IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


තව උප ඇමැති දෙන්නෙක්

නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී පී.දිගම්බරම් මහතා ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමති ලෙසද, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභා ගනේෂන් මහතා විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය ඇමති ලෙසද අද දිවුරුම් දුන්හ.

 



අදහස් (0)

තව උප ඇමැති දෙන්නෙක්

පිටබැද්දර ජයා Thursday, 21 August 2014 11:43 AM

අන්තිමට අපි ගිනස් වාර්තාවක් පිහිටුවයිද දන්නෙ නැහැ, ලෝකයේ මන්ත්‍රීවරු නැති ඇමතිවරු පමණක් ඉන්න එකම පාර්ලිමේන්තුව කියලා (නි)!

:       0       0

උරේෂා Friday, 22 August 2014 03:06 AM

බන්දුලට සත්‍ය අවබෝධ වෙමින් පවතී (නදී)

:       0       0

පුෂ්පසිරි අල්විස් Thursday, 21 August 2014 11:52 AM

මදි මදි... මම නම් කියන්නේ ආසියාවේ ආශ්චර්යයට යන්නට තව ඕනෑ. සියලුම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ඇමති උප ඇමතිකම් දෙන්න ඕනෑ. ලෝකෙන් උතුම් රට සහ ධනවත්ම රට අපේ ලංකාව (නි)

:       0       0

සෙන්සා Friday, 22 August 2014 03:11 AM

තවත් දෙන්නෙක් වැඩි කළා. (නදී)

:       0       0

රන්ජිත් Thursday, 21 August 2014 11:59 AM

අ‍න්න නියමයි. ජය වේවා! (නි)

:       0       0

අශාන් Friday, 22 August 2014 03:33 AM

රටේ පොදු වැසිකිළි වල තත්වය අන්තිමයි. කරුණාකර පොදු වැසිකිළි ඇමති කෙනෙකුත් පත්කළ මැනවි! (නි)

:       0       0

නැනී Friday, 22 August 2014 04:31 AM

බන්දුලලා දෙන්නෙක් ඇමති මන්ඩලයට වැටී ඇත. ඉඩම පිටට ගියා මලේ. (නදී)

:       0       0

හේවාවිතාරණ Thursday, 21 August 2014 12:55 PM

දැන් නම් ඇමතිලා උප ඇමතිලා වැහි වැහැලා (නි)

:       0       0

අනුර ශාන්ත Friday, 22 August 2014 04:40 AM

පාලකයන්ගේ බලයේ ඉදිමේ කෑදර කම සිමා රහිත උනාම මෙවැනි සිදු වීම් තව තවත් ඉදිරියේදී සිදුවේවි. එවිට මේ බර රටේ අහිංසක ජනටහවට කරගහන්න වෙන එකනම් වලක්වන්න බැහැ.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 22 August 2014 05:25 AM

බන්දුලට වගේම අනික් අයටත් සත්‍ය අවබෝද වෙනකොට පෙරහැර ගිහින් ඉවරයි. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩාර Friday, 22 August 2014 05:25 AM

බන්දුල පෙරේරා කියන දේ සත්‍ය වෙන්නේ ජනතාවගේ මහජන ඡන්දයෙන් පමණක් නියෝජිතයන් පත්වෙන රටකට. (නි)

:       0       0

ජෙහාන් Thursday, 21 August 2014 01:34 PM

ඇත්තටම තවත් ඉතුරු වෙලා ඉන්නවද ඇමතිකම් දෙන්න ? (නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 22 August 2014 05:33 AM

මම ඒකනේ බන්දුල පෙරේරාට කලින්ම කිව්වේ මුහුණු ආවරණය කළ හොඳ හිස්වැසුමක් දැන් ඉඳලම ළඟ තියාගන්න කියලා. (නි)

:       0       0

මනෝජ්-සාජා Thursday, 21 August 2014 01:51 PM

ඇත්තමයි මට දැනෙන සතුටේ තරම කියන්න වචන නැහැ. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 22 August 2014 05:38 AM

