IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


තෙල් සංස්ථාවේ කෝටි 230ක් වතුරේ ගිහින්

(සුජිත් හේවාජුලිගේ)

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිවයින පුරා  පිරවුම් හල් වැඩි ප්‍රමාණයකින් මාසික උපයෝගීතා ගාස්තු අය කර ගැනීම පැහැර හැරීම නිසා  2014 සිට 2020 දක්වා වූ  කාලපරිච්ඡේදයේදී රුපියල් කෝටි 230කට වැඩි අලාභයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.

මාසික උපයෝගීතා ගාස්තු අය කරගෙන තිබුණේ ඉන්ධන පිරවුම්හල් 11කින් පමණක් බවද  එම වාර්තාවේ දැක්වේ.

සංස්ථාව සතු පිරවුම්හල් (CODO) සහ භාණ්ඩාගාරය සතු කාණ්ඩයේ පිරවුම් හල්වලින් (TODO) 2014 ජනවාරි 1 වැනිදා සිට මාසික උපයෝගීතා ගාස්තු අය කිරීමට තීරණය ගනු ලැබුවේ එවකට  අධ්‍යක්ෂ මණ්ඩලය විසිනි.

පසුගිය විගණන වාර්තා කිහිපයකින්  මේ සම්බන්ධයෙන් කරුණු දක්වා තිබුණද ඉන්ධන පිරවුම් හල්වලින් මෙම ගාස්තු අය කර ගැනීමට කිසිදු ඵලදායි පියවරක් ගෙන නොතිබූ බව  පෙන්වා දෙන විගණන නිලධාරීහු   2020 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල මේ සම්බන්ධයෙන් කිසිඳු ගැලපීමක් කර නොතිබූ බවද  සඳහන් කරති.

මේ අතර විදේශ විනිමය ණය පියවීම ප්‍රමාදවීම හේතුවෙන් සංස්ථාවට අමතර පොළී වියදම ලෙස රුපියල් කෝටි 70 ක පමණ මුදලක් 2020 වර්ෂයේදී  දැරීමට සිදුවූ බවද  විගණන වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (1)

තෙල් සංස්ථාවේ කෝටි 230ක් වතුරේ ගිහින්

Dinesh Tuesday, 27 December 2022 08:28 AM

අවුලක් නැහැ, මිල වැඩි කරමු. පාඩුව මහජනතාව ගෙවයි.

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 0 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි


වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 324 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 1131 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 2559 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 329 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 171 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26722 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18873 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1864 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site