නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුමගේ විෂමාචාර ක්‍රියා යහපාලනයට හා නීතියේ ආධිපත්‍යයට නිග්‍රහයක් වන බවත් ඔහුගේ එම ක්‍රියා නොපැකිළිවම හෙළා දකින බවත් ශ්‍රි ලංකා නීතීඥ සංගමය මෛත්‍රීපාල සිරිසේන ජනපතිට ලිපියක් මගින් දැනුම් දෙයි.
ඔහු දරන ඉහළ තනතුරට නොගැලපෙන අයුරින් ඔහුගේ විෂමාචාර ක්‍රියා මාලාව සියදිවි නසා ගැනීමට ගත් බව කියන සිද්ධිය ද උච්ඡස්ථානයට පත් වූ බවත් මොහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවත් නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ ජෙෆ්රි අලගරත්නම් මහතා ඉල්ලා ඇත.
මෙවැනි දේශපාලනඥයන් හසුරුවා ගැනීමට නොහැකි වීමෙන් ජනපති හා රජයට එරෙහිව ජනතාවගේ විශ්වාසය පූර්ණ ලෙස බිඳවැටෙන බවත් නීතීඥ සංගමය කියයි.
ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය
රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද
ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල
ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තෙවරප්පෙරුමගේ ජෝගිනැටුම් නීතීඥ සංගමය හෙළා දකියි
බමුණුසිංහ Saturday, 02 July 2016 10:42 PM
මේ වගේ ජෝගිකාරයෝ තව එක්කෙනයි හිටියේ. එයාව මේ ළඟදිත් මම දැක්කා. (නි)
නුවරඑළියේ වසන්ත Saturday, 02 July 2016 03:43 AM
එතුමා ජෝගි නැටුවෙ අහිංසක දරුවන් 10 දෙනෙක් වෙනුවෙන්. නීතිඥයන්ටත් තිබුනා ඒ දරුවෝ වෙනුවෙන් පෙනී හිටින්න. එහෙම කලේ නැහැ. ඒතුමාට එහෙමෙ ජෝගි නටන්න උනේ ඇයි..? පුලුවන්නම් ඒකට උත්තර හොයලා දෙන්න. (ර)
ප්‍රියාන් Friday, 01 July 2016 10:51 AM
ඒ නැටිල්ලෙන් අසරණ ළමයි 9 දෙනෙකුට ඉස්කෝලයක් හම්බ උනානේ.. ඒ අසරණයෝ ගැන කව්රුත් කතා කලේ නැනේ... (ර)
උපාලි Friday, 01 July 2016 10:56 AM
දණ්ඩ නීති සංග්‍රහයේ හැටියට සිය දිවි නසා ගැනීමට තැත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. හැබැයි, විදුලි පංකාවක එල්ලී දිවි නසා ගැනීමට තැත් කිරීම රජයේ දේපල කඩා බිඳ දැමීමට තැත් කිරීමේ වරදක්. මොකද එල්ලුනා නම් අනිවාර්යයෙන්ම කඩා වැටෙනවා බරේ හැටියට. (ර)
දර්ශන Friday, 01 July 2016 10:58 AM
යහපාලනයනේ මේ... (නි)
සමන් Friday, 01 July 2016 11:22 AM
දණ්ඩ නීති සංග්‍රහයේ එම නීතිය 1995 වර්ෂයේ වෙනස් කර ඇති නිසා ඔහු වරදක් සිදුකර නැහැ නේද? එනිසා දඬුවම් කළ නොහැකියි නේද? ඔහු නිසා ළමයින් 10 දෙනෙකුට පාසලක් ලැබී ඇත. දඬුවම් කළයුත්තේ ළමයින් භාරනොගත් අයටයි (නි)
සමන් Friday, 01 July 2016 11:23 AM
මාස 6 තිස්සෙ ළමයින්ව දැාගන්න බැරිවුණ කාලෙ කවුරුවත් සද්ද නැහැ. නීතීඥයො කල්පනා කළා නම් හොඳයි මෙහෙම වෙන්න හේතුව. අසරණ මිනිසුන්ගෙන් දේශපාලුවො පළිගත්ත වෙලාවෙ මේ ඇමතිතුමා නොහිටියා නම් ඒ ළමයි අදත් ගෙදර. කරන්න තියෙන්නෙ මේ වගේ දේවල් නොවෙන තැනට වැඩ කරන එක. නිවේදන නිකුත් කරන්න නම් කාටද බැරි. (නි)
ජයම්පති Friday, 01 July 2016 11:27 AM
ඉතාමත් නරක ආදර්ශයක් සිසුන් ඉදිරියේ දුන්නේ. (නි)
අමිල් Friday, 01 July 2016 11:45 AM
තෙවරප්පෙරුමට මගේ ආචාරය! ඔහුට විතරයි කොන්දක් තිබුනේ (නි)
උපාලි Saturday, 02 July 2016 07:43 AM
සර්ජි, ඔබට ස්තුතියි. සිය දිවි නසා ගැනීමට අදාළ වගන්තිය දණ්ඩ නීති සංග්‍රහයෙන් දැන් ඉවත් කර ඇති බව මං දැක්කා. ඒ හින්ද විදුලි පංකාව කඩා දැම්මා නම් ඒකටයි අපේ නියෝජ්‍ය ඇමතිතුමා අහුවෙන්න තිබුනේ. (ර)
