IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


“තල් රා බේරගන්න පොල් රා එපා“

මින් ඉදිරියට දකුණේ සිට උතුරට බෝතල් කළ රා ප්‍රවාහනය කිරීම හා විකිණීම තහනම් කැරෙන යෝජනාවක් උතුරු පළාත් සභාව සම්මත කළේය.

උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පී.අයින්කරනේසන් විසින් මේ යෝජනාව පළාත් සභාවට ඉදිරිපත් කොට ඇති අතර ඊට පළාත් සභාවේ සෙසු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ලැබිණී.

අමාත්‍යවරයා පැවසුයේ උතුරේ කාලාන්තරයක් සිට කැරෙන ස්වාභාවික රා තල් කර්මාන්තයට දකුණේ සිට පැමිණෙන බෝතල් කළ රා බාධාවක් වී ඇති බවයි.

දකුණේ බෝතල් රා වල කෘත්‍රිම රසායන ද්‍රව්‍ය අන්තර්ගතව තිබීම හේතුවෙන් ගතවූ කාලයේ එම රා පානය කළ පිරිස විවිධ අසාත්මික තාවයන්ට ගොදුරු වී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.



අදහස් (0)

“තල් රා බේරගන්න පොල් රා එපා“

ද සිල්වා බෙර්ලින් Friday, 30 December 2016 08:14 PM

නියමයිනේ! අපිටත් අපේ රා මදිවෙලා ඉන්නේ. කලබල වෙන්න එපා, එවන්නම් රා වලට වඩා හොඳ නිෂ්පාදනයක්. දකුණේ අපි නම් ඔය තල් රා වලට කිසිම විරුද්ධත්වයක් නැහැ. අපිටත් එවන්නකො ලෝර්ඩ් එකක්, මෙහෙ ඕව හොඳට විකිණෙයි (නි)

:       0       0

ක්‍රිෂාන්ත Friday, 30 December 2016 07:07 AM

ටැක්ස් එකක් ගහන්න. ඉස්සර ගැහුවා මතක නැද්ද ? (බ)

:       0       0

අනුල Friday, 30 December 2016 08:03 AM

අපිත් උතුරේ ඒවා වර්ජනය කරමු (නි)

:       0       0

බර්නාඩ් සුමනපාල Monday, 02 January 2017 04:22 AM

දකුණේන් යවන ඔක්කොම නැවැත්තුවානම් හරි. උතුරේ හැමදෙම වෙන්නෙ දකුණේ සල්ලිවලින්... සල්ලිත් එපා කිහාන්කෝ ඔය වගේ (ම)

:       0       0

ප්‍රියාන් Friday, 30 December 2016 08:18 AM

අපේ අයට සුරාව නැතුවම බැහැනේ (නි)

:       0       0

පෙරේරා Friday, 30 December 2016 08:16 AM

මේක ඒකීය රාජ්‍යයක්. එහෙම උතුරෙන් දකුණෙන් එහා මෙහා යවන බඩු ගැන කිව්වොත් දකුණෙන් කොච්චර බඩු යනවද? දකුණේ එහෙම කළොත් මොවුන්ට කන්න බොන්න වෙන්නේ ජරාව. (නි)

:       0       0

අබය Friday, 30 December 2016 08:18 AM

රා වලින් පටන් ගන්නයි යන්නේ..... (නි)

:       0       0

බමුණුසේන Friday, 30 December 2016 08:39 AM

බෝතල් රා වල කෘත්‍රිම රසායන ද්‍රව්‍ය අන්තර්ගතව තිබීම හේතුවෙන් තහනම් කරනවා නම් අපිත් එකඟයි (නි)

:       0       0

බෙනට් Friday, 30 December 2016 08:40 AM

අනේ අපට තල් රා එවන්නකො... (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 31 December 2016 05:16 AM

“දකුණේ බෝතල් රා වල කෘත්‍රිම රසායන ද්‍රව්‍ය අන්තර්ගතව තිබීම හේතුවෙන් ගතවූ කාලයේ එම රා පානය කළ පිරිස විවිධ අසාත්මිකතාවයන්ට ගොදුරු වී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය“ ඔය කතාව සහතික ඇත්ත මම රා බීම නැවැත්තුවේ ඕක නිසා. (නි)

