IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


තෙවැනි විජයග්‍රහණ පෙරහුරුව ගාලුමුවදොර

තිස් අවුරුදු කොටි ත්‍රස්තවාදය පිටුදැක රටට සාමය උදා කිරීමේ විජයග්‍රහණයේ තුන්වැනි සැමැරුම ත්‍රිවිධ හමුදා සේනාධිනායක මහින්ද රාජපක්ෂ ජනපති සහභාගීත්වයෙන් සෙනසුරාදා (19) ගාලු මුවදොරදී පැවැත්වීමට නියමිතය. මේ දිනවල ත්‍රිවිධ හමුදාව හා පොලිසිය පෙරහුරුවලට එක්වෙයි. දැනට සිරදඬුවම් විදින හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා එදින වන විට නිදහස් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි කියයි.



අදහස් (0)

තෙවැනි විජයග්‍රහණ පෙරහුරුව ගාලුමුවදොර

රමිල Wednesday, 16 May 2012 03:56 PM

මේ මොනව කලත් අපේ අයට සතියක් යද්දි ඕව මතක නෑ.ඒනිසා මානුශික මෙහෙයුමේ ජයග්‍රහන සතියක් විතර රූපවාහිනියේ පෙන්වන්න ඕන.එතකොට අපේ අයට නැවත ශක්තිය එයි.

:       0       0

නිරෝෂන් Wednesday, 16 May 2012 04:02 PM

අනිවාර්යේම සමරන්න ඕනේ , එත් ණයට ගත්ත සල්ලි මෙහෙම වියදන් කරන එක හරිද ?

:       0       0

සුමා Wednesday, 16 May 2012 04:20 PM

මෝඩ කතා නොකියනවනම් තමයි හොඳ....

:       0       0

Amila (Dubai-aircraft technician) Wednesday, 16 May 2012 04:24 PM

මෙයාල ලොකුවට සැමරුම් උත්සව තිබ්බට,මිය ගිය රණ විරුවන්,ආබාදිත අයගේ පව්ල් වල උදවිය ජිවිතය ගැට ගහ ගන්නේ හරිම අමාරුවෙන්,කල යුත්තේ ඔය මුදල් එම පවුල් අතර දීමනාවක්‌ ලෙස බෙදාදීම.එක්‌ ගුවන් යානයක්‌ පියාසර කාලය පැයක්‌ සදහා යන වියදම කොතරම්ද කියා ඔබ දන්නවද?.

:       0       0

චතුර Wednesday, 16 May 2012 04:32 PM

සල්ලි කොහොම උනත් අපි අපේ වීර කොල්ලන්ව සමරන්න ඕන....

:       0       0

ටී.එස්. Thursday, 17 May 2012 12:03 PM

ජයග්‍රහණය සැමරීම වරදක් නෙවෙයි. ඒත් ඒක සමරන විදිහත් වැදගත්. යුද ගුවන් යානා යවලා, හමුදා වාහන විශාල ගනනක් යොදවලා මිලියන ගානක් මුදල් වැය කරලා මේ වගේ ජයග්‍රහණයක් සැමරිය යුතුද? රටක හැම ක්ෂෙත්‍රයක්ම කඩා වැටෙද්දි, බඩු මිල නහුතෙට නගිද්දි, ජයග්‍රහණ සමරන්නත් මීට වඩා සුදුසු විදියක් හොයගන්න වෙනවා නේද?

:       0       0

ප්‍රිමාල් Wednesday, 16 May 2012 04:38 PM

හමුදාවෙ අයට කෙසේ වෙතත් ඔයාටනම් වැඩක් නැති පාටයි.....

:       0       0

නිසාර් - කුවේට් Wednesday, 16 May 2012 04:54 PM

රටේ සියලු මිනිසුන්ට නිදහස ලබාදුන් එකම එක්කෙනෙක් නිදහස නොලබා ඉන්නවා. ෆොන්සේකා මැතිදුන්ටත් නිදහස ලැබෙනකම් අපි බලා සිටිමු. එවිට අපේ සහෝදරත්වය ලොවට පෙන්නන්න පුළුවන්.

:       0       0

ලසන්ත-ඩුබායි Wednesday, 16 May 2012 04:55 PM

ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කර යලිත් සමාජයෙන් එකට එක්ව, රටට එරෙහි බලවේගවලට සාර්තකව මුහුණ දෙන්න අවස්ථාව ලැබේවා.

:       0       0

ජගත් Wednesday, 16 May 2012 05:06 PM

අපේ හමුදාව වීර හමුදාවක්. යුද්ධය දිනුවේ ඒ නිසා. ඒ වුණත් දේශපාලනයො ඒ වාසිය ගන්නවනම් හරිද?