බන්දුල පෙරේරා වගේ මේ වෙනකොට අනිකුත් බස් එකේ දුම්රියේ එල්ලිලා උදේට/හවසට රැකියාවට යන රජයේ සේවකයන් ලක්ෂ 40 ට සහ පුද්ගලික අංශයේ ලක්ෂ 65 ට සත්‍ය අවබෝධ වෙමින් පවතිනවා.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 22 August 2014 05:42 AM

අපිනම් කලින්ම සත්‍ය අවබෝද කරගෙන මගේ පවුලේ අයත් එක්කම දුකක් නැතිව සැනසිල්ලේ නිදා ගන්නවා. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 22 August 2014 05:50 AM

හෙට අනිද්දා වෙනකොට කන බොන අත්‍යවස්‍ය අහාර වල මිලට බදු ගහල 100% කින් බදු මිල ඉහල යනකොට කොහොමද හිතට ගතට දැනෙන සනීපෙ. කට්ටියට හොදට නින්ද යාවි.(නදී)

:       0       0

කසුන් Friday, 22 August 2014 05:52 AM

අපේ ප්‍රදේශයේ අපද්‍රව්‍ය කුණු බැහර ලන කටයුත්ත හරියට කෙරෙන්නේ නැහැ. කසල ප්‍රවාහන ඇමති කෙනෙක් අපිට ඕනෑමයි. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 21 August 2014 02:40 PM

දැන් ඉතින් අපි ලංකාවට නිවාඩුවට එද්දී අරන් එන පරිප්පු,කිරිපිටි,හාල්,කරවල ටිකටත් බදු ගහයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Thursday, 21 August 2014 02:41 PM

ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු 35 ට අඩු කරනවා කියලා නේද ඉස්සර කිව්වේ? (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 22 August 2014 06:20 AM

කට්ටිය කියන විදියේ සත්‍යයක් මට අලුතෙන් අවබෝධ වෙලා නැහැ. එහෙම වෙන්න අවශ්‍යත් නැහැ. මම හැමදාමත් සත්‍යයත් එක්ක අවබෝධයෙන් ඉන්න මිනිහෙක්. මේ දේශපාලන රටාවේ පාර්ලිමේන්තුවේ බලය රැක ගන්න එක එකාට දොළ පිදේනි දීම අනිවාර්යයි. ඒක මේ පවතින රජයට වගේම හිටපු සහ එන්න ඉන්න රජයන් වලටත් සාධාරණයි. ඉදිරියට මේ රජය ඉවත් කරලා නව රජයක් බලයට ආවොත් ඒ එන්නේ කොයි වෙලාවේ කඩා වැටෙයිද කියල බයේ ගැහෙන ආණ්ඩුවක්. එහෙම ආණ්ඩුවක ඇමති මණ්ඩලය මෙයිටත් වඩා ගොඩක් වැඩි වෙන්න පුළුවන්. නමුත් මේ රජය එහෙම කඩා වැටීමක් ගැන බයක් තියා ගන්න අවශ්‍ය නැති තුනෙන් දෙකේ බලයක් තියෙන ආණ්ඩුවක්. අදටත් ඕනෑම ඡන්දයකින් කිසි තර්ජනයකින් තොරව බහුතරය ගන්න පුළුවන් ආණ්ඩුවක්. ඒ කඩා වැටෙන ආණ්ඩුවක තියරිය මේ රජයට අදාළ නැහැ. ශක්තිමත් රජයක් දාල සිය දිවි නසා ගන්න කව්රුවත් යන්නේ නැහැ. මට ප්‍රශ්නේ එහෙම තියෙද්දී මේ රට හිනස්සන ලෝකේ හිනස්සන මේ ක්‍රියාවලිය කරන්න තරම් අද බාලයින් මේ රජයේ ඉන්නවාද කියන එකයි. මේ රජයේ ශක්තිය ආකර්ෂණය පැවැත්ම හැම දෙයක්ම රැදිලා තියෙන්නේ ජනාධිපතිතුමාගේ පෞරුෂය මත මිස මේ පාර්ලිමේන්තුවේ ඉන්න හොරු රැල නිසා නෙමෙයි. ඒක අවබෝධ කර නොගත්තොත් ජනාධිපති තුමා වැටෙන්නේ ලොකු අමාරුවක. මේ රටත් වැටෙන්නේ ලොකු අමාරුවක. (නදී)

