IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


‘තව කීප දවසකින් යාපනයට යන්නත් බැරිවේවි‘

වර්තමාන ආණ්ඩුව නව ව්‍යස්ථාවකින් රට බෙදීමට කුමන්ත්‍රණය කරමින් සිටින බවත් ඒ සදහා ඉඩදිය නොහැකි බවත්  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියයි. චමල් රාජපක්ෂ ගේ 74 වැනි ජන්මදිනය වෙනුවෙන් සුරියවැව දී පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ  බව පැවසීය.

 “මේ රට රැකගන්න එක අපේ වගකීම හා යුතුකම.මේ ආණ්ඩුව ගෙන යන යන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුවහොත් මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබද ලොකු තර්ජනයක් ඇතිවෙනවා .ඒ නිසා ජාතික ආරක්ෂාව පිළිබද මේ ආණ්ඩුව සැලකිලිමත් වෙන්න ඕනෑ.ලියුමක් එවලා තියෙනවා පොලිස් නිලධාරීන් කිහිප දෙනකු  වහාම පොලිස් සේවයෙන් ඉවත් විය යුතුයි කියලා.එක එවලා තියෙන්නේ ප්‍රභාකරන් කියන බලකායක්.ජාතික ආරක්ෂාව අපි රැක දුන්නා. යාපනයට යන්න තියෙන පුළුවන්කම තව කි දවසක් තියේවිද කියලා මම දන්නේ නෑ “යැයි ඔහු පැවසීය.

1 2 3 4 5 6 7 10

 



අදහස් (0)

‘තව කීප දවසකින් යාපනයට යන්නත් බැරිවේවි‘

විද්‍යා Monday, 31 October 2016 05:05 PM

උපන් දිනයට ගිහාම “හැපී බර්ත් ඩේ“ කියලා ගෙදර යන්නේ නැතුව මොනවද මේ කියවන්නේ? (නි)

:       0       0

එන්. සිල්වා Monday, 31 October 2016 05:07 PM

තවමත් තියෙන්නේ බලයට පෙරේතකමක්. (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Monday, 31 October 2016 05:17 PM

මහත්තයෝ, කට තිබුන පළියට ඔහොම කතා කිව්වාට, අපේ රටේ ඉහළම පුරවැසියන් අදත් යාපනයේ බව දන්නේ නැද්ද? හීන මවමින් ඉන්නවාට වඩා, පත්තර බැලුවොත් රටේ නියම තත්ත්වය ඔබතුමාටත් දැනගන්න පුළුවන් වේවි (නි)

:       0       0

චන්දන Monday, 31 October 2016 05:30 PM

දැන් මෙතුමා ප්‍රාදේශීය දේශපාලකයන්ගේ ගානට වැටිලා. (නි)

:       0       0

ජනහිත Monday, 31 October 2016 06:22 PM

ඔබතුමා කළ කැපකිරීම සදා අමරණීයයි. අවිනිශ්චිත අනාගතය දෙස, ඔබතුමාට සහාය දැක්වූ කුරුණෑගල ජනතාව ඇතුළු සියලු ලක්වැසියෝ මේ යන ගමන දිහා වේදනාවෙන් බල සිටිනවා. (නි)

:       0       0

ජයා Monday, 31 October 2016 06:26 PM

බණ්ඩා, තමාට නම් යන්න පුළුවන් වෙයි. (නි)

:       0       0

බීනු Monday, 31 October 2016 06:34 PM

මහින්ද හොර වැඩ කරමින් රටේ මුදල් වංචා කළේ නැත්නම් එයාට අදත් රට ආරක්ෂා කරගන්න තිබුනනේ. දැන් පිට ඉඳන් කෑ ගහන එකෙන් වැඩක් නැහැ. (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Monday, 31 October 2016 07:54 PM

ඔබතුමා ඒ කාලේ විදුලි පුටුවක් පෙන්නලා බලයේ ඉන්න හැදුවා. දැන් කොටි නැගිටිනවා කියලා බලය ගන්නද හදන්නේ. ඔබතුමාගේ බලයට තියෙන කෑදරකම තමයි අපිට නම් පෙනෙන්නේ (නි)