:       0       0

ලංකා පුත්‍ර Friday, 30 December 2016 09:16 AM

ජාතිවාදය තුළින් මුළු හිසම පුරවාගෙන සිටින අයගේ හැම රෝම කූපයකම ඇත්තේ ජාතිවාදී බවයි. ඔවුන්ට තවත් බලය දුනහොත් කුමක් නොකරයිද? (නි)

:       0       0

හනීෆා Friday, 30 December 2016 09:42 AM

අනේ මන්දා මොනවා වෙන්න යනවද කියලා රා ටිකටත්? (නි)

:       0       0

ඉන්දික Friday, 30 December 2016 10:05 AM

ඇයි උතුර වෙනම රාජ්‍යයක්ද? හැබැයි සිංහලයො ජාතිවාදීලු. ඔය කියන විදිහට හැම පළාතක්ම එක පළාතකින් අනිත් පළාතට එක එක ද්‍රව්‍ය ගෙනඑන එක තහනම් කරන්න යෝජනා කළොත් කොහොම වෙයිද? දැන් වෙනස සැප වේගෙන එන්නෙ. මට දුක අර ඇස් ඉස් මස් ජීවිත පූජා කරපු අපේ කොල්ලො ගැන. (නි)

:       0       0

ටෙෂාන් Friday, 30 December 2016 10:56 AM

අනේ මන්දා මොනවා කියන්නද කියලා (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Friday, 30 December 2016 11:51 AM

ඇත්තටම හොඳ තීරණයක්. අනික් පළාත් සභාත් තම තමන්ගේ පළාත් දියුණු කිරීමට මෙවැනි තීරණ ගත යුතුය. දැනට අනිත් පළාත් සභා වලින් කිසිම වැඩක් වෙන බවක් නොපෙනේ (නි)

:       0       0

නිලාන් Friday, 30 December 2016 03:15 PM

තල රා කියන්නේ නියම බඩු. බෝතල් කරලා විනාශ කරන්න එපා. තල් රා කර්මාන්තයට අවශ්‍ය නීති සම්පාදනය කරලා දෙන්න (නි)

:       0       0

විපුල් Sunday, 01 January 2017 06:22 AM

උතුරට දකුණෙන් යන රසායනික යෙදූ රා බෝතල් නැවැත්තුවහම ඒ වෙනුවට උතුරෙන් එන ආහාර ද්‍රව්‍ය තහනම් කරන්න කියන දේශප්‍රේමීයො දැක්කම හිනා යනවා. (නි)

:       0       0

සෙනෙවි Friday, 30 December 2016 05:04 PM

ඒකට හිලව් වෙන්න උතුරෙන් දකුණට එන ලූණු, අර්තාපල්, කෙසෙල් තහනම් කරමු. ඒවා දඹුල්ලෙන් ගමු (නි)

:       0       0

ගුණසිරි Friday, 30 December 2016 06:03 PM

උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයා උත්තම මිනිසෙක්. ඉතාම හොඳ යෝජනාවක් කර තිබෙන්නේ. කොළඹින් යන විශේෂයෙන් බෝතල් කළ රා වල සර්ජිකල් ස්ප්‍රිතු කලවම්. මෙය අතිභයංකාරයි (නි)

:       0       0

තිස්ස Friday, 30 December 2016 07:14 PM

ඉතින් කිලිනොච්චියෙන් පහළට තල් රා ගෙනඒමත් සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතු නොවේද? තල් රා උතුරේ නිෂ්පාදනයක්. සත්තකින්ම ඒ ගොල්ලෝ විතරක් පාවිච්චි කළයුතුයි. දකුණට යවන්න එපා කියලා යෝජනාවක් සමඟ නීතියක් පනවාගන්න හොඳයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්ස බස්නාහිර පාසල් වහයි
2024 ඔක්තෝබර් මස 13 152 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇත.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 3357 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 598 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1084 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 783 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 825 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26101 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 330 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 421 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1361 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site