:       0       0

නිමා සංඡිව Wednesday, 16 May 2012 05:11 PM

මැතිණිය. කියු සැනින් මතකයට එන්නේ... සිරිමාවෝ බණ්ඩාරනායක... නමි ඡෙනරාල්.. කියු සැනින් ඹබෙ මතකයට එන්නේ කවුද?....... ලියන්න

:       0       0

බංගලියා Wednesday, 16 May 2012 05:14 PM

ඔබලාට යොධ ශක්තිය ලැබේවා.

:       0       0

ජගත් Friday, 18 May 2012 10:14 AM

ණයට ගත්ත සල්ලි ටික අපිම ගෙවන්න එපැයි.

:       0       0

සුදත් Wednesday, 16 May 2012 05:27 PM

කොටි ත්‍රස්තවාදීන් පුනරුත්තාපනය කරනව වගේම අපේ හමුදා සහෝදරයින්ගෙ මානසික ඒකාග්‍රතාවය වැඩි දියුණු වෙන වැඩ පිළිවලක් අවශ්‍යයයි.

:       0       0

ජේ.ඩී Wednesday, 16 May 2012 06:25 PM

ජය වේවා !

:       0       0

කෙනත් ( usa ) Thursday, 17 May 2012 09:35 PM

ලංකාව ගැන ඔයතරම් කතා කරන්න තියෙන හේතුව. එම අනාගතයට අපි ශක්තිමත්ව මුහුණ දිය යුතුයි. හොදම උදාහරණය පුංචි සිංගප්පුරුව, ලංකාවෙන් පහෙන් එකක් තරම් කුඩා රටක්, වටේටම අග්නිදිග ආසියාවේ දැවැන්ත තරගකාරී රටවල්. නමුත් පුංචි සිංගප්පුරුවේ හමුදා ශක්තියට අභියෝග කරන්න ඒ කාටවත් බෑ, ඉතා දියුණු මට්ටමකින් හා ඉහල තාක්ෂණයකින් කුඩා හමුදාවක් උනාට ඇතිකරගෙන තියෙනවා. ඒකනිසා ලබා අති ඉහල ආර්ථික දියුණුව ආරක්ෂා කරගන්න ඒ යට හැකිවෙලා තිබෙනවා. වටේ කව්රුත් පුංචි සිංගප්පුරුවට කෙනෙහිලි කම් කොරන්නේ නෑ, වඩා වරද්දගන්න බැරි නිසා. මැදපෙරදිග ගත්තොත් ඊශ්‍රායලය ලංකාවෙන් බාගයක්වත් නැති කුඩා රටක්, නමුත් යොදා යුද බලයක් තිබෙනවා, සය දින යුද්දයේදී විශාල දකුණෙන් ඊජිප්තුව, උතුරින් සිරියාව, නැගෙනහිරින් ජෝර්දානය එකවිට පහරදෙමින් මේ රට අතුගා දමන්න යුද්දයක් පටන් ගත්ත. නමුත් දින 6 කින් මේ විසල හමුදා තුනම එකවර පරද්දල ඒ රටවලට දුවන්න ගහන්න ඉශ්‍රයලයට හැකිඋන, ශක්තිය උනේ සුපිරි ගුවන් හමුදාව, හා යුද ටැංකි තාක්ෂනය. මේවා අපිටත් හොද පාඩම්. අපේ ප්‍රශ්නේ ජෙනරාල් අද එයද හෙට එයිද , හොදද නරකද වලින් ගෙබි අදහස් නොවෙයි, අපේ හෙට පරපුරේ පැවැත්ම උදෙසා වේගයෙන් දියුණු වීමයි. දැන්වත් උගත් විද්වත් යට මුල්තැන දීල, දේශපාලනය කරන අය උගතුන්ට උදව් කරොත් මේ සිහින සැබෑ කරගන්න පුළුවන්. වෙන රටවල ආර්ථික සංවර්දන තීරණ ගන්නේ ආර්ථික විද්වතුන්, නගර සැලසුම් කරන්නේ නගර සැලසුම් විදුදරුන්, සමාජ කටයුතු සමාජ විද්වතුන්, දේශපාලනයන් මේවට අවශ්‍ය මුදල්, සහ පහසුකම් සපයනවා. එසේ නොකරන තැන ඔව්න්ව ඉවත් කරන්න මහජනතාව කටයුතු කරනවා. ලංකාවේ මේ ඔක්කොම සැලසුම් කරන්නේ නීතිය ගැන පමණක් උගත් දේශපාලනය කරන අය. ඉතින් විද්වතුන්ට තැනක් නෑ, අපෙතේ යාමක් , ඔව්න් පිටරට යනවා, ඒ රටවල් ඔව්න්ගෙන් වැඩ ගන්නවා. මෙය වෙනස්විය යුතුයි. ජාතික ප්‍රතිපත්ති ඕන කරනවා.

