IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


තවත් මහාචාර්ය පට්ටමක් ගැලවේ



(සුජිත් හේවාජුලිගේ )

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතාගේ නම ඉදිරියෙන් මහාචාර්ය පදවි නාමය  කිසිදු ලේඛනයක  සඳහන් නොකරන ලෙස එම අමාත්‍යාංශයේ   ජේෂ්ඨ සහකාර  ලේකම්  (පාලන)  අමාත්‍යාංශයේ අංශ ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී ඇත.

අබේරත්න  මහතාගේ නම ඉදිරියෙන් මීට පෙර මහාචාර්ය නාමය  සඳහන් කෙරුණු අතර  අමාත්‍යාංශයේ වෙබ් අඩවියේද එම  නාමය  දැක්වුණු බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

අබේරත්න  මහතා මහාචාර්ය තනතුරක් දැරුවද මේ වනවිට විශ්ව විද්‍යාලයක අධ්‍යයන කටයුතු නොකරන තත්ත්වය යටතේ මහාචාර්ය පදවිය භාවිතා කළ නොහැකි හෙයින්  අබේරත්න මහතාගේ නම ඉදිරියෙන්  මින් ඉදිරියට පාවිච්චි කෙරෙන්නේ ආචාර්ය පදවිය පමණක් බව  එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ  විද්‍යා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ නම ඉදිරියෙන් සඳහන් වූ මහාචාර්ය නාමයද  පසුගියදා ඉවත් කෙරිණ. ඒ අමාත්‍යවරයා විසින් ස්විච්ඡාවෙන්  කරන ලද ඉල්ලීමක් අනුවය. විශේෂඥ වෛද්‍යවරයෙකුදවන අබේසේන  මහතා විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු ලෙස කාලයක් කටයුතු කළේය.

මහාචාර්ය පදවියක් ඉසිලූ  ආචාර්යවරයෙකු විශ්ව විද්‍යාල සේවයෙන් පසු එම තනතුරු නාමය පාවිච්චි කිරීමට හැකියාව නැති බවත්  විශ්ව විද්‍යාල සේවයෙන්  පසු ආචාර්යවරයෙකුට හෝ වරියකට සම්මානිත මහාචාර්ය පදවියක් පිරිනැමුණහොත්  පමණක් එය භාවිත කිරීමට හැකියාව තිබෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.



 

 



අදහස් (17)

තවත් මහාචාර්ය පට්ටමක් ගැලවේ

Bunny Preena Monday, 27 January 2025 09:12 AM

මේකට වඩා වෙනත් වැදගත් වැඩක් සොයාගැනීමට මේ වාර්තාකාරිත්වය හෝ වාර්තාකාරියට නොහැකි වෙලා වගේ. නිල්කන් ඉන්න මාව අහලා ගියත් "මදැයි " කියනවා වගේ.

:       25       14

යෝගා Monday, 27 January 2025 09:16 AM

මාලිමාවේ බබ්බු ටික මහාචාර්ය පට්ටම් වලට අදාල චක්‍රලේඛ නොදැන හිටියා කියන එක තවත් සුපුරුදු කෙබරයක්. මොවුන් කලේ කිසි හිරිකිතයක් නැතුව මහාචාර්ය පට්ටම ඡන්ද ගන්න මාර්කට් කරපු එකයි. දැන දැන ජනතාව ඇන්දුවා.

:       28       92

හොර මහාචාර්ය බකල ජයා Monday, 27 January 2025 09:42 AM

මම දන්න විදියට මහාචාර්ය කියන්නෙ විශ්වවිද්‍යාලයක උගන්වන කාලයට අදාළ තනතුරක්. ඉගැන්වීම නවත්වපුවම මහාචාර්ය නෑ. නමුත් ගෞරවයක් හෝ සාමාන්‍ය භාවිතයක් හැටියට විශ්වවිද්‍යාලයකින් අයින් උනත් ඒ තනතුරු නාමය සමහරුන්ට යොදනවා. උදා: සුනිල් ආරියරත්න, එදිරිවීර සරච්චන්ද්‍ර. මේ විශිෂ්ඨයන්ගෙ නම් මහාචාර්ය නැතිව ඇහිල පුරුදුත් නෑ වගේ. නමුත් සමහරු ඒ තනතුර අනවශ්‍ය විදිහට ඉස්සරහට දාගන්නෙ මොකක් හරි අඩුවක් වහගන්න වෙන්න ඇති.