:       0       0

ප්‍රනාන්දු Thursday, 21 August 2014 03:00 PM

කෝ අර විමල් ගේ කරුණු 12 , එය ඇමති මණ්ඩලේ වැඩි කරනවට කැමති ඇති ද? (අ)

:       0       0

තිලක් Thursday, 21 August 2014 03:07 PM

ඌවේ ඡන්ද ප්‍රතිපල කලින්ම පිට වෙලා වගේ.(අ)

:       0       0

චන්ද්‍රා Thursday, 21 August 2014 03:10 PM

දැන් මුළු ගණන කියාද? එයත් පලකලනම් නේ හොද,ලෝක වාර්තාවක්, (අ)

:       0       0

සීලා Friday, 22 August 2014 06:58 AM

බන්දුල, ජනාදිපති විතරක් නොවේ රටත් දැන් වැටිලා ඉන්නේ ලොකු අමාරුවක. ගොඩ එන්න අච්චර ලේසි පහසු නැහැ. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 21 August 2014 03:33 PM

මේ රජය පවත්වාගෙන යන්න එක එකාට දොළ පිදේනි දීල සතුටු කරන්න අවශ්‍ය නැහැ.එකට අවශ්‍ය බලය ඔබ තුමාට අවශ්‍ය අන්දමට මිනිස්සු ලබා දීල තියෙනවා...නමුත් ඔබ තුමා කටයුතු කරන්නේ මේ රජය අර ඉස්සර වගේ කොයි වෙලාවේ කඩා වැටෙයිද කියල බයේ වගේ..අලියාගේ තරම අලියා දන්නේ නැහැ වගේ ඔබ තුමාගේ බලයත් ඔබතුමා දන්නේ නැහැ ....මේ කාටවත් දොළ පිදේනි දීල ආණ්ඩුව රැක ගන්න බැහැ මිනිස්සුන්ට එපා වුණු දවසට..ඔය පිදේනි ගන්න එවුන් එකෙක්වත් එදාට හොයන්න ලැබෙන්නේ නැහැ.. මිනිස්සු දිනාගන්නවා මිසක් ඇහුවම මිනිස්සුන්ගේ ලේ රත් වෙන විපක්ෂයට තොග පිටින් ආයුධ දෙන මේ ක්‍රියාවන් නතර නොකොළොත් ඔබ තුමා ඔබ තුමාගේ ශක්තිය අවබෝධ කර නොගත්තොත් ජනතාවගෙන් ඔබතුමාත් ප්‍රතික්ෂේප වන දවස වැඩි ඈතක නැහැ..ඒ දේ දකින්න අපි අකමැතියි.....මිනිස්සු සතුටු කරන්න ..ඔවුන් ඔබව තැබිය යුතු තැන තියාවි..නමුත් මිනිසුන් සතුටු නොකර යකුන් සතුටු කරන්න ගියොත් ඔබතුම මිනිස්සුන්ගෙන් ප්‍රතික්ෂේප වෙනවා වගේම යකුන්ගේ ගොදුරකුත් වේවි..(අ)

:       0       0

පෙරේරා Friday, 22 August 2014 07:12 AM

දැන් එතකොට ඔක්කොම ආණ්ඩුපක්ෂ මන්ත්‍රීලා ඇමතිලද?(දිල්)

:       0       0

තිලක්-ඩුබායි Friday, 22 August 2014 07:15 AM

සීලා කියනවා වගේ දැන් අපිට රකින්න කියල දෙයක් ඉතිර කරලත් නැහැ. ඉතිරි වෙලත් නැහැ. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 22 August 2014 07:17 AM

දවල් හීන දකින බන්දුල පෙරේරා බලන් ඉන්නකෝ ඉදිරියේදී මොනවද වෙන්නේ කියල. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 22 August 2014 07:17 AM

අර " රැජිනගේ" කාලෙදිවත් මෙවැනි ඇමති/උප ඇමතිලා කන්දරාවක් හිටියේ නැහැ නේද? (නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 22 August 2014 07:18 AM