:       0       0

නෙල්සන් Wednesday, 16 May 2012 07:02 PM

ජාතියේ වීරයා 19 පස්සෙම නිදහස්කරාවි....

:       0       0

කුශී Wednesday, 16 May 2012 07:31 PM

ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව?

:       0       0

මංඡුල බිරුට් Wednesday, 16 May 2012 08:21 PM

රන් මලක් ලෙස දෙව් ඹබුන් දොතින් පිදු මෙ පින්බිමේ පස් පිඩක් ගිලිහි නොයන්නට රන්වැටක් ඇත සිවුකොනේ.... රට වෙනුවෙන් දිවිපිදු රණවිරුන්ට නිවන් සුව පතමු.....!

:       0       0

කුමාරිකා Wednesday, 16 May 2012 08:26 PM

ෆොන්සේකා මහත්තයාව නිදහස් කළොත් ආඩම්බරයෙන් සමරන්න පුළුවන්

:       0       0

kumara Wednesday, 16 May 2012 08:49 PM

මිනිස්සු මැරුණහම හොඳයි කියන්න හොඳනෑ

:       0       0

ඕල්ඩ් ඕන්ලි Wednesday, 16 May 2012 08:52 PM

ප්‍රශ්නෙකට තියෙන්නේ ගෝල්ෆේස් පාර වහපු නිසා වැඩට යන්න අපි ටිකක් දුක් විදින එක තමයි.....

:       0       0

ප්‍රභාත් ගුණවර්ධන Wednesday, 16 May 2012 09:34 PM

අනුවන කමක්ද මන්ද?

:       0       0

හිරාන් Wednesday, 16 May 2012 11:10 PM

ජගත් වගේ මනුස්සයන්ට මොකද වෙන්න ඕනි......?

:       0       0

ෂෙරීෆ් Thursday, 17 May 2012 12:59 AM

හදවතින් අපි යුධ බිමේ ඔබ තනිකරේ නැත කිසිදිනේ.....!!

:       0       0

සම්පත් Thursday, 17 May 2012 03:03 AM

දේශපාලන මත පැත්තක තියලා, අද අපි සහ අපේ දරුවන් බුක්ති විඳින නිදහස ලබා දීම වෙනුවෙන් කැප වුන ත්‍රිවිධ හමුදාවට, පොලීසියට, අහිගරු ජනාධිපති තුමන්ට, එවකට හමුදාපති සරත් ෆෝන්සේකා මහතාට සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මුලු ජාතියේම ප්‍රණාමය ලබා දිය යුතුයි.

:       0       0

සුනිල් Thursday, 17 May 2012 08:11 AM

මේවා කවුරුත් අගය කරන්න ඕන. හැම දේම දිහා වැරදියට බලන එක වැරදියි.

:       0       0

ජයන්ත Wednesday, 16 May 2012 02:19 PM

ෆොන්සේකා නිදහස් කරයිද????????????????????????????????????????????????????????

:       0       0

අංජන Thursday, 17 May 2012 09:01 AM

මැතිණිය, කියු සැනින් මතකයට එන්නේ... සිරිමාවෝ බණ්ඩාරනායක... නමි ඡෙනරාල්.. කියු සැනින් ඔබේ මතකයට එන්නේ කවුද?....... ලියන්න ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව... ?

:       0       0

ජගත් Wednesday, 16 May 2012 02:29 PM

දැන් වෙනවැඩකුත් නෑනේ මේ අයට..

:       0       0

කෟමුදී Thursday, 17 May 2012 09:04 AM

දේශපාලන මත පැත්තක තියලා, අද අපි සහ අපේ දරුවන් බුක්ති විඳින නිදහස ලබා දීම වෙනුවෙන් කැප වුන ත්‍රිවිධ හමුදාවට, පොලීසියට, අහිගරු ජනාධිපති තුමන්ට, එවකට හමුදාපති සරත් ෆෝන්සේකා මහතාට සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මුලු ජාතියේම ප්‍රණාමය ලබා දිය යුතුයි ..

:       0       0

චමල Wednesday, 16 May 2012 02:38 PM

කටින්ද කිව්වෙ දැන් මෙයාලට වැඩ නෑ කියල.?

