IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


තෙවැනි ටෙස්ට් තරගය විසඳුම් නෑ

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් විය. තරගයේ පස්වැනි සහ අවසන් දිනය වූ අද (12) ජයග‍්‍රහණය සඳහා ලකුණු 270 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල ක‍්‍රීඩාව නරත කරන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 195 ක් ලබා සිටියේය. පාකිස්තානය පළමු ඉනිම ඕවර 72.5 කදී සියලූ දෙනා දැවී 226 සහ දෙවැනි ඉනිම ඕවර 128.4 කදී කඩුලූ 8 ට 380 (මොහොමඞ් හෆීස් 52, අෂාර් අලී 136, අෂාද් ශිෆික් නොදැවී 100, අද්නන් අක්මාල් නොදැවී 35, රංගන හේරත් 99/4, දිල්හාර ප‍්‍රනාන්දු 74/3) ශ්‍රී ලංකාව ඕවර 100.2 කදී සියලූ දෙනා දැවී 337 සහ දෙවැනි ඉනිම ඕවර 62 කදී කඩුලූ 4 ට 195 (දිනේෂ් චන්දිමාල් 65, තරංග පරණවිතාන 22, කුමාර් සංගක්කාර නොදැවී 74, සයිඞ් අජ්මාල් 50/3)



අදහස් (0)

තෙවැනි ටෙස්ට් තරගය විසඳුම් නෑ

ක්‍රිෂ් Thursday, 12 July 2012 06:48 PM

අපරාදේ දිනන්න තිබ්බ තරගෙනේ

:       0       0

දසුන් Friday, 13 July 2012 08:53 AM

අපරාදෙ දෙන්න තිබුන පැලෙන්න

:       0       0

මොහෝ Friday, 13 July 2012 09:02 AM

අපරාදේ, මම නම් හිතුවේ චන්දිමාල්ගේ දැවී යාමෙන් පස්සේ තිසර හරි මැතිව්ස් හරි එවයි කියලා ක්‍රීඩාපිටියට

:       0       0

ගිහාන් Friday, 13 July 2012 09:44 AM

අනේ මන්දා මිනිස්සු මොනවා කියවනවද කියලා.අපි කටින් කියෙවුවට කරන්නේ ඒ කොල්ලෝ ටිකනේ.අපි ඒ අයව දිරිමත් කරන්නයි අවශ්‍ය.දිනේවා සිංහ පැටවුනේ!

:       0       0

කුමුදු Friday, 13 July 2012 09:44 AM

මහේලට අපේ පිතිකරුවන් ගැන එතරම් විශ්වාශයක් තිබුණේ නැහැ නේද? අපරාදේ. දිනන්න තිබුණු තරගයක්.

:       0       0

රුවන් Thursday, 12 July 2012 06:59 PM

මමනම් හිතුවේ ලංකාව දිනයි කියල . අමාරු ඉලක්කයක් නෙවෙයි නේ තිබුනේ .අල්ලන්නේනතුව ගැහුවනම් දිනුම් ..මොකද අපේ කණ්ඩායමට අද්දැකීම් නැද්ද ?????????????

:       0       0

මංජුල ජයකොඩි Thursday, 12 July 2012 07:20 PM

ලංකාවේ ක්‍රිකට් වලපල්ලට යනකන් බලන් ඉන්න අයට අපේ තරුණ කොල්ලෝ දුන්නේ හොද උත්තරයක් !ජය වේවා ශ්‍රී ලංකා !!!!!!!!!!!!

:       0       0

චින්තක Thursday, 12 July 2012 08:12 PM

ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ සටන්කාමිත්වයක් කියල දෙයක් ඇත්තෙම නැ. නැත්නම් දිනන්න තිබුන තරගයක් ඔය විදිහට අත්හරින්නේ නැ . ඔස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාව එංගලන්තය වගේ කණ්ඩායම් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ තරග දිනන්න. එකයි ඒ රටවල ටෙස්ට් තරගයක් උනත් බලන්න ඔය තරම් සෙනගක් ඉන්නේ. ලංකාවේ කණ්ඩායම තරගය පටන් ගන්නෙම ජය පරාජයකින් තොරව තරගය නිම කරගන්න. ඔහොම ගියොත් ලෝකේ ඉන්න දියාරුම ක්‍රිකට් කණ්ඩායම ලංකාවේ කණ්ඩායම වෙන එක නම් සහතිකයි. සංගක්කාර අංක එක උනා කියල වැඩක් නැ තරග දිනන්නේ නැත්නම්. මහේලට නායකයෙක් විදිහට තමන්ගේ පිතිකරුවන් ගැන කිසිම විස්වාසයක් නැ කියල තමයි මටනම් හිතෙන්නේ. අනික ප්‍රේක්ෂකයෝ දවස් පහක් ඔය තරග බලන්නේ වෙන වැඩ නැති නිසා නෙවයිනේ. මෙහෙම ගියොත් ලංකාවේ ක්‍රිකට් බලන්න අන්තිමට ඉතුරු වෙන්නේ හිස් පුටු විතරයි. පකිස්ථානය එක්ක තිබුන 20-20 තරගවලදීත් ලංකාවට අවශ්‍ය උනේ තරගාවලිය දිනන්න නොවෙයි. නැත්නම් අර විදිහට කණ්ඩායම වෙනස් කරන්නේ නැ.

