අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා අද (3) බෙලිහුල්ඔය සබරගමු විශ්ව විද්‍යාලයට ගිය නමුත් සිසුහු ඔහුට එම උත්සවයට යෑමට ඉඩ නොදී මග හරස් කළහ.
නියෝජ්‍ය ඇමැති සිය මෝටර් රථයේ බොනට්ටුවට නැග සිසුන් හා එක්විය. මචං භාෂාවෙන් සිසුන් ඇමතූ ඔහු කියා සිටියේ සිසුන්ට ප්‍රශ්න ඇති බවයි.
‘මම දන්නවා එහෙම ප්‍රශ්න තියෙන බව. අපි එක්වෙලා එම ප්‍රශ්න විසඳමු‘ කියමින් ඔහු ටික වේලාවක් සිසුන් සමග ගත කළේය.
හාර පන්සියයක් සිසුන් සමග ඔහුද උද්ඝෝෂණයට එක්විය.
අද උදේ 10.45ට පමණ සිය වාහනයේ බොනට්ටුවට නැගුණු නියෝජ්‍ය ඇමැති පස්වරු 12.15 වනවිටත් එහි සිටියේය. සිසුන් කියා සිටියේ සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමට වඩා සිසුන්ගේ වෙනත් ප්‍රශ්න ඇති බවයි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තෙවරප්පෙරුම යළි කාර් බොනට්ටුවේ : සබරගමු සිසු උද්ඝෝෂණයට එක්වෙයි
ලුම්බිණි Friday, 03 June 2016 07:21 AM
කාටද පිස්සු කියල හිතා ගන්න බැහැ. (බ)
දිසානායක Friday, 03 June 2016 07:32 AM
මට හිතට අමාරු දේශපාලුවෙක් විශ්වවිද්‍යාල සිසුන්ට මචන් කියපු එක (බ)
නුවන් Friday, 03 June 2016 07:47 AM
ගැටළු විසඳීමට පිළිගත් ක්‍රම හා ක්‍රියාමාර්ග තිබියදී මේ වගේ දේවල් නිකන් විහිලු. (ම)
විපුල Friday, 03 June 2016 07:56 AM
පෙරලුනු අත හොදයි කියනවා.(ම)
චන්ද්‍රා Saturday, 04 June 2016 03:12 AM
මට සිතෙන ලෙස මෙතුමා පාර්ලිමේන්තුවට සුදුසු මහතෙක් නොවේ (නි)
මාකොළ මංගල හිමි Friday, 03 June 2016 08:10 AM
පිස්සු නැත්නම් හොඳයි (බ)
කස්තුරි Saturday, 04 June 2016 03:36 AM
රටේම මිනිස්සු දේශපාලකයෝ ප්‍රතික්ෂේප කළා නම් ඔය වගේ, මේ රටට හොඳක් වෙයි (නි)
හිමාල් Friday, 03 June 2016 08:18 AM
ළමයි උද්ඝෝෂණ කරලා තියෙන්නේ ඇමතිතුමා එනවට විරුද්ධව. ඇමති උද්ඝෝෂණයට සහය පළ කරලා නෑ. (ම)
ගාමිණී Saturday, 04 June 2016 03:51 AM
දැන් ඉන්න විශ්ව විද්‍යාල ළමයි ලාමකයි. හරවත් වැඩ කරනවා අඩුයි. තමන්ට ලැබෙන දෙයින් ප්‍රයෝජන ගන්න දන්නේ නැහැ. අවාසනාව. විශ්ව විද්‍යාල ළමයි දේශපාලන අතකොලු වෙලා. පව් නොකා නොබී දහඩිය හෙලන මේ ළමයින්ගේ දෙමාපියෝ (නි)
නිමලරත්න Friday, 03 June 2016 08:42 AM
ලකුණු දාගන්න මෙතුමා දක්ෂයා (ම)
ජගත් Friday, 03 June 2016 09:00 AM
ලජ්ජා නැති කම මහා මුදලි කමටත් වඩා විශාලය...(ම)
උපුල් Sunday, 05 June 2016 01:02 PM
විශ්ව විද්‍යාලයකට ගිහිල්ලා නැති අය මෙවැනි දේ සඳහා විචාර නොකර ඉන්නවා නම් තමා හොඳ. විශ්ව විද්‍යාල ළමයි හරක් නොවේ. කරන හැමදේකම තේරුමක් තියනවා. මේ කොල්ලො කෙල්ලො ටික නැත්නම් අද නිදහස් අධ්‍යාපනයට ගිය කලක්වත් හොයාගන්න බැරි වෙනවා. (නි)
