කෝටහේන බ්ලුමැන්ඩල් පාරේ රේල් පාර අසලදී තෙල් රාජා (54) නම් ධනවත් ව්‍යාපාරිකයකුට මින් මද වේලාවකට කලින් නාඳුණන පුද්ගලයකු වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලීසිය කියයි.
කොළඹ ජාතික රෝහලට ඇතුළු කළද ඔහු රෝහලේ දී මිය ගියේය.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු ඔහු සමඟ තකා කරමින් සිටි බවත් පසු පසට පැදවු කාරයකින් නාදුණන තුවක්කුකරු පැමිණ වෙඩි තබන්නට ඇතැයි එහි සිටි අය කියති.
ඔහු ඉන්ධන ව්‍යාපාරිකයකු ලෙසින් නමක් දිනාගෙන සිටිබවත් කියති.
බම්බලපිටියේ සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණි වෘත්තිකයකු බියගන්වා රුපියල් දශලක්ෂ පහළොස් දහසක් ඔන්ලයින් ක්‍රමයට කොල්ල කන ලද සැකකරුවන් සිව් දෙනකුට ආධාර අ
ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාව
දකුණු පළාතේ රෝහලක වෛද්‍යවරයකු නිරුවත් කර බිය ගන්වා රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට ජන අරගල සංවිධානයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදි
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ සනත් නිශාන්ත මහතා ඔහු ජීවත්ව සිටියදී ලබා දී තිබූ රජයේ බංගලාව අදත් කවුරුත් නොපැමිණි බව එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් කලක් තාවකාලිකව නවතා තැබූ තලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය හෙට (12) සිට නැවත ආරම්භ කි
හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන සිවනේ සතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගෙන් හෙට (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව පොලිස් මාධ්‍ය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තෙල් රාජාට මහ දවාලේ වෙඩි
රණවක Sunday, 29 September 2013 07:19 AM
ඔය කවුරුත් මතක තබාගත යුතුයි, රජකම් කෙරුවත් කළකම් පලදෙන බව (නි)
එදිරිසිංහ Friday, 27 September 2013 09:18 PM
පාතාලයට කටපුන්චගෙන් ගැලවීමක් නැත පාතාලයට එරෙහි නැගීසිටීම කටපුන්චට ජයවේවා (අ)
සීලවතී Friday, 27 September 2013 09:44 PM
දෑන් අපිට තෙල් නෑතුව වේලෙන්න වෙයිද? (අ)
විල්ෆඩ් මාක්ස් Tuesday, 01 October 2013 12:34 PM
මහා දවල් මහා මඟ දෙනෝදාහක් ඉදිරිපිට වෙඩි තබා ඝාතනය කර පලා යෑම්, ගෙවල් වලට පැන මංකොල්ල කා පලායාම්, බැංකු වලට කඩා පැන මුදල් කොල්ලකා පැන යාම සාමාන්‍ය සිද්ධීන් වෙලා.අහෝ අපේ රටකට ගිය කලක්...... (ස)
ගාමිණී Friday, 27 September 2013 10:03 PM
තෙල් රජා මියම නමක්
ගාමිණී - සිරි Friday, 27 September 2013 10:03 PM
අනේ මන්දා... තෙල් රජා කියන්නේ ඉන්දන රජෙක්ද ?.. පොල් තෙල් රජෙක්ද ? ..රටින් ගෙන්වන ඉන්දන වලට වඩා මෙරට පොල් තෙල් ගණන් ගිහින්..පොල්තෙල් බෝතලයක් සබරගමුවේ රු : 180/= යි.... (දී)