:       0       0

ලසන්ත Wednesday, 16 May 2012 02:44 PM

කලින් දෙපාරම අප්පච්චි නැතිවයි මඟුල් කෑවේ. මේ වතාවේ එහෙම නොවේවායි කියා අපි පතන්නෙමු.

:       0       0

ජීවන් හර්ෂ Wednesday, 16 May 2012 02:49 PM

ලස්සනට තියෙයි නේද?

:       0       0

චරිත් Wednesday, 16 May 2012 02:54 PM

ජය වේවා.........තම ජාතියේ නිදහස වෙනුවෙන් තම ජීවිතය පුජා කල අපේ වීරෝධාර රණවිරුවනට නිවන් සෑපද, ඈස්, ඉස්, මස්, ලේ, නහර පූජා කර ආබාධිත තත්වයේ සිටින රණවිරුවනට ඉක්මන් සුවය ලෑබේවා......ජාතියට, ආගමට, රටට විනකරන්නන් විනාශ වේවා..... විජයග්‍රහනය කියන්නේ මොකක්ද, මේ පෙරහුරුව මොකටද කියලා මතක නෑති මේ රටේ මිනිස්සු ගොඩක් ඉන්නව. අපේ සිංහ කොඩියක් ගෙදර, තම ආයතනයේ දාන්න කියල කිව්වොත් අපේ කට්ටිය දාවි. ඒක නිසා මාධය ආයතන වලින් ලොකු ප්‍රචාරයක් දෙන්න මෙන්න මේ දිනයට මෙන්න මේ දෙය යෙදිල තියෙනව එක නිසා ජාතික කොඩියක් තමන්ගෙ ගෙදර, තමන්ගේ ආයතනයේ දාන්න කියල අපේ රණවිරුවන්ට උපහාරයක් විදියට....එහෙම පෙන්නුවොත්, කිව්වොත් නම් අපේ කට්ටිය ඒ දේ කරයි........

:       0       0

චාමික Thursday, 17 May 2012 09:31 AM

බන්දුල, ජෙනරාල් ෆොන්සේකා සිරගත කළාම මොකද හිතුනෙ?

:       0       0

චරිත් Wednesday, 16 May 2012 02:55 PM

අනේ ජගත්, මේ මිනිස්සුන්ට මතක නෑ අද ඔය කිව්ව කතාව කියන්නවත් බෙරිලා තියෙන්නේ ඒ අය හින්ද කියලා. කම්මැලියො වගේ, බය ගුල්ලො වගේ ගෙදරට වෙලා කාලේ කාලේ කකා ඉද්දී මේ මිනිස්සු තමයි තමන්ගෙ ජීවිතය ගෑනවත් නොහිතා ඉදිරියට ගිහින් බෝම්බ වලට ගොදුරු වෙන්න නොදී බේරගත්තේ.ඔයා වගේ කෙලෙහි ගුණ නොදන්න මිනිස්සු තමයි වෑඩියෙන් මේ රටේ ඉන්නේ...

:       0       0

චමිල් Thursday, 17 May 2012 09:49 AM

ජනරාල් කිව්වම මතකයට එන්නේ ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව... මේකට යන මුදල් අපරාධයක් නෙමෙයි ... ජගත් කියන කතාව නියම ශ්‍රී ලංකිකයෙක්ට කියන්න වත් පුළුවන් ද? මේකේ ප්‍රතිචාර දාන සමහර අයට රට පසුගිය කාලයේ තිබ්බ හැටි අමතක වෙලා මැරිලා ඉපදිච අය වෙන්න ඕන .....

:       0       0

අනුර එල් එස් Wednesday, 16 May 2012 03:08 PM

කෙලෙහි ගුණ නොදන්න මිනිස්සු තමයි වෑඩියෙන් ඉන්නේ...

:       0       0

සිසිර Thursday, 17 May 2012 10:03 AM

ගුණ ම‍‍කුචෙක් චෙන්න එ‍‍පා

:       0       0

බන්දුල Wednesday, 16 May 2012 03:21 PM

යුද්ධෙ දිනපු අපේ කොල්ලන්ගේ ඡායාරූපයක් දැක්කත් ආඩම්බර හිතෙනවා

:       0       0

සතී Wednesday, 16 May 2012 03:25 PM

මට හිතෙන විදියට ජගත්.......................වගේයි.

