IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


තෙල් මිල යළි ඉහළට

(අජන්ත කුමාර අගලකඩ)

පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8කින් සහ ඩිසල් ලීටරයක මිල රුපියල් 9කින් අද (05) මධ්‍යම රාත්‍රීයේ සිට රජය විසින් ඉහළ දමනු ලැබීය.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137 සිට රුපියල් 145 දක්වා ඉහළ දමා ඇති අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 109 සිට රුපියල් 118 දක්වා ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි.

මේ අතර ඔක්ටේන් 95 වර්ගය පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7කින් ඉහළ දමා ඇති අතර රුපියල් 148ක් ලෙස පැවතිනි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 155 කි.

සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇතැයි මුදල් අමාත්‍යංශය කියයි.ඒ අනුව රුපියල් 119ක් ලෙස පැවැති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 129 දක්වා ඉහළ දමා ඇත.



අදහස් (29)

තෙල් මිල යළි ඉහළට

SL Thursday, 05 July 2018 04:46 PM

විජේකලා දවස් කීපයකින් ඉක්මන් උනානේ. නැත්නම් මේක යට ගහන තිබ්බා.

:       317       605

hasantha Thursday, 05 July 2018 04:55 PM

රට ගොඩගන්න බැරි තැනටම වැටිලා වගේ. අපේ ආනයනය සහ අපනයනය අතර වෙනස අහසයි පොලවයි වගේ. ණයට කන රටක් වෙලා ගොඩක් කල්. ඉස්සරහට රටේ තත්වේ බලලා පිටරටින් ණයත් නොදුන්නොත් ඉතින් හම්බන්තොට වරාය වගේ රටෙන් කෑල්ල කෑල්ල විකුනන්න වෙන්නේ.

:       29       652

Kamal Thursday, 05 July 2018 05:18 PM

වෙනස සැපද?

:       1314       2169

සනත් ඉතාලිය Thursday, 05 July 2018 06:03 PM

සනත් ඉතාලිය අයියෝ ඔයාලට අමතකද? ඉන්ධන මිල සූත්‍රය පාර්ලිමේන්තුවේ සම්මත කළා. ඔය පෙන්නුවේ නංගි.. අක්කව හෙට, අනිද්දා එළියට දානවා. අපි නොදන්න යහපාලනය!

:       764       904

soma dubayi Thursday, 05 July 2018 06:13 PM

ලෝක වෙළද පොලේ විශාල වශයෙන් තෙල් මිල ඉහල ගොස් තියෙන වෙලාවක රජය මේ වගේ අඩු මිලකට තෙල් දීම ගැන සතුටු වෙන්න ඕනේ,හරි නම් පෙට්‍රල් ලීටරයක් 200 වැඩි වෙන ඕනේ,

:       1785       900

Mallika Thursday, 05 July 2018 07:12 PM

දුප්පතාට බස් එකකවත් යන්න බැරි තත්වයක් උදාවෙයි වගේ. ඉස්සර කාලේ වගේ බක්කි කරත්තේ තමයි යන්න වෙන්නේ.

:       166       637

Nuwan Thursday, 05 July 2018 07:29 PM

සෝම, එහෙම හොදයිද? තාම තෙල් මිල තියෙන්නේ 2015 ට කලින් තිබුන ගානට අඩුවෙන්. ඉතින් ඡන්දෙ ගත්තේ ඕව අඩු කරනවා කියලා. අපිට කලින් ඉරානෙන් අඩුවට තෙල් ලැබුණා.. දැන් ඇමෙරිකාවටනේ කඩේ යන්නේ අපිට දැන් ඒකත් නැ. ඉන්දියාව ඇමෙරිකාවත් එක්ක හොදින් හිටියට ඉරානෙන් තමයි තෙල් ගන්නේ. එයාලට අවැසි දෙයක් කරන්නේ නැ. අපිට ඇමෙරිකාවත් එක්ක ප්‍රශ්නයක් නැ.. හොදින් ඉන්න ඕනේ.. හැබැයි රට සංවර්ධනය කරන්න ඕනේ.. නැතුව ඇති වැඩේ මොකක්ද?