රජිත් Friday, 01 July 2016 12:12 PM
අපි තෙවරප්පෙරුම ඇමතිතුමා ගැන කතා නොකර ඉඳිමු. ඔහුව සියවරක් පෙරුවත් ඇතා නෑව්වා වගේ තමා. එ්ත් අර විනිසුරුතුමා ගැන මුනිවත රැක්කේ ඇයි? ඕක තමයි අපේ රටේ පිරිහීමට හේතුව. (නි)
සරත් Friday, 01 July 2016 12:12 PM
නීතීඥ සංගමය මොකද්ද දන්නේ නැහැ කළේ අර ළමයි මාස 6ක් 7ක් ගෙදර තියා ගන්නකොට. සමහරු නම් පත්තරේ කියවලා හරි විස්තරේ දැන ගන්නවා. මේ අයට නම් ටීවී එකේම යන්න ඕනෑ ලංකාවේ මොනවද වෙන්නේ කියලා දැනගන්න (නි)
බමුණුසිංහ Friday, 01 July 2016 12:12 PM
අපිට නම් මේ රජය ගැන කිසිම විශ්වාසයක් නැත. (නි)
කරුණාපාල Friday, 01 July 2016 12:47 PM
නීතිඥයෝ හා සමහර විදුහල්පතිවරු නීතියේ ආධිපත්‍ය බලය අතට අරගෙන විෂමාචාර සිදුකරන බව තමයි අපි නම් දන්නේ. පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීතුමා පවතින ක්‍රමවේදයට පටහැනිව යම් ක්‍රියාවක් කළා නම්, ඒ ක්‍රියාව සිදුකළේ දැනට ක්‍රියාත්මකවෙන ක්‍රමවේද තුළින් පීඩාවට පත්ව සිටින කුඩා ළමුන් හා රටේ සාමාන්‍ය දුප්පත් ජනතාව වෙනුවෙනුයි. ඒ නිසා එතුමා ගත් ඒ ක්‍රියාමාර්ගය සාධාරණ සමාජයක් අපේක්ෂා කරන අපි, අනුමත කරමු!! (නි)
සර්ජි Friday, 01 July 2016 01:19 PM
උපාලි. දැන් දණ්ඩ නීති සංග්‍රහයේ හැටියට සියදිවි නසාගැනීමට තැත්කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් නොවෙයි කියලයි මම නම් දන්නේ (නි)
ජයසේකර Friday, 01 July 2016 01:24 PM
දුප්පතා වෙනුවෙන් පෙනීසිටින පුද්ගලයෙක් (නි)
දර්ශන Friday, 01 July 2016 02:30 PM
අර ගුරුවරියක් දණගස්සපු වෙලාවේ එම ක්‍රියාව නීතීඥ සංගමය හෙළාදැකපු එක මට මතක නැහැනේ. ඇමතිවරයාගේ ක්‍රියාව වැරදි වුණත් පරමාර්ථය වුයේ ළමුන් පිරිසකට පාසලක් ලබාදීමයි (නි)
විකුම් රංගන Friday, 01 July 2016 02:27 PM
මහජනතාවගේ ඡන්දෙන් පත්වූ එතුමා කරන්නේ ලොකු සේවයක්. (නි)
ධම්ම Friday, 01 July 2016 02:34 PM
කොහොමහරි වැඩේ කෙරෙන්න නොවෙයි අපි යහපාලනයෙන් බලාපොරොත්තු වෙන්නේ, හරියට වැඩේ කෙරෙන්නයි. මෙහෙම වැඩ කරන්න නම් පරණ ආණ්ඩුව පෙරළන්න උවමනාවක් නැහැ ප්‍රියාන්. (නි)
දුමින්ද Friday, 01 July 2016 05:06 PM
කොහොමත් මෙයාට මේ උප ඇමතිකම නම් හරියන්නෙම නැහැ. මෙයාගේ හැටි මතුගම ජනතාව නම් හොඳට දන්නවා. (නි)
ජයසේන Saturday, 02 July 2016 12:36 PM
නීතිවේදී මහත්තුරු ළමා අයිතිවාසිකම් ගැන නම් දන්නෙම නැහැ වගේ. (නි)
සිරි Friday, 01 July 2016 08:21 PM
මේ රටේ ආණ්ඩුත් තිබුනා. හැබැයි මෙහෙම අඳ, ගොළු, බිහිරි ආණ්ඩු නම් තිබුනේ නැහැ (නි)
අතුල Friday, 01 July 2016 09:26 PM
මේ නිහතමානී මානව දයාවෙන් පිරි අවංක මිනිසාට කිසිම හිරිහැරයක් කරන්න එපා. ඔහු ඉතා කාරුණික හදවතක් තිබෙන නියම සිංහලයෙක්. විරල ගණයේ මිනිහෙක්. ඔබට අපෙන් සුබ පැතුම්! (නි)
සත්‍යයා Saturday, 02 July 2016 01:10 AM
ඒ කාලේ මර්වින් සිල්වා හැසිරුණු හැටි අපිට මතක්වෙනවා (නි)
ඉන්දු Saturday, 02 July 2016 02:17 AM
අරමුණ හොඳ වුණත් මේ හැසිරීම තනතුරට ගැළපෙන්නේ නැත. රටේ සිදුවෙන දේවල් දිහා බැලූවිට මුළු මහජනතාවටම බෙල්ලේ වැල දා ගැනීමට තත්වය උදාවී තිබුනත් එය ශිෂ්ටාචාරයට ගැළපෙන්නේ නැත. (නි)