IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


තවත් දරු පවුලකට ගෙයක්

ඉන්න හිටින්න තැනක් නොමැතිව ගල් ගුහාවක දිවි ගෙව් දරු පවුල වෙනුවෙන් තැනෙන නව නිවස පෙබරවාරි මස 05 වැනි දා ඔවුනට ලබා දෙන බව තිරප්පනේ ප්‍රාදෙශිය ලේකම් රෙණුකා කුමාරි හෙරත් මහත්මිය කියන්නීය.

නිවසේ මුල් අධියරේ ඉදිකිරිම් කටයුතු වෙනුවෙන් රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මුදල් ආධාර ලබා දුන්නේය. වහලේ වෑඩකටයුතු නිම කිරිම සදහා ඉතාලියේ ශුරයන්ගෙත් ශුරයා එල්ලේ තරග සංවිධායක චින්තක චන්දන කුමාර හා 2011 ඉතාලි ශුරයා බවට පත් වු සංඛ  දිනිත් මහත්වරු මුදල් ලබා ආදාර ලබා දුන්හ.

 දුරකථනයෙන්  එසැණ හා සම්බන්ධ වු ප්‍රාදේශිය ලෙකම්වරිය මෙසේ කිවාය.

‘මා  මේ ලෝකෙට ජනිත කළ මගේ මව නැතිවුණේ පෙබරවාරි පස් වැනි දිනක. මෙයට පෙරත් මම ඒ දිනට අසරණ දරු පවුලකට නිවසක් තනා දුන්නා. මේ නිවසත් බාර දුන්නට පස්සේ පියා නැති දරුවන් පස් දෙනෙකුත් මවකුත් ඉන්න අන්ත අසරණ පවුලකට නිවසක් හදන්න මා බලාපොරොත්තු වෙනවා.

ඒ අය දැනට ඉන්නේ තිරප්පනේ කැලෑවකට මායිම්ව. ලොකු හැහැනු දරුවෙක් ඉන්නවා. ඔවුන් අනාරක්ෂිතයි. නගරයෙන් පර්චස් 20ක් වෙන්කර  දෙන්න මට පුළුවන්. නිවස ඉදිකරන්න ඉතාලියේ ඉන්න  අයගේ උදවු ලැබෙතියි මා බලාපොරොත්තු වෙනවා.‘



අදහස් (0)

තවත් දරු පවුලකට ගෙයක්

මංජුල අබු ඩාබි සිට Saturday, 11 January 2014 12:40 PM

මෙවන් සද් ක්‍රියාවන් තවත් කිරීමට එතුමාට දිරිය ශක්තිය ලැබේවා !!! (අ)

:       0       0

වජිරා Saturday, 11 January 2014 01:49 PM

ඔබ තුමියට මෙවන් සමාජ සත්කාර කිරීමට තවදුරටත් ශක්තිය ලැබේවා.(නදී)

:       0       0

කපිල Friday, 10 January 2014 08:35 PM

මෙතුමිය ඉතා උසස් ගුණ යහපත් කමින් යුතු නිලධාරිනියක් (දී)

:       0       0

සුකී Friday, 10 January 2014 08:47 PM

මේ අර රේණුකා හේරත් කියපු ඇමතිවරියද? (දී)

:       0       0

නරනප්පා Saturday, 11 January 2014 04:01 PM

තවමත් මේ රට ගල්ගුහාවල මිනිසුන් ජිවත් වෙන රටක්. ඒ පිලිබදව උදම් අනනවා වෙනුවට රාජ්‍ය තාන්ත්‍රිකව කටුතුකල අය පළමුවත් දේවනුව ඔවුන් පත්කළ අප සැවොමත් ලජ්ජා විය යුතුයි.(නදී)

:       0       0

බණ්ඩා Friday, 10 January 2014 09:28 PM

ඉතාලි සුරයා කියන්නේ කවුද (අ)

:       0       0

අස්ලම් Friday, 10 January 2014 09:34 PM

හොද වැඩක්!රටේ කොයි තරම් පිරිසක් ඉන්නවද හිසට සෙවනක් නැති මේ අයට උදව් කරන්න (දිල්)

:       0       0

චතුල වෙරෝනා Friday, 10 January 2014 09:35 PM

උතුම් මිනිස් ගුණ මතු වුණ එක් අවස්ථාවක් (දිල්)

:       0       0

ශාන්ති Friday, 10 January 2014 10:36 PM

ගොඩක් පින් ඔබ තුමියට , තව තවත් මෙවන් පින් වැඩ කිරීමට ශක්තිය දහිරිය ලැබේවා(දිල්)

:       0       0

හිරාන් Saturday, 11 January 2014 12:04 AM

වචන වලින් කියා නිම කල නොහැකි මහඟු සමාජ සත් කාරයක් (දී)

:       0       0

සංජිව Saturday, 11 January 2014 12:50 AM

බස්නාහිර දකුණේ හිටියනම් ගෙවල් හදන්න පෝලිමේ දැන් ඒයි (දී)