බන්දුල පෙරේරා, මේ රජයේ ශක්තිය ආකර්ෂණය පැවැත්ම හැම දෙයක්ම රැදිලා තියෙන්නේ...මොකක් මතද?.මට පැහැදිලි නැහැ. (නදී)

:       0       0

ලාල් Thursday, 21 August 2014 03:53 PM

අවුලක් නැහැ. තව කෂ්ටිය වැඩිකරන්න. රටේ දියුනුව වෙනුවෙන්නේ නේද? ඒ අයගේ වැටුප්, පහසුකම් සදහා දිමනා,නොයෙකුත් සවාරි සදහා දිමනා අපි ගෙවන්නම්.(නදී)

:       0       0

හෙසා Thursday, 21 August 2014 04:04 PM

රැකියාවට අනුව හැකියාව කියලා දැන් ඉතින් භාෂාව ඉගෙන ගන්න වෙයි. අද හැකියාවට අනුව රැකියාව ලැබෙන්නේ නැහැනේ. (නදී)

:       0       0

චමත් ඉතාලිය Thursday, 21 August 2014 04:07 PM

බන්දුල මල්ලි මාර දුකයි නේද? මොනවා කරන්නද ඔය ඔක්කොම කරන්නේ අපේ යහපතට පුතේ. ඉතින් නාඩා ඉදින්. මටත් ඇඩෙනවා. අපි දෙන්නාම ගිහින් කියමු ඔය වැඩේ කරන්න එපා කියලා එතකොටවත් අහාවී (නදී)

:       0       0

ද සිල්වා බර්ලින් Thursday, 21 August 2014 08:37 AM

අනේ කොහොමහරි කරලා අපිව තව ටිකක් කන්න. පුලුවන්නම් පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීලා සියලු දෙනාම අැමති හෝ උප අැමති බවට පත් කරන්න. ඒගොල්ල සියලු දෙනාටම අැමති ආරක්ෂකයෝ පරිවාර වාහන ඇතුළු පහසුකම් දෙන්න (නදී)

:       0       0

සෑම් Thursday, 21 August 2014 08:44 AM

සීනි වලටත් ඇමති කෙනෙක් ඉන්න එකේ නරකද කසල තේ වලටත් අමාත්‍යාංශයක් හැදුවොත්? (නදී)

:       0       0

හුසේන් Thursday, 21 August 2014 08:48 AM

හුරේ, තව ඕනා තව ඕනා අපිට දැන් ඇත්තටම නැත්තේ ඇමතිලා නේ ජයවේවා! (නදී)

:       0       0

නිමල් Thursday, 21 August 2014 08:55 AM

තව මදි .....තව දෙන්න .... (නි)

:       0       0

මුදිතා Thursday, 21 August 2014 09:03 AM

ලංකාවේ හේනේ ඕක තමයි හැමදේම කරන්නේ. ඡන්ද බලාගෙන ජනාධිපතිවරනෙට උදව් ගන්න නොකරන දෙයක් නැහැ. මේවා ජනතාව දැන්වත් වෙනස් කරන ඕනේ (නදී)

:       0       0

කමල් Thursday, 21 August 2014 09:03 AM

ඇමැති මණ්ඩල කළමණාකරන නමින් ඇමැති තනතුරක් සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ද පත් කරන්නේ නම් මැනවි (නදී)

:       0       0

සීල ද සිල්වා Thursday, 21 August 2014 05:50 PM

බන්දුල මහත්තයෝ, දැන් තේරෙනවා ඇතිනේ කෙරුවාව. හුඟදෙනෙක් ආණ්ඩුවේ වැඩ විවේචනය කළවිට ඔල්මාද කතා කළා. අපි ඉන්නේ අන්ධ රටකයි. (නි)

:       0       0

බන්දුල Friday, 22 August 2014 08:27 AM

පැහැදිලි වෙන්න ඉතින් එහෙම එකක් ඩුබායි තිලක් ගාව තියෙන්න එපැයි.එකක් ටිකක් හරි ලඟ නැතුව ඉතින් මම ඕක කොච්චර පැහැදිලි කළත් වැඩක් නැහැ..ඒ වචනේ ඩුබායි තිලක්ට අදාළ නැහැ..ඒ ගැන හිතන්න එපා..(අ)

