IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


තවත් හොර වීසා සිද්ධියක් අසුවේ

ව්‍යාජ වීසා භාවිතා කරමින් නීති විරෝධී ලෙස ඉතාලියට යාමට උත්සහ කළ  ශ්‍රී ලාංකික තරුණයෝ   දෙදෙනෙක් ඩුබායි හිදී එරටින් පිටුවහල් කොට මෙරටට එවනු ලැබ සිටියදී  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්  අද  අත් අඩංගුවට ගනු ලැබීය.

මොවුහු වයස අවුරුදු 25 සහ 37 වියේ පසුවන යාපනේ කොඩිකාමන් සහ උරුම්බායි යන ප්‍රදේශ වල පදිංචිකරුවෝ වෙති.

මොවුන් දෙදෙනාම පසුගිය පෙබරවාරි 08 වෙනි දින මෙරටින් පිටත්ව ගොස් ඇත. ඩුබායි හි මොවුන්ගේ වීසා ව්‍යාජ බව එරට බලධාරීන් විසින්  අනාවරණය කරගැනීමෙන් පසු එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 653 දරණ ගුවන් යානයෙන්  මෙලෙස ආපසු මෙරටට පිටුවහල් කොට එවා ඇත.

දෙදෙනාටම මාස 8 ක් බැගින් ඉතාලියේ රැදී සිටීමට හැකි අයුරින් වීසා සකස් කර තිබු බව අනාවරණය වී ඇත. කෙසේ වෙතත් මොවුන් දෙදෙනා එකිනෙකා නොහඳුනනා බවද වාර්ථා වෙයි.

ඉතාලියේ වෙසෙන පුද්ගලයෙකු විසින් වීසා සකස් කර එවා ඇති  බව  දැනගන්නට ඇති අතර කෙසේ වෙතත්  මෙලෙස ව්‍යාජ වීසා සකස් කර තරුණයින් ඉතාලියට පටවන ජාවාරමක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා ඇත.

මේ පිළිබඳ විමර්ශන  කටයුතු සිදු කිරීමෙන් අනතුරුව දෙදෙනාව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කිරීමට  නියමිතය.
   

 



අදහස් (0)

තවත් හොර වීසා සිද්ධියක් අසුවේ

තිලාන් Wednesday, 11 February 2015 08:02 AM

හැාමා්ටම එක වගේ සාධාරණය මෙන්ම දඩුවම් ද හිමි විය යුතුයි (දිල්)

:       0       0

තිලාන් Wednesday, 11 February 2015 08:05 AM

පාස්පෝට් දෙකක් තිබ්බ නම් අත්අඩංගුවට ගන්නේ නේ තිබ්බේ. විමර්ශනය කරනවා විතරයි. විමල්ගේ හාමිනේට වගේ (දිල්)

:       0       0

රෝයි Wednesday, 11 February 2015 08:49 AM

මොවුන් හරියටම වැරදි කරුවන් කියලා තහවුරු නොකරගෙන අත්අඩංගුවට පත්වෙනවා. දුප්පතාට තියෙන නීතිය එයයි. බලවතාගේ වැරදි තහවුරු වෙනකම් එළියේ..(හේ)

:       0       0

තරිඳු Wednesday, 11 February 2015 09:31 AM

පොඩි එකෙක් වරදක් කළොත් උසාවි. විමල්ගේ නෝනට විමර්ශන අනේ අපේ නීතියට ගිය කල (බ)

:       0       0

රොෂාන් උදයකුමාර Wednesday, 11 February 2015 09:35 AM

මොනවට එවනවාද මන්දා, හොර වීසා අරගෙන ඉන්න අයටත් රස්සාවල් නැහැ (බ)

:       0       0

සජිනි මදුශානි ඉතාලිය Wednesday, 11 February 2015 11:02 AM

දෙනාට ඉතාලියේ සිටිනා ලාංකිකයන් ප්‍රමාණයටත් වඩා වැඩි , ඉන්නා අයත් ලංකාවට අපහාස වන විදියේ කටයුතු කරන්නේ , ඔය හොරෙන් එන අයව අල්ලා ආපසු යවන එක හොඳයි .(හේ)

:       0       0

මගලී ෆොන්සේකා Wednesday, 11 February 2015 11:12 AM

ඔන්න ඕක තමයි මමත් කීවේ අනික් අයට උපදෙස් ගන්නවා නීති පතිගෙන්.(හේ)

:       0       0

මගලී ෆොන්සේකා Wednesday, 11 February 2015 11:52 AM

සජිනි මදුශානි ඉතාලිය, ඉතාලිය ඔයාගේ රටක් නෙමේනේ සජිනි යන්න පුලුවන්නම් ඉන්න තැනක් තියෙනවා නම් කෝම හරි ජොබ් එකක් හොයාගන්නත් පුලුවන්නම් උදවු කරන්න අය ඉන්නවානම් ඔයාට මොකෝ. අහිංසක මනුස්සයෙක් කීයක් හරි හම්බ කරගත්තාම මොකද වෙන්නේ. ඉන්න අයත් වැඩියි කියන්නේ ඉතාලිය පොඩි රටක් ද. අනික ඔය ඉතාලියට (යුරෝපයට ගොඩක් එන්නේ හොරෙන් තමයි ) මම ඉන්නෙත් ප්‍රංශයේ (නදී)

:       0       0

හේෂාන් මානවඩු වෙරෝනා Wednesday, 11 February 2015 02:23 PM

ඉතාලියේ ඉන්නා පැරණි අයගෙන් ඉතාලියට සහ ලංකාවට සේවයක් උනත් මේ තාක් පැමිනි අලුත් අය නිසා පැරණි අපටත් නින්දා අපහාස විඳින්ට වෙලා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 54 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 858 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1552 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1385 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 395 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 355 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38455 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25331 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 270 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 904 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site