මහින්ද නිශ්ශංක
චීන වරාය තෙල් ටැංකි 99 ඉන්දීය තෙල් සමාගමට (අයිඕසී) පවරා දීමට රජය ගෙන තිබෙන තීරණයට විරෝධය පළ කරමින් ඛනිජ තෙල් වෘත්තී සිමිති අද (23) මධ්‍යම රාත්‍රියේ සිට අඛන්ඩ වැඩ වර්ජනයක් කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී ජේ රාජකරුණා මහතා පවසයි.
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමට විරෝධය දක්වමින් ඛණිජ තෙල් සමිති වර්ජනයක්
රොමේෂ් Sunday, 23 April 2017 06:53 AM
ආණ්ඩුවම චීනෙට හරි, ඉන්දියාවට හරි දුන්නනම් ලේසියි එක සැරේ. පොඩ්ඩ පොඩ්ඩ දෙනකොට හරියට ආප්ප කෑවා වගේ. උන්ටත් නැහැ... අපිටත් නැහැනේ. ජනමත විචාරණයක් තියමු චීන කොලනියක්ද ඕන... ඉන්දියන් කොලනියක්ද ඕන කියලා...
රණසිංහ Sunday, 23 April 2017 07:15 AM
නෝන්ජලයෝ ආණ්ඩු කරද්දී හැම දේකටම මිනිස්සු වර්ජන... ඔය තෙල් ටැංකි මීට කලිනුත් ඉන්දියාවටනේ පවරලා තිබුනේ... පොඩි වර්ජනයකටවත් මුහුණ දෙන්න බැරි රජයක් මොකට තියනවද මන්ද? ..රටක මිනිස්සු අත්‍යවශ්‍ය දේ සහ අනවශ්‍ය දේ තේරුම් නොගන්නේනම් හැමදාමත් රටක් අරාජිකයි..
wilkin jayakody Sunday, 23 April 2017 08:00 AM
බල්ලා පිදුරු කන්නෙත් නෑ... කන ගොනාට දෙන්නෙත් නෑ ....
saman Sunday, 23 April 2017 09:32 AM
රටම දැන් පවරලා ඉවර එකේ ඕක දැන් අමුතු දෙයක් නෙවේ. හෙට අනිද්දා මෝධි මහත්තයා එනවලු අලුතෙන් ගත්ත ඉඩම බලලා යන්න.
siri Sunday, 23 April 2017 09:41 AM
"කෑමෙන් හොඳ කෑම විකුණගෙන කෑම" ... මෙහෙම විකුණා ගෙන කාපුවම ඉතිරි අවුරුදු 2 උලා කන්න තමයි වෙන්නේ. හිඟන ආණ්ඩුව.
සතයපාල Sunday, 23 April 2017 10:15 AM
මේකේ ප්‍රතිචාර දක්වන අය අද - ඊයේ ඉපදුන අය වගේ කතා කරන්නේ මේ තෙල් ටැංකි මුලින්ම ඉන්දියාවට බදු දුන්නේ ජේ.ආර් ගේ කාලේ. මේක නවත්වන්න තමයි මේ වෘත්තිය සමිති මැදිහත් වෙන්නේ ප්රජාතන්ත්රවාදය තිබෙන රටවල වර්ජන, උද්ඝෝෂණ, පිකට් කිරිම් වගේ දේවල් තියනවා. වහල් මානසිකත්වයක් තියන අයට ඒවා තේරෙන්නේ නැහැ.
gayan Sunday, 23 April 2017 08:54 PM
ජ ර් ගේ කාලේ කරපුව අයෙත් කරන්ඩ ඕනේ නැහැනේ
daniel Sunday, 23 April 2017 05:49 PM
උතුරු දමිල ජනතාවන් දශක කිහිමයක්ම ඔය දුක වින්දා
aravinda Sunday, 23 April 2017 10:07 PM
මේ තෙල් ටැංකි බ්‍රිතාන්‍යන් විසින් සාදන ලද්දේ 1930 ගණන් වලයි. නිදහසින් පසු මේවා අපට "පිනට" ලැබුන අතර, පසු ගිය අවරුදු 70 තුල අපි මේවයින් ටැංකි 10-15 පමණ භාවිතා කළෙමු. මේ ටැංකි නැව් ඉන්ධන ගබඩා කර විකුණා රටට ලාබ ගැනීමට නම්, අපි ලෝකයේ වෙළඳ නාවික ක්ෂේත්රයේ අපට වඩා විශාල ගනුදෙනුකරුවන් වන ඉන්දියාවේ හෝ චීනයේ සහාය ලබා ගත යුතුයි. එවිට ඔවුන් ගනුදෙනු කරන නැව් සමාගම් වලට මෙයින් ඉන්ධන විකිණිය හැකියි. එසේ නොකලොත්, තව අවරුදු 70 පසු අපිට ඉතුරුවන්නේ අපේ ලිං මැඩියන්ගේ ඝෝෂාවත්, හිස් ටැංකි සමුහයකුත් පමණි.
ලුම්බිණි Monday, 24 April 2017 02:38 AM
මෙම තෙල් ටැංකි වලින් ආර්ථික ලාභ ලබන්න නම් මේවා බදු දිය යුතුයි. දෙන්නේ කාටද කියල බැලුවම වෙනත් රට වලට වඩා ඉන්දියාව සුදුසුයි කියලයි මම හිතන්නේ.
vipula Monday, 24 April 2017 03:42 AM
අපිට සම්පත් නැහැ කියකියා තිබේ දේ විකුනනවා. බැරිද ඕක මාසික කුලී පදනම යටතේ ලබාදෙන්න.
rajith Monday, 24 April 2017 05:18 AM
මේවා හදල තියෙන්නේ දෙවෙනි ලෝක යුද්දේ කාලෙනෙ. මෙච්චරකල් ඕව අපි තියාගෙන ඉඳල මාර ආදායමක් රටට එන්න ඇතිනේද? ඕව අර indian oil එකට දීල නම් කීයක් හරි හම්බ උනා. හැමදේම ආණ්ඩුවෙන් කරන්න ඕන, ආණ්ඩුවට අයිතිය තියෙන්න ඕන කියන මානසිකත්වය තියෙනකම් මේ රටේ දියුණු වෙන්නේ නෑ.
ajith Monday, 24 April 2017 05:42 AM
ඕක තමයි අපි කියන්නේ මේවට බෙහෙත් දෙන්න මහින්ද මහත්තයම ඉන්න ඕනේ කියල.