IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


තවත් දරුවෙකුට පිහිට

ඉඹුල්ගොඩ සුනේත්‍රාදේවී කණිෂ්ඨ විදුහලේ   පුංචි දරුවෝ එක්ව   එම ප්‍රදේශයේ වෙනත්   පාසැලක  ස්නායු ගත රෝගී තත්වයකින්  දෙකකුල් අප්‍රානික වු   එස්.එම්.ජී ටෙෂානි චමල්කා දැරියට රෝද පුටුවක් ඇතුළු වැසිකිලි කැසිකිලි ආධාර උපකරණ තොගයක්  පරිත්‍යාග කළහ.

ටෙෂානි චමල්කා ගලහිටියාව ගනේමුල්ල හේමමාලී මහ විදුහලේ විශේෂ අධ්‍යාපන ඒකකයේ   ඉගෙනුම ලබන දැරියකිි. ඇගේ   ඉනෙන් පහළ කොටස  ක්‍රියාත්මක නොවීම නිසා ඇය දැඩි ස්නායු රෝගී තත්වයෙන් පසුවෙයි.
දැඩි දරිද්‍රතාවයෙන් පෙලූන ඇගේ දෙමව්පින්ට   පුංචි ටෙෂානිව පාසල් රැගෙන ඒම මහත් අසීරු කාර්යක් විය. රෝද පුටුවක අවශ්‍යතාවය ඔවුන්ට තදින්ම දැනී තිබු මොහොතත කුඩා දරුවෝ කළ මෙම ක්‍රියාව ඔවුනට මහ මෙරක් විය.

ටෙෂානි සිය මවත් පියාත් සමග ඉඹුල්ගොඩ සුනේත්‍රාදේවී කනිටු විදුහලට පැමිණියේ ඇගේ මවගේ දෑතේ සවියෙනි. ඇගේ මව මහත් ආයාසයකින් ඇය වඩාගෙන පැමිණි අයුරු ඉතා සංවේදී විය.

එම අවස්ථාවේදී  සුනේත්‍රාදේවී කනිටු විදුුහලේ  දිමදි විමංශා සහ  අකිත දේශාන් යන දරුවෝ  පුංචි ටෙෂානිට රෝද පුටුව පරිත්‍යාග කළහ.  සියලූ දරුවෝ අත්පොලොසන් දුන්හ.  ටෙෂානි ප්‍රීතියෙන් ඉපිළ ගියාය. ඇගේ මව සාරි පොටෙන් කඳුළු පිස ගත්තද යළි සිය දියණියගේ සිනහව දැක ඇයද සිනහසුනාය.

ටෙෂානි ඉගෙනුම ලබන පාසල වන ගනේමුල්ල හේමමාලි මහා විදුහලේ කණිෂ්ඨ අංශයේ විදුහල්පතිනිය තමරා දයානි මහත්මියද මෙම අවස්ථාවට පැමිණි සිටි අතර අන්  අයට පිහිටවීමේ ගුණ මෙම දරුවන් පාසලින් හුරු වී තිබීම  අගය කළාය.

ඇයද එම අවස්ථාවේ මෙයට කෘත ගුණ සැලකීම වෙනුවෙන් ඇගේ පාසල් වෙනුවෙන් සුනේත්‍රාදේවී විදුහලේ පුස්තකාලයට පොත් පත් ලබා ගැනීම සඳහා මුදල් ආදාරයක් ලබා දුන් අතර එහිදී සුනේත්‍රා දේවී විදුහල්පතිවරයා විසින් එම මුදලද ටෙෂානිගේ දෙම්විපියන්ට පරිත්‍යාග කළේය.

මෙම පාසලේ ඉගෙනුම ලබන  අකිත දේශාන් දරුවාගේ පියා  පුංචි ටෙෂානි පාසල් පැමිණීමට දරන දුෂ්කරතාවය  දැක ඒ බව විදුහල්පති එම්.ජී රන්බංඩා මහතා ඇතුළු ආචාර්යය ණ්ඩලයට දන්වා ඇත.