:       15       56

Rashmi Monday, 27 January 2025 10:13 AM

අපේ රටේ ව්ශ්ව විද්‍යාලවල ඉගෙන ගත්ත උදවියට හැදෙන බරපතළ මානසික ව්‍යාධියක් තමා මේ පට්ටම් මානසිකත්වය. එයාල හිතන්නේ අනිත් මිනිස්සු අමු මෝඩයො, එයාල තමා පට්ට උගත්තු, එයාල තමා හැමදේම දන්නෙ කියලා.

:       4       38

අමරකීර්ති Monday, 27 January 2025 10:36 AM

හොර මහාචාර්ය බකල ජයාගේ දැනගැනීම පිනිසයි. සුනිල් ආරියරත්න, එදිරිවීර සරච්චන්ද්‍ර ආදීන්ගේ නම් මහාචාර්ය යන පදවි නාමය සමග කියැවෙන්නේ ඒ අයට විශ්‍රාම ගියායින් පසුව "සම්මාන මහාචාර්ය" පදවිය හෙවත් "සේවාසම්මත මහාචාර්ය" පදවිය (emeritus professorship) අදාල විශ්වවිද්‍යාලය මගින් පිරිනමා ඇති නිසා මිසක් හිතුමතේ කැමති පරිදි "සාමාන්‍ය භාවිතයක්" හෝ "ගෞරවයක්" හැටියට නෙවෙයි. පසුගිය ආණ්ඩුවල හිටපු ජී.එල්. පීරිස් සහ රංජිත් මද්දුම බන්ඩාර වගේ අයටත් ඒ අය අවසාන වශයෙන් සේවය කල විශ්වවිද්‍යාලයෙන් සම්මාන මහාචාර්ය පදවිය ලැබුනු නිසා තාමත් දිගටම මහාචාර්ය පදවිය යොදන්න පුලුවන්. (ඒ අයගේ දේශපාලනය තුල භූමිකාව ගැන නෙවෙයි මේ කතා කරන්නෙ). නමුත් දැන් ආන්ඩුවේ ඉන්න තරුණ මහාචාර්යවරු කවුරුවත් විශ්‍රාම ගිහින් සම්මාන මහාචාර්ය පදවි ලැබූ වයසක අය නෙවෙයි. ඒ නිසා ඒ අය දේශපාලකයන් බවට පත් වෙලා සරසවි ඇදුරු පදවියෙන් අයින් වුනාම "ආචාර්ය" වීම සාමාන්‍යයි. එච්චරයි.

:       18       39

බකල ජයා (phd හොරකම, mbbs වැඩබිම, mphil බොරු සිතීම)Monday, 27 January 2025 12:14 PM

එදිරිවීර සරච්චන්ද්‍ර මහතාට එසේ පිරිනැමූ බවට සාධක සහිත මූලාශ්‍රය ඉදිරිපත් කරන්නේ නම් අමරකීර්ති මහතාට කෘතඥ වෙමි.