:       0       0

සරත් ජේ බී Thursday, 17 May 2012 10:31 AM

ජය වේවා.........තම ජාතියේ නිදහස වෙනුවෙන් තම ජීවිතය පුජා කළ අපේ වීරෝධාර රණවිරුවනට නිවන් සෑපද, ඈස්, ඉස්, මස්, ලේ, නහර පූජා කර ආබාධිත තත්වයේ සිටින රණවිරුවනට ඉක්මන් සුවය ලෑබේවා...... විජයග්‍රහණය කියන්නේ මොකක්ද, මේ පෙරහුරුව මොකටද කියලා මතක නැති මේ රටේ මිනිස්සු ගොඩක් ඉන්නව. අපේ සිංහ කොඩියක් ගෙදර, තම ආයතනයේ දාන්න කියල කිව්වොත් අපේ කට්ටිය දාවි. ඒක නිසා මාධය ආයතන වලින් ලොකු ප්‍රචාරයක් දෙන්න මෙන්න මේ දිනයට මෙන්න මේ දෙය යෙදිල තියෙනව එක නිසා ජාතික කොඩියක් තමන්ගෙ ගෙදර, තමන්ගේ ආයතනයේ දාන්න කියල අපේ රණවිරුවන්ට උපහාරයක් විදියට....එහෙම පෙන්නුවොත්, කිව්වොත් නම් අපේ කට්ටිය ඒ දේ කරයි....

:       0       0

ඉන්ද්‍රක Wednesday, 16 May 2012 03:27 PM

ජාතියේ උදාර පුතුන් දේශයේ උදාර පුතුන් .................

:       0       0

ෆාරු Wednesday, 16 May 2012 03:37 PM

ළමයිනේ රන්ඩු නොවී බලන් ඉන්න 19 වෙනිදට අපේ වීරවරයට මොකක් වෙයිද කියලා....

:       0       0

ෂානක Wednesday, 16 May 2012 03:39 PM

ඔබ වැනි පුතුන් දැයට පිනක්. ඔබ සමට පින්. ලබා දුන්නු නිදහසට

:       0       0

ප්‍රදිප් Wednesday, 16 May 2012 03:43 PM

මම මගේ ජීවිතය උනත් ඔට්ටු අල්ලනවා මෙම සංවත්සරයට සරත් ෆොන්සේකා නිදහස් කරන්නේ නෑ කියල. ඕකනේ මහ එකට තියෙන ලොකුම ප්‍රශ්නේ.

:       0       0

Wednesday, 16 May 2012 03:44 PM

ජය . . . ජය වේවා.........

:       0       0

රංජිත් මංජුල, Wednesday, 16 May 2012 03:47 PM

මල් මිටක් නෙළාගෙන අගිස්සෙන්...................... දොවා පිරිසිදු පිනි දියෙන්........................ ඔබේ පාමුල පුද කරන්නම් ........................ මව් බිමේ නිදහස පතා .................. අදැවස තුරුණු විය දන් දුන් නුඹ.....මෛමා...

:       0       0

නිමල් කුමාර Wednesday, 16 May 2012 03:53 PM

හමුදාවෙ අයට වැඩක් නෑ කියපු එකම ලොකු වරදක්.............

:       0       0

රංග ජයවර්ධන Thursday, 17 May 2012 11:00 AM

මේ වගේ සංදර්ශන හැමදාම තියන්න ඕන අපේ ප්‍රශ්න අමතක වෙන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෝටියක කුඩු සමඟ අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 30 63 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය


මැයි රැළි ඇති ප්‍රදේශවල සුරාසැල් හෙට වහයි
2025 අප්‍රේල් මස 30 91 0

මැයි මස පළමුවැනි දිනට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් රැලි පැවැත්වෙන ප්‍රදේශ අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය


අක්කර දාහක වන වගාවක් හදන්න යයි
2025 අප්‍රේල් මස 30 241 0

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සහ පෞද්ගලික අංශය එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.


මරදාන - කොටුව අතර දුම්රියක් පීළි පනී
2025 අප්‍රේල් මස 30 204 0

මරදාන සහ කොළඹ කොටුව අතර දුම්රියක් පිලී පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.


ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමයෙන් ළමා චිත්‍ර තරඟයක්
2025 අප්‍රේල් මස 30 94 1

ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමය සංවිධාන කරන ළමා චිත්‍ර තරඟයට මැයි 10 වැනිදා තෙක් චිත්‍ර බාර ගන්නා බව එම සංගමය පවසයි.


මග නැගුමේ ස්කැවේටරයක් කළුගල් ව්‍යාපාරයකට යොදාගෙන
2025 අප්‍රේල් මස 30 540 2

මග නැගුම මාර්ග ඉදි කිරීම් සමාගමට ස්කැවේටර් යන්ත්‍රයකින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් කඩුවෙල කොරතොට, මයික්වත්ත ප්‍රදේශයේ ඉඩමක කළුගල් ව්‍යා


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 232 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 67 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1093 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site