IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


තවත් ඛේදවාචකයකට ඉඩ දෙන්න එපා

මධ්‍යම කදුකරයේ නාය යෑමට ලක් වන ස්ථානයන්හි පදිංචි වැසියන් සුදුසු තැන්හි

කඩිනමින් පදිංචි කැර වීමේ අවශ්‍යතාවය ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතාට කොස්ලන්දේ මීරියබැද්දේදී අවධාරණය කළ බව ජනතා විමුක්ති පෙරමුනේ ඌව පළාත් මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා කියයි.

2005 දී 2011 දී නාය යෑමේ තර්ජන වලට ලක් වූ කඳරට වතුකරයේ වැසියන්ගේ අල්ප ආදායම සැලකිල්ලට ගෙන ක්‍රියාකිරීම නිලධරයන්ගේ වගකීම විය යුතු බව මන්ත්‍රි වරයා පවසයි.

රුපියල් 480 ක වැටුපක් ලබන අසරණයකුට ඉඩමක් පෙන්වූ පමණින් හිටි තැනින් ඉවත් විය නොහැකි බව ඔහු කියයි.

මීරයබැද්දේ සිද්ධියෙන් පාඩමක් ඉගෙන එවැනි මිනිසුන්ගේ ජීවිත අනතුරට නොහෙලා ක්‍රියා කිරීම හැමදෙනාගේම වගිකීම බවද ඔහු සදහන් කරයි.

මීරයබැද්දේ සිද්ධිය සැළවු වහාම එහි ගිය පළාත් මන්ත්‍රිවරයා ආපදා ඇමතිද සමග මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය. මිය ගිය වැසියන් සොයා දීම නෑදෑ හිතවතුන්ට බලවත් අස්වැසිල්ලක් වූවත් පස්කන්දේ ස්භාවය අනුව එය ලේසි පාසුවෙන් කළ නොහැකි දෙයක් බවද ඔවුහු කීහ.



අදහස් (0)

තවත් ඛේදවාචකයකට ඉඩ දෙන්න එපා

ආශා Thursday, 30 October 2014 10:39 PM

ලසා, ඔබගේ අදහස 100 ට 200 ක් හරි (නි)

:       0       0

කාංචනා Thursday, 30 October 2014 11:27 PM

අපි මැරිලා ඉපදිලා නැහැ. 88/89 කාලයේ එක දවසක් බොරලැස්ගමුවේ පාරෙන් අපි පානදුරේ මළගෙදරක ගියා. පාරේ තිබුන ටයර් සෑයක් දැකපු මට සුමාන දෙකක් බයටම පාසල් යන්න බැරි වුණා. දැන් ඉන්න තරුණ උදවිය ඕවා දන්නේ නැහැ. (නි)

:       0       0

චින්තක Friday, 31 October 2014 02:22 AM

මේ ඛේදවාචකයෙන් 400 යි. 88/89 ඛේදවාචකයේ 60,000 යි. ඒ ඛේදවාචකය නම් සිදුවන්න ඉඩ නොදීම බලධරයන්ගේ වගකීමයි (නදී)

:       0       0

ජයන්ත Friday, 31 October 2014 02:45 AM

ගොඩක් අය ප්‍රතිචාර ලියන්නේ පුදුම මානසික තත්වයකින්. කිසිම හැඟීමක් නැතුව. මම මේ අයගෙන් ඉල්ලා සිටින්නේ පොඩ්ඩක් මොළේ කල්පනා කරලා යමක් කියන්න කියලා. (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 31 October 2014 02:54 AM

ලසා මහත්තයෝ, අපි පුද්ගලයින් කවුද කියන්නත් ඔවුන්ගේ පරමාර්ථ මොනවද කියන්නත් දන්නවා.අපි ඔය සූප්පුවෙන් කිරි බොන බබ්බු නෙමෙයි. (නි)

:       0       0

තරංග Friday, 31 October 2014 03:13 AM

ලසා එක්ක මමත් 100%ක් එකඟයි (නි)

:       0       0

චින්තක Friday, 31 October 2014 03:29 AM

ඔයාලමද මේ කතා කරන්නේ? (නි)

:       0       0

චින්තක Friday, 31 October 2014 03:31 AM

ජේ වී පී අඳ බාලයින්ට සමන්ත වීරයෙක් (නදී)

:       0       0

සුනිල් විතානගේ Friday, 31 October 2014 04:00 AM

ජේ.වී.පී කට්ටියගේ ෂෝ 1985 ඉඳලා අපි දැකලා තියෙනවා (නදී)

:       0       0

විජේදාස Friday, 31 October 2014 04:21 AM

සඳුනිට මමත් එකඟයි (නි)

:       0       0

දිලිප් Thursday, 30 October 2014 11:48 AM

මේවා බීරි අලින්ට වීනා වැයීමක් විතරයි ටික දවසකින් අමතක වෙයි (නදී)

:       0       0

ලලීන් රෝසා Thursday, 30 October 2014 12:12 PM

පවතින ආණ්ඩුවටම වැරදි කියල වැඩක් නැහැ. කාලයක් පදිංචි වෙලා හිට්‍ි තැන්. නැවතත් අනතුරු සහිත තැන්වල ඉන්න අයව ආරක්‍ෂිත තැන්වල ස්තිරවම පදිංචි කරන්න යෝජනාවක් ගේන්න තියෙන්නේ. (නදී)

:       0       0

චින්තක Thursday, 30 October 2014 12:35 PM

ඔව් ඔව් 1988/1989 කාලේ වාගෙ (නදී)