නොවැම්බර් 6 වෙනි දිනට යෙදුණු ඉල් පෝය වැඩසටහන නිමිත්තෙන් කුඩා දරුවෝ විදුහල්පතිවරයාගේ උපදෙස් මත සියළු ගුරු භවතුන්ගේ උපකාරයෙන් දෙමව්පියන්ගේ ආධාර ඇතිව මෙම කටයුත්තට එක් වුහ.

 1 4 5 DSCF1462  DSCF1479  DSCF1485 DSCF1487

 

 

 



අදහස් (0)

තවත් දරුවෙකුට පිහිට

සෑම් Tuesday, 11 November 2014 06:25 AM

මේ තමා මනුස්ස ලෝකය (දිල්)

:       0       0

රණසිංහ Tuesday, 11 November 2014 06:29 AM

මේ දරුවන්ට වැඩි වැඩියෙන් ලැබේවා (දිල්)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 11 November 2014 06:32 AM

අපේ දරු දැරියන්ගේ එකමුතු කම දකින කොට හරිම ආදරයක් ඇති වෙනවා.දුවේ පුතේ ලස්සන ශ්‍රී ලංකාවක් ගොඩ නගන්න අපෙන් ආසිරි !(දිල්)

:       0       0

රජිත Tuesday, 11 November 2014 06:50 AM

පුංචි දරුවන්ගේ වැදගත් අදහසක්.(හේ)

:       0       0

අදිකාරී Tuesday, 11 November 2014 07:08 AM

හදවතින්ම ආචාරය.(හේ)

:       0       0

චමල් Tuesday, 11 November 2014 07:11 AM

සතුටු දායක ප්‍රවෘත්තියක්.(හේ)

:       0       0

රසික Tuesday, 11 November 2014 07:33 AM

තවමත් ලංකාවේ මිනිසුන්ගේ සංස්කෘතික වටිනාකම් වඳ වෙලා නැහැ. පුංචි පුංචි තාරක ඉතිරි වෙලා තියනවා දැක්කම ඇස වලට කදුළු පිරෙනවා. සුබපැතුම්. (දිල්)

:       0       0

සිල්වා Tuesday, 11 November 2014 07:44 AM

බුදුසරණයි දෙවි පිහිටයි. දුවලා පුතාලා ඔක්කොටම රටේ අනාගතය බාරගන්න ඉන්න මේ දරුවෝ ඔක්කොම රටට ලොකු ආදර්ශයක් විදුහල්පති තුමා මුලිකත්වය අරගෙන කරන මේ කුසල කර්මයන් ලංකා වාසි හැම දෙනාටම ලොකු දර්ශයක් අපේ සංස්කෘතික වටිනාකම් ඉදිරියට ගෙනියන්න ලොකු පිටුවහලක්.සැමට ජය සහ සතුට පිරි ජීවිතයක් ලැබේවා !!!(හේ)

:       0       0

ජයතිලක Wednesday, 12 November 2014 03:20 AM

ගම්පහ පාසලක හොඳ පවතින වැඩක් කරානම් පළවෙනියට ඒ අපේ සුනේත්‍රා දේවි පුංචි ඉස්කෝලේ ඒ වගේ හොඳ අදහස් පහළ වෙන්න ආදර්ශවත් විදුහල්පති තුමෙක් ඉන්න එක අපේ දරුවන්ගේ සහ දෙමවුපියන්ගේ ලැබීම ඉදිරියටත් මෙවන් දෙයක් කිරීමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා! (බ)

:       0       0

අනුර Tuesday, 11 November 2014 07:49 AM

රත්තරන් දරුවන්ට බුදුසරණයි!! දැයේ වාසනාවට බිහි වූ උසස් මනසක් ඇති විදුහල්පති තුමෙක්.(හේ)