:       4       12

ddsMonday, 27 January 2025 12:42 PM

විශ්වවිද්‍යාලයකින් විශ්‍රාම ගත් මහචාර්යවරයෙකුට තමාගේ නමට පෙර "මහාචාර්ය" යන ශීර්ෂය භාවිතා කිරීමට හැක. ආයතනයෙන් විශ්‍රාම ගත් පසුත් එය භාවිතා කරනු ලබන්නේ, එම පුද්ගලයාගේ තත්ත්වය සහ ඔහුගේ ක්ෂේත්‍රයට කළ දායකත්වය පෙන්වීම සඳහාය. බොහෝ ආයතන සහ අධ්‍යාපනික සමාජයන් මෙම ක්‍රියාවලිය පිළිගනිමින්, විශ්‍රාම ගත් ආචාර්යයන්ට ඔවුන්ගේ සම්මාන සහ අත්දැකීම් සඳහා ගෞරවයක් ලෙස ශීර්ෂය භාවිතා කිරීමට ඉඩ දෙයි. එහෙත්, විශේෂිත ප්‍රතිපත්ති ආයතන අනුව වෙනස් විය හැකියි.

:       3       11

kumaraMonday, 27 January 2025 01:13 PM

ආචාර්ය (doctor) යන්න ආචාර්ය උපාධිය අවසන් කළ අයෙකුට මුලු ජීවිත කාලය පුරාවට භාවිතා කළ හැකිය. මහාචාර්ය (professor) යනු රැකියාවක තනතුරකි. පිටරටවල ඇතැම් අය Prof (Dr) ලෙස භාවිතා කරන අවස්ථා ඇත. උදාහරණ ලෙස චීනයේ ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරු, Prof නමට වඩා Dr නමට කැමැත්තක් දක්වන අය ඇත. මක්නිසාද යත්, ආචාර්ය උපාධියක් නොකර මහාචාර්ය විය හැකි නිසා ය. ඒ ඒ රටවල විශ්වවිද්‍යාල ආශ්‍රිත ලකුණු ක්‍රමයකට අනුව මහාචාර්ය පදවිය පිරිනමයි. ලංකාවේ ද ඇතැම් මහාචාර්යවරුන්ට ආචාර්ය උපාධිය නැත. ආචාර්ය උපාධිය අතිශය වටිනා උපාධියකි. Doctor of Philosophy, Doctor of Medicine (MD) (මෙය MBBS නොවේ. වෛද්‍ය වෘත්තිකයන් නම ඉදිරියේ Dr. යනුවෙන් දැමීම බොහෝ රටවල අනුමත නොකළ දෙයකි. MBBS උපාධිය අතිශය අසීරු බව සැබෑ ය. නමුදු එංගලන්තය වැනි රටවල් කිහිපයක පමණක් එසේ Dr ... යනුවෙන් MBBS උපාධියට භාවිතයට අවසර ඇත. කෙසේ හෝ ප්‍රායෝගික තත්ත්වය නම්, බොහෝ අය සිතන්නේ ආචාර්ය උපාධියට Dr දැමීම විමතියක් ලෙසයි. නමුත් සිදු විය යුත්ත අනිකකි). සම්මානිත මහාචාර්ය නම් එයට professor emeritus ලෙස භාවිතා කළ යුතුය; Prof ලෙස භාවිතා කළ නොහැක.

:       3       16

Jayantha Herath Monday, 27 January 2025 10:45 AM

ධූරකාලික පූර්ණ මහාචාර්යවරු ඔවුන් තෝරා ගන්නා තාක් කල් ඔවුන්ගේ මාතෘකා රඳවා තබා ගනී.

:       2       5

අරවින්ද මොනරවිල Monday, 27 January 2025 10:57 AM

විශ්ව විද්‍යාලයක මාහාචාර්ය පදවියක් දරමින් සිට මහ මැතිවරණය සදහා තරග කරන විට තම නම ඉදිරියේ මහාචාර්ය යන තනතුරු සදහන් කරන්නේ ඔහුව තම චන්දදායකයන්ට පහසුවෙන් හදුනා ගැනීම පිනිසයි. ඉන්පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දූන් පසුව එම මහාචාර්ය තනතුර නාමය තවදුරටත් භාවිතා කිරීම නොසුදුසු බව වැටහෙන හෙයින් ඔවුන් තමන්ගේ නමට ඉදිරියෙන් මහාචාර්ය ලෙස භාවිතා නොකරන ලෙස දැනුම් දෙන බව මහාචාර්ය භීහිතිකාවෙන් හෙවත් ප්‍රොෆෙසර් ෆොබියා එකෙන් පෙලෙන බයි සංසදයට සංවේගයෙන් යුතුව දැනුම් දෙමි.