කාලිංග Friday, 27 September 2013 10:19 PM
වැරදි කරුවන්ට කොහොම කොහොම හරි දඩුවම් ලැබෙනවා (දී)
නන්දන පනාගොඩ මිලානෝ Saturday, 28 September 2013 12:48 PM
මේ තායිල රාජයා ගැන විස්තර ටිකක් කියන්න කෝ දන්නා කෙනෙක්. ආදාහන විස්තරත් දාන්න මටත් සහබාගි වෙන්න. (අ)
ටෙනි Saturday, 28 September 2013 12:54 PM
තෙල් නිසා ඇමෙරිකාව වෙන්න බැරිද (අ)
සේනාල් Friday, 04 October 2013 09:52 PM
අනේ මෙහෙමත් දේවල් ?(දී)
බිනුර Friday, 04 October 2013 09:52 PM
මහදවාලේ? (දී)
දම්මික පෙරේරා Saturday, 28 September 2013 01:38 PM
ලංකාව සාමකාමිව විසීමට නොසුදුසු රටක් වීගෙන එන්නේ. අහිංසක ජිවිත නිතරම නැති වෙන්නේ. රජයට කොටින්ගේ ආයුධ අල්ලා යුද්ධය නිම කළා නම් මොකද මෙය බැරි. මෙයට රජයෙන් විරුද්ධත්වයක් නැතිවද?(නදී)
රෝහණ Friday, 27 September 2013 10:41 PM
නිල් රනාට නැට්ට පෑගිලා වගේ. (දී)
පිටබැද්දර ජයා Saturday, 28 September 2013 02:26 PM
තෙල් බාලාගේ සහෝදරයෙක්ද කොහෙද ? (අ)
අමිල කටුනායක Friday, 27 September 2013 05:10 PM
මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ? (නි)
ලේක්කෝ ගලබඩ Saturday, 28 September 2013 01:23 AM
තයිල රාජයාට තෙල් මතුරන්න දීල තියෙනවා කවුරු වුනත්.(නදී)
දුකූ Friday, 27 September 2013 05:27 PM
නීතියට තුවක්කුව සාමාන්‍ය දෙයක්ද දැන්? (නි)
පිටිගල මිලානෝ Friday, 27 September 2013 05:28 PM
'තෙල් රාජා'' නමෙන්ම කියන්න පුළුවන් මේ කර්මය අතේ රැගෙන ආ බව. (නි)
සත්‍යයා Saturday, 28 September 2013 04:49 AM
හොරකම් මැරකම් වලින් රජකම් කළ කවුරුත් අවසන් ගමන යන්න සුදානමින් ඉන්නවා හොඳේ! (නි)
උපාලි Saturday, 28 September 2013 05:53 AM
පාරේ යන අසරණ අපේ පැතුම නම් මේ විදිහට එක එක්කෙනා මරාගන්නකොට අපි ඒ අහලකවත් නොසිටීවා කියන එකයි. අහක යන වෙඩි උණ්ඩවලට කඩු කිනිසිවලට ගොදුරුවෙන්නේ මොකටද අපි? කීයක් නම් එහෙම වෙලා තියෙනවද? (නි)
උද්දික දිසානායක Saturday, 28 September 2013 06:03 AM
තෛල රාජයා කියන්නේ අර හොරෙන් තෙල් ජාවාරමක් කළේ, ඒ කෙනාද? අර නෙත් එෆ් එම් බැලුම්ගලින් එහෙම රටට දැනුම් දුන්නේ? මම දන්නේ නැති නිසා අහන්නේ? කවුරු හරි කියනවද? (නි)
සරෝජ් ජයසේකර Sunday, 29 September 2013 12:55 PM
කවුරු කෙසේ කිවත් අද ලෝකයේ ( ලංකාවේ පමණක් නොවේ ) ජඩ කම. බලු කම , හොරකම . කරන්නන් මෙලොවදීත් එලොවදිත් පැසසුම් ලබනවා එක තමා අනිවාර්ය.(නදී)
නීල් රණා Friday, 27 September 2013 06:35 PM
මේකත් දෙවියන් වහන්සේගේ කැමැත්ත තමයි (නි)
දර්ශන් Friday, 27 September 2013 06:44 PM
ජීවතං අනියතන්... මරණය නියතන්... මෙය කව්රුත් මතතබාගෙන යහපත් දේවල් කරමින් පහන් සිතුවිල්ලෙන් කල්යවමු. (නි)
