IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


තවත් භාණ්ඩ 300ක් ආනයනය අත්හිටුවයි

(සුජිත් හේවාජුලිගේ )

ආනයන අපනයන පාලන පනත යටතේ කිරිපිටි , යෝගට් ඇතුළු වෙනත් කිරි ආහාර , පලතුරු, ඇට වර්ග, සුවඳ විලවුන් ඇතුළු භාණ්ඩ 300 කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් ඊයේ (23) නිකුත් කරනු ලැබීය.

එම නිවේදනයට අනුව මෙම භාණ්ඩ ආනයනය අත්හිටුවීම ඊයේ සිටම ක්‍රියාත්මක වන්නේය.

රටේ මුදල් ස්ථාවරත්වය තහවුරු කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙලෙස ආනයනය තාවකාලිකව අත්හිටුවන ලද භාණ්ඩ ලයිස්තුවට පොල්, මල් හා පැළ වර්ග, රටකජු, චොකලට්, ජල බෝතල්, ඇල්කොහොල් රහිත බියර්,ෂැම්පු,දැව වර්ග ,කෘතීම කෙඳි වර්ග,ගෘහ උපකරණ,ඉදිකිරීම් උපකරණ යනාදියද ඇතුළත්වෙයි.

 



අදහස් (15)

තවත් භාණ්ඩ 300ක් ආනයනය අත්හිටුවයි

සුරංග Wednesday, 24 August 2022 07:08 AM

භාණ්ඩ මොනවාද නොදැන අදහස් දෙන්න බැහැ

:       0       5

වීරවිජේWednesday, 24 August 2022 02:12 PM

මොවුන්ට පාලනේ ඉන්න... අපි දුක් විඳින්න...

:       2       3

Sas Wednesday, 24 August 2022 07:16 AM

භාණ්ඩ ආනයනය නතර කර ආර්ථිකය දියුණු කල නොහැකිය. මන්ද ආනයන වලට ඉල්ලුමක් ඇත්තේ ඒවා යොදා ගෙන ආර්ථික ක්‍රියාකාරකම් සිදුවන බැවිනි. මෙහි සමහර ආනයන භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියක යෙදවුම් ලෙස භාවිතා කරන බව පෙනේ.

:       6       17

Akila Wednesday, 24 August 2022 09:14 AM

චීනෙන් ගෙන්වන වැඩකට නැති පල්ස්ටික් සෙල්ලම් බඩු හා අනෙකුත් භාණ්ඩ මෙම තහනමට ඇතුලත් ද ? නැත්නම් ඒවා තහනම් කරන්න බයද ?

:       0       27

දිමුත් Wednesday, 24 August 2022 09:17 AM

තේරුමක් නැති වැඩක්. මිනිස්සුන්ට ඕවා ගන්න කොහොමත් සල්ලි නැහැ

:       6       12

පිටිගල මිලානෝ Wednesday, 24 August 2022 10:41 AM

චීනෙන් ගෙන්නන තොරොම්බල් ලටපට සියල්ල සදාකාලිකව තහනම් කරන්න.

:       0       28

SanthuWednesday, 24 August 2022 11:45 AM

අද මේ දොස් කීවට එදා තාප්ප හැඩවැඩ කළාක් මෙන්, තරුණ පෙල මේ අරගලය "අපේ රට අපි හදමු" රැල්ලකට හරවා අමාරුවෙන් හෝ ඒ හැම අද පටන් ගත්තොත් 2027 වෙද්දී සරු සාර වෙන්නැද්ද? එදාට ඔබලාට ලැබෙන ආදරය විස්තර කරන්න බැරිවෙයි....

:       0       1

සමිත අලුත්ගමගේ. Wednesday, 24 August 2022 11:08 AM

රට මේ තරම් ආර්ථික ප්‍රපාතයකට ඇද දමා තිබියදීත්, ඇතැම් දේශපාලකයින්ගේ වත්කම් බැරකම් සොයා ඔවුන් රටෙන් හොරා කෑ බව කියනා මුදල් හා දේපළ ගැන සොයා නොබලන්නේ මන්ද? රටේ පුංචි මිනිසාට සුළු හොරකමක් උදෙසා දැඩිව ක්‍රියාත්මක වන නීතිය බලවත් අයට තවත් ආකාරයකට ක්‍රියාත්මක වනුයේ මන්ද?

