(අජන්ත කුමාර අගලකඩ)
ඉකුත් 2020 වසරේ සිට මේ වසරේ ජුනි මස දක්වා කාලය තුළ ඉන්ධන ණයට දීම හේතුවෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවලින් ඛනිජ තෙල් සංස්ථාවට අය විය යුතු මුදල රුපියල් කෝටි 23,416ක් පමණ වන බව එම සංස්ථා වාර්තාවලින් අනාවරණය වේ.
ඉන් වැඩිම මුදලක් අය විය යුතුව ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් වන අතර, එම මුදල රුපියල් කෝටි 9,781ක් පමණ වන බවද එම වාර්තා පෙන්වා දෙයි.
විදුලිබල මණ්ඩලය ඇතුළු රජයේ හා පෞද්ගලික විදුලි බලාගාරවලින් අය විය යුතු සමස්ත මුදල රුපියල් කෝටි 12,807ක් වන අතර ,විදුලිබල මණ්ඩලයෙන් පමණක් රුපියල් කෝටි 8,608ක් පමණ අය විය යුතු ව ඇතැයි දැනගන්නට ඇත.
වෙස්ට් කෝස්ට් සමාගමෙන් රුපියල් කෝටි 499 ක් ද,ඒසියා පවර් සමාගමෙන් රුපියල් කෝටි 23ක් ද නොදර්න් පවර් සමාගමෙන් රුපියල් කෝටි 4 ක් පමණ ද අය වී ඇතැයි සඳහන් වේ.
මේ අතර , දුම්රිය දෙපාර්තමේන්තුවෙන් රුපියල් කෝටි 326ක් ද, මගනැගුමෙන් රුපියල් කෝටි නවයක් ද, ලංකා ගමනාගමන මණ්ඩලයෙන් රුපියල් කෝටි හතලිස් හතක් පමණ ද,අය විය යුතුව ඇතැයි පෙන්ව දෙයි.
මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් රුපියල් කෝටි 227ක්, යුද හමුදාවෙන් රුපියල් කෝටි 70ක්, ගුවන් හමුදාවෙන් රුපියල් කෝටි හතළිස් තුනක්, පොලිසියෙන් රුපියල් කෝටි හයක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් අය විය යුතුව ඇත.
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තෙල් පොල්ල කෝටි විසිතුන්දහස පනී
pakeer Saturday, 16 September 2023 09:39 PM
හිනා යනවා ඕයි. දැන් ටික ටික රට දියුණු වෙනවා වගේ... ඩොලර් 1ත් පහළ බහිනවා. මම හිතන්නේ 2030දී රට හුඟක් ගොඩ යයි. 2050 වෙනකොට ලෝකයේ හොඳම ආර්ථිකේ ලංකාව වෙයි. මේ දියුණුව බලන්න අපි ඉඳියිද දන්නේ නැහැ.
සල්ලි Sunday, 17 September 2023 07:04 AM
ආයේ ණයට දෙන්නේ නෑ කියලා නේද කීවේ...? ඕවා ණයට දීලා මැනේජ් කළාම පොළියත් එක්ක අපෙන් නේද කැපෙන්නේ...?
Wakkumbura Sunday, 17 September 2023 10:29 AM
ඔය ගුවන් යානාවල නොමිලේ ගියේ, තවමත් යන්නේ දේශපාලකයෝ, සේවකයෝ වැඩියි, ඒ අය හරිම ආඩම්බරයි... ගුවන් සේවය බංකොළොත් වුණාට...
Perera Sunday, 17 September 2023 02:48 PM
ශ්‍රී ලංකාවේ අලුත් නම පොලුලන්තය වෙයි වගේ...