:       0       0

නිරාන් සෞදි Thursday, 21 August 2014 09:16 AM

පන්දම නිවෙන්න බොහොම ළඟයි වගේ (නදී)

:       0       0

නන්ද Thursday, 21 August 2014 06:20 PM

මේ ඇමතිවරුන්ගේ පට්ටම් නාම ටික ඔක්කොම කොහොම මතක තියාගන්නද මන්දා? (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 21 August 2014 09:17 AM

ඇත්තටම මොකක්ද අපේ රටට සිද්ද වෙන්න යන්නේ? (නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 21 August 2014 09:17 AM

මොකෝ කුඹුරෙන් එන ආදායමෙන් ගෙවනවා කියලයි (නදී)

:       0       0

සමන් Thursday, 21 August 2014 09:24 AM

ඔහොම යන් (නදී)

:       0       0

රුවනි Thursday, 21 August 2014 09:29 AM

මොන වාසනාවක් ද ? (නදී)

:       0       0

චමින්ද Thursday, 21 August 2014 09:29 AM

තව කී දෙනෙක් ඉන්නවද දන් නැහැ මොකුත්ම නැතුව. ඒ අයටත් දීලා දැම්මා නම් ඉවරයි. (නදී)

:       0       0

බුද්ධි Thursday, 21 August 2014 09:34 AM

දැන්නම් යන්නේ අන්තිම හරිය වගේ (නදී)

:       0       0

කරුණාජීව Thursday, 21 August 2014 08:28 PM

බන්දුල පෙරේරා සැහෙන කාලයකට පස්සේ සත්‍ය කතා කළා.බන්දුලට යතාර්ථය තේරිච්ච එක ලොකු දෙයක්. ඕවා අපිට නම් තේරිලා ගොඩක් කල්. (ස)

:       0       0

ආනන්ද Thursday, 21 August 2014 09:59 AM

කාට කියන්ද මේ මහජන සල්ලි නාස්තිය ? (නදී)

:       0       0

හෙළකුමාර උපුල් Thursday, 21 August 2014 08:51 PM

විදුලි සංදේශය පාඩුයි කියලා ඇමිත කියනවා. ඒත් තව උප ඇමතිලත් පත් කරනවා. (ස)

:       0       0

කමල් Thursday, 21 August 2014 10:17 AM

එහෙනම් හෙට දිහාට පරිප්පු, ලුණු, අල, ළදරු කිරිපිටි, ගෑස් ඔක්කොම වැඩිවෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

විදුර Thursday, 21 August 2014 11:20 PM

තව තවත් ඉදිරියට පත්වේවි. (නි)

:       0       0

රංග Friday, 22 August 2014 12:01 AM

අයියෝ දෙන්නද? මදිනේ! (නි)

:       0       0

චමත් ඉතාලිය Thursday, 21 August 2014 10:53 AM

පිස්සුද කොහෙද. තමන්ගේ බඩ වඩා ගන්න බැහැනේ මේ වගේ දේවල් නොකොළොත්. ඡන්දෙත් ලග ලගම එනවනේ. මේවට ඉතින් මොනවා කියන්නද (නදී)

:       0       0

මාලක සමීර Thursday, 21 August 2014 10:53 AM

අනේ හොදා .තව දෙන්න අපි හිඟාකෑවත් කමක් නෑ (නදී)

:       0       0

අමිත් Friday, 22 August 2014 01:04 AM

ඇයි මේ එකපාරටම දෙන්නෙක්? (නි)

:       0       0

රෝහණ Friday, 22 August 2014 01:30 AM

අපෝ ඔය මදි පොල්ගස් නගින්නත් ඇමති කෙනෙක් දැම්මොත් හොඳයි කියල හිතෙනවා. ලෝකයේ ලොකුම ඇමති මණ්ඩලය අපේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 414 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 446 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 730 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 563 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 396 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 733 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site