:       0       0

ජයන්ත Tuesday, 11 November 2014 07:54 AM

මගේ රට ගැන මට සතුටයි අපේ හෙට දිනය මේ දරුවන්ගේ සිනහවෙන් බැබලේවි සියලු දෙනාට බුදු සරණයි !!.(හේ)

:       0       0

චාමිකර Tuesday, 11 November 2014 08:08 AM

යහපත් සත් ක්‍රියාවක්.(හේ)

:       0       0

සෝමදාස Tuesday, 11 November 2014 08:09 AM

ගම්පහ,ඉඹුල්ගොඩ,ගනේමුල්ල ගම්වල හොද දානපතියෝ වගේම ඉහළ තනතුරු දරන වැදගත් නිලධාරින් බහුලව ඉන්න ප්‍රදේශයන්. මෙවැනි අයට පිහිටවීම මහත් ඵල ආනිසංශ දෙන උතුම් සත් ක්‍රියාවක්.(හේ)

:       0       0

රොෂාන් Tuesday, 11 November 2014 10:20 AM

බොහොම හොඳ වැඩක්. ඔය වගේ ආධාර අපිටත් දන්වන්න. අපිත් උදවු කරන්න ලැහැස්තියි. (ස)

:       0       0

රුවන්තික Tuesday, 11 November 2014 10:43 AM

හරි මග පෙන්වන මෙවැනි ගුරු බවතුන් සදා වාසනාවන්. කුඩා කලම මෙවන් උතුම් ක්‍රියාවන්ට යොමු කිරීමෙන් මුළු දිවියම අන් අයගේ දුක හදුනන ,දුකට පිහිටවන උතුම් මිනිසුන් බිහිකරවන ,එකමුතුකම අගය කරන වාසනාවන්තයින් බිහිකරන ඔබ සියලු දෙනාට ගොඩක් පින්.(හේ)

:       0       0

පද්මිණී Tuesday, 11 November 2014 11:06 AM

වටිනා ආදර්ශයක්. ඒ වගේම මේ දියණියගේ රෝගී තත්වය සුවපත් කිරීමට මෙම පුවත දකින යම්කිසිවෙක් ඉදිරිපත් වන්නේ නම් ලොකු පිනක් . අපි සැමටත් දායක වන්න පුළුවනි. (බ)

:       0       0

රුහුණු Tuesday, 11 November 2014 12:37 PM

මෙම දරුවන් කරපු සත්ක්‍රියව මම අගයකරමි. නමුත් වෙන දරුවන් දුවල පැනල සෙල්ලම් කරනවිට මේ දරුවට මොනතරම් දුකක් ඇතිවෙනවා ඇද්ද. (බ)

:       0       0

සුජාතා දිසානායක Tuesday, 11 November 2014 12:55 PM

අගය කලයුතු දෙයක් මෙය. ගුරු මණ්ඩලයට හා දරුවන්ට අපගේ ආශීර්වාදය. (ර)

:       0       0

විල්සන් Tuesday, 11 November 2014 01:35 PM

මේවැනි සත්කාරයන්ට මුල්තැන දෙන අපේ ජනාධිපතිතුමාට ජය වේවා.! (ර)

:       0       0

මොරිස් Tuesday, 11 November 2014 10:38 PM

වැඩෙත් හරිම ලස්සනයි. මේ පාසල් ගීය නිතර දෙවේලේ ඇසෙන "සින්දු" කියලා හඳුන්වන ඒවාට වඩා කොච්චර සුන්දරද? තව තවත් ගුරු මහත්ම මහත්මීන්ට මෙවැනි දේ කිරීමට ධෛර්ය හා ශක්තිය ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 80 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 64 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 595 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 68 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


අධිවේගී පිවිසුම අසළ පාළු ඉඩමක මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 817 0

කොට්ටාව අධිවේගී පිවිසුම අසළ මිහිඳු මාවත ප්‍රදේශයේ පාළු ඉඩමක අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් තිබී අද අද (01) දා දහවල් සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොල


ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 1961 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38429 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25314 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 890 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 322 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site