(සුජිත් හේවාජුලිගේ )
ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසරේ මුල් මාස අටේදී පමණක් රුපියල් කෝටි අසූ පන් දහස් හාර සීයකට වැඩි දැවැන්ත පාඩුවක් ලබා ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිරත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.
රාජ්‍ය ආයතනවල සමස්ත පාඩුවෙන් සියයට 99ක් ජනනය කර ඇත්තේ මේ ආයතන තුන බව පැවසූ මන්ත්‍රීවරයා එම ආයතන තුන වර්ෂ ගණනාවක් තිස්සේ අලාභ ලබන තත්වයක පවත්වාගෙන යෑම හේතුවෙන් විශාල ණය බරක් ඇතිවී තිබෙන බවද ප්‍රකාශ කළේය.
රටේ ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 52 පසුගිය වසරේ මුල් මාස අට තුළ ලැබූ පාඩුව රුපියල් කෝටි හැත්තෑ දෙදහස් හය සීයක් (72,600) බවද ඔහු සඳහන් කළේය.
මෙම ආයතන පනස් දෙකෙන් රාජ්‍ය ව්‍යවසායන් 32 ක බදු අය කිරීමට පෙර ලාභය රුපියල් කෝටි 13400ක් බවත් ඉතිරි රාජ්‍ය ව්‍යවසායන් විසි එක රුපියල් කෝටි අසූ හය දහස් එක සීයක(86100) අලාභයක් වාර්තා කර ඇති බවත් වලේබොඩ මහතා ප්‍රකාශ කළේය.
රාජ්‍ය මූල්‍ය අවදානම අවම කර ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය පිරිවැය මත පදනම්වූ මිලකරණයකට යෑමේ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ අවශ්‍යතාව මතුව ඇතැයි මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව පෙන්වා දෙන බව පැවසූ හෙතෙම මෙම ආයතන නගාසිටුවීමේ එකම මග පුද්ගලීකරණය නොව රාජ්‍ය පුද්ගලික හවුල්කාරිත්වය (PPP) යටතේ කටයුතු කිරීම බවද පෙන්වා දුන්නේය.
මේ අතර 2022 වසරේ පළමු කාර්තුවේ සියයට 4.3 ක්ව පැවති සේවා වියුක්ති අනුපාතය එම වසරේ දෙවැනි කාර්තුව තුළ සියයට 4.6 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ගාමිණී වලේබොඩ මහතා වැඩිදුරටත් පැවසීය.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තෙල්,විදුලි,ගුවන් ආයතන තුනේ කෝටි අසූ පන්දහසක පාඩුවක්
Samitha S. Aluthgamage Sunday, 02 April 2023 12:58 PM
දේශපාලනය කුමක් වුවත්, මේ ආයතන වහාම විකුණා දැමීම වරදක් නොවේ. රටේ සල්ලි ගිල්ල හා ගිලින මේ දැවැන්ත සුදු අලි විකුණා දැමීම කිරීමට පියවර ගත යුතුව තිබුණේ මීට පෙරාතුවයි...
පැරකුම්Sunday, 02 April 2023 03:18 PM
එහෙම කොහොමද? එතකොට අපේ දේශීය සම්පත් හා සමාජවාදයට යන කල මොකක්ද?
Prabha Sunday, 02 April 2023 01:04 PM
තෙල් සහ විදුලිය පාඩු ලබන්නේ අනෙකුත් රජයේ ආයතන වලට ණයට දීමෙන්...
Chamika Sunday, 02 April 2023 11:08 PM
මුළු ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයින් 6000 ම වැටුප් සහ දීමනා නොලබා සේවය කල හොත් වාර්ෂිකව බිලියන 13 ක් ඉතිරි කල හැක. වාර්ෂික ඉන්ධන අවශ්‍යතාවය ( විදුලිබල මණ්ඩලයට හැර) බිලියන 3 කි. එනමි උපරිම ලීටරයකට රු. 4.25 ක් අඩුකල හැක. මුළු විදුලිබල මණ්ඩලයේ සේවකයින් 24000 ම වැටුප් සහ දීමනා නොලබා සේවය කල හොත් වාර්ෂිකව බිලියන 57 ක් ඉතිරි කල හැක. වාර්ෂික විදුලි අවශ්‍යතාවය ඒකක බිලියන 17.59 කි. එනමි උපරිම ඒකකයට රු. 3.24 ක් අඩුකල හැක. පුද්ගලිකකරනයෙන් ඔය හිතාගෙන ඉන්න වාසි ලැබෙන්නෑ. කුහකත්වය අතහැර ආනාගතය ගැන හිතන්න. පුද්ගලික ව්‍යාපාර ඔය කියන විදිහට ක්‍රියා කරනවද? කරල තියනවද?