:       0       0

සමගි Monday, 31 October 2016 10:19 PM

මෙයාලා තමයි ඔය ඔක්කොම අවුළුවන්නේ. අපි නොදන්නා කට්ටිය. (නි)

:       0       0

ශාන් Monday, 31 October 2016 11:18 PM

ඔහුට බලය දෙන්න අවශ්‍ය නැහැ, හොරකම් යටගහන්න (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Tuesday, 01 November 2016 12:24 AM

දේශපාලන වාසි ගන්න රටේ අසමගිය පතුරවමින් දඟලනවා කියායි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

බමුණුසේන Tuesday, 01 November 2016 01:25 AM

ජයරත්න, මට පෙනෙන්නේ ඔබගේ වයර් මාරුවෙලා. එහෙම වුණාම ඔය කියන කතා ගැන මම පුදුම වෙන්නේ නැත. බොහොම කෙටියෙන් කියනවා නම් ගෝඨාභය මහතා ඉන්න කාලේ යාපනයේ ඔය සිදුවීම් එකක්වත් සිදුවුණේ නැත. එ්ක තමයි නියම පාලනය. (නි)

:       0       0

බෙනට් Tuesday, 01 November 2016 01:28 AM

බණ්ඩා, ඔය වගේ සිහින පෙනෙන එක ඇඟට හොඳ නැහැ. ගිහිල්ලා බෙහෙත් ටිකක් ගන්න. (නි)

:       0       0

බන්දුල Tuesday, 01 November 2016 01:30 AM

ඉසුරන්දි, මමත් ඔබ සමඟයි. මේ මහතා නැත්නම් ප්‍රභාකරන්ට රට දෙන්නයි ලැහැස්තිවෙලා සිටියේ. (නි)

:       0       0

බමුණුසේන Tuesday, 01 November 2016 01:37 AM

පිටිගල, 20-30 ගණනක් පැරදුන කෙනාට පස්ස දොරෙන් හරි එන්න පුළුවන් නම් අැයි එක සැරයක් පැරදුන කෙනාට නැවත එන්න බැරි. දැන් ඡන්දයක් තියලා බල්ලනකෝ මොකද වෙන්නේ කියලා. (නි)

:       0       0

අරවින්ද Tuesday, 01 November 2016 01:40 AM

ටික දවසක් යන්න ඕනෑ නැහැ, දැනටමත් ඒක වෙලා ඉවරයි (නි)

:       0       0

සජීව Tuesday, 01 November 2016 02:25 AM

චතුරි, රට යුද්ධයෙන් නිදහස් කළ අයද, නිදහස් කළ රට පාවාදෙන්න හදන අයද රටට ආදරේ? (නි)

:       0       0

අසංග Monday, 31 October 2016 08:59 AM

ඔබ හරි (අ)

:       0       0

සුපුන් Tuesday, 01 November 2016 02:54 AM

මහත්තයෝ, දැන් වයස කීයද? තවමත් පුටුවට තියෙන පෙරේතකම අඩුවක් වෙලා නැහැ නේද. බණක් දහමක් කරගත්තොත් නරකද? (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 01 November 2016 03:04 AM

ආරක්ෂක වැඩේ දේශපාලුවන්ට කරන්න බැරි නිසා ඒක මොහොතකට පැත්තකින් තියලා බලමු. මහින්දයි බැසිලුයි සුදු ජාතික ඇඳුම ඇඳ කුරහන් සාටකේ දානවා. චමල් (දැන්) සහ ගෝඨාභය කුරහන් සළු ප්‍රිය කරන්නේ නැහැ. ස්වභාවයට විරුද්ධවීමත්, වෙනස්වීම පිළිගෙන ඊට අනුව ජීවත්වීමත් කෙනෙකුගේ චරිතයේ කැඩපතක් ලෙස හුවාදක්වන්නත් පුළුවන්. (නි)

:       0       0

සත්‍යයා Tuesday, 01 November 2016 03:07 AM

ඉතින් ඒ ගැන ඔබට සතුටුද? (නි)