අනුෂ්ක Friday, 03 June 2016 09:17 AM
ඉගෙන ගන්න ආවනම් ඒක කරගන් නැතුව මෙතන උද්ඝෝෂණය කරනවා.. ඔය එකෙක්වත් උපාධිය ගත්තාට පස්සේ එනවද මේ ප්‍රශ්න ගැන කතා කරන්න? (ම)
සමන් Saturday, 04 June 2016 06:18 AM
මැර දේශපාලනය අපේ රටෙන් කවදා තුරන් වේවිද? (නි)
විනෝදනී Saturday, 04 June 2016 06:22 AM
මම නම් මේ වෙලාවේ ගන්නේ සිසුන්ගේ පැත්ත (නි)
දමිත් Saturday, 04 June 2016 06:20 AM
මෙවැනි අය පාර්ලිමේන්තුවට ගෙන ඇමතිකම් දුන් අය ගැන කණගාටුයි (නි)
සිරිල් Friday, 03 June 2016 09:45 AM
තෙවරක් නෙමෙ හතර වරක් පෙරලාවත් සමහරුන්ව හදන්න පුළුවන් කමක් නැහැ. (ම)
සහන් Saturday, 04 June 2016 07:37 AM
ගමේ මිනිසුන්ට තිබුනේ මේ දේශපාලකයින්ටයි, මෝඩ සිසුන්ටයි දෙගොල්ලන්ටම වැට මාර පොලු ටිකකින් හොදට නෙළන්න (නි)
අතුල Friday, 03 June 2016 10:25 AM
තුට්ටු දෙකේ දකුණු ඉන්දීය චිත්‍රපටයක් වගේ මටනම් පෙන්නේ! (හේ)
තරුෂි Friday, 03 June 2016 10:45 AM
පාලිත තෙවරප්පෙරුම කියන්නේ රටේ ජනතාවට මෙන්ම විශ්ව විද්යාල සිසුන්ට ගැලපෙන ඉතා හොඳ නායකයෙක්. එතුමාට කියලා සිසුන්ගේ ප්‍රශ්න ඉතාම පහසුවෙන් විසඳා ගත හැකියි.(හේ)
බණ්ඩාර - කැකිරාව Saturday, 04 June 2016 09:06 AM
මෙතුමාට හොඳ පාඩමක් සබරගමු සරසවියෙන් උගන්වලා තියෙන්නේ. ලැජ්ජාවක් තියෙනවා නම් ආයේ සබරගමු කැම්පස් එකට යන්නේ නැතිවෙයි ලකුණු දාගන්න. මීට කලින් එස් බි ඇමතිතුමාත් සබරගමුවට ගිහින් අනාගත්තා. මෙතුමා බලෙන්ම ඇදගෙන නාගත්තා කියලයි මට හිතෙන්නේ. අනේ අපේ දේශපාලකයෝ දැන් විකටයෝ වෙලා. (නි)
ලලින් Friday, 03 June 2016 01:20 PM
දකුණු ඉන්දියානු චිත්‍රපටියක් වගේ.(හේ)
තරිඳු Friday, 03 June 2016 01:28 PM
පාලිත තෙවරප්පෙරුම ඇමතිතුමා හැම ගහටම කොටාගෙන ඇවිත් අවසානේදි කෙසෙල් ගහකට කොටලා.... ජනතාව මුලා කරන ජනතාවාදී යැයි කියා ගන්නා, රටේ ජනතාවගෙ සල්ලි වලින් සුරසැප විඳින ගමන් ඒ අහිංසක මිනිස්සුන්ටම කොකා පෙන්වන දේශපාලනඥයන් මේ සමාජයෙන් ප්‍රතික්ෂේප වෙන දවස වැඩි ඈතක නෙවෙයි. (හේ)
උපාලි Friday, 03 June 2016 01:42 PM
තරුෂි ඔබ හරි. මෙතුමා කරන වැඩ දිහායි ශිෂ්‍යයෝ කරන වැඩ දිහායි බැලුවහම අද විශ්ව විද්යාල සිසුන්ට නායකත්වය දෙන්න මෙච්චර සුදුස්ස්සෙක් නැහැ කියන එක ඕන කෙනෙකුට තේරෙනවා.(හේ)
පසිදු Saturday, 04 June 2016 12:32 PM
බොරුවට වුනත් දින්නට පස්සේ එන්නේ කපටි කමට හරි අවංක කමට හරි ජනතාව අතරට එනවනේ එයා හොදා එකෙක් (හේ).
මංජුල Friday, 03 June 2016 06:26 PM
මෙයාලට උත්තර දෙන්න ඕනෑ මේ භාෂාවෙන් තමයි (නි)