IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


තවත් තරුණියක් එන්නතකට බිලි

(ජේ.ඒ.එල්.ජයසිංහ)

උදරාබාධයකට  ප්‍රතිකාර ගැනීමට පේරාදෙණිය රෝහලට  ආ බව කියන 21 හැවිරිදි තරුණියකට එන්නත් දෙකක් දීමෙන් පසු  ඇය මිය ගොස් ඇතැයි පේරාදෙණිය රෝහල් පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ  කඩුගන්නාව පොත්තපිටියේ පදිංචි චමුදි සන්දිපනී මධුෂිකා ජයරත්න නම් තරුණියකි. 

උදරාබාධයක් නිසා පසුගිය 11 වැනි දා  පේරාදෙණිය  රෝහලේ ඇතුළත් වූ ඇය හත්වන වාටටුවේ ප්‍රතිකාර ලබමින් සිටියාය.

මෙම තරුණියට ඊයේ (12) පෙරවරුවේ  වාට්ටුවේ හෙදියක එන්නත් දෙකක් ලබාදුන් අවස්ථාවේ ඇය වේදනාවෙන් කෑ ගසා ඇති අතර පසුව වැසිකිළියට ගොස්  වමනය දමා ටික වේලාවකි මියගිය බව ඇගේ මව වන මායා ඉන්ද්‍රානි මහත්මිය පැවැසුවාය.

 



අදහස් (34)

තවත් තරුණියක් එන්නතකට බිලි

මහසෙන් Wednesday, 12 July 2023 02:45 PM

ජීවිතය ඉල්ලා යන තැනකින් ලැබෙන්නේ ජීවිතය අහිම් වීම නම්.තවත් කුමන කතා ද?මේ ශාපය.අවසන්.වීමට තවත් ජීවිත කීයක් බිලිදෙන්න උවමනාද? තව කමිටු දාලා කල් මරපල්ලා.එතකොට හරි.

:       3       173

mugalan Wednesday, 12 July 2023 02:58 PM

ආර්ථික අවපාතයකට පසු මුදල් හිඟය පියවාගන්න ප්‍රමිතියෙන් ඉතාම අඩු මට්ටමේ බෙහෙත් ආනයනය කරනවා. ආර්ථිකය වනසා දැමීමට ජනතාව පාර කපා ඇත... අනුවණ දේශපාලකයන් තොර පත්කරගැනීමෙන් ඔවුන්ගේ පවුල් ආරක්ෂාව පවතිනු ඇත.

:       1       121

අරවින්ද මොනරවිල Wednesday, 12 July 2023 03:00 PM

බාල ඖෂධ ගේනවා කියන කතා බොරු... අපේ සෞඛ්‍ය ඇමැතිතුමා ගේන්නේ ඉහළ ප්‍රමිතියෙන් යුත් වටිනා ඖෂධ, සමහර විට ඒවා මේ රටේ දුගී දුප්පත් ජනතාවගේ සිරුරුවලට පෑහෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවාද මන්දා..!

:       6       101

SLThursday, 13 July 2023 12:07 AM

බාල බෙහෙත් වුණාට කොමිස් එකතු වුණාම ගාන සැරයි.. කාලකන්නි 226යි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න පගා මරුවෝයි මේ දරුවන්ගේ මරණයට වගකිවයුතුයි කියා හම්බකර ගන්න ඇති...

:       0       0

Anil Wednesday, 12 July 2023 03:02 PM

අනේ ඉතින් 225ට මුකුත් කරදරයක් නැත්තං ඒ මදැයි. ඡන්දේ දාන උන්දැලාට සිංගප්පූරුවෙන් බෙහෙත් ගන්න බැරියැ...

:       1       100

Chinthana Wednesday, 12 July 2023 03:08 PM

පේරාදෙණිය රෝහල තියෙන්නේ සෞඛ්‍ය ඇමැතිගේ දිස්ත්‍රික්කයනේ...

:       0       75

මැක්ස් Wednesday, 12 July 2023 03:25 PM

බෙහෙත් ගෙන්වීම සහ ඒ නියාමනය කරන්නෙත්, රෙකමදාරු කරන්නෙත් ඇමැති නොව, ඒ පිළිබඳ ප්‍රාමාණික උගතුන්ගෙන් සපිරි වෛද්‍ය මණ්ඩලයක් විසින් බව මොනරවිල වැනි "දෙන්නම් බැටේ" කොමෙන්ටු කරුවන් තේරුම් ගන්නේ කවදාද?

