IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘තෙල් මිල වැඩි කරන්නේ නෑ‘

තෙල්මිල ඉහළ දැමීමට යන බව හා තෙල් හිඟයක් ඇතැයි කියමින් සංවිධානාත්මක පිරිසක් පතුරුවන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නැතැයි ද, ජනතාව ප්‍රකෝප කිරීමට එවැනි බොරු ප්‍රචාර පතුරුවන පිරිස් අපරාධකරුවන් බවත් විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා අද (11) එම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.

බ්‍රිතාන්‍යයේ ඡන්දය පරාජය වීමෙන් පසු මිලිබෑන්ඩ් ඉවත්ව ගියා සේ අපේ දේශපාලකයන් ද ඡන්දයෙන් පැරදුණා නම් ගෙදර යාමේ පුරුද්ද ඇති කර ගත යුතු බවත්, දිගටම දේශපාලනයේ ඉන්න උත්සාහ නොකර අලුත් මුහුණුවලට ඉඩ දිය යුතු බවත් ඇමැතිවරයා එම මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදියකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

‘ළඟදීම තෙල්මිල වැඩි කරනවා, තෙල් සංස්ථාව පාඩු ලබන නිසා විකුණනවා කියා සංවිධානාත්මක පිරිසක් බොරු ප්‍රචාර පතුරුවනවා. තව සමහරුන් කියනවා අපි තෙල්මිල වැඩි කරන්න දෙන්නේ නැහැ කියා.

තෙල්මිල වැඩි බව සහ තෙල්වලින් අය කරන බදු ගැන ගිය අගෝස්තුවේ මුලින්ම කිව්වේ අපියි. තෙල් වැඩි කිරීම හෝ අඩු කිරීම තියෙන්නේ ඇමැතිගේ අතේ. යහපාලනය යටතේ පසුගිය ජනවාරි මාසයේ ඒ අනුව අපි තෙල් මිල අඩු කළා.

තෙල් වැඩි කිරීම ගැන ප්‍රකාශ නිකුත් කරන්න කිසිවෙකුට බැහැ. ජනතාව කුපිත කිරීමේ අරමුණින් සමහරුන් අමූලික පට්ටපල් බොරු පතුරුවනවා. ඔවන් අපරාධකරුවන්. මේ කරන්නේ අපරාධයක්.

අපි තෙල් මිල සම්බන්ධයෙන් කිසිම තීරණයක්  ගෙන නෑ. අපි තෙල් මිල වැඩි කරන්නේ නෑ. මේ ආයතනය දැන් පාඩු ලබන්නෙත් නෑ. මෙහි ඇති දූෂණ අපි නැවැත්තුවා. යහ පාලනයේ මුලින්ම දූෂණ හොයන්න ගත්තේ මෙහෙයි. මුලින්ම සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ මේ ආයතනයෙයි. ඒ ගල්අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන්.

වත්මන් ආණ්ඩුවේ ඇතැම් ගැටළු මතුවුණා. උදාහරණයක් ලෙස බැඳුම්කර සිද්ධිය දැක්විය හැකියි. නමුත් අපේ ආයතනයේ එහෙම කිසිම ගැටළුවක් ඇතිවුණේ නෑ. අපි තමයි මිනිස්සුන්ට දැනෙන සහනය දුන්නේ. තෙල්මිල අඩුකිරීම නිසා පවුලකට රුපියල් 15000ක පමණ වාසයික් ලැබුණා. ඒ වාසිය පසුගිය උත්ව සමයේ බලාගන්න පුළුවන් වුණා.

පැරණි තෙල් නළ හතරක් තිබෙනවා. ඒවා විදේශයන්ට දීලා අලුත්වැඩියා කරන්න රුපියල් මිලියන 8000ක් ඇස්තමේන්තු කර තිබුණා. ඉන් එක නළයක් අපේ ඉන්ජිනේරුවන්ගේ හා තාක්ෂණ ශිල්පීන්ගේ දැනුම භාවිත කර අලුත්වැඩියා කරන්න පටන් ගත්තා. අපි කරනවා නම් රුපියල් මිලියන 250න් කරන්න පුළුවන්. ඒ නළය විදේශයකට අලුත්වැඩියා කරන්න දුන්නා නම් රුපියල් මිලියන 1400ක් පමණ යනවා.

ඒ වගේම තෙල් පිරිපහදු සංකීර්ණයේ තාර දැමීමටකට මිලියන 4000ක් ඇස්තමේන්තු කර තිබුණා. අපිය මිලියනට 60කින් පමණ කළ හැකි බව තීරණය කළා. මේවා නිසා සමහරුන්ට ලැබුණු කොමිස් අහිමි වෙනවා. ඒ නිසා ඔවුන් කළබල වෙනවා.