:       0       0

චන්න බණ්ඩාර Thursday, 30 October 2014 01:18 PM

දෙශපාලනඥයකුගේ නියම කාර්යබාරය හොඳින් ඉටු කරන ම්න්ත‍්‍රීවරෙයෙක්. (ර)

:       0       0

ජෙහාන් Thursday, 30 October 2014 02:33 PM

මෙතුමාගේ වැඩ කෙසේ වෙතත් කෙකර ගෑම නම් හරිම වැඩියි. අනුන්ට උපදෙස් දෙන්න සහ වැරදි සොයන්න කලින් තමන් මේ හදිසි ආපදා අවස්ථාවේ එතන වැඩක් කරලා පෙන්නන්න ඕන නේද ? එහෙම නැතිව ඔඩිට් ඔෆිසර් ගෙයි කොරනෙල් රාලහාමිගෙයි වැඩේ විතරක් කරල හරි යන්නේ නැහැ. (ර)

:       0       0

සඳුනි Thursday, 30 October 2014 02:57 PM

මාත් ඔබතුමාට කියන්නමයි හිටියේ 88-89 වගේ ඛේදවාචකයක් ආයෙත් වෙන්න ඉඩ තියන්න එපා. (ර)

:       0       0

මාලී Thursday, 30 October 2014 03:45 PM

සඳුනි, නියම උත්තරේ දීල තියෙන්නෙ 88-89 කරපු ඛේදවාචකය තවම අපට මතකයි. ආයෙත් එවැනි දෑ වෙන්න ඉඩ තියන්න එපා. (ර)

:       0       0

රන්ජිත් ගල්ගමුව Friday, 31 October 2014 08:00 AM

සදුනි, මාලි, ඔයාලා තවමත් එහෙම කළේ ඇයි කියලා හිතුවේ නැහැ නේද? ඉදිරියේදීත් ඒවගේ දේවල් වෙන්න පුළුවන්. රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් කාටවත් මුකුත් කරන්න බැහැ. අද වෙලා තියෙන්නේ මොකද්ද? හිතන්න එහෙම වුණේ ඇයි කියලා (නි)

:       0       0

ලසා Thursday, 30 October 2014 05:09 PM

මාලි, සඳුනි, ජෙහාන්, මේ සමන්ත පලාත් සභා මංත්‍රීතුමා ගැන මිනිසුන් පසුගිය ටිකේ කතා කලේ පාට පක්ෂ භේද නැතිවයි. ඔහුට යම් තරමකට වචනයකින් හරි පරිභව කලේ නම් ඒ දේෂපාලණය ගැන නොදත් බාලයකු පමනයි. සමහරවිට ඔබලාගේ දේශපාලණයේ පරමාදර්ශී චරිත වන්නේ රටේ ආර්ථිකය විනාශ කරන කොමිස් මිලියන් ගනන් ගහ ගන්න, තරබාරු ශරීරයකට උරුමකම් කියන, පුද්ගලයකු වෙන්න පුළුවන්. ඳිළිඳු කමේ හිනි පෙත්තෙම ඉඳලා තම උත්සහයෙන් අනුන්ට බරක් නොවී ජීවිතයක් ගෙවන දේශපාලකයකු අද හොයා ගැනීමටවත් නැති කලෙක, සමන්තගෙ සේවය ප්‍රශංසනීයයි. එය පිළිගන්න මැලි වන්න එපා. (ර)

:       0       0

සදුනි Friday, 31 October 2014 08:31 AM

ලසා, ඔබ වර්තමානය දෙස බලා චරිත සහතික දෙනවා වියහැකියි.නමුත් මම ජේ වී පි යෙ භීෂණයෙන් සියල්ල දවාහළුකිරීමකට ලක්වූ පවුලක අයෙක්.ඒ නිසා මොවුන්ගේ කෙරුවාව ගැන මට ඔබට වඩා බොහෝ අත්දැකීම් තිබෙනවා. (නි)

:       0       0

රණසිංහ Thursday, 30 October 2014 09:03 PM

ජපානයේ සියලුම ප්‍රදේශ අවදානම්, ඒ මිනිසුන් අවදානමට ඔරොත්තු දෙන ලෙස නිවාස හදා තියනවා. අපිත් විකල්ප ක්‍රමයකට පුරුදු වන්න ඕනේ (නදී)

:       0       0

ජෙහාන් Thursday, 30 October 2014 09:08 PM

ලසා ඔබ 88/89 කාලයේද උසස් පෙළ කලේ. ? එහෙම නෙවෙයි නම් ඔබට අපි කියන දේවල් වැටහෙන්නේ නැහැ. මම වසර ගණනාවක් ඒ කාලයේ දිගටම සරසවිය වැසීම නිසා එතනටම නාකි වූ කෙනෙක්. ජීවිතය ආපස්සට යන්න නොදී බේරුනේ රැකියාවක් සොයාගෙන. ඒ අතරේ වෘත්තීය විභාග පටන් ගත්ත නිසා මට කිසිම දේශපාලන පරමාදර්ශී චරිතයක් නැහැ. කතාව විතරක් මදි ලසා ඔහු චතුර කතිකයෙක්. හැබැයි කටින් බතල කොළ හිටවලා මදි. ඔය පක්ෂයෙන් පිල් මාරු කල අයගේ දැන් තත්ත්වය ගැන මෙතන මිනිස්සුන්ට කතා කරන්න ඉඩ තියන්න එපා. ඔබට ඔලුව හංගා ගන්න වේවි. (නදී)

:       0       0

සුරන්ජිත් ලාල් Thursday, 30 October 2014 09:22 PM

ලංකා, ඔබ ඇත්ත අවබෝධ කරගෙන අදහස් දැමීම ගැන සතුටු වෙමි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 8 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 13 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 35 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 50 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 100 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 121 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site