:       100       21

senaWednesday, 12 July 2023 03:39 PM

රෙදි නැතුව කඩෙ යනවා කියන්නෙ මෙවාට තමයි, ඔයකියන රෙකමඩාරු කරන තැන සිටිය යුතු මහාචර්ය වරු පත් කරන්නෙ නැතුවලු ඔය බාල බෙහෙත් ගෙනත් හොරා කන්නෙ.

:       5       75

අරවින්ද මොනරවිලWednesday, 12 July 2023 04:58 PM

ඇත්ත තමයි... සමහරක්ට වගේ අපිට ඕවා තේරෙන්නේ නැහැනේ..., ඒකනේ රටට මෙහෙම වුනේ...!

:       1       34

අනුරWednesday, 12 July 2023 08:44 PM

එහෙනම් අහවල් එකකටද ඇමතිතුමාට රට යන්න තහනම් නියෝග තියෙද්දී හදිසි ඖෂධ මිලදී ගැනීම සඳහා තහනම් නියෝගය අවලංගු කරන්න ගියේ....?

:       0       0

සුරංග Thursday, 13 July 2023 06:08 AM

මේ අදහස නිවැරැදි වුණත් 1994 දී සහ විශේෂයෙන් 2019 දී පාලනය ගැන කිසිවක් නොදන්නා කෙනෙක් ජනාධිපති කරන්න ලක්ෂ හැටනවයක් මනාපය දුන්නේ හරියට මේ නිවැරැදි අදහස වැරැදියි කියනවා වගේම තමයි...

:       0       0

සෞඛ්‍ය ඇමති Wednesday, 12 July 2023 03:26 PM

විකාරද? මොනරවිල අපි බෙහෙත් ගන්න සිංගප්පූරුවේ ඔය වගේ බාල බෙහෙත් නැහැනේ...!

:       1       46

Kazi Shajahan Wednesday, 12 July 2023 03:57 PM

මේ පාලකයෝ ඉක්මණට එළවන්න ඕනෑ. තව වසර ගණන් හිටියොත් මුළු ලංකාවේ මිනිස්සුන්ට මැරෙන්න වෙන්නේ... ගසව් ගසව් කැරලි ගසව්...

:       6       74

Deshabandu Wednesday, 12 July 2023 04:35 PM

මේක නවත්වන්න කරන්න තියෙන හොඳම දේ තමයි... මෙව්වා ගෙන්නන්න... නිර්දේශ කරපු අයට සහ ඔවුන්ගේ පවුලේ අයට බලෙන් හරි විදලා බලන්න රෝගීන්ට විදින්න ඉස්සෙල්ලා...

:       1       61

Nimla Wednesday, 12 July 2023 05:47 PM

කලින් ගෑස් කතාව වගේ මේකත් ජනතාව පිට පටවලා පාලකයින් ඇඟ බේරාගන්න බලන්නේ... පැහැදිලිව වැරැද්ද පේනවා... ඒත් ජනතාවට ඒක කියන්න පෙන්නන්න බලයක් නෑ...

:       1       42

Nuwan Wednesday, 12 July 2023 06:08 PM

ප්‍රමිතිය නෙවෙයි, කුට්ටිය බලන්නේ... අමාත්‍යාංශයේ ඉන්න උගත් දොස්තරලා සල්ලිකාරයෝ වුනේ කොහොමද කියලා හොයාබලන්නකෝ...! වැඩේ තේරේවි. සෞඛ්‍ය රක්ෂණය සහ විශේෂිත නීති සේවයක් ඇතිකරන්න කාලේ හරි...

