(ඉන්දිකා රාමනායක)
හමුදාව විසින් තැලසීමියා රෝගීන් සඳහා නිෂ්පාදනය කරන ලද නික්ෂේපණ යන්ත්‍ර 23 ක් සෞඛ්‍ය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නාවික හමුදා මුලානයේ දී පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට බාර දී ඇත.
තැලසීමියා රෝගී තත්ත්වය හේතුවෙන් ශරීරය තුළ එක්රැස් වන රුධිරයේ අඩංගු යකඩ ශරීරයෙන් ඉවත් කිරීම සඳහා මෙම තැලසීමියා නික්ෂේපණ යන්ත්‍රය තැලිසීමියා රෝගීන් හට අත්‍යවශය වේ.
වෙළඳපොලෙහි ඇති තැලසීමියා නික්ෂේපණ යන්ත්‍රණ මිළදීගැනීමේ හැකියාවක් නොමැති රෝගින් වෙනුවෙන් නාවික හමුදාවේ සමාජ සත්කාර ව්‍යාපෘතියක් ලෙස නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් අඩු වියදමකින් මෙම යන්ත්රක නිශ්පාදනය කර රජයේ රෝහල් වෙත බෙදා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත බාරදුන් බව නාවික හමුදාව පවසයි.
මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ මේ වන විට නාවික හමුදාව විසින් තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 2397 ක් නිෂ්පාදනය කර බෙදා දී ඇති අතර, අවශ්‍යතාවය අනුව මෙම යන්ත්‍ර ඉදිරියටත් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් නිපදවනු ලබන බවද නාවික හමුදාව කියයි.
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 23 ක් සෞඛ්‍ය අමාත්‍යංශයට