:       0       0

අරුණ Tuesday, 01 November 2016 03:11 AM

ඔබතුමා දැන්වත් දේශපාලනයෙන් ඉවත්වෙන්න (නි)

:       0       0

උපාලි Tuesday, 01 November 2016 03:13 AM

රටේ පාලකයෝ යාපනේදී ඊයේ ඔබතුමාගේ කාලයේදී හමුදාව හදපු නිවාස විවෘත කරනවා. දැන් 70%ක් සිංහල අපිට හැර පාලකයින්ට සහ බෙදුම්වාදීන්ට ඔබතුමා මතක් කරන්න ඕනෑත් නැහැ (නි)

:       0       0

චතුරි Monday, 31 October 2016 11:05 AM

රට වෙනුවෙන් බොරු ආදරයක් පෙන්වල මතකනේ පසුගිය අවුරුදු වල. කරපු. විනාශය , පුතාලට බල්ටි ගහන්න මෙයා වලි කනවා බලයට. එන්න අර. පුදුම පහන චාජ් වෙන්න දමන්න (බ)

:       0       0

සම්පත් පතිරණ Monday, 31 October 2016 11:12 AM

දැනටමත් බෑ (හේ)

:       0       0

මනෝජ් Tuesday, 01 November 2016 04:06 AM

මෙතන කවුරුහරි ඉන්නවද අලුත් ව්‍යවස්ථාව කියවපු අය හෝ දැකපු අය. (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Tuesday, 01 November 2016 04:09 AM

අපි එහෙම දෙයක් නොවේවායි ප්‍රාර්ථනා කරමු. හිටපු ජනාධිපති කෙනෙක් හැටියට මීටවඩා සුභවාදීව සහ බුද්ධිමත්ව අදහස් ප්‍රකාශ කළයුතුයි. (නි)

:       0       0

කුලතිලක Tuesday, 01 November 2016 04:20 AM

ඒ කාලේ ගහපු ගැහිලි දැන් බැහැ (නි)

:       0       0

අචිර Tuesday, 01 November 2016 04:29 AM

ඔබතුමා පරාදයි. ඔබතුමාව ජනතාව ප්‍රතික්ෂේප කරලා. බයිලා කියන්නේ නැතුව දේශද්‍රෝහී නොවී පැත්තකට වෙලා ඉන්න (නි)

:       0       0

ප්‍රදීප් Monday, 31 October 2016 11:37 AM

එම ලිපිය කරුණාකර අදාල ස්ථාන වලට යොමු කරන්න. (හේ)

:       0       0

ජයරත්න Monday, 31 October 2016 11:42 AM

මහත්තයෝ , ජාතික ආරක්ෂාව බාරව තියෙන්නේ ඔබ පක්ෂයේ හිටපු මහා ලේකම් වර්තමාන ජනපති මෛත්‍රී ජනපති තුමන් බාරයේ නෙවේද ? ඔබ තාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් නෙවේද ? ත්‍රිවිද හමුදාවේ සේනාදිනායකය වත්මන් ජනපති තුමන් නෙවේද ? එසේනම් ඔබ දකින දවල් හීන ගැන අපි කුමක් කියමුද කුමක් කරමුද ?(හේ)

:       0       0

අසංක Monday, 31 October 2016 11:48 AM

ආසයි නේද ?(හේ)

:       0       0

අතුරා Monday, 31 October 2016 11:50 AM

කොතැනක ගියත් ජාතිවාදය අවුස්සලා බලය ගන්න උත්සාහ කරන එක ඔබතුමා නවත්වන්නේ කවද්ද?(හේ)

:       0       0

සරත් Monday, 31 October 2016 11:50 AM

ආයේ මේ රට වෙන් වෙන්නේ නෑ.(හේ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Tuesday, 01 November 2016 04:59 AM

ඇන්තටම දේශපාලකයෙකුගෙන් රටට යහපතක් ප්‍රතිලාභයක් ලැබෙනවාද? රටෙන් යහපතක් ප්‍රතිලාභයක් දේශපාලකයා ලබනවාද? (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Tuesday, 01 November 2016 05:03 AM