:       0       42

චන්දිම ෆොන්සේකා Wednesday, 12 July 2023 06:28 PM

ඉන්දියාවෙන් දීපු ණය සහනාධාර වලින්ද මේ බෙහෙත් ඉන්දියාවෙන්ම ගෙන්නන්නේ? එහෙම නම් මේ බාල බෙහෙත් අරගෙන මිනිස්සුත් මරලා ඕවාට ආපහු ණය ගෙවන්නත් ඕනෑද? වහාම ඉන්දියානු රජය සමග කතාකරලා මේ බාල බෙහෙත් එක්කෝ විනාශ කරලා දාන්න හරි... එහෙම නැත්නම් ආපහු පටවන්න හරි ඕනි. මේ වසබෙහෙත් වලට ණය ගෙවන්න ඕනෑ නැහැ. වහාම ආණ්ඩුව මේ ගැන ක්‍රියා කරන්න ඕනෑ...

:       0       43

ජගත් ලියනගේ Wednesday, 12 July 2023 06:29 PM

මිනීමරණ සෞඛ්‍ය සේවයක් ලංකාවේ තියෙන්නේ...

:       0       51

ranjith Wednesday, 12 July 2023 07:45 PM

සෞඛ්‍ය ඇමැතිකම වෛද්‍ය ක්ෂේත්‍රය ගැන දන්නා කෙනෙකුට පවරන්න දැන්වත් පාලකයින්ට මොලේ පෑදේවා...!

:       0       1

nanda Wednesday, 12 July 2023 07:46 PM

මේ වගේ ගොන් පාලකයෝ ඉන්න රටක නැතිව හොඳ රටක ඉපදෙන්න වාසනාව ලැබේවා.

:       0       0

Rata Perata Wednesday, 12 July 2023 07:53 PM

කොන්දක් තියෙන නායකයෙක් හිටියා නම් අද ඇමැතියා ගෙදර එක දුර්වලයෙක් පන්නලා ආව එක ඉතා අන්තයි...

:       0       0

අනුරුද්ධ ලියනගේ Wednesday, 12 July 2023 08:25 PM

අරක්කැමියෝ, සූපවේදියෝ සෞඛ්‍ය භාර ගත්තාම ඔහොම තමයි...

:       0       0

සුදු ඇඳගෙන කලු ඇවිදින් Wednesday, 12 July 2023 08:48 PM

මේ ඉන්දියාව අපේ අත අඹරලා, බෙල්ල හිරකරලා දීපු ණයවල ප්‍රතිඵල.. මුළු සෞඛ්‍ය අමාත්‍යාංශයම බිල්ලට අරන් ඉවරයි. මේ තමයි තිත්ත ඇත්ත...

:       0       0

ranjan Wednesday, 12 July 2023 09:43 PM

මේ වටිනා ජීවිත අහිමි කරන්න වගකිව යුත්තන්ට දේව සාපයක් වේවා...

:       0       0

Che Wednesday, 12 July 2023 10:44 PM

බාල ඉන්දීය බෙහෙත් දී ජනතාව මරණයට පත් කිරීම වහාම නතර කරනු...

:       0       0

ලුම්බිණි Thursday, 13 July 2023 05:01 AM

එදා වගේ අදත් රනිල්ට මේවා එකක්වත් පේන්නේ නැහැ...

:       0       0

sathyapala Thursday, 13 July 2023 05:21 AM

සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ ඇමැතිලාට ධන නිධානයක්... සමහර අලුත් බෙහෙත් වර්ග කොතරම් සාර්ථකද කියා පරික්ෂා කිරීමට ඖෂධ සමාගම් ඩොලර් මිලියන ගණන් වැය කරනවා. එහෙත් අපේ රටේ ඇමැතිලාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහඅයට ඩොලර් ලක්ෂයක් වියදම් කළාම ඒ බෙහෙත වෙනත් බෙහෙතක් ලෙස අපේ රටට එවලා පරීක්ෂා කරනවා. අපේ රටේ මිනිස්සු පරික්ෂණාගාර වල මීයන්ටත් වඩා පහත් තැනට වැටිලා. රාජිතයි කෙහෙලියයි.... සෞඛ්‍ය අමාත්‍යාංශය කියන මේ නිධානය අයිතියට ගන්න ද්වන්ධ සටනක්... සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහා එවුනුත් දෙකට බෙදිලා තමන්ට වාසි ඇමැතියා ගෙන්න ගන්න සටනේ... වෛද්‍ය සංගම්වල මහා එවුනුත් තමන්ගේ සංගම්වල සාමාජිකයින්ට උපරිම වාසි ලැබෙන නිසාත් දේශපාලකයින් පසුපස සාමාජිකයින් අසරණයි. කතාකිරීමට බයයි. ලංකාව අපායක්...

