IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


තෙල්මිල පොඩ්ඩක් පහළට

(සුජිත් හේවාජුලිගේ )

ඉන්ධන මිල රුපියල් 50ත් 100ත් අතර සංඛ්‍යාවකින් යළිත් වරක් අඩු කෙරෙනු ඇතැයි ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග වලින් පැවසේ.

බොහෝ දුරට අද(1) මධ්‍යම රාත්‍රියේ සිට එම අඩු කිරීම ක්‍රියාත්මක වනු ඇත.

ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල පහත යෑමට සාපේක්ෂව මෙරට තෙල් මිල මෙලෙස අඩු කිරීමට තීරණය කර ඇති බව සංස්ථාවේ ප්‍රකාශකයෙක් පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ඉන්ධන මිල රුපියල් දහයත් විස්සක් අතර සංඛ්‍යාවකින් අඩු කිරීමට පියවර ගත්තේය.

 



අදහස් (13)

තෙල්මිල පොඩ්ඩක් පහළට

nimal Sunday, 31 July 2022 05:58 PM

කෘෂි කර්මාන්තයේ නිරත වන ගොවීන්ගේ අස්වනු නෙළීම සඳහාම අවශ්‍ය කරන ඉන්ධන හමුදාව මැදිහත්ව ලබාදීමට නොහැකිද ?

:       1       46

donSunday, 31 July 2022 06:16 PM

1990 ගණන් වෙනකන් අස්වනු නෙළුව විදිහට තමයි ඉදිරියට ගොඩක් දුරට ළෙන්න වෙන්නේ.

:       4       29

මාදව Sunday, 31 July 2022 06:40 PM

යකෝ තෙල්මිල පහත දාන එක කළාට කමක් නෑ. ඕක පාඩුවට දුවලා ආපහු කෙල කරගන්නවා නෙවෙයි. ඡන්දවලට තෙල් ගණන් අඩු කරලා. කාලකන්නි හැතිකරේ...!

:       27       40

NDF Leader Sunday, 31 July 2022 07:40 PM

2021දී ඩොලර්ය රු. 200ට තිබිලා රු. 360ට වුණා කියන්නේ 180%යි. පෙට්‍ර්ල් රු. 138 සිට රු. 476 කියන්නේ 345%. හරි නම් සැබෑ මිළ රු. 250 විය යුතුයි.

:       11       31

SLMonday, 01 August 2022 08:33 AM

පෙට්‍රල් අධි පරිභෝජනය රටට දරන්න බැරි නිසා නම් තෙල්මිල වැඩි කරපු එක අවුලක් නැහැ. නමුත් ලාභය තනිකර යන්නේ IOC එකට, වැඩි කළේ බදු මුදල් නොවේ, ලාභය. කාටද කොමිස් එක යන්නේ?

:       1       1

ABCMonday, 01 August 2022 11:11 AM

ඩොලර් විතරක් නෙවෙයි, තෙල් මිලේ අඩු, වැඩිවීමත් සලකන්න ඕනෑ. අනික ඒ දවස්වල තෙල්දීලා තියෙන්නේ පාඩු පිට...!

:       1       3

රුක්ෂාන් Monday, 01 August 2022 01:41 AM

අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පාලනමිල ක්‍රියාත්මක කරන්න. තෙල්මිල පහත හෙලද්දී එයත් සිදුකරනවා නම් ගොඩක් වටිනවා...

:       0       2

Demuni Uduwara Monday, 01 August 2022 06:30 AM

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ප්‍රධානී ජනක රත්නායක මහතා පසුගිය 7 වැනිදා මාධ්‍ය වෙත ප්‍රකාශ කළ පරිදි සහ වාර්තා වූ පරිදි එක් ඉන්ධන මිල රුපියල් 200/- කින් අඩු කළ හැකිය.