මේ පුරවල් හදා තිබෙන්නේ මොවුන්ගේ බූදලයෙන් වෙන්න ඇති? (නි)

:       0       0

හර්ෂ Monday, 31 October 2016 11:56 AM

බලමුකෝ අපි කාලයක් යනකන්.(හේ)

:       0       0

පිටිගල Monday, 31 October 2016 11:58 AM

අම්මේ.... තියෙන සතුට විතරක්. යන්න බැරිවෙයි යන්න බැරිවෙයි බලාගෙන ඉන්න.(හේ)

:       0       0

අරුණ Monday, 31 October 2016 12:07 PM

රට ආපස්සට ගියා, අවාසනාවක මහත! (බ)

:       0       0

සෑම් Tuesday, 01 November 2016 05:28 AM

ඒක තමයි වෙනස කියන්නේ.(හේ)

:       0       0

නන්ද Monday, 31 October 2016 12:26 PM

මෙතුමාටත්, එ්කාබද්ධයටත් හරි සතුටු ඇති...(බ)

:       0       0

තුසිත Monday, 31 October 2016 12:30 PM

දැන්වත් පාට, පක්ෂ , බේද අත්හැර සියල්ලෝම එකතු වී රට රකිමු. මේ රටේ අවු 30 ක් පමණ අපි සැවොම යුද්ධය නිසා දුක් වින්දා . ආපසු කිසිම විදිහකින් එයට හිස එසවීමට ඉඩ නොතබමු . රණවිරුවොත් , හිටපු ජනපතිත් යුද්දය නිම කරවීමට නන් අයුරින් උදවු කළ සැමට ජාතියේ ප්‍රණාමය (බ)

:       0       0

ඉසුරන්දි Monday, 31 October 2016 12:37 PM

මම ඔබතුමාට තවමත් ආදරෙයි.මන්ද මේ රටේ යුද්ධය ඉවරයක් කළ නායකයෙක් වේ නම් ඒ ඔබ නිසයි. නැතුව වෙන දේකට නම් නෙමෙයි. (බ)

:       0       0

ආසිරි Monday, 31 October 2016 12:43 PM

ඔබතුමාට ජයවේවා (බ)

:       0       0

නිරේෂ් Monday, 31 October 2016 01:38 PM

කට වහගෙන බලාගෙන ඉන්නකෝ කොටි එනකම් (බ)

:       0       0

නිමල් ලාලිත Monday, 31 October 2016 01:56 PM

රටාවෙන් වෙන්නේ නැහැ. අලුත් ව්‍යවස්ථාව යටතේ නැති වෙන්නේ සිංහල ජාතිය. දෙමල කථා කරන කෙනෙක් මේ රටේ ජනපති වූ දවසට අද බලපෙරේත දේසපාලනයට ගැති දේසපාලන ගැත්තන්ගේ දරු මුනුබුරන්ට එය බලා ගත හැකි වේවි. මේ යහ පාලනය සැමටම වැඩියෙන් සිංහල බෞද්ධ අයිතියට වින කරනවා.(බ)

:       0       0

බණ්ඩා Monday, 31 October 2016 02:50 PM

මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න .....(බ)

:       0       0

බණ්ඩා Monday, 31 October 2016 02:50 PM

කාටද ....? ඔයාටද ? (බ)

:       0       0

කාලිංග Monday, 31 October 2016 04:15 PM

ඔබතුමා නොකිවුවත් අපිටත් ඒක දැන් තේරිලා තියෙන්නේ (නි)

:       0       0

අර්ජුන Monday, 31 October 2016 04:24 PM

මන්ත්‍රීතුමනි, පිනක් කළා නම් කට පියාගෙන පින් අනුමෝදන් කරගන්න. ජාතිවාදයේ ගිනි අවුළුවන්න එපා (නි)

:       0       0

සුමිත් Monday, 31 October 2016 04:35 PM

නිමල් ලාලිත, ඔබ හරි (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Monday, 31 October 2016 04:45 PM

ජයවේවා! අපි ඔබ සමඟයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 791 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1643 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 912 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 305 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1414 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 991 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39786 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25848 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 389 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site