:       1       6

Modaya Wednesday, 24 August 2022 11:27 AM

මේවා කරන්න තිබුණේ අවුරුදු 10කට ඉස්සෙල්ලා..

:       0       17

චමින්ද Wednesday, 24 August 2022 12:34 PM

මෙලෙස රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් සෙල්ලම් බඩු ගෙනාවාම රටේ දරුවන්ට කිසිම නිර්මාණශීලි හැගීමක් ඇතිවෙන්නෙ නැහැ එවිට දරුවො කම්මැලි වෙනවා අනාගතයේ අතපය නොසොල්වා නිකං ලැබෙන දේ කකා (සමුර්ධිමත්ව) සිටින හිගන්නො ජාතියක් ඇතිවෙනවා රටේ දියුණුව ගැන සිතනවා නම් රටේ නිපදවීම කලහැකි සියලු දේ ආනයනය තහනම් කර නිෂ්පාදන දිරිගැන්වීම කරන්න ඕන විවෘත ආර්ථිකය ඇති කල අවස්ථාවේ අසීමාන්තිකව අනවශ්‍ය භාණ්ඩ සමග භාණ්ඩ ආනයනය කිරීමට ඉඩදීම මෙයට හේතුවක් වුනා . Sas කියන ලෙසට අනවශ්‍ය භාණ්ඩ ගෙනවිත් කිසිම ආර්ථික ක්‍රියාකාරකමක් කරන්නනම බැහැ sas කියන්න බලන්න සරුංගල ගෙන්විත් කරන ආර්ථික ක්ක්‍රියාකාරකම් මොකක්ද කියලා

:       0       7

pakeer Wednesday, 24 August 2022 11:45 AM

ලංකාවේ ගොඩක් තියෙන්නේ අවශ්‍ය භාණ්ඩ නෙවෙයි. මිනිස්සුන්ව බය කරලා, අවශ්‍යතාවය ඇතිකරලා විකුණන බඩු. වෙළෙඳ දැන්වීම් දිහා බැලුවාම ඒක හොඳට පේනවා. මේ ගැන දීර්ඝ වශයෙන් කතාකළ යුතු දෙයක්...

:       0       0

සිල්වා Wednesday, 24 August 2022 11:56 AM

ඔය යන විදියට නම් ඔය ලැයිස්තුව තවතවත් දික්වන බවයි පෙනෙන්නේ. කළයුත්තේ ඩොලර් උපයන්න වැඩ පිළිවෙලක් සකස් කිරීමයි. අපනයන කරුවන් දැන් ගැටළු ගණනාවකට මැදිවෙලා. අමුද්‍රව්‍යවල මිල හතර පස් ගුණයකින් වැඩිවෙලා. නැව් ගාස්තුද අහස උසට වැඩි වෙලා. එහෙත් ඩොලර් නම් හතර පස් ගුණයකින් වැඩිවෙලා නෑ. උද්ධමනය පාලනය කරන්නට වැඩ පිළිවෙලක් ද නැත...!

:       0       0

fairoos Wednesday, 24 August 2022 01:18 PM

මේවායින් යම් ප්‍රමාණයක ඩොලර් ඉතිරි කරගන්න පුළුවන්. ඒ වුණාට ඩොලර් එවන පිටරට ඉන්න අයට හොඳ සහන වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළොත් මීට වැඩිය ඩොලර් ලැබෙයි.

:       1       2

මංගල Wednesday, 24 August 2022 01:57 PM

මේ රටට කරන තරමක් ආනයනය කරන්නේ අනවශ්‍ය දේවල්. ඔය ඇපල්, මිදි, එළවළු කිසිසේත්ම මේ රටට අවශ්‍ය දේ නෙවෙයි. සෙල්ලම් බඩු, ප්ලාස්ටික් බඩු... ඒවා ලංකාවේ හදන්න පුළුවන්... මේ රටෙන් සීනි, පිටි, කිරිපිටි අයින් කරලා දාපු දවසට සෙෳඛ්‍ය වියදම් 80% අඩුවෙයි. තිරිඟු පිටි රොඩ්ඩට වැට බැන්ද දාට ලෙඩ්ඩු අඩු වෙයි.

:       0       2

කල්පනා Wednesday, 24 August 2022 03:28 PM

මංගලගේ අදහස ඉතාමත් නිවැරදියි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 52 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 2420 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 1706 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 127 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 3115 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 785 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 311 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 601 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1739 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site