:       144       872

Sanath Thursday, 05 July 2018 07:42 PM

ඉන්දියාවේ පැට්‍රොල් ලංකාවේ රුපියල් වලින් 175 කට වැඩියි. අපේ තවමත් 145 යි.

:       449       571

nalin Thursday, 05 July 2018 07:59 PM

මෙතන අදහස් දැක්කම මට පිස්සු වගේ. වෙළඳපොළ ආර්ථීකයක් තියනකොට ඉන්ධන උස් පහත් වෙන්න ඕන. ඒක මේ රනිල්වත්, මහින්දවත්, ජනාධිපතිවත් කරන දෙයක් නෙවේ. ලංකාවට ඉතින් ඔක්කොම නිකන් දෙන්න ඕන.

:       2246       3105

gihanFriday, 06 July 2018 02:40 AM

මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ උස් වෙන එක විතරනෙ වෙන්නෙ. පහත් වෙන්නෙ නෑ නෙ.

:       0       3

samanFriday, 06 July 2018 05:42 AM

දැන් වෙළඳපල ආර්ථිකය ගැන කතා කරන කට්ටිය තෙල් බැරල් එක 110 ඉඳන් 90ට අඩු වූ වෙලාවේ කිව්වේ රුපියල් 65ට දෙන්න පුළුවන් කියලයි. දැන් තෙල් බැරල් එකක් ඩොලර් 77යි...

:       1       62

RaveendraFriday, 06 July 2018 05:52 AM

ඔබගේ නිවැරදි අදහස් සමග අපද එකග වන්නෙමු. ඇත්තෙන්ම නිකන් සෑම දෙයක්ම ලබා ගැනීම යනු එම රට කිසිදින දියුණුවේද යන්න අප අපම අවංකව සිතිය යුතුය.නමුත් මෙහි වඩාත් අසීලාචාර කාරණය වන්නේ දියවන්න ඔයේ සියලු දෙනාම සියලුම දේවල් ඉන්දන පවා නොමිලේම ලබාගනිමින් සාමාන්‍ය ජනතාවට දුක්විදීමට සැලැස්වීම නොවේද ???? ඔය මඩවගුරේ ලැග සිටින එක අයෙක්වත් කිසිදවසක කිසිවිට කියා තිබේද අනේ අපට මේ පහසුක නොමිලේ එපා, අර පහසුකම නොමිලේ එපා අපද සාමාන්‍ය මහජනතාව වගේ සියලුම බදුමුදල් ගෙවා එම දේවල් ලබා ගන්නම් යන්න ?? සරලව කියනවා නම් සාමාන්‍ය ජනතාව උපරිමයෙන් දුක් විදපියව් අප උබලගේ බදුමුදල් වලින් සුර සැප විදිනවා යන්න නොවේද ????

:       66       52

රොෂාන් Thursday, 05 July 2018 09:49 PM

කොහෙත් එකයි. මෙහෙ ඕක්ලන්ඩ් නවසීලන්තේ පෙට්‍රල් ලීටරේට අලුතෙන් බද්දක් දාලා දැන් වාහන දුවන්න බැරි ගානට වැටිලා. ඩීසල් වාහනයක් පාරේ දුවන්න රජයට ගෙවන්න ඕනේ කිලෝමීටර් ගානට දුවනවට. මෙහෙ දැන් පෙට්‍රල් ලීටරයක් 225/- ගාණක්. මෙහෙත් පාලන මිලක් නෑ. එක එක ෂෙඩ් වල එකඑක ගණන්.