:       0       1

nalin Thursday, 13 July 2023 05:59 AM

රටවල් බංකොළොත් වීමේ ප්‍රතිවිපාක තමයි ඔය. දැන් බලන්න කීදෙනෙක් මැරෙනවාද මෙහෙම...? අඩු මාසෙන් ඉපදෙන ළමයි කී දෙනෙක් මැරෙනවා ඇතිද? බෙහෙත් විසවෙලා මැරෙනවා. එතකොට සල්ලි නැතිව විඳවලා සමහරු සියදිවි නසාගන්නවාද? බෙහෙත් ගන්න සල්ලි නැතිව ලෙඩ්ඩු කීදෙනෙක් මැරෙනවා ඇතිද?

:       0       0

සිසිල් සුදේශ් Thursday, 13 July 2023 08:15 AM

මේ ගේන හැම බෙහෙතක්ම සෞඛ්‍ය ඇමතිතුමාටත්, ඖෂධ නියාමන අධිකාරියෙ ලොකු මහත්තයටත් විදලා බලලා පරීක්ෂා කරන විදිහක් හොයාගත්තොත් නරකද?

:       0       0

Sampath Thursday, 13 July 2023 10:07 AM

කොච්චර මිනිස්සු රොහල් වල මලත් දේශීය වෙදකමට ඔය වෛද්‍යවරු ගරහන තරමක්?

:       0       6

Bunny Preena Thursday, 13 July 2023 11:36 AM

බොහොම සොචනීය පුවතක් ඉස්සෙල්ලම හොයල බලන්ට තියෙන්නෙ නිවැරදි එන්නතද එන්නත් කරල තියෙන්නෙ කියලා. කොහොම උනත් සාදාරනය ඉශ්ට වෙයිද කියන එක කාතුලත් සැකයට භාජනය වෙන කරුනක් වෙලා තියෙන්නෙ. දියනිය ඔබට නිවන් සුව ප්‍රාර්තනා කරමි.

:       0       0

සුමේධ Thursday, 13 July 2023 01:15 PM

ඔබ වැනි සුන්දර දරුවෙකු ජාතියට අහිමි උනා.පවුලේ අම්මා තාත්තා ඇතුළු සැමට මගේ බලවත් සෝකය පුදකරමි.ඔබට උතුම් නිවන් සුව ලැබේවා !

:       0       0

mahinda Thursday, 13 July 2023 02:29 PM

බාල ඖෂධ ගෙන්වපු උන්ටයි උන්ගේ පවුලේ උන්ට සහා ගෙන්වන්න උදව් කරපු උන්යි ,උන්ගේ පවුලේ උන්ටයි ශාප වේවා !! හෙණ පහල වේවා ! මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා!

:       0       0

බද්රානි Thursday, 13 July 2023 03:19 PM

මෙතන ඇත්තේ, බාල බෙහෙත් පිළිබඳව ප්‍රශ්නයක් නොවෙයි. වෛද්‍යවරු යම්, එන්නතක් හෝ බෙහෙතක් නිර්දේශ කිරීමට ප්‍රථම රෝගියාට ඇති අසාත්මික තාවයන් පිළිබඳව රෝගියාගෙන් විමසා තවවුරු කර ගත යුතුයි. නමුත්, ලංකාවේ වෛද්‍යවරුන්ට එහෙම සොයාබැලීමක් කරන්න තරම් කාල වෙලාවක් නැහැ. පුදුම කඩි කුලප්පුවක් තියෙන්නේ. පෞද්ගලික චැනල් කඩවලට දුවන්න බලාගෙන තමයි හදිස්සිය. චැනල් කඩේ උනත් තප්පර ගානෙන් බෙහෙත් නියම කරනවා. ඒ වගේම නර්ස්ලාට කිසිම සාමාන්‍ය දැනීමක් නැහැ. ඔහේ රැකියාව කරනවා. එක අතකට ලංකාවේ මේ සෞඛ්‍ය ශේත්රයේ පවතින මාෆියාව ගැන කතා කරලා පලක් නැහැ. වැනසෙන තෙක් ඔහොම යං!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 448 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 225 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 317 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 946 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 522 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 3633 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 596 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 306 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site