:       0       0

රවී Saturday, 11 January 2014 01:01 AM

මතු භාවයක නිවන් දකින්න තරම් පිනක් (දී)

:       0       0

සත්‍යයා Saturday, 11 January 2014 06:36 PM

නරනප්පා ඔබ මතු කළේ වැදගත් ප්‍රශ්නයක්. ප්‍රේමදාස "හිසට වහලක්" කියන සෙල්ලම් ගෙවල් හදන කාලේ කඩේ යන අය කිව්වේ වහලයක් නැති හැම පවුලකටම ගෙයක් කියලා. ඒ වැඩ පිළිවෙලින් මිනිහයි මිනිහගේ ගොලයෝයි හැදුණා මිස තවමත් ගල් ගුහා වල ඉන්න අයට ඉන් සෙතක් උනේ නැහැ. (නදී)

:       0       0

ලලිත් Saturday, 11 January 2014 02:17 AM

ලේකම් තුමියනි, ඇයි ඉතාලියෙන් උදවු ඉල්ලන්නේ? සමාජ සේවා අමාත්‍යංශය නිවසකටයුතු පිලිබඳ අමාත්‍යංශය අර අමාත්‍යංශය මේ අමාත්‍යංශය යනාදී වශයෙන් කියක් තියෙනවද උදවු ඉල්ලන්න? එව්වගේ ඇමති වරුන්ට ලේකම් වරුන්ට, නිලධාරීන්ට, පහුගිය අවුරුදු දෙකේ කියක් තීරු බදු සහන දීල තියෙනවද වාහන වලට? ඒ අයගෙන් අහල බැලුවොත් ආදාරයක් ගන්න තිබුන නේද ලැබුණු සහන වලින්? (දී)

:       0       0

සංජිව Saturday, 11 January 2014 05:07 AM

ඇත්තටම අත්හ පවන් නිවන් දකින්න තරම් පිනක් (දී)

:       0       0

පවන් Saturday, 11 January 2014 05:07 AM

රේණුකා හේරත් වලපනේට ගොඩාක් සේවය කළා. දැන් මේ කරන මහගු පුණ්‍ය කර්මයෙන් මරණයෙන් මතු දෙව් මිනිස් කෙලවර අමාමහ නිවන් සුව අත් වේවා! (දී)

:       0       0

සත්‍යා Saturday, 11 January 2014 06:25 AM

ඇයි ඕගොල්ලෝ පින් දෙනකොට මේ කටයුත්තට ආධාර කළ ඉතාලියේ වසන ශ්‍රී ලාංකිකයින් ගැන සඳහන් නොකළේ?(දිල්)

:       0       0

ජයතිස්ස Saturday, 11 January 2014 08:33 AM

බොහොම සන්තෝසයි . වටින සමාජ සත්කාරයක් වගේම මියගිය දෙමව් පියන්ටත් පින්සිදුවන උතුම් පින්කමක්. ඔබතුමියට හා මෙයට සහභගිවූ හැමදෙනාටම බොහෝ පින්සිදුවෙනවා සේම ඔබ හැමදෙනාගේ සියලු යහපත් පැතුම් හොඳින් සිදුවේව. (දී)

:       0       0

පුෂ්ප Saturday, 11 January 2014 08:38 AM

උපදින උපදින හැම ආත්මයකම සත් පුරුශ සේවනය කිරීමට පින් ලැබේවා (දී)

:       0       0

අල්විස් Saturday, 11 January 2014 08:43 AM

මේ අපේ රට දුප්පතුන් ඇති ලෝකයක්. මෙවන් පවුල් හැම තැනකම ඉන්නවා. අපේ රටේ ඉන්න කෝටිපති ධන කුවෙරයන්ට දුප්පතාගේ ඡන්දෙන් පත්වෙච්ච දේශපාලන ධනපතියන්ට මේ වගේ සේවයක් කරන්ට බැරි මොකද.? ඉතාලියට ගිහින් දුක් විඳලා මුදලක් උපයාගන්නා අපේම පිරිසට පමණක් ඇයි මේ උපකාරය කරන්න හිතෙන්නේ.? රේණුකා මැතිනියනි. ඔබතුමියගේ අවංක සේවය මුළු රටේම අනෙක් ලේකම් වරුන්ට කදිම ආදර්ශයක්. ඔබ තුමියගේ මෑණියන්ටත් ඔබතුමියටත් පින් සිදුවේවා.(නදී)

:       0       0

පාලිත Saturday, 11 January 2014 10:48 AM

සාදු සාදු සාදු අනේක අනන්ත ආත්මයක් පාසා පින්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 958 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1625 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 688 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 166 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 511 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


පැල්පිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානය භාර නිළධාරියාගෙන් කැත වැඩක්
2024 සැප්තැම්බර් මස 21 2031 2

ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14591 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 186 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 103 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 146 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site