:       0       0

චින්තක Thursday, 12 July 2012 08:50 PM

ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ සටන්කමිත්වයක් කියල දෙයක් ඇත්තෙම නැ. නැත්නම් දිනන්න තිබුන තරගයක් ඔය විදිහට අත්හරින්නේ නැ . ඔස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාව එංගලන්තය වගේ කණ්ඩායම් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ තරග දිනන්න. එකයි ඒ රටවල ටෙස්ට් තරගයක් උනත් බලන්න ඔය තරම් සෙනගක් ඉන්නේ ලංකාවේ කණ්ඩායම තරගය පටන්ගන්නෙම ජය පරාජයකින් තොරව තරගය නිම කරගන්න. ඔහොම ගියොත් ලෝකේ ඉන්න දියාරුම ක්‍රිකට් කණ්ඩායම ලංකාවේ කණ්ඩායම වෙන එක නම් සහතිකයි. සංගක්කාර අංක එක උන කියල වැඩක් නැ තරග දිනන්නේ නැත්නම්. මහේලට නායකයෙක් විදිහට තමන්ගේ පිතිකරුවන් ගැන කිසිම විස්වාසයක් නැ කියල තමයි මටනම් හිතෙන්නේ. අනික ප්‍රේක්ෂකයෝ දවස් පහක් ඔය තරග බලන්නේ වෙන වැඩ නැති නිසා නෙවයි නේ. මෙහෙම ගියොත් ලංකාවේ ක්‍රිකට් බලන්න අන්තිමට ඉතුරු වෙන්නේ හිස් පුටු විතරයි. පකිස්ථානය එක්ක තිබුන 20-20 ත්රගවලිදීත් ලංකාවට ඕනි උනේ තරගාවලිය දිනන්න නෙවයි. නැත්නම් අර විදිහට කණ්ඩායම වෙනස් කරන්නේ නැ.

:       0       0

සිසිර Friday, 13 July 2012 10:56 AM

දිනේෂ් තව ටිකක් හිටිය නම් අපි තරගය දිනනවා

:       0       0

දිනුෂ Thursday, 12 July 2012 09:41 PM

අපේ කණ්ඩායම පරද්දන්න බැ. ලේසියෙන් . දැන් යන පාර මාරු . ඔහොම යන්........

:       0       0

මිලි Thursday, 12 July 2012 09:56 PM

තරගය පවා දුන්නද මන්ද ??????????????????????????????????????????

:       0       0

මිලි Thursday, 12 July 2012 10:17 PM

තරඟය පාවා දුන්නේ නෑ නේද ??????????????????????????????????????????

:       0       0

රුවන් Thursday, 12 July 2012 10:32 PM

චින්තක ඔයා හරියටම හරි....මෙහෙම ගියොත් අපිට මැච් එපා වේවි..ඉන්දියාවෙනම් මෙලහකටත් ගෙවල් කුඩු..

:       0       0

දිනේෂ් Thursday, 12 July 2012 11:43 PM

මගේ මතයත් අපිට තරගය දිනන්න වැඩි වාසි තිබුනා. නමුත් තේ පානයෙන් පසුව විකට් ගිය නිසා පොඩි අවාසියක් උනා. කොහොම උනත් වැදගත් තරගාවලියේ ජය නිසා මහේලගේ තීරණය හොදය කියල කියන්න පුළුවන්. දිල්ෂාන් ක්‍රීඩා කළානම් අනිවාර්යෙන්ම දිනන්න තිබුනා. කොහොම උනත් පසුගිය අවුරුද්ද සමග බලනවිට දැනට කණ්ඩායමේ ලොකු දියුණුවක් තිබෙනවා. දිගටම ඔහොම යමු. සුභ පැතුම් සිංහ පැටවුන්ට..!!!!

:       0       0

ලලිත් Friday, 13 July 2012 04:08 AM

ගොඩක් අයට අමතක වෙන දෙයක් තමය ටෙස්ට් තරග වලත් සීමිත ඕවර තරඟ වලත් වෙනස. ටෙස්ට් තරගයක් දිනන්න අපහසුනම්, පරදින්නේ නැතිව නම්බුකාර විදියට ජය පරාජයක් නොමැතිව තරඟය අවසාන කරන්න පුළුවන්. ක්‍රිකට් කියන්නේ දක්ෂතාවයෙන් විතරක් කරන ක්‍රීඩාවක් නොවෙයි. අපි මේ තරඟය පැරදුනානම් ඒක බලපාන්නේ මේ තරගයට විතරක් නොවෙයි, මුළු තරඟාවලියටම. දැන් අපි වසර ගණනකට පස්සේ ටෙස්ට් සීරිස් එකක් දිනුවා.එය ඉතිහාසයට යනවා කව්රුවත් සෙල්ලම් කරන්නේ පරදින්න බලාගෙන නොවෙයි! නමුත් අපේ සංස්කෘතියට අනුව විශේෂයෙන්ම බෞද්ධ ආභාශය නිසා අපිට පරාජයත් වෙනසක් නැතිව දරාගන්න පුලුවන්.අපිට ඒ ගැන ආඩම්බර වෙන්න පුළුවන්. එහෙම නැතුව අපේ "ක්‍රිකට් කණ්ඩායමට සටන්කමිත්වයක්" නැහැ කියන එක කොහොමවත්ම දකින්න පුළුවන් දෙයක් නෙවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 235 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 527 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 358 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 1083 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 104 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 210 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1345 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site