IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


තල්මසුන් මැරීම ජපානයට තහනම් කරයි

විද්‍යාත්මක පරීක්ෂණ සඳහා යැයි කියමින් ජපානයේ  තල්මසුන් මැරීම තාවකාලිකව නතර කිරීමේ නියෝගයක් නිකුත් කිරීමට එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණය සූදානම් වෙයි.

මේ සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේදී පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ ඕස්ටේ්‍රලියාව හා පරිසර සංවිධාන පවසා සිටියේ ජපානය පරීක්ෂණ කටයුතු යැයි සදහා කියමින් අත්ලන්තික සාගර කලාපයේ සිය ගණනින් තල්මසුන් මැරීමේ යෙදී සිටින බවයි.

පර්යේෂණ කටයුතු සදහා තල්මසුන් මැරුවේයැයි තහවුරු කෙරෙන සාක්කි සපයන්නැයි ජපානයට දැන්වූ විට ජපානය ඉදිරිපත් කිරීමට සමත් වූයේ පරීක්ෂණ පත්‍රිකා 2 ක් පමණකි.

කරුණු සළකා බැලු අධිකරණ විනිසුරු ජපානයට තල්මසුන් මැරීම තාවකාලිකව තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.

මේ සම්බන්ධයෙන් පසුව කරුණු දැක්වූ ජපානය පැවසූයේ සංස්කෘතික කරුණු මුල්කරගනිමින් ඕස්ටේ්‍රලියාව ජපානයට අනවශ්‍ය පරිදි බලපෑම් එල්ල කරමින් සිටිනා බවයි.ජපානයට තල්මසුන් මැරීම තහනම් කිරීමට ගන්නා ප්‍රයත්නය,හින්දු භක්තිකයින් ලොව පුරා ගවයින් ඝාතනය තහනම් කිරීමට උත්සාහ කරමින් සිටීම හා සමාන යැයි ජපානය කීය.

ජපානයේ තල්මස් මස් ජනප්‍රිය ආහාරයකි.මේ නිසාම ජපානය තල්මස් සංහාරයන් සිදුකරන බව ලොවට රහසක් නොවේ.ඒ බව සනාථ කෙරෙන වීඩියෝවන් හා ඡායාරූපයන් සිය ගණනින් ඇත.

නමුත් ජපානය කියන්නේ තමන් විද්‍යාත්මක පරීක්ෂණ කටයුතු සදහා මිස වෙනත් කටයුත්තකට තල්මසුන් මැරීමේ නොයෙදෙන බවයි.



අදහස් (0)

තල්මසුන් මැරීම ජපානයට තහනම් කරයි

බෙනට් Wednesday, 02 April 2014 04:44 PM

තල්මසෙක් මැරුවත් හාල්මස්සෙක් මැරුවත් දෙකම එකයි .. මුදේ ඉන්න සියලු මාළුන් මිනිස් ආහාරයට ගත්තට කමක් නෑ.. තල්මසුන් නොමරා බෝ වෙන්නට ඇරීමෙන් ඔස්ට්‍රේලියාව බලාපොරොත්තු වෙන්නේ කුමක්ද යන්න කිසිවෙකුට වටහා ගන්න බෑ..(ස)

:       0       0

සත්‍යයා Thursday, 03 April 2014 01:43 AM

එම්බල ජපානය! එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේ තීරණයට එරෙහි වෙන්න අවශ්‍ය නම් ලංකාව ආදර්ශයට ගනු! ඊට පස්සේ තල්මස්සු විතරක් නොවෙයි මිනී මැරුවත් ප්‍රශ්නයක් නැහැ.(නදී)

:       0       0

විලියම් Wednesday, 02 April 2014 11:52 AM

අනේ වාසනාවන්. මහා අමානුෂික විදිහට මරන්නෙත්. තවත් බටහිර රටවල් තිබෙනවා ක්‍රීඩා විදිහට මේ අහිංසක සත්තු දඩයම් කරන. (නි)

:       0       0

තිලක Wednesday, 02 April 2014 01:10 PM

ඉතාමත්ම යහපත් තීරණයක් (නි)

:       0       0

සමන්තිලක Wednesday, 02 April 2014 07:33 PM

හොඳ තීන්දුවක් දීලා තියෙන්නේ. දැන්වත් තල්මසුන්ට නිදහසේ ඉන්න පුළුවන්. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 02 April 2014 02:14 PM

ඕක තමා බොරුව හැමදාම කරන්න බැහැ කියන්නේ. (ස)

:       0       0

චාමික Wednesday, 02 April 2014 02:32 PM

මා දකින්නේ මෙය, ජපානයේ බලය පිලිබඳ පරීක්ෂා කිරීමට යෙදු උපායක්. තවදුරටත් ජපානය කීකරුව තබා ගැනීමට හැකිද නොහැකිද කියා සොයා බලන පරීක්ෂණයක්. (නදී)

:       0       0

පිටිගල Wednesday, 02 April 2014 10:13 PM

මිනිස් කමට නොගැලපෙන විදිහටයි මේ අසරණ මාළුවා මරන්නේ. තාවකාලිකව නෙවේ ස්ථීරවම තහනම් කල යුතුයි!(දී)

:       0       0

ජීවන් Wednesday, 02 April 2014 10:53 PM

ලංකාවට ජාත්‍යන්තර අධිකරන්යෙන් දෙන තීන්දු දිහා බලන විදිහට තමයි ජපානේ මිනිස්සුත් ඒ දිහා බලන්නේ..ඒ හින්ද කමෙන්ට් කරන කට්ටිය තමන්ගේ හදවතට එකගව හිතුවොත් හොදයි මට හිතෙන්නේ... (දී)

:       0       0

පියල් Wednesday, 02 April 2014 03:51 PM

ජපානය මේ පාපය කරනවා කාලයක් තිස්සේ. අපිත් මේ ගැන කල්පනා කළොත් හොඳයි. මතකනෙ සුනාමි ඇවිත් ජපානෙට කළ දේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 713 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4609 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2773 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 255 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1363 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1476 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28007 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site