:       1       2

Hmc herath Monday, 01 August 2022 07:07 AM

හරිම හොඳයි

:       0       1

SL Monday, 01 August 2022 08:55 AM

පෙට්‍රල් අධි පරිභෝජනය රටට දරන්න බැරි නිසා නම් තෙල්මිල වැඩිකරපු එක අවුලක් නැහැ. නමුත් ලාභය තනිකර යන්නේ IOC එකට, වැඩිකලේ බදු මුදල් නොවේ ලාභය... කාටද කොමිස් එක යන්නේ? කරුණාකර ත්‍රීවිල්/ ටැක්සි ගාස්තු පාලනය කරන්න. ඒවා කරන්න තමයි රජයේ ආයතනවල ඉන්න අයට, ප්‍රාදේශීය සභා, පළාත්සභා, පාර්ලිමේන්තුවල ඉන්න මන්ත්‍රිලාට පත්වීම්, දීමනා දෙන්නේ... දැන් තියෙන්නේ ත්‍රිවිල් මාෆියාවක්. මීටර් හයි කරන්න කියන්න ආණ්ඩු/ විපක්ෂ බයද?

:       0       3

ලලිත් ජයවීර - අම්බලන්ගොඩ Monday, 01 August 2022 09:32 AM

දේශපාලකයින්ට මෙන්ම රාජ්‍ය නිලධාරින්ට අනවශ්‍ය ලෙස වාහන සියල්ල නතර කළහොත් මාසයකට අඩුම තරමින් තෙල් නැව් දෙකක් නතර කරන්න පුළුවනි. ඒ නිසා පළමුව අනවශ්‍ය වියදම් සියල්ල කපා හරින්න. අරපිරිමැස්ම පටන් ගන්න ලොකු ලොකු තැන්වලින්. ඒක තමයි රටට දෙන ආදර්ශය. අරගලකරුවන් යෝජනා කළ බොහෝදේ ඉතා සාධාරණයි. ඒවා ගැන නිතර නිතර සැලකිලිමත් වෙන්න. අද ගැන නොව, අනාගත පරම්පරාව ගැනහිතලා වැඩ කරන්න. ඇන්ඇම්, කොල්වින් වගේ මේ පැරණි දේශපාලකයින් බොහෝ දෙනෙක් කටයුතු කළේ ඒ විදියට... මේ වැඩ සියල්ල පටන් ගත්තේ ජේ.ආර්. ගෙන් පස්සේ. එසේ නොකළහොත් රටට හානි කරන හැම දේශපාලකයෙක්ම අවසානයේදි වැටෙන්නේ කුණු බක්කියට... දැනටමත් බොහෝ් දෙනෙක් වැටිලා ඉවරයි. මම නම් කිසිම දවසක තඹ සතයක් වත් හොරකම් කරලා නැහැ. පගා අරගෙන නැහැ. කොමිස් ගහලා නැහැ. ඒ නිසා මම ඕනෑම මොහොතක මරණයට වුණත් සූදානම්. ඒත් අපේ රටේ බොහෝ දේශපාලකයින්ට එහෙම කියන්න බැහැ. අනාගත පරම්පරාව වෙනුවෙන් මේ රට ඉතුරු කරන්න. රටේ දේශපාලකයින් සහ රාජ්‍ය නිලධාරින්ගේ වැරදි වැඩ නිසා ජනතාව කොතරම් දුක් විඳිනවාද..? දැන්වත් හැදෙන්න බැරිනම් වැඩක් නැහැ. රජකම් කළත් කළකම් පල දෙනවාමයි. ඒ නිසා කල්පනාවෙන් හිතට අවංකව වැඩ කරන්න. ජනතා සාපයට ලක් නොවී...

:       0       17

M.vijitha Monday, 01 August 2022 09:42 AM

තෙල් තොග රැස්කර විකුණන අය නොමග අරින්න ඔහොම කිව්වට ඇත්ත මිනිස්සු දන්නවා. මෝඩ නිලධාරීන් හිතන්නේ අපි උගතුන් කියලා...

:       2       5

thushTuesday, 02 August 2022 06:11 AM

තෙල් තොග රැස්කර විකුණන අය නොමග අරින්න hodaai nee..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 575 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 736 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 451 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 281 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 397 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුව පත් කරයි
2025 අප්‍රේල් මස 23 548 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 671 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site