:       19       25

සංක්‍රාන්තික භූමි Monday, 27 January 2025 12:11 PM

අපේ අගමැතිණියට නම් නියම ආචාර්ය පදවියක් තියෙනවා ! අපේ අගමැතිණියට ජයවේවා.!

:       7       14

Jamal Monday, 27 January 2025 12:21 PM

අරවින්ද ඇරැව්විල, බද්‍රානි, වගේ අයට අවුරුදු 5කට සට්ටැඹිකම බාරදීලා තියෙන්නේ..හොඳට ගලේ ගහලා හෝදනවා.

:       9       11

ලුම්බිණි Monday, 27 January 2025 12:22 PM

කෙනෙක් ආචාර්යද මහාචාර්යද කියන එක අපට නම් අදාලම නැහැ. බොහෝ අය ස්වයන්වින්දනය සඳහා තමන් දැරූ තනතුරු භවිතා කළත් අපි නම් ඒවාට කිසිම සැලකීමක් නැහැ.

:       5       7

අමරකීර්ති Monday, 27 January 2025 03:13 PM

බකල ජයා මහත්මාණෙනි, විකිපීඩියාවෙහි ඇති Ediriweera Sarachchandra යන ලිපියෙහි Career යන මාතෘකාව යටතේ ඇති කොටසේ අන්තිම ඡේදය බලන්න. තවත් විස්තර අවශ්‍ය නම් අදාළ විශ්වවිද්‍යාලයේ කවුන්සිල වාර්තා සහ 1982 වසරේ පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා බලන්න. ස්තුතියි.

:       0       8

Komaa Monday, 27 January 2025 03:18 PM

ලුම්බිණිත් එහෙම කරනවා එහෙනම්...

:       0       4

බකල ජයා Tuesday, 28 January 2025 12:16 AM

Wikipedia ගැන මගේ ප්‍රතිචාරය දාන්ඩෝ DM

:       0       0

Chandrametha Tuesday, 28 January 2025 12:28 PM

එය නිවැරදි දෙයකි. මහාචාර්ය තනතුර යනු එම දෙපාර්තමේන්තුවේ අධ්‍යයන තනතුරකි. බොහෝ විද්වතුන් අධ්‍යයන කටයුතු නවතා වසර ගණනාවකට පසුවත් 'මහාචාර්ය' යන යෙදුම දිගටම භාවිතා කරයි, නමුත් ඔවුන්ට "සම්පුර්ණ මහාචාර්ය" භාවිතා කිරීමට අයිතියක් ඇතත්, ජී එල් පීරිස් මහතා තමා මහාචාර්යවරයා ලෙස දිගටම හඳුන්වයි. NPP ඇමතිවරුන් එම තනතුර අත්හැරීම තවත් එකකි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දළදා වඳින්න ආ සැදැහැවතුන් කසල ටොන් 600ක් ගෙනල්ලා
2025 අප්‍රේල් මස 27 477 0

දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ


දළදා වන්දනාව සාර්ථකව අවසන් වෙයි
2025 අප්‍රේල් මස 27 1329 0

වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.


මහනුවර නගර සභා සේවකයන්ට දළදා සමිඳුන් වඳින්න අවස්ථාවක්
2025 අප්‍රේල් මස 27 980 0

දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා


සාපෙළ සිසුවියත් උසස් පෙළින් ජය ලබයි
2025 අප්‍රේල් මස 27 1629 0

අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා


නුවරඑළිය වැසි ජලයෙන් යටවේ
2025 අප්‍රේල් මස 27 1438 0

නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.


බිරියට පිහියෙන් ඇන සිරුර කොටස් කර ඇළකට දාලා
2025 අප්‍රේල් මස 27 1681 0

සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 936 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 413 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 562 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site