඩු සවිකර ගරාජයක් තුළ සඟවා තිබියදී තෙල්දෙණිය කොට්ඨාස අපරාධ කාර්යාංශයට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන තිබිිිණි.

ඒ පිළිබඳ සිදු කළ පොලිස් ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් පවසා තිබුණේ එම ජීප් රථය මීට දින කීපයකට උඩදී වෙඩි තබාගෙන මියගිය ලොහාන් රත්වත්තේ ගේ ලේකම්වරයා විසින් එම නිවසට දමා ගොස් තිබූ බවයි .



අදහස් (9)

තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට

Dave Saturday, 02 November 2024 09:05 PM

කුණු ඔක්කෝම දැන් පටවන්නේ මියගිය ලේකම්ට. ඇත්ත දැනගන්න එයා ළඟටම යවන්න.

:       0       8

නුවන් Saturday, 02 November 2024 09:18 PM

හොරු අල්ලනවා කියලා ජනතාවට පෙන්නන්න ගිහිල්ලා හත්පොලේ ගාගන්නවා...

:       1       0

පිටිගල මිලානෝ Saturday, 02 November 2024 10:02 PM

ගාල්තැන්නේ කපුවා හොරා.

:       0       0

බකල ජයා Saturday, 02 November 2024 10:49 PM

ශ්‍රී ලංකාව ගෝත්‍රික ලක්ෂණ ඇති පසුගාමී රටක් තත්ත්වයේම තියාගන්න. මේ කපුමහත්වරුන්ගේ සේවය ඉමහත් ලෙස වැදගත්.

:       0       1

නිමල්බටපොල Sunday, 03 November 2024 06:38 AM

ඔය තක්කඩී ගාල්තැන්නෙ කපුවාගේ දූෂිත ගනුදෙනු සියල්ල සොයාබැලිය යුතුයි. ජනතාවගෙන් ඉතාමත් අසාධාරණ ලෙස මුදල් මංකොල්ල කන අති දූෂිත කලු සල්ලි සුදු කරන මිනිහෙක්...

:       1       0

Buddika Sunday, 03 November 2024 07:37 AM

ඔන්න කපුවන්ගේ තරම. මේ වගේ ව්‍යාජ දේවාලවලට අරක්ගෙන ඉන්නේ මල පෙරේතයින්, කුම්බාන්ඩයින්.මොලේ නැති හරකුන් ගාවට ගිහින් දහස් ගණනින් සල්ලි දෙන්නේ. ඒවාගෙන් කරන දේවල් පේනවනේ. මේ දේවාලවලට මීහරක්ට මොලේ නෑ. ලන්කාවේ හරියට මේ වගේ තැන් තියනවා වගේම මිනිස්සු පෝලිමේ ඒවාට යන්නේ. මේ වගේ අන්ධ විශ්වාස බුදුන් වහන්සේ අනුමත කරලත් නැහැ. දෙවියන් ඔය කියන දේවාලවල නෑ.

:       0       3

RANJAA Sunday, 03 November 2024 12:46 PM

ඔය කපුවාගේ ජාවාරම් ගැන කවුරුත් දන්නවා... නිහඬව හිටියා එහෙමනේ...

:       0       4

ගාමිණී Sunday, 03 November 2024 01:38 PM

ඔය හොර කපුවට දෙයියෝ කිව්වේ නැද්ද දන්නේ නෑ මෙය හොර වාහනයක් කියලා... මොවුන් ඔක්කෝම බොරු කාරයෝ... අපේ අහිංසක මිනිසුන් අතේ තියන තුට්ටු දෙකත් නැති කරගෙන තමන්ගේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න මේ හොරු ළඟට තමයි යන්නේ...

:       0       2

de silva Sunday, 03 November 2024 01:41 PM

ඔය සියදිවි නසාගෙන මරුණා කියන ලේකම්ගේ මරණයත් මිනී මැරුමක් වෙන්න පුළුවන්... මේ ගැන හොයලා බලන්න.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 724 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 311 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1078 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4287 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2057 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 1123 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2008 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site