IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


තල්පේ යළි සෙක්කු යුගයට

හබරාදුව තල්පේ ලංකාදිප අලෙවි නියෝජිත වේරදූවගේ සුමිත් ප්‍රියන්ත (45) මහතා පැරණි සෙක්කුගලක් යොදාගෙන යළි පැරණි ක්‍රමයට පොල්තෙල් සෑදීම ආරම්භ කළේය. කෝන් ගසක කදකින් සාදා ගත් මෝල් ගසක් සෙක්කු ගලට සවිකොට එය හරකෙක් යොදා කැරකැවිය හැකි අයුරින් සැකසූ ප්‍රියන්ත මහතා දැන් කොප්පරා යොදාගෙන පොල් තෙල් සාදා ගනී. ඔහු පවසන්නේ පාසල් ළමුන්ට සහ විදේශිකයන්ට දැකගැනීම සදහා මේ සෙක්කුව සැකසූ බවයි. 20 වැනි සියවසේ මුල් කාලය දක්වාම දකුණේ බොහෝ නිවෙස් වල විවිධ ප්‍රමාණයේ සෙක්කු පැවතිණි. දැන් ඒවා කෞතුක භාණ්ඩ එකතු කරන්නන්ගේ ගබඩාවලට සහ හෝටල් උද්‍යානවලට ගෙනගොස් ඇත. තෙල් මෝල් බිහිවීමත් සමග සෙක්කුවෙන් තෙල් සිදීම නැවතිණි.



අදහස් (0)

තල්පේ යළි සෙක්කු යුගයට

සදුනි Tuesday, 26 November 2013 03:30 AM

ප්‍රමුක, පිස්සුද නැත්තම් හැටිද? (අ)

:       0       0

උපාලි Tuesday, 26 November 2013 05:36 AM

හොඳ වැඩක්. හරක් හොයාගන්නත් අමාරුවක් නැහැනේ දැන් කාලේ. (අ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 26 November 2013 06:00 AM

ඇත්තටම අගය කලයුතුයි , සෙක්කු තෙල් වල කොලොස්ටරෝල් නැහැ කියල දවසක කරපු පර්ක්සනයකින් ඔප්පු වෙලත් තිබුන , හොඳ ආදායම් මාර්ගයක් මේක ඔබගේ උත්සාහය ගැන ආඩමබර්යි (අ)

:       0       0

චන්ද්‍රා Tuesday, 26 November 2013 06:36 AM

සෙක්කුවේ බැනපු ගොනා වගේ කියන්නේ ඇයි?කල්පනා කර බලා මීට වෙන පිළියමක් යොදන්න. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 26 November 2013 06:39 AM

අහලා තිබුණාට දුටුවේ අදයි. ස්තූතියි (නි)

:       0       0

මාධවී Tuesday, 26 November 2013 06:40 AM

මම නම් මේ වැඩේට අකමැතියි. (නි)

:       0       0

ගමගේ Tuesday, 26 November 2013 04:44 PM

හරකාට මට ඉන්න ආසයි

:       0       0

හරා Tuesday, 26 November 2013 08:30 AM

මුන් අපිව අයෙමත් ගොනාට අන්දන්න යන්නේ (නදී)

:       0       0

තුසන්ත Tuesday, 26 November 2013 11:45 PM

කාලයත් සමග අභාවයට යන අපේ පැරණි මෙවලම් නව පරපුරට දැක ගන්න සැලැස්වීම අගේ කලයුතු දෙයක් .කලකට පසු සුමිත් මහතාව දැකීමත් සතුටක්......(අ)

:       0       0

සුනන්ද Tuesday, 26 November 2013 04:53 PM

ඉස්සර අපේ ගමෙත් හැම ගෙදරකම වගේ තිබුනා (නි)

:       0       0

චන්දු Wednesday, 27 November 2013 12:39 AM

ඔන්න අපේ සම හරක් තේරුන් ගත් විදිහ (අ)