අපේ මුල්ම ඉලක්කය තමයි බල ශක්තියෙන් ස්වයංපෝෂිත ජාතියක් ගොඩ නැගීම.‘

_DSC0354

වීඩියෝ - ඉෂාන් සංජීව



අදහස් (0)

‘තෙල් මිල වැඩි කරන්නේ නෑ‘

විජයබාහු Monday, 11 May 2015 10:48 AM

එතකොට වතුරත් පට්ට ගණන් වේවි (නදී)

:       0       0

තිරිමාන්න Monday, 11 May 2015 01:56 PM

ජනාධිපතිකමටත් සුදුසුයි කියලා කවුදෝ කිවුවා කෙනා නේද මේ.? බොරුවක් නම් වෙන්න බැහැ. මේ කෙනා කියන ඒවා ඇත්ත තමයි. මතකද මැතිවරණ කාලේදී මෙගා ඩිල් ගැන මෙගා හඬින් කිවුවා. ඒවා බොරු වුනාද? (හේ)

:       0       0

කසුන්ජිත් Monday, 11 May 2015 02:18 PM

තෙල් මිල වැඩි කරන්න නෙමෙයි හිතන්න ඕනේ තෙල් මිල අඩු කරන්න.(හේ)

:       0       0

සුනිල් Monday, 11 May 2015 03:11 PM

ගල් අගුරු වංචාව කොහොමද තෙල් මිලට බලපාන්නෙ? ගල් අගුරු පාවිච්චි කරන්නේ විදුලිබල මන්ඩලය. මේවා අතේ පත්තුවෙන බොරු. ලංකාවෙ තෙල් බද්ද නැතිව ආණ්ඩුව ගෙනියන්න බැහැ. චන්දෙ ඉවරවුන ගමන් නැවත තෙල් මිල වැඩි වෙනවා. තෙල් බද්ද නැති රටක් නැහැ.(නදී)

:       0       0

නුවන් Monday, 11 May 2015 08:56 AM

ඔය කියන කට්ටියත් බලේ ඉන්න පිල්මාරු කරපු අය නේද ? (නදී)

:       0       0

සුනිල් Monday, 11 May 2015 08:57 AM

ඉතින් ඔකේනේ බොහොම වංචා දූෂණ තිබුණා කිවුවේ. හෙජින් ගිවිසුම එහෙම එකෙතකුටවත් නඩුවක් දැගන්නවත් බැරිවුනා නේද ? (ම)

:       0       0

රිතික් රෝහිත් Tuesday, 12 May 2015 05:06 PM

සමහරුන්ට තියෙන්නේ නිකන්ම අනාගත හීන නෙමෙයි අනාගතේ අනාගත හීන. (නි)

:       0       0

රිතික් Tuesday, 12 May 2015 06:51 PM

විජයබාහු දන්නේ නැද්ද මේ කට්ටියගේ අනිත් සූත්තර වගේම මිල සූත්‍රයත් අපේ ඡන්ද කඩාගන්න ගෙනා තවත් එක සූත්තරයක් විතරයි කියලා. මේ ගොල්ලොන්ට කොහොමත් ඕනෑ බලය සහ බලය විතරමයිනේ අයියා! (නි)

:       0       0

පේමරත්න ජේ. Tuesday, 12 May 2015 06:55 PM

ඇට නැති දිව ඕනෑ පැත්තකට වනලා ඕනෑ බොරුවක් ලජ්ජා නැතුව කියන්න හපන් උදවිය තමයි දේශපාලකයන් කියන්නේ (නි)

:       0       0

රිතික් රෝහිත් Monday, 11 May 2015 04:37 PM

සමහරුන්ගේ අනාගත හීන වලට මහින්ද මහත්තයා බාධාවක් වෙලා වගෙයි නේද? (නි)

:       0       0

සිල්වා Monday, 11 May 2015 04:41 PM

එහෙනම් ඉතින් එච්චරයි... (නි)

:       0       0

දොම්පේ Wednesday, 13 May 2015 11:13 PM

අපිටත් ඕනෑ එච්චරයි (නි)

:       0       0

රිත්ක රෝහිත් Monday, 11 May 2015 09:43 AM

අනුන්ගේ කටවල් වලින් කියන කතා ගැන ඔයගොල්ලෝ මේ කතා කරන්නේ කටින්ද හැබෑටම? (නදී)

:       0       0

ධම්ම Monday, 11 May 2015 09:42 AM

තෙල් මිල වැඩි කරන්නේ නෑ කියලා ඇමතිතුමා කියනකොට අපේ ඇඟේ මයිල් කෙලින් වෙනවා. මොකද මින් පෙර ඔහොම කියපු හැම වතාවෙම මිල වැඩි උනා.(නදී)

:       0       0

හිරාන් Monday, 11 May 2015 09:43 AM

ඒක හොදයි.(හේ)

:       0       0

රාජා ගුණවර්ධන Monday, 11 May 2015 09:52 AM

මෙයා ජනාධිපති කරමුද? තෙල් මිල වතුර මිලට ගෙනෙයි.(නදී)

:       0       0

විජයබාහු Monday, 11 May 2015 09:54 AM

සර් එතකොට අර ගෙනාවයි කිව්ව මිල සුත්‍රය? (නදී)

:       0       0

විජයබාහු Monday, 11 May 2015 09:56 AM

සර් එතකොට අර ගෙනවා කිව්වා මිල සුත්‍රය?(හේ)

:       0       0

විජයබාහු Monday, 11 May 2015 10:00 AM

සර් එතකොට අර ගෙනාවයි කිව්ව මිල සුත්‍රය?(නදී)

:       0       0

ශ්‍රීනාත් Monday, 11 May 2015 10:24 AM

තෙල් මිල තවත් අඩු කරනවානම් තමයි ගොඩක් හොද?(හේ)

:       0       0

ලියොන් Monday, 11 May 2015 10:28 AM

කාලය විසින් මේ කතාව නිවැරදි බව හෝ වැරදි බව ඔප්පු කරනු ඇත. මහජනයාට එවිට යමක් සිතා ගැනීමටද හැකිවෙනවා ඇත. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 698 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 267 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3612 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1298 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2245 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site