IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


තෙල් ටැංකි ව්‍යපෘතියට අත්සන් තබයි

(ඩයනා උදයංගනී)

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධන ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට අත්සන් තැබීම මුදල් අමාත්‍යංශයේ දී  සිදුකෙරිණ.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂක බුද්ධික මඩිහහේවා, ලංකා ඉන්දියානු තෙල් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක මනෝජ් ගුප්තා යන මහත්වරු මෙම ගිවිසුම් වලට අත්සන් තැබුහ.

ඒ අනුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් වන 2003 බදු ගිවිසුම අහෝසි වී තෙල් ටැංකි සංකීර්ණය වසර 50ක බදු කාලයකට ආයතන 03ක් අතර පහත පරිදි බෙදී යාම සිදුවේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ටැංකි 24ක්, ඛනිජ තෙල් සංස්ථාවට සියයට 51ක් හා ලංකා ඉන්දියානු තෙල් සමාගමට සියයට 49ක් කොටස් හිමි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාලිත සමාගමක් වන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට ටැංකි 61ක් හා ඉන්දියානු ලංකා තෙල් සමාගමට ටැංකි 14ක් ලෙස ටැංකි බෙදී යන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙම ටැංකි 99න් 85කම පාලනය තෙල් සංස්ථාව සතු වීම ලක් ඉතිහාසයට එක්වන ඓතිහාසික ජයග්‍රහණයක් බව එම අමාත්‍යාංශය පවසයි.

මෙම නව ගිවිසුම් ජනවාරි මස 10 දා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන අතර 18 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනවාරි මස 11 දා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල වේබ් අඩවියට මෙම ගිවිසුම් එක්කෙරෙන බව ද අමාත්‍යාංශය පවසයි.

ඉඩම් කොමසාරිස් ජනරාල් කීර්ති ගමගේ මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

 

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂක බුද්ධික මඩිහහේවා, ලංකා ඉන්දියානු තෙල් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක මනෝජ් ගුප්තා යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් තැබු අයුරු.

 



අදහස් (18)

තෙල් ටැංකි ව්‍යපෘතියට අත්සන් තබයි

Hafeel Friday, 07 January 2022 07:01 AM

ඓතිහාසික ජයග්‍රහණයක්ලු...

:       30       8

JudeFriday, 07 January 2022 02:30 PM

සමහරු හැමදේටම උදැල්ල දාන්නේ ඇත්තටම රටට තියෙන ආදරේට නෙමේ. තමන්ගේ මතය දරන අන්තවාදීන් බලයට ගේන්න කියලත් මිනිස්සු මතක තියා ගන්න ඕන. මොකද මේ වගේ ඔය පාස්කු ප්‍රහාර සම්බන්ධ ඒවයෙදි, මෙයාලා මීක් නෑ.

:       6       21

චන්දිම ෆොන්සේකා Friday, 07 January 2022 07:50 AM

මේ ගිවිසුම් වල මොන මොන රහස් වගන්ති තියෙනවාද කියාලා කවුද දන්නේ? ගම්මන්පිල කිව්වේ ඕක අත්සන් කරන්න කලින් ජනතාවට පෙන්නනවා කියාලා. කෝ කෝ පෙන්නුවාද? ඔන්න දැන් පේනවානේද ඔය ජාති හිතයිශේ පෙන්නන කපටි නරි ඔක්කොම එකයි කියාලා. සිංගප්පුරුවේ ලි ක්වාන් යු නම් කරන වැඩේ ඉතා නිවැරදිව කරලා වැඩි ප්‍රතිලාභ තම රටට ලබා ගත්තා. අපේ එවුන් එහෙම කරයි කියාලා හිතන්න නම් බැහැ. ඒත් මොවුන් කරන්නේ අපේ ඉදිරි පරපුරට වත් මොලය පාවිච්චි කරලා දියුණු වෙන්න තියන සම්පත් ටික අරහෙන් මෙහෙන් එක එකාට අයිති කර දෙන එකයි. අන්තිමේදී ඔය ටැංකි වලට තෙල් ගන්න වෙන්නෙත් ඉන්දියාවෙන් පමණමයි කියාලා කොන්දේසියකුත් තියේවි.

:       47       24

රටවැසියා Friday, 07 January 2022 07:53 AM

තියෙන එකෙන් භාගයක් දීලා කියනවා ඒක ලබපු ජයග්‍රහණයක්ලු. යකාගෙ ජයග්‍රහණයක් ඒක

:       24       25

JAYATH Friday, 07 January 2022 10:02 AM

මෝදි කියන්නේ ඉන්දියාවේ හිටියට මතු බුදුවෙන්න පෙරුම් පුරන බෝධි සත්වයෙක් නෙමෙයි. මේ හිඟන ආණ්ඩුව හිඟමනේ ගිහින් සල්ලි ඉල්ලුවාම නිකම්ම නිකම් මේන් කියලා දෙන එකක් නැහැ. මොකද ඉන්දියාව නිකන් අතලෙවකන්න මී කඩන එකක් නැහැ. චීන ගිහින් උතුරු පළාතෙත් හොල්මන් කරන්න පටන් අරගෙන තියන හින්දා...