:       2       0

Nuwan Thursday, 05 July 2018 10:32 PM

ඩොලරයට සාපේක්ෂව රුපියල පහළ ගියාම වැඩි ගානක් ගෙවන්න ඕනේ තෙල් ගන්න. මොකද තෙල් වෙළඳාම කරන්නේ ඩොලර් වලින්. එහෙම නැතිව ජාත්‍යන්තර වෙළඳපලේ තෙල් වැඩිවීමම නෙමේ බලපාලා තියෙන්නේ.. මේ ඉහළ යන්නේ ජීවන වියදම.. එතකොට මිනිසුන්ගේ පඩි වැඩි කරන්න වෙනවා. එතකොට ව්‍යාපාරිකයින්ට ලැබෙන ලාභය අඩු වෙනවා.. ඒ ව්‍යාපාර වෙනත් රටවලට යනවා.. ඉතින් රට තවත් පහළට යනවා. නිෂ්පාදන අඩුවෙනවා, තව රුපියල පහළට යනවා. රට ණය උගුලක කිය කියා කෑ ගහනවා. ඇමෙරිකන් පත්තරවලට මෙහෙන් දෙනවා රට ණය උගුලක කියලා. දැන් එයි ද ව්‍යාපාරිකයෝ? මේකෙන් කොච්චර රටට හානි වුණත් මොකෝ... තමන්ට දේශපාලන වාසි තියෙනවා නම්. ඉළඟට, එල්ටීටීඊ ගේන්න කියනවා. අායෙත් යුද්ධය ඕනේ කියනවා. ව්‍යාපාරිකයෝ සල්ලි දේවිද ඒ වගේ රටකට... මොකද එයාලා ව්‍යාපාර පටන් ගන්නේ අඩුම අවුරුදු 10ක් 20 ප්ලැන් කරලා ලාබේ ගන්න. අපි අපි උපන්න රටට ආදරේ වෙන්න ඕනේ.. ලෝකේ කොහේ හිටියත් ඒ උපන්න රට අමතක කරන්න බෑ. අපේ සාමාන්‍ය ජනතාව දැනුමෙන් ඉතා පහළ, තාර්කික බුද්ධිය අඩුයි. ඉතින් මේ දේශපාලකයෝ කරන ඒවා තේරෙන්නේ නැහැ. නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ.. නැතුව ලෝකේ වටේ කෑ ගහලා හරියන්නේ නැහැ..

:       0       54

Hafeel Thursday, 05 July 2018 11:41 PM

කියනවනේ රනිල්ගේ මාර මොලය. රනිල්ට තමයි ආර්ථිකය ගොඩනගන්න හැකියාව තියෙන්නේ කියලා. කෝ ඉතින්?

:       0       8

Bima Friday, 06 July 2018 12:12 AM

සෝමා ඩුබායි, ඇත්ත තමයි සෝමා කියන්නේ තෙල් 200 වුනාම මොකද

:       0       0

maaraya Friday, 06 July 2018 01:00 AM

මිල සුත්තරේ.. දැන් ටික ටික මිනිස්සුන්ට වද දිදී මහබැංකුව කොල්ලකාපු සල්ලි හොයනවා.

:       0       13

shantha Friday, 06 July 2018 01:38 AM

මෙහෙ ඔස්ට්‍රලියාවේ පෙට්‍රල් මිල පහුගිය දවස් වල රු 154- 184 අතර වෙනස් වුනා සති 2-3 කට වරක් වැඩි වෙලා අඩු වෙනවා සිංගප්පුරුවෙන් ගෙනෙල්ලා විකුනන්නේ මේ දවස් වල ඇමරිකන් ඩොලරය අඩුවෙලා. තව ටික දවසක් යනකොට තව මිල අඩුවෙන්න පුළුවන්

:       0       0

Mahee Friday, 06 July 2018 02:04 AM

තෙල් මිල උච්චාවචනය වීම නම් වලක්වන්න බැහැ තමයි. හැබැයි, මුල්‍ය පාලනය අන්තිම අසතුටුදායකයි කියල විගණකාධිපති පවා පෙන්වාදෙන, අදක්ෂ නාස්තිකාර පරිපාලකයන්ගේ වැරදිවලට මේ වැඩිකරන මුදල හිලවු කරන එක ගැනයි අපේ දුක.

:       0       0

නිමල් පෙරේරා Friday, 06 July 2018 02:09 AM

2013 දි බොර තෙල් බැරල් 1ක් ඩොලර් 110, 2014 දි බොර තෙල් බැරල් 1ක් ඩොලර් 110, 2015 දි බොර තෙල් බැරල් 1ක් ඩොලර් 50, 2016 දි බොර තෙල් බැරල් 1ක් ඩොලර් 50, 2017 දි බොර තෙල් බැරල් 1ක් ඩොලර් 50, 2018 දි බොර තෙල් බැරල් 1ක් ඩොලර් 75 ලෝක වෙළදපල මිළ සමග සාධාරණ මිළට දීලා තියෙන්නෙ කව්ද කියලා මොළයක් තියන කෙනෙක්ට තීරණය කරන්න පුලුවන්

:       0       22

anura Friday, 06 July 2018 02:17 AM

වෙනසනෙ ඉල්ලුවෙ අඩු නැතුව දෙනවා ඒක.