ශාන්ති Friday, 27 September 2013 06:46 PM
බලන්නකෝ මහ දවල්වත් මනුස්යයෙකුට පාරේ බැහැලා යන්න නැති හැටි (නි)
මුණසිංහ Saturday, 28 September 2013 07:59 AM
හොරුන්ට, අපරාධකාරයන්ට මෙහෙමවත් දඩුවම් දෙන එක හොදයි. (නි)
නාලක - කටාර් Saturday, 28 September 2013 08:01 AM
හැමදේටම ආගම දහම, ජාතිය සම්බන්ධ කරගෙන අදහස් පලකරන කෙනා, ඉදගෙන ඉන්නෙ නම් එයාගේ මොළය උඩ කියලා හිතෙනවා. (නි)
චමින්ද Saturday, 28 September 2013 08:05 AM
මෙයා අරාබියෙන් ආපු කෙනෙක්ද? (නි)
දිසා Saturday, 28 September 2013 08:16 AM
ගණන් ගන්න එපා. මේක ශ්‍රී ලංකා තමයි (නි)
mahasen Saturday, 28 September 2013 09:04 PM
ඔය..තෙල් රජාලා ඔට්ටු නෑ..හැම රජෙක්ම වච්චයි ..(අ)
වනිගසේකර Saturday, 28 September 2013 09:51 PM
ලංකාව දැන් අපි ඉස්සර බලපු කව් බෝයි සිනමා (වෙස්ටර්න් සිනමා පට ) වගේ ඇත්තටම වෙනවා. මහා දවල් මහා මග දෙනෝදාහක් ඉදිරිපිට වෙඩි තබා ඝාතනය කර පලා යෑම්, ගෙවල් වලට පැන මංකොල්ල කා පලායාම්, බැංකු වලට කඩා පැන මුදල් කොල්ලකා පැන යාම සාමාන්‍ය සිද්ධීන් වෙලා.අහෝ අපේ රටකට ගිය කලක් ! (නි)
චන්දි Saturday, 28 September 2013 09:09 AM
හා, දිසා මල්ලියෝ, ඔයාගේ නම දැක්කත් සතුටුයි. ඔව් මල්ලි ගණන් ගන්න එපා මේක ලංකාවනේ (නි)
නිල්මිණි Friday, 27 September 2013 07:47 PM
ලංකාව දැන් කෙන්යාවටත් අන්තයි (නි)
ජී Friday, 27 September 2013 08:10 PM
මේ මරණෙත් හොයන්න බැරිවෙන එකක් වෙයිද? (නි)
කුමාරණ Friday, 27 September 2013 08:16 PM
පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුවට පෙර තුවක්කු සංස්කෘතිය ට එරෙහිව පියවර ගත යුතුමයි. පැය 24ක් කල් දි සියලු නිති විරෝධී ගිනි අවි බාරදෙන්න නියෝග නිකුත් කර,පසුව දිනක් ඉදිරියට දාගෙන මුළු රටම ආවරණය කර සෝදිසි මෙහෙයුමකින් සියලු අවි ආයුද අත් අඩංගුවට ගත යුතුයි.(නදී)
මොහොමඩ් රිස්වි Friday, 27 September 2013 08:18 PM
ටික දවසක් නැතිවෙලා තිබුනේ මේ ප්‍රස්නේ. ආයෙත් පටන්ගත්තද? එහෙනම් අරයගෙ ඉන්කම් අඩුවෙලා ඇති, නිදනුත් නැහැනේ නේද?(නදී)
රණතුංග Saturday, 28 September 2013 10:25 AM
මම මොකුත් කියන්නේ නැහැ
ඇෆ්ගන් නිමල් Friday, 27 September 2013 08:24 PM
මරණය ගැන කනස්සලු වන අතර ඕක තමා කර්මය. මෙයා වැඩ කරේ තෙල් සංස්ථාවේද? කෝටිපතියෙක් වෙන්න තෙල් ලැබුනේ කොහින්ද? කළුකඩ ව්‍යාපාරයක් කරගෙන යද්දී මෙය කීදෙනෙක් වල පල්ලට යවලා ඇද්ද? ඔය වගේ වැඩ කරන කටත් ඔය ඉරණම. (අ)
සුමල් Friday, 27 September 2013 08:31 PM
ලංකාවේ වෙන හැම හොර, මර, පැහැර,තුච්ච වැඩ වලට වගකියන්න ඕනේ හිටපු අය (අ)
නිමල ලතා Saturday, 28 September 2013 11:25 AM
මෙය කව්ද කියා දන්නෝ දනිති .(දී)