:       0       0

ගජබා Tuesday, 26 November 2013 08:56 AM

හරක ඉවත් කර ඒ වෙනුවට විකල්පයක් යොදා ගන්න උත්සහ කරන්න. මම හිතන විදියට මෙම තෙල් වල ගුණාත්මක බව ඉතා ඉහලයි. එයට හේතුව, කොප්පර වල තිබෙන අනවශ්‍ය සයිල බිදී යාමෙන් එකතු වෙන අහිතකර සංගටක මෙහි නැහැ. යාන්ත්‍රික ක්‍රමයේදී සියලුම සංගටක එකතු වෙනවා..!!(නදී)

:       0       0

රසික Tuesday, 26 November 2013 09:17 AM

ඉතාම හොඳ වැඩක්.ශරීරයට හිතකර නිෂ්පාදනයක්. පිරිසිදු පොල්තෙල් කොපමණ රසද? අර පීවීසී බටය වෙනුවට දේශීය උණ බටයක් යොදාගනිමු නේද? (නි)

:       0       0

පුෂ්ප කුමාර Tuesday, 26 November 2013 09:21 AM

මම ගාල්ලේ වුනාට හරියටම දැක්කේ අද තමයි. සුම්ත් මහතාට ගොඩක් ස්තුතියි.(නදී)

:       0       0

නවුෆල් Tuesday, 26 November 2013 09:36 AM

දැන් ඕකටත් බද්දක් ගෙනෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

කුමාරි Tuesday, 26 November 2013 09:38 AM

කවුරු කොහොම හිතුවත් ගොඩක් හොද වැඩක්. අපේ ගොඩක් අයට අමතකයි අපිට මෙහෙමයි පටන් ගත්තේ කියලා. දැන් අය බලන්නේ නැගිටපු ගමන් කෝටිපතියෝ වෙන්න. සමාජයට හොද ආදර්ශයක්. නිර්මාණකරුගේ අපේක්ෂාව ඉටු වේවා! (නදී)

:       0       0

ගුණේ Tuesday, 26 November 2013 10:01 AM

සදුනි - ඒ ප්‍රමුකගේ පිස්සුවෙ හැටි.(නදී)

:       0       0

ධම්ම Tuesday, 26 November 2013 10:24 AM

ඔක්කොම හොඳයි, අර පීවීසී බටෙත් පොඩ්ඩක් වෙනස් වුණා නම් (නි)

:       0       0

අරුණ Tuesday, 26 November 2013 06:56 PM

ප්‍රමුක, ඔයාගේ කතාව සම්පූර්ණ ඇත්ත. මේකටත් අනිවාර්යෙන් බද්දක් ගහාවි.(නදී)

:       0       0

ශාන්ත ලාල් Tuesday, 26 November 2013 10:42 AM

‍කාලෝචිත ක්‍රියාවක් (නි)

:       0       0

කෝඩ් Tuesday, 26 November 2013 10:47 AM

මාධවී ට දුක හරක ගැන වෙන්න ඇති. අනේ නෝනේ හරක් වගේ දුක්විඳින මනුස්සයෝ ගැන ඔහොම දුක්වෙන්න කව්රුත් නැහැනේ ගල්කොරි වල පාර හදන තැන්වල වගේ මාධවී ගිහින් බලන්නකෝ මේ උත්සාහයට සුභ පැතුම්.(නදී)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 26 November 2013 10:47 AM

ගුණරත්න මහත්තයෝ ඔබ ලංකාවේ කොයි පැත්තේද? මම නම් කුලියාපිටිය පැත්තේ. ඔය සෙක්කු ගල මම ගිනියන්නම්.(නදී)

:       0       0

ප්‍රිය Tuesday, 26 November 2013 10:56 AM

මේ ක්‍රමයේ සෞඛ්‍යාරක්ෂිත බව වැඩිද? (නි)

:       0       0

ග්‍රිෂාණි Tuesday, 26 November 2013 10:56 AM

අපිත් වස විස නැති ස්වභාවික දෙයට හුරුවෙමු. මෙයත් හොද අවස්ථාවක් (නි)

:       0       0

ජගත් ප්‍රියන්ත Tuesday, 14 January 2014 08:02 PM

පැරණි අපේ උරුමය නැවත ලොවට පෙන්නු ඔබට මගේ ස්තුතිය.(නදී)

:       0       0

ඔසන් සලාම් - කටාර් Tuesday, 26 November 2013 11:14 AM

නැවත මේවා දකිනවිට හරිම සන්තෝෂයි. (නි)