:       0       9

නයන් Friday, 06 July 2018 02:56 AM

අද ඕස්ට්‍රේලියාවේ පෙට්රෝල් ලීටරයක් ඩොලර් 1.60. ලංකා මුදලින් නම් රුපියල් 200 කට වැඩියි. මීට් මාසයකට පෙර එය ඩොලර් 1.30. ඉන්දන මිල ඉහල යන්නේ ලෝක ආර්ථික රටාවට අනුවයි. ලෝකයේ සෑම රටකම ඉන්දන මිල ඉහලගොස් ඇත. පවතින රජයේ මොන අඩුපාඩුකම් තිබුනත් ඉන්දන මිල ඉහල යෑම පාලනය කිරීමට කිසිම රටක් අපොහොසත්.

:       0       0

nuwanFriday, 06 July 2018 09:30 PM

ඉතින් ලංකාව තියෙන්නේ ඔස්ට්‍ට්‍රේලියාවේද? තමන්ට ලැබෙන වැටුපෙන් ප්‍රතිශතය විදියට ගත්තොත් කීයද ඔය තෙල් ගහන්න යන්නේ.. ජීවන වියදම පාලනය කරන්න ඕනේ.. නැත්නම් ලංකාවේ පඩි වැඩි කරන්න ඕනේ.. එතකොට ඕස්ට්‍රේලියාවේ 2015 ජපන් කාර් එකක වටිනාකම ලංකාවේ ඇල්ටෝ එකේ ගානටත් අඩුයි. එතකොට ඒවාට බදු ගහලා ගන්න සල්ලි වලින් බැරිද තෙල් වලට සහන දෙන්න.. ජීවන වියදම පාලනේ කලොත්.. පඩි වැඩි කරන්න ඕනේ නැ.. එතකොට රටට ආයෝජකයෝ එනවා.

:       0       5

sidath Friday, 06 July 2018 03:22 AM

අනේ මන්දා මේවා.

:       0       0

padmini Friday, 06 July 2018 04:34 AM

මම ඉන්න රටෙත් ඉන්ධන මිල මේ මාස දෙක තුනේ සිඝ්‍රයෙන් ඉහල යනවා. ඒත් මිනිස්සු දන්නවා මිල ඉහල වගේම පහල බහින්නේ වෙළදපොල උච්චාවචනය එක්ක බව.

:       0       0

සසදන්න Friday, 06 July 2018 04:52 AM

2015 ජනවාරි 15 දා පෙට්‍රල් 92 කීයද? දැන් කීයද? සසඳන්න

:       0       4

දිමියා Friday, 06 July 2018 05:51 AM

පුතාලා, දූලා බොරුවට කලබල වෙන්න එපා. යළි පහත හෙලළා..!!

:       0       0

Ajantha Friday, 06 July 2018 06:20 AM

ලක්ෂ 62, ඔබට සතුටුයිද දැන්? තවමත් රනිල්ට කඩේ යන ඔබ ගැන නම් අපිට ගොඩක්ම සතුටුයි.

:       14       75

Hafeel Friday, 06 July 2018 08:45 AM

කොටසක් මහ ලොකුවට කියනවනේ රනිල්ගේ මාර මොළය, මාර ඔලුවක්, රනිල්ට ආර්ථිකය ගොඩනගන්න පුළුවන්, ජාත්‍යන්තර සහයෝගය තියනවා කියලා. නමුත් ඇඟට පේන්න නං මොකුත්ම නැහැනේ. ආපු දවසේ ඉඳන් ජනතාවට බදු බර පටවනවනේ...

:       0       28

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 13 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 126 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 134 1

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 100 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


දළදා වන්දනාවට අද දිනයේ බැතිමතුන් ලක්ෂ තුන පනී
2025 අප්‍රේල් මස 22 135 0

සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී


කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 2532 5

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 572 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 304 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 457 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site