:       31       24

pradeepa Friday, 07 January 2022 11:49 AM

මම ධන්දෙ දුන්නේ ජාතික දේවල් දෙන්න නෙමෙයි. මෙයාලා කීවා දීපු දේවලුත් පවරාගන්නවා කියලා. මේ මොනවද වෙන්නේ? මම ඡන්දෙ දුන්නේ මේවා බලාගෙන නොවේ.. අපි රැවටුණා පොහොට්ටුවට...

:       37       26

pradeep Friday, 07 January 2022 12:37 PM

බලය ලබාගන්න ඒ දවස්වල කරපු බොරු දේශප්‍රේමය කොහොමද? අද රටේ සියලු සම්පත් විකුණමින් රට කාබාසිනියා කරනවා.

:       28       22

Lionel Friday, 07 January 2022 12:40 PM

ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වුණොත් දුප්පත් මිනිස්සුන්ට හොඳයි...

:       27       16

WenuraFriday, 07 January 2022 02:35 PM

වෙන කවුරුවත් අනුන්ගේ රටවල් හදල දෙන්නෙ නෑ. ඒක නිසා තමන්ගේ රට තමන්ම හදා ගන්න උත්සාහ කරපන්. මොකද මේ ෆේල් සිස්ටම් එක හදල ගියේ සුද්දා. උන්ට මේ සිස්ටම් එක කොන්ට්‍රෝල් කරන්න ‍රැජිනක් ඉන්නව. ඒත් අපිට ඉන්නෙ අවුරුදු 5න් 5ට මාරු වෙන ජනාධිපති කෙනෙක්. එතකොට දීර්ඝ කාලීන සැලසුම් නෑ. තේරුම් ගනින් දැන්වත්.

:       4       9

Hafeel Friday, 07 January 2022 01:14 PM

චීනට විකුණපු හම්බන්තොට වරාය නැවත ගන්න ආපු දේශද්‍රෝහීන්... මේක පොහොට්ටුව නොමැතිව වෙනම ආණ්ඩුවක් කළා නම්, අද විමල්, ගම්මන්පිලලා බලු රංචු බුරනවා වගේ පාරට බැහැලා ඇති. මොඩීට කළු දාන්න කියපු දේශප්‍රේමීලාගේ ආණ්ඩුව දැන් බලයේ ඉන්නේ.

:       26       20

Shan Friday, 07 January 2022 01:18 PM

රාජපක්ෂලා විකුණන්නේ නැතිව තියාගන්නේ තමුන් පාවිච්චි කරන මාලිගා ටික විතරයි.

:       30       21

hashan Friday, 07 January 2022 01:29 PM

රට විකුණමින් පවතී

:       22       17

kamal Friday, 07 January 2022 01:29 PM

යහපත් වැඩක්

:       17       40

Jaye Friday, 07 January 2022 02:02 PM

ස්ට්‍රයික් කරන ලොකු පුතාලා දුවලා ට පැහැදිලි මාර්ගයක් උගන්වන ගමක් හදමුද?ගම කොහෙද ?

:       10       4

Prabha Friday, 07 January 2022 02:02 PM

අයිතිහාසික ජයක් කියනේ හරියට ඉන්දියාවට ගහලා කෑල්ලක් අල්ල ගත්තා වගේ.මෙහෙමත් නිවටබ් රැලක්

:       16       17

ranjith Friday, 07 January 2022 02:22 PM

අනාගත පරපුරට කිසිවක් ඉතිරිකරන පාටක් නැහැ.

:       2       13

Harris Friday, 07 January 2022 02:31 PM

ගෙඩිය පිටින් නිකන්ම වගේ හම්බන්තොට වරාය දුන්නු එකේ, මෙහෙම හරි කොටසක් ගත්තු එක ලොකු දෙයක්...

:       13       7

U.G. wijerathne Sunday, 09 January 2022 02:47 AM

තෙල් ටැංකි 99, 85ක්‌ හරි තෙල් සංස්ථාව යටතට ගැනීම සුබ කාරණයක් වුවත්, අවුරුදු 50 ක්‌ වැනි දිගු කාලයක් කියන්නේ ප්‍රශ්නයක්? ඇයි සම්පූර්ණ අයිතිය රජය යටතේ තියාගෙන පාලනය කරන්න බැරි? හැම දේකටම ඉන්දියාවට දෙකට නැමෙන්න අවශ්‍ය නැහැ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1509 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 295 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 548 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 788 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 153 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 557 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 726 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 507 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site