:       0       0

සන්ධ්‍යා Tuesday, 26 November 2013 11:52 AM

අපි පැරණි දේවල් අගය කළ යුතුයි (නි)

:       0       0

ලලිත් Tuesday, 26 November 2013 11:53 AM

එහෙනම් අපිටත් මෙය දැකගන්න පුළුවන් වෙයි (නි)

:       0       0

කුමාරසිරි Tuesday, 26 November 2013 12:07 PM

ප්‍රමුඛ, ඔයාගේ අදහස හොදයි. (නි)

:       0       0

සුලෝචන පෙරේරා Tuesday, 26 November 2013 12:09 PM

නියමයිනේ. මමත් අද තමා මේ ක්‍රමය දැක්කේ. (නි)

:       0       0

රන්ජිත් Tuesday, 26 November 2013 12:35 PM

ප්‍රමුඛ, මේ දෙය අගය කරන්න. (නි)

:       0       0

සුලෝචන Tuesday, 26 November 2013 12:36 PM

හරිම හොද වැඩක් (නි)

:       0       0

ප්‍රමුඛ. Tuesday, 26 November 2013 12:38 AM

මේ ජීවන වියදම ඔරොත්තු නොදෙන නිසා අප ඉබේම ආපස්සට තල්ලු වෙනවා.කෙසේ හෝ නොමැරී ජීවත් වෙන්න ඕනෙනේ.කොහොම උනත් මෙවැනි දේ පින්තුර සහිතව ප්‍රචාරය කිරීම මේ පිරිසට බලවත් පාඩුවකි.මොකද මොකාගෙ බෙල්ලද මිරිකා ලේ බොන්නේ කියා බල සිටින මුදල් පිපාසිත අයට මේ තොරතුරු වැදගත්ය.සමහරවිට හෙට උදේ වෙන විට සෙක්කු බද්දක් පනවා තිබේවි.(ස)

:       0       0

නරනප්පා Tuesday, 26 November 2013 12:42 PM

රාලේ බැදපන් කිරි පුස්සා ..... රාලේ බැදපන් අපේ පැගිරා,,,,,,,මෙච්චර කල් නුබ සෙක්කු මගක කල් ගෙඋවා නොවැ නුබ රාලේ. (නදී)

:       0       0

ශාන්ති Tuesday, 26 November 2013 01:17 AM

අපේ ගමෙත් ඉස්සර සෙක්කුවක් තිබුණා මට මතකයි (නි)

:       0       0

ගුණරත්න Tuesday, 26 November 2013 02:03 AM

අපේ ගෙදරත් තියෙනවා අවුරුදු 200 විතර පරණ සෙක්කුවක්.මට ඒක ඉවත් කරගන්ට ඕනේ. කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්ට සත පහක් වත් එපා මට. (අ)

:       0       0

දොන් සේතන් Tuesday, 26 November 2013 12:52 PM

මම හදලා තියෙන මැෂිමත් මල් පහයි. දවසකට කට පුරවලා බැරල් කීපයක්ම පුරවා ගන්නවා. සැපයුම වගේම ඉල්ලුමත් හොදයි. පොලීසියේ මහත්තරුන්ගෙන් තියෙන කරදර නිසා මේක ප්‍රසිද්ද කරන්න බැහැනේ. කොළුවෝ කොහොමත් දැන් කැසිනෝත් ආව නිසා අපට තැනක් දෙයි කියලා හිතනවා.(නදී)

:       0       0

නසාර් Tuesday, 26 November 2013 01:01 PM

පාඩුයි වැඩේ හරක්කුලිය, මිනිස්කුලිය දවසේ කුලිය අතින් කාල හරක් බලපු කතාව ටිකට් විකුණලා පෙන්වන්න.(නදී)

:       0       0

මාධවී Friday, 29 November 2013 06:47 AM

මම පොඩිකාලේ අපේ මහගෙදර සෙක්කුවක් තිබුනා.මිනිස්සු තුන් දෙනෙක් ලොකු හරකෙක් අරගෙන මාස හයකට වරක් ඇවිල්ලා තෙල් හිදලා දෙනවා. හරකට හරි කරදරේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 47 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 121 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 397 0

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1025 0

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 759 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1472 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14560 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 147 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site